කැලෑ කපන නිවුස් .

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රට තුළ පෙර නොවූ විරූ ආකාරයේ මහා පරිසර විනාශයක් වර්තමානයේ සිදුවන බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න කියද්දී, පසුගියදා ගාල්ල හික්කඩුවේ පැවැති ගසපි කයිවාරුවේ දී ජනාධිපති ගෝඨාභය මෙසේ කීය. "මේ දවස්වල විශාල වශයෙන් කියනවා අපි පරිසරය විනාශ කරනවා කියලා. මේවා අපේ කාලයේ වෙච්ච දේවල් නොවෙයි. මීට ඉස්සෙල්ල තිබුනු රජය කාලයේ ම පටන් ගත්තු ඒව. අපි ඒව නවත්තන්න කීවා." යි පැවසීය.


    නමුත් ගෝඨාභයගේ රජයේ කෘෂිකර්ම අමාත්‍ය ධූරය දරන එස්. එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයාගේ බිරිඳ, අමාත්‍යවරයාගේ ප‍්‍රධාන ආධාරකරුවන් වන සුමතිපාල හා හර්ෂණ යන අය, මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති සහ මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියකු විසින් මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 580 වෙල්ලාරගම ග‍්‍රාම නිලධාරී වසමේ පලූගස්වැව – කටුකැලියාව රජයේ වනාන්තරය විනාශ කරමින් මහ පරිමාණ පස් කැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරන බව ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර වාර්තාවක් මඟින් පෙන්වා දෙයි. ඒ අනුව මේ වන විට අක්කර 100 ක පමණ වනාන්තර ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර අඩි 50 කට වඩා ගැඹුර වලවල් සකස් වෙන පරිදි බැකෝ යන්ත‍්‍ර භාවිතයෙන් පස් කැනීම් කර ඇති බවත්. පස් කැනීම් බලපත‍්‍ර ලබා ගැනීමේ දී වෙනත් පුද්ගලයින්ගේ නම් භාවිතා කර ඇති බවත් ඒ සඳහා මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම්වරයා විසින් අවශ්‍ය සියලු සහයෝගයන් ලබා දෙමින් පවතින බවත් පැවසෙයි.


    ඒ අනුව ජනාධිපතිවරයා දැන් කියන්නේ කුමක්දැයි ඔහු විසින් පිළිතුරු දිය යුතුය. මේවාත් පසුගිය ආණ්ඩුව කාලයේ ආරම්භ කළ ඒවාද? ඔහු නැතිනම් ඔහුගේ ලේකම් වරයෙකු හෝ මෙකී ලිපියට පිළිතුරු දෙන්නේ නම් ලංකා ඊ නිව්ස් එය පළකරන්නෙමු. එසේ නොකළහොත් ජනාධිපති වරයා හික්කඩුවේ දී දෙසා ඇත්තේ අමු කෙප්පයකි.



    සජීව චාමිකර විසින් ඉදිරිපත් කරන ලද සම්පූර්ණ වාර්තාව මෙලෙසිනි.



    මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 580 වෙල්ලාරගම ග‍්‍රාම නිලධාරී වසමේ පලූගස්වැව – කටුකැලියාව රජයේ වනාන්තරය විනාශ කරමින් මහා පරිමාණ පස් කැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වේ. මේ වන විට අක්කර 100 ක පමණ වනාන්තර ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර අඩි 50 කට වඩා ගැඹුර වලවල් සකස් වෙන පරිදි බැකෝ යන්ත‍්‍ර භාවිතයෙන් පස් කැනීම් කර ඇත. මේ සඳහා එස්. එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයාගේ බිරිඳ, අමාත්‍යවරයාගේ ප‍්‍රධාන ආධාරකරුවන් වන සුමතිපාල හා හර්ෂණ යන අය, මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති සහ මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියකු විසින් මේ පස් කැනීමේ ජාවාරම සිදු කරති. පස් කැනීම් බලපත‍්‍ර ලබා ගැනීමේ දී වෙනත් පුද්ගලයින්ගේ නම් භාවිතා කර ඇති අතර ඉහත පුද්ගලයින් විසින් සියලූ පස් කැනීම් කරති. ඒ සඳහා මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම්වරයා විසින් අවශ්‍ය සියලූ සහයෝගයන් ලබා දෙයි.


