මුලින්ම පාරට බස්සන්න ඕන විශ්ව විද්‍යාල ශිශ්‍යයෝ.
.......................................................................
ඇයි?
එයාලා තමා අරගලයට සුදුස්සෝ!
ඒ කොහොමද?
එයාලා තරුණයි ජවය තියනවා . ගැම්ම තියනවා.
එතෝට අපිට මොනාද තියෙන්නෙ ?
අපි වගේ නාකි එවුන්ට තරුණ කමත් නෑ. ජවයත් නෑ.
එයාලා වැඩේ හොදට කරයිද?
ඉස්සරත් අරගල වලදි එයාලා තමා ඉස්සරහින්ම බැස්සෙ. එයාලා තමා හොදටම කරේ.!
ඉතින් එයාලා දැන් සතුටින්ද ?
නෑ.
එතෝට ?
එයාලා බොහොමයක් මැරුණා.
එතෝට ?
අරගල කියන්නෙ අරගල තමා. දිවි හිමියෙන් තමා අරගල වලට පණ දෙන්නෝන.
.........
මම පේරාදෙණිය වයිද්‍ය පීටය ට යන්නෙ 2000 අප්‍රේල් වල . එදත් අපේ කැන්ටිමේ උඩම තැන හිටියෙ එයාලා.
උඩින්ම තිබ්බා මෙහෙම පේලියක්.
බුද්ධියේ රිවි කිරණ මත මරණයේ අදුරු සෙවනැලි පතිත වූ දේශයක විකසිත වන්නට වෙර දැරූ සත්‍යයේ කුසුම
ඔය අරගල වලදි වයසට ගිය අයයි තරුණ දරුවොයි ගත්තාම එතැන වෙනම අරගල දෙකක් තියෙන්නෙ.
අපේ මොලේ මෝරන්නෙ අඹ ගෙඩියක් මෝරනවා වගේ . නැට්ටෙ ඉදන් ඉදිරියට. අඹේ හොදටම ඉදුනොත් විතරයි ඉදුනු අඹයක් කන්න ලැබෙන්නෙ. නැත්නම් කන්න වෙන්නෙ බාගෙට ඉදිච්චි අඹයක්.
මතක තියාගන්න බාගෙට ඉදිච්චි අඹේට කවුරුත් රස අඹයක් කියන්නෑ. ඒකෙ සමහරක් තැන් ඇඹුලයි. සමහරක් තැන් රසයි.
තරුණ මොලෙත් ඒ වගේ . තරුණ මොලයක් සම්පූර්ණයෙන්ම ඉදෙන්න අවුරුදු 25ක් විතර යනවා. එතකන් මොලේ ඉදෙන්නෙ නැට්ට පැත්තෙ ඉදන් හිමි හිමීට. ඒ කියන්නෙ පසු මොලේ මැද මොලේ ඔක්කොම ඉදුනට පස්සෙ පෙර මොලේ මෝරන්න සෑහෙන කාලයක් යනවා. පූරව මස්තිශ්ක බාහිකය එහෙම නැත්නම් pre frontol cortex කියන්නෙ ඒකට. ඒක මෝරලා ඉවර වෙනකොට වයස 25 ක්වත් පනිනවා..
අපිට පූරව මස්තිශ්ක බාහිකයක් ඕනද?
ඔව්!
ඇයි?
ඒකෙන් තමා තීරණ ගන්නෙ. හොද-නරක, වාසි- අවාසි බැලන්ස් කරන්නෙ.
එතකොට ඊට කලින් ලමයි තීරණ ගන්නෙ නැද්ද.?
ගන්නවා. එතකොට තීරණ ගන්නෙ හැගීම්වලින්.
ඒ කොහොමද?
මුලින්ම එයාලගෙ මෝරන්නෙ පසු මොලේ. ඊලගට මැද මොල. මැද මොලේ තියනවා කොටසක් rewarding centre කියලා. ඒක තෑගි වලට උත්තේජනය වෙනවා. තෑග්ග හොදනම් හේතුව බලන්නෑ උත්තේජනය වෙනවා.
මිනියක් මරල එන එකාටත් පාරක තියන ගද ගහන කුණු ගොඩක් අයින් කරල එන එකාටත් 'උඹ තමා පුතා හොදටම කලේ' කීවාම උත්තේජනය වෙනවා . වචන හොද තෑග්ගක් වෙනවා, ක්‍රියාව දිගටම කෙරෙනවා.
විශ්ව විද්‍යාල ලමයින්ගෙ මේ කාලෙ වෙද්දි ආවේග ශීලීව හැසිරෙන කොටස අසාදාරන්ත්වයට කේන්ති යන කොටස මෝරලයි තියෙන්නෙ. ඒ නිසා ගැම්මෙන් ඉන්නෙ. කීවොත් දිවි පරදුවට තියල එලියට බහිනවා. ඒත් හොද නරක තේරුම් ගන්න කොටස මෝරල නෑ.
එතෝට අපේ?
අපේ ඒ කොටස් දෙකම මෝරල . අපි ගාව ආවේගයත් තියනවා, ඒක අපිට හානියක් නොවෙන්න පාවිච්චි කරන්න ඕන විදිහත් දන්නවා. ඒ නිසා එලියට බහින්න ඕන පොඩි වුන් නෙවේ.
එහෙනම් කවුද?
අපි.!
වයසත් එක්ක එන කපටි කම හොදටම තියෙන්නෙ පරිණත අපිට. ඒ නිසා අරගලයකදි එලියට බහිනව නම් සුදුසුම විශ්ව විද්‍යාල වල පොඩ්ඩො නෙවේ. ඒවායින් එලියට ඇවිල්ල ඉන්න පරිණත විච්චි වයස 25 පැනපු අපි.
මිනී හැදෙන්නැති , ගිණි ගන්නැති අරගලයක් කරන්න පුලුවන් අපිට .
ගිණි ගත්ත ලේ වැගිරුණු අරගලයක් මීට කලින් ඇහින් දුටු සාක්කිකාරයො විච්චි අපිට.
නැත්නම් ත්‍රීමා වෙනුර වගේ දැන් ඉන්න ගැම්මක් තියන දක්ශයොන්ට අවුරුදු පනහක් හැටක් වෙද්දි විශ්ව විද්‍යාලාවල කැන්ටින් එකේ උඩම තැන ඉන්න වෙන එක නවත්තන්න බෑ.
පුතාලා තමා හොදටම කරන්නෙ කියන්න එපා. ඇත්තටම හොදටම කරල තියෙන්නෙ අපි. හොදටම කරන්න ඕනත් අපි.
තරුණ දරුවන් අවුස්සන්න එපා !
අරගලය නවත්වන්නත් එපා!
අපේ යුතුකම වගකීමෙන් ඉටු කරමු.
2022. 04.01