කලකට පසුව එළඹුණු විවේකි නිවාඩු දින අලුයම අවදි වූ මා පිරිසිදු වී භාවනාවට හිඳ ගතිමි. සුපුරුදු භාවනා කමටහන මත හිත පිහිටවීමී.
හුස්ම රැල්ල නාසය අග වැදී ශරීරය තුළට ඇතුළු වන හැටිත්, එය යළි පිටවන හැටිත් දෙසම සිත යොමු කළෙමි. ක්‍රමයෙන් කයත් සිතත් සංසුන්ව යන හැටි දැක්කෙමි. කයට සියුම් සුඛයකුත් එහෙයින්ම සිතට සියුම් ප්‍රීතියකුත් දැනෙන්නට විය.
ඒ සියුම් ප්‍රීතියත් සමඟම නිරායාසයෙන් සිතට "සිනාසී යන මුහුණක්" ඇඳී ආවේය. ඔව් ඒ ඇගේම මුහුණය. නුදුරු දිනෙක අලුතෙන් කාර්යාලයට පැමිණි යෙහෙළියකි. ඇය මට දිනෙක "යන්නම්" කියා සිනාසී කීවාය. මා නොදන්නා නමුත් එය මා සිතට කා වැදී ඇතුවාය. මේ වෙලෙහි කිසිඳු ආයාසයකින් තොරව ඒ මුහුණ මට සිහිපත් වූයේ එහෙයින් විය හැක. ඒ ඔස්සෙ මගේ සිත පියාසර කළේ නොදැනුවත්වය.
ඇය කාර්යාලයට ආ දිනය, එකට ආහාර ගත් වේලාවන්, කතා බස් කළ සියල්ල ඔහේ චිත්‍රපටියක් මෙනි. කාර්යාලය පුරා සිත දුවයි. අනිද්දා වෙද්දී මවිසින් දිය යුතු වාර්තාවකි. ඒ සඳහා දුරකථන ඇමතුම් කීපයක්ම ගන්නට සිදුවේ. ඔවුන්ගෙන් මා ලබාගත යුතු තොරතුරු කීපයකි. එක් අයකු නම් මහ අමාරුකාරයෙකි. ඔහු ලවා වැඩක් කරවාගැනීම මහා අසීරූ දෙයකි. මට ඔහු ගැන අප්‍රසාදයක් ජනිත විය. පෙරේදා මගෙ පියා මට දුන් දුරකථන ඇමතුම ද සිහි විය. මුදල් ප්‍රමාණයක් ඔහුට යැවිය යුතුය. මේ දැන් සිහිවන තෙක් එය මුළුමනින්ම අමතකව පැවතුණි. පියා තව දෙසතියකින් විදේශ ගත වීමට නියමිතය. ඔහුව ගුවන් තොටුපොළට ඇරලවිය යුතුය. ඊට පෙර මගේ වාහනයේ හදාගත යුතු දේවල් කිහිපයකි. ගැරේජ් එකට යා යුතුය.
සිතට පීඩාවකි...
මම මහා දුරකට ගොස් නින්දෙන් නැගිට්ටාක් මෙන් පියවි සිහියට පැමිණියෙමි.
මේ මොනවාද මා සිතන්නේ. කොතරම් දුරකට මා ගියාද. විනාඩි 15 ක් වත් මා මේ වල්පල් ඔස්සේ දුවන්නට ඇත. නිකම් සිටින විට මේ එකක්වත් සිහි වූයේ නැත. භාවනාවට වාඩිවූ විට එලාම් එකක් වදිනා පරිද්දෙන් මේ සියල්ල අඛණ්ඩව ගලා ආවා නොවේද. කොතනින් පටන් ගෙන කොතනින් නිමා වූයේද... මම මොන තරම් ආශාවෙන්ද භාවනාවට වාඩි වූයේ.. නමුත් මා දැන් මේ මොනවාද සිතන්නේ. මහා කුණු ගොඩකි. සිතට පීඩාවකි. මා මෙතන කයින් සිටියාට සිත කොතරම් දුරක් ගමන් කළාද..පිටින් සිට බලන කෙනෙකු සිතනවා ඇති මා මහා ගැඹුරු සමාධියක සිටිනවා කියා.. නමුත් මා සිතින් ගිය දුර..!
