කැම්පස්
කැන්ටිමේ තේකෙන් රස නහර නොපිනවන
උගුර කට තෙමා ගෙන බුදුන් කල දුක උරුම
දවාලේ කෑම එක රස මසින් නොපිනවන
මියැදිලා උපදිමුද බුදුන් වැඩි පුදබිමක
කඳුළු කටහඬ මෙමට දසතින්ම කන වැකේ
දහඩියට නිසි පණම නොලැබෙනා බව දැනේ
නමුදු ඒ දහඩියේ ගිලෙන්නට යළි යළි
ක්ලාස් පිට ක්ලාස් ලැබ උපාධිය අයදී
සිනහ හඬ තලන්නේ දුක උරුම වූ බැවින්
ගණදුරේ සොයන්නේ එළියක්ම වූ බැවින්
ගඟ ගලා බහින්නේ මිටි තැනින් වූ බැවින්
කවුරු නම් පැමිණෙයිද හීනෙකුදු ඇරියුමින්
ජීවිතේ සිතුවම් ඇති කලෙක පුස් කකා
ජීවිතේ මියුරු සර හැපෙයි හඬ තල තලා
ජිවිතේ කරළිය හුන් කලෙක දොස් නගා
මීවිතෙන් මත් නොවුණු අයත් අද මත්වෙලා
මාලන් විදානපතිරණ
කැන්ටිමේ තේකෙන් රස නහර නොපිනවන
උගුර කට තෙමා ගෙන බුදුන් කල දුක උරුම
දවාලේ කෑම එක රස මසින් නොපිනවන
මියැදිලා උපදිමුද බුදුන් වැඩි පුදබිමක
කඳුළු කටහඬ මෙමට දසතින්ම කන වැකේ
දහඩියට නිසි පණම නොලැබෙනා බව දැනේ
නමුදු ඒ දහඩියේ ගිලෙන්නට යළි යළි
ක්ලාස් පිට ක්ලාස් ලැබ උපාධිය අයදී
සිනහ හඬ තලන්නේ දුක උරුම වූ බැවින්
ගණදුරේ සොයන්නේ එළියක්ම වූ බැවින්
ගඟ ගලා බහින්නේ මිටි තැනින් වූ බැවින්
කවුරු නම් පැමිණෙයිද හීනෙකුදු ඇරියුමින්
ජීවිතේ සිතුවම් ඇති කලෙක පුස් කකා
ජීවිතේ මියුරු සර හැපෙයි හඬ තල තලා
ජිවිතේ කරළිය හුන් කලෙක දොස් නගා
මීවිතෙන් මත් නොවුණු අයත් අද මත්වෙලා
මාලන් විදානපතිරණ

thanks
