කැනඩා_මූල්‍ය ප්‍රදාන

siripala

Member
Oct 10, 2006
2,869
442
0
කැනඩා_මූල්‍ය ප්‍රදාන

කැනඩාව පොදු රාජ්‍ය මණ්ඩල මූල්‍ය ප්‍රදාන අත්හිටුවයි
අවසාන යාවත්කාලීන කිරීම : 2014 අප්‍රේල් 15 අඟහරුවාදා - 11:15 GMT

140415111115_sri_lanka_and_canada_304x171_afp_nocredit.jpg



කැනඩා රජය ශ්‍රී ලංකාවට එල්ලවී තිබෙන මානව හිමිකම් සැලකිල්ලට ගනිමින් පොදු රාජ්‍ය මණ්ඩලයීය සංවිධානයට ලබා දෙන මූල්‍ය ප්‍රදානයෙන් අත්හිටුවන බව නිවේදනය කොට තිබේ.

මේ අනුව පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයට වාර්ෂිකව ලබා දීමට නියමිත ඩොලර් මිලියන නමයක මුදල අත්හිටුවා ඇති බව කැනඩාව නිවේදනය කොට ඇත.

දිරි දෙවසර සඳහා කැනඩාව ලබා දෙන එම මුදල් ළමුන්ට අසමාන ලෙස සැලසීම, අඩු වයස් විවාහ සහ බලහත්කාරයෙන් සිදු කෙරෙන විවාහ වැළැක්වීම සඳහා වූ වැඩසටහන් වෙනුවෙන් වෙන් කෙරෙන බවයි කැනඩා විදේශ කටයුතු අමාත්‍ය ජෝන් බර්ඩ් ප්‍රකාශ කළේ.

2013 වසරේ පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවේ සත්කාරක රට මෙන්ම වත්මන් සභාපතිත්වය දරන ශ්‍රී ලංකාව වෙත, මානව හිමිකම්, දේශපාලන සංහිඳියාව ඇති කිරීම සහ වගවීම් වෙනුවෙන් අර්ථවත් ක්‍රියාමාර්ග ගැනීමට වගකීමක් ඇති බව විදේශ ඇමති ජෝන් බර්ඩ් ප්‍රකාශ කරයි.

එහෙත් ශ්‍රී ලංකාව එම කරුණු සම්බන්ධයෙන් කිසිදු ප්‍රගතියක් අත් කර ගැනීමට සමත්වී නැතැයි ඔහු පවසන්නේ.

පසුගිය වසරේ කොළඹ දී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී නොවීමට කැනේඩියානු ජනාධිපති ස්ටෙපාන් හාපර් පියවර ගෙන තිබිණ.


BBC Sinhala

=====================================
එල එල මහියා ඔය ආරම්භය විතරයි. ඕකෙන් දුක ඔයාට නොවෙයි අපටයි.