    පලූගස්වැව – කටුකැලියාව රජයේ කැලය වටා පලූගස්වැව, කටුකැලියාව, තම්මැන්නාව හා කරුවලගස්වැව යන ගම්මාන පිහිටා තිබේ. මේ ගම්මානවල ගොවි පවුල් 600 ක් පමණ ජීවත් වන අතර ඔවුන්ගේ ප‍්‍රධාන ආදායම් මාර්ගය වී ගොවිතැන හා ගොඩ බෝග වගාවයි. මහ කන්නයේ දී වී වගාව සිදු කරන අතර යල කන්නයේ දී කුඹුරු ඉඩම් කොටසක වී වගා කරන අතර ගොඩ බෝග ලෙස මිරිස්, වම්බටු, ගෝවා වැනි එළවලූ වර්ග වගා කෙරේ.


    වී ගොවිතැන සහ ගොඩ බෝග වගාව හා සම්බන්ධ සියලූ ම ජල මූලාශ‍්‍ර පලූගස්වැව – කටුකැලියාව රජයේ කැලයෙන් ආරම්භ වේ. වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර වැස්මක් සහිත මෙම වනාන්තරයෙන් ආරම්භ වන දියදහරාවන් පලූගස්වැව, කටුකැලියාව වැව, ගම්මැන්නාව වැව, ඇලත්තන්කුලම වැව හා කරුවලගස් වැව පෝෂණය කරයි. මීට අමතර ව මෙම වනාන්තරය වටා පිහිටි ගම්මානවල ගොඩ බෝග වගාව සඳහා වගා ළිං සකස් කර ජලය ලබා ගනියි. එම වගා ළිංවල ජල සුරක්ෂිතතාව රැදී ඇත්තේ පලූගස්වැව – කටුකැලියාව රජයේ කැලය මත ය.


    පණත් 4 ක්ම උල්ලංඝනය කරලා..


    අමාත්‍යවරුන්, නිලධාරීන් හා ව්‍යාපාරිකයන් විසින් පාරිසරික අණ පනත් බොහොමයක් උල්ලංඝනය කරමින් මෙම පස් කැනීම් කරති. 2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරණ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය සම්පූර්ණයෙන් උල්ලංඝණය කරමින් රජයේ වනාන්තර ඉඩම්වල පස් කැනීම කරයි. වනාන්තර එළි පෙහෙළි කිරීම, පස් කැනීම, පස් ප‍්‍රවාහනය සඳහා මාර්ග සකස් කිරීම යන සියල්ල නීති විරෝධී වේ. එවන් නීති විරෝධි ක‍්‍රියාවල නිරතව සිටින පුද්ගලයෙකු හෝ ඒ සඳහා අධාර හෝ අනුබල ලබාදෙන පුද්ගලයෙකු ද වරදකරුවකු වේ. එවන් ක‍්‍රියාවක නිරතවන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන මහේස්ත‍්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ හැකි අතර එහි දී වරද කරුවකු කරණු ලැබූ විට වසර 2 ක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් 5000 ත් 50000 ත් අතර දඩයකට හෝ මේ දෙකට ම යටත් කළ හැකි ය. ඊට අමතරව වනාන්තරයට සිදු කරන ලද හානිය සඳහා අධිකරණය මඟින් නියම කරණ දඩයකට ද යටත් කළ හැකි ය.


    සියළු බලපත්‍ර නීති විරෝධියි..


    මෙම පස් කැනීම් කටයුතු ජාතික පාරිසරක පනතට අනුව ද නීති විරෝධී වේ. සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ උප වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ඉඩම් එළිපෙහෙළි කර වනාන්තර නොවන වෙනත් සංවර්ධන ක‍්‍රියාවලීන් සඳහා යොදා ගැනීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මේ ක්‍රියා පටිපාටියෙන් තොර ව කැනීම් බලපත‍්‍ර නිකුත් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයට නොහැකිය. මේ නිසා නිකුත් කර ඇති සියලු බලපත‍්‍ර නීති විරෝධී වේ.


    ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව පස් කැනීම් කටයුතු සිදු කරන පුද්ගලයකු මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට පනතේ 31 වගන්තියට අනුව රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්නාධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.


