කැසිනෝ ව්‍යාපෘතිය ඉදිරියටම
මෑතකදී බලයට පත්වූ නව රජය විසින් කැසිනෝ තහනම් කරනු ලැබුවද අමෙරිකානු ඩොලර් මිලියන 850ක වියදමින් ආරම්භ කළ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක බව ජෝන් කීල්ස් සමාගම පවසයි.
එහි සභාපති සුසන්ත රත්නායක මහතා “බ්ලුම්බර්ග්” පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක‍්වෙමින් පවසා ඇත්තේ අදාළ ව්‍යාපෘතිය සඳහා ණය ලබාදීමට බොහෝ පිරිසක් කැමැත්ත පළ කර ඇති බවයි.
ජෝන් කීල්ස් යනු වරාය, බැංකු, සංචාරක, හෝටල් ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ ආයතන රැසක් සමග කටයුතු කරන විවිධාංගිකරණයට ලක්වූ ව්‍යාපාරික සමාගමකි.
මෙම සමාගම කොළඹ කේන්ද්‍ර කරගනිමින් සිය මෙහෙයුම් කටයුතු සිදුකරයි.
ජෝන් කීල්ස් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 850ක වියදමින් ආරම්භ කර ඇති මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය තුළ සංචාරක ව්‍යාපාරය ඔස්සේ වැඩි වැඩියෙන් විදේශ විනිමය ඉපයීමට අපේක්ෂිතය.
කෙසේ වුවද වත්මන් රජය බලයට පත්වීමට පෙර සිටම කැසිනෝ ව්‍යාපෘති සඳහා ඉඩ නොදෙන බව අවධාරණය කර තිබිණ.