ශාරුක් ඛාන් අගෝස්තුවේ ලංකාවට
ඉන්දීය සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන්, 2025 අගෝස්තු 2 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ඔහුගේ මෙම විශේෂ සංචාරයේ අරමුණ වන්නේ කොළඹදී විවෘත කිරීමට නියමිත City of Dreams කැසිනෝ ශාලාව සහ එහි අවසන් අදියර විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමයි.
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (JKH) සහ ලෝක ප්‍රකට Melco Resorts & Entertainment සමාගම එක්ව සිදු කළ මෙම දැවැන්ත ව්‍යාපෘතිය, දකුණු ආසියාවේ විශාලතම ඒකාබද්ධ සංචාරක නිකේතනයක නිමැවුමක් ලෙස සැලකෙයි.
පෞද්ගලික අංශයේ දැවැත්ත ආයෝජනයක් වන මෙය, ශ්‍රී ලංකාවේ මෙතෙක් සංචාරක සහ විනෝදාස්වාද කර්මාන්තයේ සිදු වූ විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ලෙසද හැඳින්වෙයි.
මෙම ව්‍යාපෘතියට Cinnamon Life (කාමර 687) සහ අති සුඛෝපභෝගී Nüwa (කාමර 113) හෝටල්, ජාත්‍යන්තර මට්ටමේ මහා පරිමාණ කැසිනෝ ශාලාවක්, සුපිරි සාප්පු සංකීර්ණයක් සහ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන (MICE) පහසුකම් ඇතුළත් වේ.
Cinnamon Life හෝටලය දැනටමත් විවෘත කර ඇති අතර, කැසිනෝ ශාලාව සහ Nüwa හෝටලය ඇතුළු අවසාන අදියර අගෝස්තු 2 වන දින විවෘත කිරීමට නියමිතයි.
