කැමරා වල සටහන් උනු

shammi lakshan

Active member
  • Mar 23, 2008
    141
    173
    43
    කැමරා වල සටහන් උනු

    බුදු අම්මෝ! කැමරා වල සටහන් උනු අරුම පුදුම දේ...


    තෙවෙනි ඇස වන් කැමරාවේ සටහන් වන දේ බොහෝය. විටක දුක විටක සතුට විටක ජයග්‍රහණය... එදිනෙදා ජීවිතයේ සටහන් වන බොහෝ දේ අතර අසාමාන්‍ය සිදුවීම්ද කලාතුරකින් දක්නට ලැබේ. පහත දැක්වෙන්නේ එවන් අවස්ථා කිහිපයකි.



    ප්ලේන් දෙකම කුඩේ කුඩු...

    අනතුර සිදු වෙද්දී එක් ගුවන් යානයක හතර දෙනෙක්ද, අනෙකේ පස් දෙනෙක්ද බැගින් ස්කයි ඩයිවින්ග් සදහා පැමිණි ක්‍රීඩකයෝ නම දෙනෙක් විය.වයඹ දිග විස්කොන්සිනයේ සිදුවූ මෙම ගුවන් අනතුරෙන් දෛවයේ හාස්කමකට මෙන් ගුවන් නියමුවන්ට හෝ ස්ක්යි ඩයිවින්ග් සදහා පැමිණ සිටි කිසි වෙකුටත් අනතුරක් නොවීය.

    ඉර කඩන් වැටනවෝ...

    සයිබීරියාවේ සීතල හිම මදිවට මෙන්න එක පාරට ගිනි බෝලයක් පාත් වෙනවා. වාහනයක ඩෑශ් කැමරාවක සටහන් වූ මේ දර්ශනය දැක්කම බුදු අම්මෝ! (OMG!) නොකිය වෙන මොනවා කියන්නද???

    චිත්‍ර පටියක් නෙමෙයි...

    චීනයේ ඡායාරූප ශිල්පියෙකුගේ කැමරාවෙහි සටහන්වූ මෙම ඡායාරූපය ගෙන තවත් මොහොතකට පසු ඔහුගේ පෙම්වතියගේ ඡායාරූපයද මෙලෙසම සටහන් විය.

    මං මැරුවෙ මූ!!!

    පිලිපීන ජාතික දේශපාලඥයෙකු වූ රේනල්ඩෝ ඩග්සා තම පවුලත් සමග එලියට පැමිණියේ අලුත් අවුරුදු සතුට සැමරීමටය. මේ අතර තම පවුලේ ඡායරූප ගනිමින් සිටි ඩග්සා මෙය ඔහු ගන්නා අවසාන ඡායරූපය වේ යැයි හෝ තම මිනීමරුවාගේ ඡායාරූපය වේ යැයි ඔහ් තුන් හිතකින් වත් නොසිතන්නට ඇත.

    ගෙම්බෙක් ගිය උඩ...

    ඉහත දැක්වෙන්නේ නාසා ආයතනයේ LADEE නම් රොකට්ටුව ගුවන් ගත කරන අවස්ථාවයි. මෙය පටි ගත කිරීම සදහා සවි කර තිබූ කැමරා තුනෙන් එකක මේ අරුම පුදුම ඡායා රූපය සටහන් වෙලා තිබුනේ. අනේ ඉතින් ඔච්චර තමයි. ඊටපස්සෙ මොකද උනේ කියල දන්නෙ දෙවියොම තමයි. අනිච්ඡා වථ සංකාරා!!!

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    a98776_killercaught.jpg


    :oo::oo::dull::dull::shocked::shocked::sorry::sorry:

    අර කෙල්ල පාලමෙන් වැටෙන සීන් එක මොකද්ද බං....:confused:
    ++4