කැලයක දුම් පිටකරන ඇතා😲😲

thiwanka000

Active member
  • Apr 15, 2014
    434
    185
    43
    කැලයක දුම් පිටකරන ඇතා😲😲

    ඉන්දියාවේ කැලයක දුම්පිටකරන ඇතා..
    ...............................................................................

    ඇතුන් පිළිබඳ ලොව පුරා විශේෂඥයන් විමතියට පත්කරවමින් ඉන්දියාවේ වනාන්තරයක දුම් පිටකරන ඇතෙක් ගැන වාර්තාවෙයි.

    2016 අප්රේල් මාසයේ කර්නාටක ප්රාන්තයේ නාගර්හොල් වනාන්තරයට රාජකාරී මට්ටමේ ගමනක් ගිය ඉන්දියාවේ වනජීවී සුරක්ෂා සංගමයට සම්බන්ධ විද්යාඥයෙකු වන විනෙයි කුමාර් විසින් පටිගත කරන ලද තත්පර හතළිස් අටකින් යුතු මෙම ඇතාගේ වීඩියෝ පටයක් නිකුත්වීමත් සමග මෙම ආන්දෝලනය ඇතිව තිබේ.
    වීඩියෝ පටයේ වටිනාකම ගැන කල්පනාවක් නොතිබුණු බැවින් මතෛක් එය නිකුත් නොකළ බව විනෙයි කුමාර් කියයි.

    මෙම ඇතා අළු සහිත දුමක් පිටකරන්නේ කෙසේදැයි නොදන්නා බව විද්යාඥයන්ගේ අදහසයි.
    වන අලියෙක් මෙවැනි දෙයක් කරනු දුටු පළමු වතාව බවද, ඉහළම වනජීවී විද්යාඥයන් පවා ඒ ගැන විමතිය පළකරන බවද වාර්තා වෙයි.

    බි.බි.සී.
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    :lol: ගිය ආත්මෙ සිගා ගහපු ඩයල් එකක්. තාමත් සික් එක. පව් බන්.:(