මහා අසතුටක් සිත වෙළා ගන්නට විය. භාවනාව නවතා නැඟිටින්නට සිත් විය.
මේ වේලාව සුදුසු නැතුවා විය හැක.
නැත.. !!
මගේ දුර්වලකමට "වෙලාව" වැරදිකරු නොවේ..
මම සිත දැඩි කොට නැවත භාවනා අරමුණෙහි හිත පිහිටවන්නට වීමී.
අසීරුය. සිත උකටලීය. ප්‍රීතිය උද්යෝගය නැත..
අනේ මේ සිත...!
මම පිටස්තර කෙනෙකු දෙස බලනා හැඟීමෙන්ම මගේම සිත දෙස බලා ඉන්නට වීමී. මම මගේ සිතින්, මගේම සිතට ඇමතුවෙමි..
සිත...! ඔබ මා අරන් ගිය දුර..මා සාමාන්‍ය ජීවිතයේදී නොහිතන තැන් වලට පවා ඔබ මේ වෙලාවේ මා අරන් ගියා. සියුම් සුඛයක් දී ඔබ මා මුලා කලා.. මා කෙසේද ඔබව විශ්වාස කරන්නේ. මට ඕනෑ වූයේ හොදින් භාවනා කිරීමට. මා සමාධියක් නැති අයෙක් නොවේ. දිනපතා උදෑසන මා භාවනා කරන්නෙක්. නමුත් පසුගිය සතිය පුරා මට අතපසු වීම් වුණා. මෙ සා පිරිහීමක් විය හැකිද..
ඔව් විය හැකියි.. මෙය නොවේද සත්‍ය..
කවුද කීවේ මේ සිත මට ඕනෑ ලෙසට පවතියි කියා.. "මට ඕනෑ වෙලාවට සමාධිය එයි., සතිය පිහිටයි..ශ්‍රද්ධාව පිහිටයි.." එලෙසින් වැරදියට සිතුවේ කවුද..එයම මුලාවක් නොවේද.. බුදු රජාණන් වහන්සේ දේශනා කළේම මෙ සත්‍යය නොවේද.. "අනිත්‍යය, අනාත්මය, දුක" නොවේද මා මේ අත්දකින්නේ. සමාධි සුවයෙන් නිවී යන්නට තිබූ සිත, මටත් හොරාම කාම ලෝකය තුළ මා අතරමන් කළ අපූරුව. ඒ වෙනස් වීමම නොවේද අනිත්‍යය..මට හැකි වූවාද එය මගේ වසඟයේ පවත්වා ගන්නට.. මා දන්නේවත් නැත. මම හැමවිටම "මම, මගේ" කියා අල්ලා ගන්න සිත, මටත් හොරා ම මුලා කළ හැටි. අනාත්මය නොවේද මේ.. සමාධියෙන් සුවපත්ව තිබූ සිත කාමාවචර ක්ලේශයන්ගේ රිංගීමෙන් රිදුම් දුන් ආකාරය..! දුක්ඛ සත්‍ය නොවේද මේ..
අහෝ...අනිත්‍යත්, දුකත්, අනාත්මයත් එක පෙළට මා සසරේ රඳවනවා නොවේද ..
මෙයම නොවෙද බුදු පියාණන් පෙන්වා දුන් සත්‍යය..!
මේ අවබෝධය දැන් මට ඇතිකර දෙන්නේ මහත්ම වූ සැනසීමකි. මා දුක්වී පළක් වේද. සත්‍යම මෙය නොවේද... එය ඇත්තේ අවබෝධ කරගැනීමට විනා දුක් වීමට නොවේ. ලෝකය තුළ ආත්මීයව ගත හැකි කිසිවක් නොමැති බව මෙසේ අවබෝධ වද්දී සිතට මහා උපේක්ෂාවක් දැනේ. ධර්මය යනු සත්‍යය පෙන්වා දීමයි.
