කැන්ටෙනාවකින් HSDPA සිග්නල් වැඩි කර ගන්න බලමු&

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    කැන්ටෙනාවකින් HSDPA සිග්නල් වැඩි කර ගන්න බලමු&

    නවීන තාක්ෂණය භාවිතා කිරීමේ නැඹුරුව ගැන සලකල බැලුවම ශ්‍රි ලංකාව ආසියාවේ අනිකුත් රටවලට වඩා යම් තරමකින් ඉදිරියෙන් ඉන්න බව අපි කවුරුත් දන්න කාරණයක්. 1989 දී දකුණු ආසියාවේම ප්‍රථම ජංගම දුරකථන ජාලය දියත් කලා වගේම, 2006 දී දකුණු ආසියාවේම ප්‍රථම ජාලය දියත් කලෙත් ශ්‍රි ලංකාවේම තමයි. ඒ අතින් අපි සෑහෙන්න වාසනාවන්තයි. ඒත් HSDPA තාක්ෂණය භාවිතා කරන අයට තියෙන ලොකුම ගැටලුවක් තමයි මේ සිග්නල් මදියි කියන ගැටලුව. ඇත්තටම සංඥා ග්‍රහනය කර ගන්නව කියන එක ඒ ඒ කාල වකවානු වල අපිට ඇතිවෙන තාවකාලික ගැටලුවක් පමණක් කියන එකයි මගේ අදහස නම්. මොකද අතීතය ටිකක් ආවර්ජණය කරලා බැලුවොත් ඔබේ මතක් වෙයි ඒ.එම් රේඩියෝ චැනල් විතරක් තිබුන කාලේ අපි කොයි තරම් දේවල් කලාද චැනල් එක හරියට ග්‍රහණය කර ගන්න. ඊට පස්සේ වී.එච්.එෆ් විතරක් තියෙන රූපවාහිණි ආව. ඒත් එහෙමයි ඇන්ටනා හදල ඉවරයක් නැහැ. ඊ.ට පස්සේ යූ.එහ්.එෆ් ඔස්සේ චැනල් එකක් විකාශනය වෙන්න පටන් ගත්තේ ඒකටම හදාපු ඇන්ටනාවකුත් විකුණගෙනමයි. ඉතින් වර්තමානය වෙනකොට ඔය මම කලින් කියපු ගැටලු බොහොමයක් විසදිලා හමාරයි. නමුත් මේ HSDPA සිග්නල් මදියි කියන ගැටලුව නම් තාමත් විසදිල නැති නිසා මම කල්පනා කලා මේ සම්බන්ධයෙන් යම් තරමකට හෝ පිලියමක් යොදන්න පුලුවන්ද කියන එක ගැන. සාමාන්‍යයෙන් රූපවාහිණි ඇන්ටනා හදන්නේ යම්කිසි සංඥා කලාපයක් ඉලක්ක කරගෙන. නමුත් GSM, HSDPA වගේ සේවාවන් වලදී මේ දේ වෙනස් . GSM වලදී සංඥා විසුරුවා හරින්නේ 900MHZ හෝ යන 1800MHZ සංඛයාත දෙකේ පමණයි. ඒ වගේම 3G වලදී සංඥා විසුරුවා හරින්නේ 2100MHZ කියන සංඛයාතය ඔස්සේ.

    SCB10X-2.jpg


    ඔය කැන්ටනාව (Cantenna) කියන වචනය අපට ටිකක් නුපුරුදු එකක් වුනාට ලෝකයේ අනිත් රටවල් වල නම් බොහෝම ප්‍රසිද්ද එකක්. ඉවත දමන බියර් කෑන් එකක් වගේ සිලින්ඩරාකාර ද්‍රව්‍යයක් උපයෝගී කරගෙන නිර්මාණය කරගන්න පුලුවන් ඉතා සරල සංඥා ග්‍රාහකයක් තමයි මේ කැන්ටනාව (Can + Antenna) යන නමින් හදුන්වන්නේ. කැන්ටනාව නිපදවලා තියෙන්නේ 2400MHZ ඔස්සේ Wi-Fi Signals ග්‍රගණය කරගන්න. මෙවැනි කැන්ටනාවක් මගින් Signal Strength එක 10dBi පමණ ප්‍රමාණයකින් ඉහළ නංවාගන්න හැකිබව එය වාණිජමය වශයෙන් නිශ්පාදනය කරන ආයතනය සදහන් කරනවා. මේ වගේ සංඛ්‍යාතයක් කොහොමද මේ ටින් එකක් හරහා ග්‍රහණය කරගන්නේ කියන එක පහත තියෙන රූපසටහනෙන් මනාව පැහැදිලි කරගන්න පුලුවන්.

    wavelength.jpg


    ඇන්ටනාවක් නිර්මාණය කිරීමේදී මුලින්ම සැලකිය යුතු කාරණය නම් එහි සංඛ්‍යාතයයි. මෙහිදී සංඛ්‍යාතය 2100Mhz. අනතුරුව සංඛ්‍යාතයට අදාල තරංග ආයාමය සොයාගතයුතුයි. එය පහත සමීකරණය මාර්ගයෙන් සොයා ගත හැකියි.