    මීට අමතර ව සංශෝධිත 1940 අංක 09 දරන පුරාවස්තු ආඥා පනතේ 43අ සහ 47 වන වගන්ති වලට අනුව ප‍්‍රකාශිත 2000 ඔක්තෝබර් මස 04 වන දින අංක 1152/14 දරන ගැසට් නිවේදනය මගින් ප‍්‍රකාශිත 2000 අංක 01 දරන ව්‍යාපෘති වල කාර්යය පටිපාටි නියෝග වලට අනුව හෙක්ටයාර 2 ක් ඉක්මවා භූමි ප‍්‍රදේශ එළිකිරීම හා කැනීම් කටයුතු සිදු කිරීමට ප‍්‍රථමයෙන් පුරාවිද්‍යාත්මක හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා පුරාවිද්‍යා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් මේ කිසිදු අනුමැතියකින් තොර ව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයෙන් කැනීම් බලපත‍්‍ර නිකුත් කර ඇත.


    දේශපාලන බලය භාවිතා කර මේ ආකාරයෙන් රටේ ස්වාභාවික සම්පත් හා කෘෂිකාර්මික බිම්වල ජල සුරක්ෂිතතාව විනාශ කිරීම මගින් සිදු වන්නේ සුළු පරිමාණ ගොවි ජනතාව දැඩි පීඩනයකට ලක් වීම ය. මේ තත්ත්වය ඇති කිරීමට අවස්ථාව ලබා දිය යුතු නැත. වන සංරක්ෂණ ආඥා පනත, ජාතික පාරිසරික පනත, පුරාවස්තු ආඥා පනත සහ පතල් හා ඛණිජ ද්‍රව්‍ය පනත උල්ලංඝනය කරමින් මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය ඇතුළු ආයතන ඉඩම් නිර්දේශ ලබා දීම හා කැනීම් බලපත‍්‍ර නිකුත් කිරීම සිදු කර ඇත. එම ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු ව ඇති අතර වනාන්තරයට සිදු කර ඇති හානිය, හානි පූරණය කිරීමට කටයුතු කළ යුතු ව ඇත.
     
    • Like
    Reactions: hodakolla and U-tag

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇලහැර යෝධඇළ ව්‍යාපෘතිය සඳහා යන්ත්‍ර සූත්‍ර රැගෙන යෑමට අලුතින් මාර්ගයක් හා පාලමක් ඉදිකිරීමට යෑමේදී වසර 200 ක් පමණ පැරණි කුඹුක් ගස් ඇතුළු ගස් රැසක් කපා ඉවත් කර තිබෙනවා. ප්‍රදේශවාසින් පවසන්නේ රක්ෂිතය තුළ තවත් ශාඛ 2,000ක් පමණ කපා දැමීම සඳහා අංක යොදා සලකුණු කර ඇති ආකාරය දක්නට ලැබෙන බවයි. වෙලන්, මොර, කෝන්, කුඹුක් ඇතුළු වටිනා ශාඛ රැසක් මේ වනවිටත් කපා දමා රැගෙන යෑම සඳහා සුදානම්කර ඇති ආකාර දැකගත හැකි වනවා.
    ගම්වාසීන් පෙන්වා දෙන්නේ පැරණි පාලම අලුත්වැඩියා කළේ නම් මෙවැනි පරිසර විනාශයක් සිදු නොකර යන්ත්‍ර සූත්‍ර ගෙන යෑමට මාර්ගය සකසා ගතහැකි බවයි. මෙම ගස් කැපීම සිදුවී ඇත්තේ ඇලහැර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ දියබෙදුම කෝඳුරුවාව ප්‍රදේශයේය.
    මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය යටතේ වැඩ ආරම්භකර ඇති ඉහළ ඇලහැර ව්‍යාපෘතිය සඳහා යන්ත්‍ර සූත්‍ර රැගෙන යෑම සඳහා මෙම මාර්ගයක් හා පාලමක් ඉදිකිරිමට ව්‍යාපෘතිය භාර නිලධාරින් කටයුතුකර තිබෙනවා.
     
    • Like
    Reactions: hodakolla

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    161814788_294935222046101_2470048100239470550_n.jpg
     
    • Like
    Reactions: hodakolla

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    nandare danne naha karanne monawada, kiyanne monawada kiyala. appiriyai un kohomath america wata panala yanna balagena inna paulakne... ithin mehe sampath puluwan tharam hooragena kala paraduna dawasata airport eken eheta. ilangata ena unuth muta daduwam karai kiyala hithanawanam ekath wihiluwak. mokada mun gawa dana watila inna un edata baleta ena ekata gathi kam karala berenawa... oya krame thiyanakam rate minissu sadaa anathai.
     
    • Like
    Reactions: hodakolla

    Similar threads