මේ ලෝකයේ යම්තාක් වූ හේතුවෙන් හටගන්නා සංස්කාර ධර්මයක් වේද ඒ සියල්ල සතු ඒකාන්ත වශයෙන් පවත්නා ලක්ෂණ තුනකි. "ත්‍රි ලක්ෂණය" යනුවෙන් ඒවා හඳුන්වයි. එනම් අනිත්‍ය බව, අනාත්ම බව, දුක් බවයි.. ඒ හැර සත්‍ය වශයෙන්ම ඒවා සතු අන් ඇතුළාන්තයෙන්ම පවතින ලක්ෂණයක් නොමැත. ස්වභාවයෙන්ම පිහිටන්නා වූ ලක්ෂණ මේ ත්‍රිත්වයයි. එය අවබෝධ කරගන්නට අසීරූ නැතත් අසීරූ ලෙසින් පෙනෙන්නේ ඒවා අපේ හදවතින් තෘෂ්ණාවෙන් වසාළන බැවිනි. තෘෂ්ණාව වූ කලී තාවකාලිකව සුඛයක් උපදවා සත්‍ය වසන් කරන මායාවකි. සසර තුළ දිගින් දිගට අප රඳවනා ඇස් බැන්දුමකි.
සත්වයන්ගේ සිත කල්ප ගණන් පුරා මේ සත්‍යයෙන් වසන් කොට තෘෂ්ණාව නැමැති කඩතිරය බැඳ ඇත.
මට මගේ සිත ගැන මහා කරුණාවක් ඉපදිනි. අගක් මුලක් නොපෙනෙන මේ අනන්ත සසර පුරා මා සමඟම සිටි සිත..! නොදන්නා කම නිසාම රාගය, ද්වේෂය අවුළුවා ගනිමින් යළි යළි ගින්දරට පනිනා පළගැටියෙක් මෙන් දුකටම පත් වූ සිත.! මහා සතර අපායන් තුළ මා පැසුණු වාර අනන්තයි..ඔබ නිසා..
නමුත්...ඔබ මා සමඟම සිටියා.. දිව්‍ය බ්‍රහ්ම තළ වල සැපයන් විදිනා විටත් මා සමඟ සිටියා.. මගේ අත්‍යන්ත මිතුරා ඔබයි.
වේළුණු මස් කට්ටක් ඒ මේ අත පෙරළමින් යම්තම් හෝ රසයක් සොයන්නට මුළු වෙරම දරණා බලු නගුටෙක් දුටු විට ඇතිවන්නා වූ අනුකම්පාව මට මා සිත ගැන ඇතිවිය. අනේ කවදා මේ මස් කට්ටෙන් මස් කෑල්ලක් කන්නට ලැබේද.. නැත. රැවටෙනවා පමණි. මාරයාත් එලෙසින් මට සිනා වෙනවා ඇත. මහා නිරුදක කාන්තාරයක් තුළ අතරමංවී, විඩාවෙන් විඩාවට පත්ව සිටින්නකු , "අතන ජලය ඇතැයි " එතනට දිවයයි.. ජලය නොදැක නැවත විඩාවට පත්ව දිව එයි. නැවත " අතන ජලය ඇතැයි" තවත් තැනකට දිවයයි. මෙලෙසින් ඔහු රැවටෙන වාර ගණන නිමා නොවෙයි. ඔහුට හමුවන ජලයක් නොමැත. විඩාව පමණි. එහෙත් ඒ මිරිඟුවට ඔහු යළි යළි රැවටෙයි.
මේ සීමාවක් නැති අනන්ත අරමුණු වලට මා සිත අසුවන්නේද එලෙසින්මය. "මෙතනින් සතුටක් ලැබේ... මෙතනින් සතුටක් ලැබේ. " මේ ජීවීතයම නොව සංසාරයම කළේ එයයි.. හමුවන හමුවන අරමුණු වලට අසුව ඒ මේ අත දිව්වෙමි. එන එන බෝලයට බැට් කළෙමි. එය නිරර්ථක බව දැන දැනත් කළෙමි. මහා සමාජ රැල්ලකට හසුව ඔහේ ගසා ගෙන ගියෙමි. බුදුවරු කෝටි ගණන් පහළව බේරි යන මං පෙන්වා දෙන්නට ඇත. මා ඔහේ ඒ මේ අත දුවමින් සිටින්නට ඇත.
මා මේ ජීවීතය මනසින් මෙනෙහි කළෙමි. මොන්ටිසෝරියට ගිය පළමු දිනයද මතකය. එක වසරට ගිය පළමු දිනයද මතකය. ලොකු වුණාම ඉංජිනේරුවෙක් වෙන්නට ආසා බව කීවේද ආඩම්බරයෙනි. ශිෂ්‍යත්වය සමත් වුණි. සා පෙළ, උසස් පෙළ, විශ්ව විද්‍යාල විභාග සියල්ල උසස්ම ලෙසින් සමත්ව මා ඉංජිනේරු සිහිනය සැබෑ කර ගතිමි. රැකියාවෙන් උසස් වීම්, යාන වාහන, සියල්ල ලැබුවෙමි. ඒ මා සිතනා සම්මුති සමාජ රැල්ලේ ජයග්‍රහණය මිස මගේ සංසාර ජයග්‍රහණය නොවේය. පසුකර ආ ජීවීතය පුරා විඳි දුක යැයි මා සිතන්නේ මිල මුදල් අගහිගකම්, නින්දා, බැනුම්, ලෙඩ දුක්, අහිමි වීම්, ප්‍රේම සබඳතා බිඳී යාම් ආදියයි. මේ මහා සංසාර ගමන තුළ මා විඳි දුක් සමඟ බලද්දී මේවා මොන දුක්ද යැයි මට දැන් සිතේ. සතර අපායන් තුළ ඇටකටු වලින් දුම් දමන තරම් දැඩි වූ ගින්නෙන් අඛණ්ඩව පිළිස්සී යාමේදී ඇතිවන මහා දුක හා සසඳන්නටවත් හැකිද..?
අත පය කීතු කීතු වලට කැපෙද්දී.. වරක් නොව..දෙවරක් නොව.. අඛණ්ඩව කල්ප ගාණක් පුරාවට..කර්මය ගෙවී යන තෙක්ම..කෙසේ නම් මා ඒ දුක ඉවසන්නට ඇත්ද...! පිපාසාවෙන් විලාප දෙද්දී කටට උණු ලෝ දිය වැක්කෙරෙන්නට වූ කල මා කෙසේ නම් දරාගන්නට ඇත්ද... !
මේ ජීවීතයේ මා වින්දේ මොන දුකක්ද.. සුගති ලෝකයක් යැයි මේ මිනිස් ලෝකය හඳුන්වන්නේ ඇයිද යන්න මට වැටහේ.
" මහණෙනි සතර අපායන්හි නුඹලා විඳි දුක් දන්නේ නම්, අන් සියලු වැඩ නවතා හිස ගිනි ගත් අයකු ඒ ගින්න නිවන්නට වෙහෙසෙන්නේ යම් සේද එලෙසින්ම ඔබලා මේ සංසාර දුකෙන් මිදෙන්නට මාර්ගය වඩනු ඇති" යැයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ එම නිසා නොවේද..
අද අපට ඒ දුක නො ඇසේ. නොපේනේ.. යම්තම්වත් පෙනෙන්නේ තිරිසන් අපායේ දුක පමණි. ඒත් අපට එහි දුකක් පෙනෙන්නට නැතිවා මෙනි. "අනේ මේ බල්ලාට ඇති සැප" යැයි සිතේ. පාද හතරකින් මේ පොළොවේ ඇවිදින, කතා බහ කරන්නට නොහැකිව , එ සතා විඳිනා දුක අපට නොතේරේ. මහා මාළිගයක සැප පුටුවක ඔබව හිඳුවා , සිර කොට , කන්නට බොන්නට දුන්නා කියා ඔබට මුළු සැපතම ලැබුණාද.. පිනක් කරන්නට කිසිදු අවස්ථාවක් නැතිව, ධර්මයක් අවබෝධ කරගන්නට අවස්ථාවක් නැතිව දුගතියෙන් දුගතියට යාමට වරෙන්තු ලබා සිටින එවැනි සතෙක් පවා විඳින්නේ සැපයක් නොවේ. සසර අති දීර්ඝය.. වනාන්තරයේ වෙසෙන තිරිසන් සත්වයන් විඳිනා දුක කියා නිමකරන්නට බැරිය. කොයි මොහොතේ මැරෙන්නට වේදැයි මහා ප්‍රාණ භයෙන් ජීවත්වීමම මොන තරම් වූ දුකක්ද.. යුද්ධය තිබෙන කාලයේද, පසුගිය පාස්කු ප්‍රහරයේදීද මරණ බයෙන් වෙළී සිටි අපට අන් සැපතවල් වල අගයක් දැණුනාද ?
මේ සා වූ අනන්ත සසරේ තිරිසනුන් වී, ප්‍රේතයන්, යක්ෂයන් වී, නිරයන්හි පැසෙමින් විඳි දුක අනන්තය..තමා ඒ දුක් නොවින්දා යැයි කීමට කිසිවකුටත් නොහැකිය. අනිවාර්යෙන්ම සියල්ලෝම ඒ දුක විද ඇත. ඉදිරියටත් එය අනිවාර්ය වේ. සෝවාන් වූ කෙනෙකුට හැර එලෙසින් ප්‍රත්‍යක්ෂ ලෙස දිවුරුම් දීමට කිසිවෙකුටත් නොහැක. මහා දුක්ඛ සාගරයක දායාදය අප සතුය.
මම මහත් වු කරුණාවෙන් මගේම සිත දෙස බැලීමි.. ආදරයෙන් ආමන්ත්‍රණය කළෙමි..
" ඔබ මේ අනන්ත සසරේ රස්තියාදු ගසමින් විඳි දුක දැන් නිමා කරන්න.. මට ඒ සඳහා උපකාර කරන්න. මා අත නොහැර සිටි අතිජාත මිතුරා.. අපි මේ ගමන නිමා කරමු.. කිසිවෙකුටත් අපට පිහිට විය නොහැකියි. අපිම මේ ළිං කටෙන් ගොඩ ආ යුතුයි. සමාජ සම්මුති සනසවන්නට දැන් අපට වෙලාවක් නැහැ. මේ බුද්ධ ශාසනයත් අහිමි වන්නට පෙර..එන්න අපි එගොඩට යමු.. ලෝකයාට ඕන දෙයක් කියන්නට හරිමු. අපිත් මේ සංසාරයේ එලෙසින්ම් සිටින්නට ඇති..ඕන තරම්. තවත් ප්‍රමාද වන්නට බැහැ. තනිව ගමනක්..මඟ සලකුණක් ඇතිව යන ගමනක්.. කල්ප ගණන් මං වෙනුවෙන්ම දුක් විඳපු උත්තමයෙක් ඉන්නවා..මට මාර්ගය පෙන්වන්න මහ පොළොවටවත් දරාගන්න බැරිතරම් දුක් විඳපු උතුම් නිකෙලෙස් වීරවරයෙක් ඉන්නවා. ඒ උතුමන් බලා සිටින්නේ මම මේ කෙලෙස් සාගරය තරණය කරලා උන් වහන්සේ ළඟට එනකල්.. ඒ මහා කාරුණික දෑස මට ආරාධනා කරනවා. ඉතින් මම කොහොමද ඒ දෙනෙත මඟ හරින්නෙ.. මං නිසාමයි උන් වහන්සේ මේ සා දුක් වින්දේ.. ලෝකයක් මාව ආපස්සට ඇද්දත්.. මට ඒ කාරුණික දැස මතක් වෙන මොහොතක ලැබෙන ශක්තිය ඇති මේ ලෝකයම අත හැරලා ඒ දෙසට යන්නට. බලන්න ඒ මාර්ගය කොයි තරම් ලස්සනද.. සුගන්ධවත්ද..
නිකෙලෙස් සුවඳයි.. අව්‍යාජ බවේ සුවඳයි...
------ Post added on Sep 12, 2023 at 4:50 AM