කැමති වැසිකිළියකට යාමට අවසර ~

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    කැමති වැසිකිළියකට යාමට අවසර ~

    කැමති වැසිකිළියකට යාමට සංක්‍රාන්ති ලිංගික සිසුන්ට අවසර


    _89681826_wedontcare.jpg


    පාසලේ දී තමන් කැමති ගැහැණු හෝ පිරිමි වැසිකිළියකට හෝ නාන කාමරයකට යාමට සංක්‍රාන්ති ලිංගික සිසු සිසුවියන්ට අවස්ථාව ලබා දිය යුතු බව ඇමරිකාවේ ඔබාමා පාලනය පාසැල් බලධාරීන්ට උපදෙස් දී තිබේ.

    මෙම නියෝගය ට පටහැණිව කටයුතු කරන පාසැල් වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇති අතර පළාත් පාලන ආයතන මගින් ලබා දෙන ආධාර කප්පාදු කිරීම් වලට ලක්වීමට ඉඩ ඇති බවයි අධ්‍යාපන සහ අධිකරණ දෙපාර්තමේන්තු පවසන්නේ.

    ඇමරිකාවේ නීතිපති ලොරේටා ලින්ච් පවසන්නේ සංක්‍රාන්ති ලිංගික සිසුසිසුවියන් වෙනස්කොට සැලකීමට ලක්වීමෙන් සහ අනෙක් සිසුන්ගෙන් හිරිහැරයට ලක්වීමෙන් වැළැක්වීමට මෙම නීතිය මගින් පිටුවහලක් වන බවයි.

    උතුරු කැරොලිනා ප්‍රාන්තයේ බලධාරීන් සහ පළාත් පාලන ආයතන දැනට පවතින නීතිය වන තම උප්පැන්න සහතිකයේ සඳහන් ලිංගිකත්වයට අනුව වැසිකිළි භාවිතයට දී ඇති අවසරය වෙනස් කර ගැනීමට කරන අරගලයක ප්‍රතිඵලයක් ලෙසයි මෙම උපදෙස් නිකුත් වී ඇත්තේ.

    BBC