අනර්කලීගෙන් පොදු රද සමුළුව ගැන විග‍්‍රහයක් October 8, 2013 at 2:33 pm | lanka C news ලෝකයම විශ්මයට පත්කල හැකි සම්පත් රැසක් අප සතු බවත් එළැඹෙන් නොවැම්බරයේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවෙන් පසු අප රටට සුබදායක කාලයක් උදාවන බවත් දකුණු පළාත් සභා මන්ත්‍රීනී අනර්කලී ආකර්ෂා මෙනවිය පවසයි. මෙම සමුළුව පැවැත්වීමෙන් විදෙස් රාජ්‍ය නායකයන්ට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබාගත හැකි බවද සිනහවට ගරුකරනල ආයුබෝවන් කියා පිළිගන්නා ජාතියක් වශයෙන් ලෝකය ඉදිරියේ ගෞරවයට පාත්‍රවනු ඇතැයිද කියා සිටී. ුදීප්තිමත් රටක් වශයෙන් ඉමහත් කීර්තියක් උසුලන ශ්‍රී ලංකාවේදී පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වීම මේ රටේ යොවුන් පරපුරට විශාල ශක්තියක් බවත් පවසන මන්ත‍්‍රීවරිය වත්මන් ශ්‍රී ලංකාවෙන් වැඩි යමක් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන්ට ලබා ගත හැකි බවද කියයි. ලෝකයේ විවිධ ජාතීන් නියෝජනය කරන රටවල් 53ක රාජ්‍ය නායකයන්, විදේශ ඇමැතිවරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් විශාල පිරිසක් මෙම සමුළුවට සහභාගිවන බවත් එවැනි අවස්ථාවක අපේ රට ලබාතිබෙන ප්‍රගතිය, ජනතාවගේ උනන්දුව හා උද්යෝගය මෙන්ම සංවර්ධනය වෙනුවෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග ආදිය සම්බන්ධයෙන් සියැසින් දැකගන්නට අවස්ථාව ලැබෙන බවත් පෙන්වාදෙන මන්ත‍්‍රීවරිය ශ්‍රී ලංකාවේ පවත්නා කර්මාන්තයන්හි නිෂ්පාදනයන් ජාත්‍යන්තර මට්ටමට ගෙන යාම සඳහා මෙය අවස්ථාවන් බවත් පෙන්වා දෙයි. ප‍්‍රමාණයෙන් කුඩා රටක් වුවද ශ‍්‍රී ලංකාව ලෝක මට්ටමින් පිළිගැනීමකට ලක්වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය සහ වත්මන් විදේශ ප්‍රතිපත්තිය නිසා බවත් ඒ නිසාම අපේ නායකත්වය ලොව සියලු රටවල පිළිගැනීමට ලක්ව තිබෙන බවද ඒ තත්ත්වය අපේ රටට වැදගත්වන බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරයි. -
lankacnews