    3gwave.jpg


    තරංග ආයාමය මීටර් වලින් 0.14275ක්. ඒ කියන්නේ සෙන්ට්මීටර් නම් 14.27ක්. ඉතින් මම මේ විස්තර කරන්න යන කැන්ටනාව හදාගන්න මෙන්න මේ හොයාගත්ත තරංග ආයාමය පහත පරිදි යොදා ගත යුතු වනවා.

    WaveLength2.jpg



    එසේ නම් මේ සදහා අපට අවශ්‍ය වනවා මිමි 71 පමණ විශ්කම්භයකින් යුත් එලෙසම මිමි 107 කට වඩා දිගින් යුත් සිලින්ඩරයක්. ආහාර සහ බීම වර්ග ඇසුරුම් කර ඇති ටින් ලෝහයෙන් නිමවූ කෑන් එකක් මේ සදහා හොදින්ම ගැලපෙනවා. මි.මි 71ක් නම් ප්‍රථිපල 100% ක්ම හොදයි. ඒත් මම නම් උත්සාහ කරල බැලුවේ මි.මි. 68ක් පමණ විශ්කම්භයකින් යුත් කෑන් එකක් භාවිතාකරගෙන. එලෙස කෑනයක් සොයාගත් පසුව කල යුත්තේ කෑන් එකේ එක් පසක ඇති වැස්ම සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීමයි. නමුත් කෑනයේ අනෙක්පස වැස්ම එලෙසම තිබිය යුතු වනවා. දැන් ඔබ කල යුත්තේ වැස්ම ඉවත් නොකල පැත්තේ සිට හරියටම මි.මි. 36ක දුරින් සිදුරක් විද ගැනීමයි.

    මෙම සිදුර 3/8" විශ්කම්භයකින් වියයුතු අතර එම සිදුරේ හරි මැද සිට ටින් එකේ වැස්මට ඇති දුර මිමි.36ක් වීම නම් ඉතාමත්ම වැදගත්. දැන් ඔබ කළ යුත්තේ මේ සිදුර විදගත් ස්ථානයේ RF Female Antenna Socket එකක් සවිකර ගැනීමයි. මේ සදහා Super Glue වැනි ගම් වර්ගයක් වුවද භාවිතා කළ හැකිය. මෙම සොකට් එක සවිකර ගැනීමේදි ඉහතින් මා සදහන් කල මිමි.36 දුර ගැන ඉතා සැලකිලිමත් විය යුතුය.සොකට් එක සවි කර ගැනීමෙන් පසු එහි ජැක් එක සවිවන සිදුරට තඹ කම්බියක් සවිකරගත යුතු අතර එහි කෙළවර සිට ටින් එකෙ පතුළත ඇති දුරද මිමි 36ක් විය යුතුය. මෙම සොකට් එකට 50ඕම්ස් ඇන්ටනා කේබල් එකක් සවිකරගත යුතු අතර කේබලයේ අනිත් කෙලවර ඔබේ මොඩෙමයේ ඇන්ටනාවක් සවි කරගත හැකි ස්ථානයට සම්බන්ධ කළ යුතුය. මේ සදහා අවශ්‍ය වන Jack එකක් සොයා ගැනීම නම් එතරම් පහසු වෙන්නේ නැත. එනිසා කේබලයේ කෙළවර මොඩෙමයේ ඇන්ටනා සොකට් එකට සවි කර ගැනීම සදහා තාවකාලික උපක්‍රමයක් යෙදීම වුවද සෑහේ. Wi-Fi සදහා යොදා ගන්නා මෙවැනි කැන්ටෙනාවක් 45$ පමණ වන නමුත් එය මගින් HSDPA Signal (2100Mhz) ඉහළ නැංවීමේ හැකියාවක් නොමැත. තවද මෙය පරීක්ෂා කර බලා ඔබේ ප්‍රතිඵල කමෙන්ට් එකක් ලෙස Post කරන්න. එලෙසම මෙය නිවැරදිව සකසා ගැනීමෙන් ඔබට දැනට ලැබෙන Signal ප්‍රමාණය 8dbi පමණ ඉහළ නංවාගත හැකිය. මෙය මාගේ සොයාගැනීමක් නොවන අතරම අන්තර්ජාලය තුල මේ සම්බන්ධව විස්තර ලබාගැනීමේ හැකියාව ඇත. එනමුත් බොහොමයක් වෙබ් අඩවි වල දක්වා ඇත්තේ 2400Mhz ඔස්සේ එන Wi-Fi Signals වර්ධනය කරගන්නා ආකාරයයි. ඔබ දැනට භාවිතා කරන මොඩෙමයට ඇන්ටනාවක් සවි කිරීමට හැකියාවක් නොමැති නම් මොඩෙමය අසලට කේබලය ගෙනගොස් Signal Strength එකේ වෙනසක් වේ දැයි පරීක්ෂා කර බලන්න. කිසිදු විටක මොඩෙමයේ ප්ලාස්ටික් ආවරණ ගැලවීමට යොමු නොවන්න

    from:>>> http://slelectronic.blogspot.com

    If ulike this rep +++


    :rofl::rofl::rofl::rofl::rofl::rofl: