කැමතිද Google එකේ වැඩ කරන්න ?

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    කැමතිද Google එකේ වැඩ කරන්න ?

    මන් අදමයි ලොකුම ත්‍රරෙඩ් එකක් දාන්න යන්නේ... හරි වෙඩි බයිලා ඔනි නෑ කෙලින්ම යන් වැඩේට. :cool:

    හරි ඉතින් කව්ද කැමති ලෝකෙන් ම ඉහලින් ඉන්න ගූගල් සමාගමේ වැඩ නොකර ඉන්න නේද. ඉතින් උඩ බලන් ඉන්නේ නැතිව ගිහින් ගූගල් එකේ ගහපන් ගූගල් ජොබ්ස් කියලා, වැඩේ හරිද ? :rolleyes:
    http://google.lk/about/jobs/

    ලින්ක් එකකුත් දැම්ම. වැඩේ ලේසි දැන් ගිහින් හොයන්නයි තියෙන්නේ. ඔඃ.... ගූගල් අන්කල් ලා අපේ සුදුසුකමට වැඩක් දෙන්නේ නැතෝ. :no:

    ඉතින් ලේසි නැත්තම් ඇයි යකෝ ත්‍රරෙඩ් එකක් දැම්මේ. :angry: හිටහල්ලා කියලා ඉවර කරනකන් :P

    දැන් අපි පාවිචියට ගන්න ඕනි අපේ මොලේ. පොඩි පොඩි shortcuts ගූගල් ඇතුලට යන්න. මොනවා ? :rolleyes: එහෙමත් පුලුවන්ද ? :yes:

    1. Google Code Jam
    මෙය අතිශයින්ම වැඩිහිටියන්ට පමණි. :angry: නෑ යකෝ පොඩි උන්ටත් පුළුවන්. Code Jam මොනවද යකෝ මේ ? ජෑම් තරඟයක්වත් ද ? :rofl: නැතෝ. මුළු ලෝකෙම කෝඩ් කරන්න පුළුවන් කට්ටිය මේ ජෑම් කන්න පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි ගියා. අපිට දෙනවා algorithm එකක් වගේ දෙයක් ඔයාලට පුළුවන් Language එකකින් හදන්න. මේකේ විශේෂත්වය අතිශයින්ම Online තරඟාවලියක්. ඒත් ෆිනාලේ එකට විතරක් ලෝන්දොන්(London) යන්න වෙයි. බය වෙලා ? :angry: උන්ගේ සල්ලි වලින්ම එක්කන් යයි. හරි මේ මගුලෙන් ගොඩ ගියා අපිට තියෙන්නේ මොකක් ද :angry:? 12000$ (හරියටම මතක නැතෝ), දිනගන්නත් uni යන කොල්ලෙක් නම් intern එකකුත් හම්බවෙනෝ. intern එකක් හම්බුනා වැඩේ ගොඩ. මාසේකෙට ගූගල් වලින් 6000$ ගෙවනවා. uni යන්නේ නැති එකෙක් නම් ගූගල් ල ඔයාලව වැඩ ට ගනී. :yes:
    http://code.google.com/codejam/
    2. Google Summer of Code
    මේක ගැන කියන්න ඉස්සෙල්ලා පොඩි කයිවාරුවක් ගහන්නත් පුළුවන්. මුළු ලෝකෙම අබිබවා ඉන්නේ ලංකාව. අම්මේ ඇති යන්තම් එකෙන් හරි ලංකාව. ලෝකෙන්ම ඉහලින් ඉන්නේ University of Moratuwa. (). දැන් බලමු මොනවද මේ ජාතිය කියලා. :baffled:
    අත රිදෙනේවා ඕයි.:angry: Open Source කියන්නේ මොනවද කියල දන්නවා ඇතිනේ. උදාහරණයක් ගමු. Joomla දෙන් අපිට තියෙන්නේ ඔක වැඩි දියුණු කරන්නයි. වැඩේ ලේසි. :rolleyes: ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ ප්රෝපසල් එකක් දෙන්න. Mentors ල Accept/Reject කරයි. Accept උනොත් 1500$ අතට. ඊළඟට කෝඩ් කරන්න තියෙන්නේ. ඉවරනම් අනික් 1500$ අතට. අන්තිමට Implementation එකට 2000$. හරි එකත් ඉවරයි
    https://developers.google.com/open-source/soc/
    3. Google Student Ambassadors
    මෙය අතිශයින්ම Uni ළමයින්ට පමණි. මේක ගැන කියන්නම ඕනිනම් මන් කියන්නම්. හැබැයි දැන් බෑ වගේ.
    7745_10151570043032669_964104031_n.jpg
    මේ උඩ ඉන්න කට්ටිය ලංකාවේ Student Ambassadors ලා. දැනට ලංකාවෙන්

    • University Of Moratuwa - 3
    • National School/Institute Business Management - 2
    • Asia Pacific Institute of Information Technology - 2
    • University of Colombo School of Computing - 1
    • University of Peradeniya - 1
    • American Education Center - 1
    පන එපා කියල ටයිප් කරේ. ඉතින් මාව රේප් කරලා හරි පලයල්ල රෙප් දෙන්නේ නැත්තම් :angry:

    එඩිටින්ග් : කට්ටිය ගේ රෙස්පොන්ස් හොඳයි.... මන් පාර්ට් 2 හැටියට තව Shortcuts ටිකක් කියන්නම්. :cool:
     
    Last edited: