The Bellagio කියන්නේ කැසිනෝහලක්. ඒ වුණාට එය වෙනස්. මේ කැසිනෝහල සාමාන්‍යයෙන් වැඩිපුර චීන, ඉන්දීය ජාතියක්න්ගෙන් හා කම්මැලි පෙනුම ඇති ගනිකාවන්ගෙන් පිරුණු, එළිය කරන ලද විශාල තනි ශාලාවක්.
බ්ලැක්ජැක් හෝ පෝකර් ගහන්න දන්නවානම් ඔබට එහිදී යම් සතුටක් ලබන්න පුළුවන්. බීර එකක් බොන තරම් කාලයක් මෙහි රැඳුණොත් රු. 5000ක් හෝ ඊට වැඩි මුදලක් අහිමිවන්න පුළුවන්. ඔවුන් ඒ ලෙස දිනන මුදල්වලින් තමයි අපට නොමිළේ කෑම, බීම දෙන්නේ.
The Bellagio කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ කැසිනෝහල් ජාලයේ තවත් එකක්. ඔහු මේ ව්‍යාපාරය පටන් ගත්තේ පිටකොටුවේ ජැක්පොට් යන්ත්‍රවලින්. දැන් ඔහුට කැසිනෝහල් රැසක් තිබෙනවා. බැංකුවලත් සුවිසල් කොටස් හිමි ඔහු ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්. අල්ලපු වැටේ තිබෙන Beverly Street රෙදිපිළි සාප්පුවේ හිමිකරුත් ඔහුයි.
කැසිනෝහල්වල මූලික අරමුණ ඔබේ සල්ලි කඩාගන්නඑක නිසා වෙන්න ඇති, ඒවායේ සේවාවන් මෙතරම්විශිෂ්ට. ඒවායේ වාහන නැවැත්වීමේ හොඳ පහසුකම් තිබෙනවා. හැමතැනම වේටර්වරු, පිළිගැනීමේ කවුන්ටරයේ මිත්‍රශීලී සේවකයෝ ආදිය ඉන්නවා.
හුඟක් කැසිනෝහල් විදේශිකයන්ට පමණයි. ඒත් බෙලාජියෝහි ඒ නීතිය නැහැ. ඇඳුම් අඳින සරළ පිළිවෙලක් තිබෙනවා. මම කොට කලිසම් හා සෙරෙප්පු ඇඳගෙන එහි ගියාම ඔවුන් මට අලුත්ම වගේ දිග කලිසමකුත්, පිළිවෙලක පාවහනුත් දුන්නා. ඔවුන් මට පිංතූරයක් ගන්නත් දුන්නා. ඒ තමයි, මේ ස්ථානයේ අප සතු එකම පිංතූරය. ඒ නිසා මම වචනවලින් පිංතූරයක් අඳින්නම්.
දුම්වැටි හා එළිය
ඔබ ඇතුල්වන්නේ සිගරට් දුමින් හා එළියෙන් පිරුණු කාමරයකට. ගනුදෙනුකරුවෝ වැඩිදෙනෙක් චීන ජාතිකයෝ. ඇතැමෙක් ඉන්දියානුවෝ. පිටුපස ලාංකිකයෝ කීපදෙනෙක් පෝකර් සෙල්ලම් කළා. ෂැම්පේන් වැනි යමක් කිසිවකු ඔබේ අතට දෙනවා. ඒ හොඳ වයින් වීදුරුවක්. කෑම, බීම විතරක් නොවෙයි, මෙහි දුම්වැටිත් නොමිළේ, හැබැයි ඔබ දිගටම සෙල්ලම් කරනවානම්. රූලට්
රූලට් මේසයේදී ඔබ උඩ පනින පන්දුවලට අහම්බෙන් ඔට්ටු තබනවා. හදිසියේවත් ඔබේ පන්දුව දිනුවොත් ඔබට එකට 35ක් සල්ලි ලැබෙනවා. රු. 1000ට 35,000ක්. එය සිදුවන්නේ ඉතා කලාතුරකින්. බෝලයේ පාටට තැබූ ඔට්ටුව දිනුවොත් දෙගුණයක් සල්ලි. රූලට්වලින් දිනන එක ලේසි නැහැ. ඒත්, රුපියල් පනහක් වගේ සුළුමුදලක් වුණත් ඔට්ටු අල්ලන්න පුළුවන්.
බ්ලැක්ජැක්
තව ටිකක් ඇතුළට යනකොට තිබෙනවා බ්ලැක්ජැක් මේස තුනක්. මේ තුනේ අවම ඔට්ටුව පිළිවෙලින් රු. 500, රු. 1000 හා රු. 2000. රු. 500 මේසය සෙනගින් පිරිලා. මේ කාඩ් ක්‍රීඩාවේදීත් ඔබ පරදින්න තිබෙන ඉඩ වැඩියි. ක්‍රීඩාව කරන්නනම් ලේසියි.
පෝකර්
තවත් ඇතුළට යනවිට පෝකර් කාමරයක් තිබෙනවා. එය ගොඩක් හිස්. ශ්‍රී ලාංකිකයන් සෙල්ලම් කරමින් සිටියේ එහියි. අන්තර්ජාලය හරහා මේ ක්‍රීඩාව කරන මෝරුත් ඉන්නවා. ඔබ හාල්මැස්සෙක්. ඒත්, මෙය මිතුරන් සමග කරන්න හොඳ ක්‍රීඩාවක්. ඔවුන් Baccarat, Mini Flushවැනි ක්‍රීඩාත් පිරිනමනවා.
වාතාවරණය
The Bellagio දුමින් පිරි, දීප්තිමත් ආලෝකයෙන් යුත් පහත් මට්ටමේ තැනක්. එතරම් ප්‍රසන්න තැනක් නෙමෙයි. කෙතරම් අලංකාර කරන්න උත්සාහ කළත් මේ වනාහි පැරදුණු, දොම්නස් මිනිසුන්ගෙන් පිරුණු සූදුපිටියක්. දිගින් දිගට වැඩ කර වෙහෙසට පත්, එල්ලා වැටුණු මුහුණු සහිත ගනිකාවන් තමයි දුක්ඛිතම දර්ශනය.
කෑම
සෙල්ලම් කරනවානම් කෑම, බීම නොමිළේ. කෑමවල විශේෂත්වයක් නැහැ. බාලම මත්පැන් වර්ග. ඒත්, කවුරුවත් ඒ ගැන සැලකිලිමත්බවක් පේන්නේ නැහැ. උඩ තට්ටුවේ බුෆේ එකක්. හැම තැනම ඇස් දල්වාගෙන බලාඉන්න අය ඉන්න නිසා නිකම් කන්න බලාගෙනනම් එහි යන්න එපා.
අපි සෙල්ලම් කළේ නැහැ. ඒත් ඔවුන් අපට ආචාරශීලී වුණා. හැබැයි, අපි පිළිගැනීමේ පානය හැර වෙන කිසි අහරක් ගත්තේ නැහැ.
නිර්දේශ
ඔබ සූදුවට ලොල්නම්, නයිට් ක්ලබ් එකකදී වෙනුවට මෙහිදී රු. 10,000ක් අහිමිකරගන්න කැමතිනම් මෙතන හොඳ තැනක්. මෙතැන හැම ක්‍රීඩාවක්ම තිබෙනවා. ඒත්, සිය වැටුප නාස්ති කරන චීන ඉදිකිරීම් ශ්‍රමිකයන් බහුතරයකගෙන් සමන්විත, දුමින් පිරි කාමරයට වඩා, අපි නිර්දේශ කරන්නේ මිතුරු ක්‍රීඩා. කරන දේ දන්නවානේ. මුදල් පරදිනබව දැනගෙන පසුතැවෙන්නේ නැතිව වාසනාව උරගාබලන්න. එහෙම සතුටුවන්න අකැමැතිනම්, බලන්න යන්න හොඳ දොම්නස්සහගත තැනක්. ඒත් නිතර යන්න සුදුසු තැනක්නම් නොවෙයි.
Last edited:


එක එකා ඉරිසියාවට ලියපු කතා ඕක ලියපු එකා වැස්සකටවත් ගොඩවෙලා නෑ. එළියෙන් බලල හිතල පෝස්ට් දානව. නොදන්න උන්ට ඉතිං ගොඩයට මැජික් වගේ තමා බන්. SL casino club එකක් කියන්නෙ ගණිකාවො බැහැල ඉන්න තැනක් නම් නෙමේ.. club එකෙන් කරවන ගණිකාවො ටිකක් තමා ඉන්නෙ. ඒත් උන්ගෙත් ප්‍රධාන රස්සාව ලිංගික සේවය නෙමේ. 