කැපකිරීම

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හිතුවෙත් නෑ කෙදිනකවත්..
    ඔබ මට දැනුනාද කියා මෙතරම්..
    දැන්නම් මට කියන්නෙම හිත..
    පෙම් කර ඇත මුලු හදින්ම..

    දුටු දිනයේ බැඳුනා හිත..
    නොදැනම කිසිවක් ඈ ගැන..
    නොදැනිම අප බැඳුනා පෙම..
    පෙර සසරේ පුරුද්දක්ද..

    ඇයත් මමත් එකම ඔරුවේ..
    අන්සතු වී අවසන් අප..
    එනමුදු අප ප්‍රේම ඇසුර..
    ඇදී ගියා සාරවත්ව..

    නොදැක ඉන්න එක දෙදෙනා..
    හරිම අසීරුවෙන් කලේ..
    දවසේ ගෙව් හොඳම හරිය..
    ගෙව්වේ අපි පේන මානේ..

    සිව් මසකට වඩා වැඩී..
    දැන හඳුනා අපදෙදෙනා..
    එනමුදු මටනම් සිතෙන්නේ..
    සිව් වසරක් වගේ කියා..

    අවාසනාවකට වගේ..
    සිදුවූවා යම් වරදක්..
    සිදුවී ඇත ගන්නට මට..
    තීරණයක් ඇය වෙනුවෙන්..

    ඇයගේ පවුල ගැනම සිතා..
    ගත්තා මම තීරණයක්..
    සමුදෙන්නට සිතුවා මම..
    මගෙ පපුවට දුකක් උනත්..

    ඇත්තෙන්මයි හද පත්ලෙන්..
    සුභ පතනවා ඒ තිදෙනට..
    දුකක් උනත් සමුදෙන්නෙමි..
    අපේ ප්‍රේම පුරාණයට..

    මගේ ලෝකේ මෙහේ ඇතේ..
    ඇගේ ලෝකේ එහේ ඇතේ..
    හමු වෙමු අපි මතු සසරේ..
    මුලුමුනින්ම අපේ වෙලා..

    හදාගන්න මගේ හිතත්..
    යාවී මට ටිකක් කලක්..
    එනමුදු මට සන්තෝසයි..
    අවංක මගෙ කැපවීමට..
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ උඹේ ඇත්ත අත්දැකීමක්නම් උඹ පට්ට ඩයල් එකක්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තෑන්ක්ස් මචං..
    මගේ ජීවිතේට ගොඩක් සම්බන්ධ දෙයක් මේක..

    හදාගන්න මගේ හිතත්..
    යාවී මට ටිකක් කලක්..
    එනමුදු මට සන්තෝසයි..
    අවංක මගෙ කැපවීමට..


    අනිවා..ටික දවසක් යයි..ඒ වෙනකල් උඹට දුක් වෙන්න එපා කියන්නෙ නැහැ..
    ඒත් ටික දවසකින් පස්සෙ උඹට ආයිත් වසන්තයක් එයි..ආයිත් නොයන්නම..
    එදාට අඩන්න ලෑස්ති නොවී ඒක සතුටින් බාරගන්න ලෑස්ති වෙයන්..
    අපිට දෙයක් අහිමි වෙද්දි අනිවා දෙයක් ලැබෙනවා..

    ලැබෙන්නෙ අපිට අයිති දේ..අහිමි වුනේ අපිට අහිමි දේ....
    සැලෙන්න එපා.. අත්දැකීමෙන් කියන්නෙ.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හදාගන්න මගේ හිතත්..
    යාවී මට ටිකක් කලක්..
    එනමුදු මට සන්තෝසයි..
    අවංක මගෙ කැපවීමට..


    අනිවා..ටික දවසක් යයි..ඒ වෙනකල් උඹට දුක් වෙන්න එපා කියන්නෙ නැහැ..
    ඒත් ටික දවසකින් පස්සෙ උඹට ආයිත් වසන්තයක් එයි..ආයිත් නොයන්නම..
    එදාට අඩන්න ලෑස්ති නොවී ඒක සතුටින් බාරගන්න ලෑස්ති වෙයන්..
    අපිට දෙයක් අහිමි වෙද්දි අනිවා දෙයක් ලැබෙනවා..

    ලැබෙන්නෙ අපිට අයිති දේ..අහිමි වුනේ අපිට අහිමි දේ....
    සැලෙන්න එපා.. අත්දැකීමෙන් කියන්නෙ.

    බොහොම පිං මචං වචන වලට..
    පපුව නම් පිච්චෙනවා වගේ..
    ඒත් මේක තමයි ගන්න තියෙන හොඳම තීරනේ කියලා මම දන්නවා..
    ඒකයි එහෙම කලේ..
    අනිවා.. වසන්තය එනවා.. ස්ථිරයි..