කැමතිම බියර් වර්ග

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ටිකකට කලින් ත්‍රෙඩ් ඒකක් දැක්ක බියර් ගැන. ඔකට reply එකක් ලියලා ඉවර උනාම හිතුණා මේක වෙනම thread එකක් දැම්ම නම් හොඳයි කියලා.

    පහල තියෙන්නේ මගේ කැමතිම beer වර්ග ( පිළිවෙලක් නැත ). ගොඩක් ඒවා ලංකවේ ගන්න තියෙනවා.

    Guinness - හොඳටම chill වෙලා තියෙද්දී බොන්න ඔනේ. Ireland හදන්නේ. සෑහෙන්න ගුණදායි කියලත් කියනව. Ireland වල bar එකක dispenser ( tap ) ඒකකින් බොනවා වගේ සීරා නෑ අනිත් රට වලට import කරපු can එකකින් බොන එක. හොඩක් අයට සෙට් වෙන්නේ නෑ පාට සහ අමුතු රසය නිසා. මම නම් සතියකට එකක් වත් බොනවා මයි.

    Stella Artois - බොහොම smooth එකේ, office සෙට් එකක් ඒක්ක වගේ සෙට් උනාම බොන්න කැමති එකක්. බොහොම හෙමින් වදින්නේ. බොන්න හරිම ලේසියි. ටික ටික, ලීටර් ගානක්ම බොන්න පුළුවන්.

    Heineken - මේක හැමෝම දන්නව නේ.

    Budweiser - මේක American-style බියර් එකක්. බියර් කිව්වට මේක pale lager එකක්. බොතලේ මූඩිය නිකන් අතින් කරකවලා අරින්න පුළුවන්. නිකන් ගෙදර ඉන්න ගමන්, film එකක් බලන ගමන් වගේ ‌බොන්න නියමයි.

    Hoegaarden - මේක wheat beer එකක්. රසය ටිකක් වෙනස්. නමුත් මාර smooth. මේක බොන්න කලින් බෝතලේ පොඩ්ඩක් අර "එපන් ඔපන් චොපන්" වගේ රවුමට හොලවලා ගන්න ඔන. මොකද මේකේ අවක්ෂේපයක් හැදෙනව නිකන් fridge එකේ දාලා තියෙනකොට.

    Erdinger - පට්ටම German beer එකක්. මේකත් wheat beer එකක්. හැබැයි වදිනව නිල් වෙන්න. සමහර අයට කබ්බ සෙට් වෙනවා මේක බිව්වම. ඒ නිසා වැදගත් පාටි වලට ගිහින් පලවෙනී වතාවෙම පොර වගේ බොන්න යන්න එපා.

    Tiger - කොකටත් තෛලය මේක තමයි. මම ඉන්න රටේ ගාන අඩු ම සහ අවුලක් නැතිව බොන්න පුළුවන් beer එකක්. ලංකාවේ එන Tiger එකට නම් වැඩිය කැමති නෑ. මට හිතා ගන්න බෑ රස වෙනස් වෙන්නේ කොහොමද කියලා.

    Pale-ale වර්ග - මේක සාමාන්‍ය beer වලට වඩා සෑහෙන වෙනස්. සමහර අය බොන්න අකමැති, නමුත් සෙට් උනොත් අතහරින්න බැරි වර්ගයක්. සෑහෙන smooth. මේවා හදන brand names එච්චර ප්‍රසිද්ධ නෑ. ඒ නිසා අතට අහුවෙන එක try කරලා බලනවා. US සහ Europe වල සෑහෙන තියෙනව. ආසියානු රට වල තවම එච්චර හොයා ගන්න අමාරුයි. ලංකාවේ නම් තියනවද කියලා දන්නේ නෑ.

    Craft beer වර්ග - මේ කියන්නේ bar එක සහ restaurant එක අනුව එක එක නම් වලින් හදන beer ජාති. ගොඩක් වෙලාවට home made හරි පොඩි පොඩි companies වලින් හදන ඒවා. ගාන සාපේක්ෂව වැඩියි. ගෙදර ගෙනල්ලා බොන්න බෑ. නමුත් සමහර ඒවා සෙට් වෙනවා සුපිරි. එක එක වර්ග වලින් සහ එක එක සැර වලින් ගන්න පුළුවන්. සමහර ඒවා කියලා තියෙන සැර ට වඩා සැර වැඩියි. Pint එකක් ගැහුව ගමන් කුඩු වෙන්න වදින ඒවා තියෙනවා.


