කැරකෙන වීදුරු කූඩු

drml

Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    කැරකෙන වීදුරු කූඩු

    සාමාන්‍යයෙන් වෙසක් කූඩුවක් කියන්නේ උණබට අරගෙන හදන නිර්මාණයක්. ඒත් අද උණබටවලට තිබුණු තැන නැතිවෙලා ගිහිල්ලා අලුතින් ආපු යකඩ කූඩු, ප්ලාස්ටික් කූඩු නිසා. ඒ වගේ අවස්ථාවක මේ කියන්න යන්නේ ගොඩක් මහන්සි වෙලා හදපු වීදුරු බෝතල් කූඩු ගැන.

    මෙවර වෙසක් මංගල්‍යය වෙනුවෙන් මාතර උයන්වත්ත ක්‍රීඩාංගණය තුල මේ ප්‍රදර්ශනය පවත්වන්නේ. මේ නිර්මාණ කරලා තියෙන්නේ ජී. කේ. විමලසේන මහතා. මේ වෙනුවෙන් කල කැපකිරීම, ඉවසීම අපි අගය කල යුතුමයි.

    ක්‍රීඩාංගණය සදහා යන වියදම් සහ අනෙකුත් වියදම් වෙනුවෙන් ටිකට්පතකුත් තියෙනවා. වැඩිහිටියන්ට රුපියල් 40කුත් ළමයින්ට රුපියල් 20කුත් ගන්නවා මේ ප්‍රදර්ශනය බලන්න.


    බුදුරුව සහිත රැස්මාලාව

    P1260062_thumb%25255B2%25255D.jpg


    දින 15ක් ගතවෙලා තියෙනවා මේ නිර්මාණයට. බුදුරුව වටා රැස්මාලාවක් කැරකෙන ආකාරයට නිර්මාණය කරලා තියෙන්නේ. රැස්මාලාව විදුලි බුබුලු වලින් ආලෝකමත් කරලා තියෙන්නේ.

    පිරිත් මණ්ඩපය

    P1260063_thumb%25255B2%25255D.jpg


    මාස දෙකක මහන්සියේ ප්‍රතිඵලයක් විදියටයි මේ නිර්මාණය අවසන් වෙන්නේ. සම්පූර්ණ පිරිත් මණ්ඩපයම විදුලි බුබුලු වලින් ආලෝකමත්. ඒ වගේම මණ්ඩපය බෝතලය ඇතුලේ කැරකෙනවා.

    සත් සතිය

    P1260067_thumb%25255B2%25255D.jpg


    මේ පහන් කූඩුව පරිවාර කූඩු 24ක් හා විදුලි බුබුලු 185කින් සමන්විතයි. මෙය ජනාධිපති සම්මානයට පාත්‍රවූ පහන්කූඩුවක්. මාස 6ක් විතර ගිහින් තියෙනවා මේක නිර්මාණයට.

    ලෝක ප්‍රසිද්ධ ස්වේදගෝන් චෛත්‍යය

    P1260069_thumb%25255B2%25255D.jpg


    රන්වියන සහිත පත්තිරිප්පුව

    P1260074_thumb%25255B2%25255D.jpg


    දෙමසක මහන්සියේ ප්‍රතිඵල. විදුලි බුබුලින්, අලංකාර හැඩයෙන්, වර්ණයෙන් සුන්දර නිර්මාණයක්.

    ශ්‍රී ලංකාවේ කුඩාම පහන් කූඩුව

    P1260077_thumb%25255B2%25255D.jpg


    උස මිලිමීටර් 17යි. පරිවාර කූඩු 16යි. මාස එකහමාරක් දිරාපත් වෙන දේවල් එක්ක කරපු සටනක අවසාන ප්‍රතිඵලය. 5W බල්බයක් තුල මේ නිර්මාණය ඉදිවෙලා තියෙන්නේ. කුඩා වැඩි නිසා අත්කාචයක් තුලින් තමයි බලන්න ඕන.

    බුද්ධ පරිනිර්වාණය

    P1260085_thumb%25255B2%25255D.jpg


    මාස 5ක මහන්සිය. පරිවාර කූඩු 16කුත් විදුලි බුබුලු 115කුත් මේ නිර්මාණය ලස්සන කරලා තියෙනවා.

    පත්තිරුප්පුව

    P1260088_thumb%25255B2%25255D.jpg


    මාස 2ක් වෙහෙසිලා කරපු තවත් නිර්මාණයක්. අලංකාර විදුලි බුබුලෙන් හැඩගන්වලා.

    දළදා කරඩුව රැගත් හස්තිරාජයා

    P1260094_thumb%25255B2%25255D.jpg


    මේකත් මාස දෙකක නිර්මාණයක්. කරඩුව වැඩමවන හස්තිරාජයා විදුලි අලෝකයෙන් අලංකාර කරලා තියෙනවා. බොහොමයක් වගේම මේකත් කැරකෙන නිර්මාණයක්.

    තවත් නිර්මාණ

    P1260101_thumb%25255B2%25255D.jpg


    P1260098_thumb%25255B2%25255D.jpg

    මේ ගැන තවත් දැනගන්න කැමති අයට ආරාධනා කරනවා මගේ Blog එකටත් එන්න කියලා. සමීප ඡායාරූප බලන්නත් පුලුවන් මේ හැම එකකම.​