    Wild Apple - ලංකාවේ ඔක ආපු දවස්වල පැල් බැඳගෙන බිව්වා. පස්සේ තේරුණා මේක නිකන් කසිප්පු වලට සීනියි සහ අපල් සයිඩර් දාලා හදපු එකක්දෝ කියලා. ඔකේ සීනි පට්ටම වැඩි. දියවැඩියාව හැදිලා මැරෙන්නේ ඔක නිතර බිව්වොත්. පස්සේ කොච්චර රස උනත් අතෑරලා දැම්ම බොන එක. නමුත් කැමතිම ලිස්ට් එකේ තාම තියනවා ඒක.


    දැං ඉතිං ඔයාල කැමති බියර් වර්ග ටිකක් දාන්න. නොබීපු එකක් නම් ට්‍රයි කරලා බලන්න පුළුවන්.

    ඒ වගේම මම දාපු බ්‍රෑන්ඩ් ගැන වෙනස් අදහසක් තියෙනවා නම් ඒකත් දාන්න. අත්දැකීම් පුද්ගලානුබද්ධයි න‌ේ.
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ලයන් ලාගර් තමා ඉතින්, හදිසියක් නම් ලයන් ස්ට්‍රෝන්ග්.
    ඉස්සරම බිව්වේ ඔවා තමයි. පස්සේ නිකන් කසිප්පු වලට කසාය දාලා වගේ දැනුණා. ඊට පස්සේ කටේ වත් තිව්වේ නෑ.

    Most hated.carlsberg.can beer mata penna be
    මමත් පුද්ගලිකව කැමති නැත.
     
    • Like
    Reactions: Solo Rider

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    German beer nam Patta.
    Lankawe nam Carlsburg thamayi.godak evage quality awlak thiyenawa neda. Beer gahala kuNu wenna wadinne ekayi.
     
    • Like
    Reactions: Solo Rider

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    ලන්කාවේ හුගක් උන් එක්ක අරක්කු/ බියර් බොන්ඩ ගියාම එපා වෙනව බන්. අපේ උන්ට ඕනේ එන්ජොයි කරන්ඩ නෙමේ. බීගෙන බීගෙන ගිහින් ඉක්මනට වෙරි වෙන්ඩ.රස වැඩක් නැ ඉක්මනට වෙරි වෙනව නන්. නිකන් හිතපන් අවුරුදු ගානක් පදම් කරපු හොද විස්කි එකක් ගෙනත්. ඔකට පෙප්සි ස්ප්‍රිට් දාල කොත්තු රයිස් කකා ගහද්දි ඒ විස්කි එකේ වටිනාකමක් තියෙද කියල. අඩුම තරමේ රස සුවද වත් දැනෙන්නෙ නැ. :baffled:

    beer nan man kamathi tiger crystal ekata. chill eke gahanda puluwan
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ලන්කාවේ හුගක් උන් එක්ක අරක්කු/ බියර් බොන්ඩ ගියාම එපා වෙනව බන්. අපේ උන්ට ඕනේ එන්ජොයි කරන්ඩ නෙමේ. බීගෙන බීගෙන ගිහින් ඉක්මනට වෙරි වෙන්ඩ.රස වැඩක් නැ ඉක්මනට වෙරි වෙනව නන්. නිකන් හිතපන් අවුරුදු ගානක් පදම් කරපු හොද විස්කි එකක් ගෙනත්. ඔකට පෙප්සි ස්ප්‍රිට් දාල කොත්තු රයිස් කකා ගහද්දි ඒ විස්කි එකේ වටිනාකමක් තියෙද කියල. අඩුම තරමේ රස සුවද වත් දැනෙන්නෙ නැ. :baffled:

    beer nan man kamathi tiger crystal ekata. chill eke gahanda puluwan

    සිරා කතාව. ලංකාවේ ඔය ගතිය අරින්න බෑ ඉතිං. ගොඩක් අය ලෝකල් බ්‍රෑන්ඩ් ගහලා තමයි පටන් ගන්නේ බොන එක. ඒ වෙලාවට තියෙන්නේ තරඟයක් මිසක් රස බැලිමක් නෙමේ. ඉවර වෙන්න කලින් වෙරි වෙන එක තමයි එකම පැතුම. ඉතිං ලඟ නමනවා, පස්සේ වැඩි වෙලා චොර වෙනවා.

    පස්ස‌ෙ හොඳ imported brands ලැබුණත් ඔකම තමා වෙන්නේ. පෙරේත කමට බීගෙන යනවා.

    මම නම් කොහේ සෙට් උනත් බොන්නේ හෙමින්. කට්ටිය හෙන ටෝක් දෙනවා ඉතිං , බොන්න බෑ නේද, චාටර් නේද , පොඩ්ඩයි නේ දා ගත්තේ , අරක මේක. මම මගේ ගානට බොනවා. අනිත් උන් හැමදාම වාත කරන්න ගත්තොත්, උන් එක්ක බොන එක අතෑරලා දානවා.

    Tiger Crystal එක සිරා. සෑහෙන smooth.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කලින් මට සෙට් උනේ කාස්බර්ග් නෝමල් / ස්පෙසල් බ්රූ දැන් නං ඕක මුලින් හොඳයි ටිකක් බීගෙන යද්දී යට හරිය තිත්තයි ඒ නිසා ලයන් ලාගර් සහ ස්ට්‍රෝන් වලට මාරු උනා
    අතරින් පතර හයිනකන් ටයිගර හෝ අහුවෙන එකක් , කළු බීර එහෙමත් බොනවා අතල් එකට
    වයිල්ඩ් ඇපල් එක රස නං හොඳයි නිතර බොන්න සෙට් වෙන්නේ නෑ වගේ ආසාවට ඕකෙන් 2-3 අරං බිව්වා

    රස වෙනස් වෙන්නේ කෝමද කියල අහල තිබ්බනේ
    මේකයි කාස්බර්ග් එහෙම ලංකාවේ හදන්නේ ලයන්ම තමයි
    අනිත් එක දැන් බියර් හදන්නේ හාල් වලින් ඒකයි රස වෙනස් මෙහෙ ඒවා

    අපිට බැයිද බං බීර ගෙදර හදන්න ?
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    කලින් මට සෙට් උනේ කාස්බර්ග් නෝමල් / ස්පෙසල් බ්රූ දැන් නං ඕක මුලින් හොඳයි ටිකක් බීගෙන යද්දී යට හරිය තිත්තයි ඒ නිසා ලයන් ලාගර් සහ ස්ට්‍රෝන් වලට මාරු උනා
    අතරින් පතර හයිනකන් ටයිගර හෝ අහුවෙන එකක් , කළු බීර එහෙමත් බොනවා අතල් එකට
    වයිල්ඩ් ඇපල් එක රස නං හොඳයි නිතර බොන්න සෙට් වෙන්නේ නෑ වගේ ආසාවට ඕකෙන් 2-3 අරං බිව්වා

    රස වෙනස් වෙන්නේ කෝමද කියල අහල තිබ්බනේ
    මේකයි කාස්බර්ග් එහෙම ලංකාවේ හදන්නේ ලයන්ම තමයි
    අනිත් එක දැන් බියර් හදන්නේ හාල් වලින් ඒකයි රස වෙනස් මෙහෙ ඒවා

    අපිට බැයිද බං බීර ගෙදර හදන්න ?
    ඒක තමයි මාත් හිතන්නේ. මෙහේ උන් මොන විදියට හදනවද මන්දා. සමහර ඒවා කසිප්පු වගේ.

    බීර ගෙදර හදන්න අමාරුයි මචං. හරියට හදන ‌ප්‍රොසෙස් එක ටිකක් සංකීර්ණයි. නමුත් ඇල්කොහොල් වර්ග හදන්න පුළුවන්. ඒකත් හරියට කලේ නෑත්නම් කසිප්පු තමයි හැදෙන්නේ.

    mehe tiyana ewwa bite sandy natuwa gahanna ba bun
    soda ekak da gena tamai gahanne mamat
    ලෝකල් ඒවා නම් අමාරුයි නිකන් බොන්න මම දන්න විදියට. සැර විතර නේ තියෙන්නේ. රසයක් නම් නෑ මම හිතන්නේ. ඉස්සර ලංකාවේ වයිට් රම් එක නම් බොනවා, ඒක සිරා.
     

    New Guy

    Active member
  • Apr 11, 2017
    159
    37
    28
    Guinness , Budweiser මෙහෙ තියනවාද ගන්න ?
    ඔව්. සෙට් කරල දෙන්න පුලුවන්. උඩ පොස්ට් එකෙ තියෙන ඕන බියර් එකක් හොයල දෙන්න පුලුවන්
     
    • Like
    Reactions: fallend

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    ඔව්. සෙට් කරල දෙන්න පුලුවන්. උඩ පොස්ට් එකෙ තියෙන ඕන බියර් එකක් හොයල දෙන්න පුලුවන්

    නියමයි. ඕන ටයිම් එකට PM එකක් දැම්මනම් හරිද ? ගද්දී ගන්න ඕනේ ගානක් තියනවාද ? විස්තරයක් දාන්න පුළුවන්න නම් අනිත් අයත් ගනී. 👍
    ඔව් තියෙනවා. මම ලංකාවේ බීලත් තියෙනවා.

    කොහෙද සහෝදරයා තිබ්බේ ?