කැළණි_විහාරය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
රනිල්ගේ ඉතිහාසය හා කැළණි විහාරය.




රනිල්ගේ මව වන නාලනී විජයවර්ධනගේ පරම්පරාවේ අක්මුල් දෙවැනි රාජසිංහ රජ සමය දක්වා විහිදෙන බව ජාතික ‍ලේඛනාගාරයේ අධිපතියා විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ‍පොතක සඳහන් වේ. මේ ‍පොතේ හැටියට රාජසිංහ රජුගේ හමුදාවේ හුන් රණූශූරයකු වූයේ තෙන්නකෝන් මද්දුම රාළය. ඔහුගේ පුතා වූ තෙන්නකෝන් අප්පුහාමි සබරගමුවේ මහ දිසාව විය. කළුතර තුඩුගල පරම්පරාව පැවැත එන්නේ තෙන්නකෝන් අප්පුහාමිගෙනි. තුඩුගල පරම්පරාවේ මෑතකාලීන කැපී පෙනෙන චරිතය වූයේ දොන් පිලිප් තුඩුගලය. නෑකමේ හැටියට දොන් පිලිප් විජයවර්ධන වූ කලී රනිල්ගේ මුත්තාය.
රනිල්ගේ මව වන නාලනී විජයවර්ධන වූ කලී දොන් පිලිප් විජයවර්ධනගේ හා කැලණි රජමහා විහාරයේ නූතන ප‍්‍රබෝධයේ මහෝපාසිකාව වූ හෙ‍ලේනා ඩෙප් වීරසිංහගේ කීර්තිමත් පුත‍්‍රරත්නයක් වූ ඞී.ආර්. විජයවර්ධනගේ දියණියකි.



අරනෝලිස් ඩැප් වීරසිංහ පියාටත් ඩෝනා නැලා රණසිංහ සේවික්‍රම මෑණියන්ටත් දා ව උපන් දියණිය හෙලේනා නම් විය. හෙලේනාගේ පවුලේ උදවිය බෞද්ධයෝ නොවූ නමුත් බුදු දහම කෙරෙහි සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ අය වූහ. ඇගේ ඥාතිවරයෙකු බුදු දහම පිළිබඳ ලියැවුණු පොත පත කියවන්නට නැඹුරුව සිටියේ ය. වයසින් වැඩෙත්ම හෙලේනා ද ඒ පොත් පත් පරිශීලනය කළා ය.
පැහැදුණු සිත් ඇති හෙලේනා සෑම දිනකම තමන්ගේ ගෙදරින් සේපාලිකා වට්ටියක් කුප්පියා වත්තේ රජසේකරාරාමයට යවන්නටත් හුරු වූවා ය. වයසින් වැඩුණු පසු ඈ විවාහ වූයේ උඩුගල තෙන්නකෝන් මුදියන්සේලාගේ දොන් පිලිප් විජේවර්ධන මුහන්දිරම් සමඟිනි. එවකට ඇය සොළොස්විය සපුරා තිබුණා පමණි.


කෙසේ නමුදු ඇයගේ ස්වාමිපුරුෂයා කැලණි විහාරස්ථානයේ ප්‍රධාන දායකවරයෙකි. 1888 වසරේ දිනක් පසළොස්වක දා ඇය සැමියා සමඟින් විහාරස්ථානයට ගියා ය. එවිට දුටුවේ හද කකියවන දසුනකි. එදා මහ වැසි ඇද හැලුණු දවසක් වූයෙන්, විහාරස්ථානයේ පොළොව තෙතබරිතව දෙනෝදාහක් දෙනාගේ පයට පෑගී මඩ ගොහොරුවක් වී තිබුණි. මේ දුටු හෙලේනා මීට පිළියමක් කල්පනා කළා ය. ඇය තමන්ගේ වියදමෙන් කැලණි විහාර ගෙයි බිම ගඩොල් අල්ලා ප්‍රතිසංස්කරණය කළා ය. අදටත් විහාර ගෙය දොරටුව අසල පුවරුවේ HDW - 25-5-1888 ලෙස සඳහන් ව ඇති අයුරු දක්නට ලැබෙයි. එපමණක් නොව ධනයත් ශ්‍රමයත් කැප කරමින් ආගමික සමාජයීය සත් කාර්යයන් රැසක් ඉටු කළා ය.


හෙලේනා - පිලිප් යුවළට පුතුන් සත් දෙනෙක් හා දූවරුන් දෙදෙනෙක් උපන්නාහ. හෙලේනා මහත්මියට වයස අවුරුදු 38 වෙද්දී ස්වාමිපුරුෂයා අභාවප්‍රාප්ත විය. එහෙත් ඇය ස්වාමිපුරුෂයාගේ සමාජයීය සත්කාර්යයන් ද පවුලේ බර ද කරට ගනිමින් සියල්ල නොපිරිහෙලා ඉටු කළා ය. 1888 වසරේ දී ආරම්භ කළ කැලණි විහාර ප්‍රතිසංස්කරණය ඇය තව දුරටත් ව්‍යාප්ත කළා ය. කෙටියෙන් ම කීවොත් කැලණි විහාර වංශයේ හෙලේනා විජයවර්ධන යුගය උදා වූයේ 1888 පටන් ය. විහාරගෙයි බිම පිළිසකර කළා පමණක් නොව කිරිගරුඬ පූජාසනයක් කරවා 1902 ජනවාරි 23දා පූජා කළා ය. එතෙකින් නොපැවති නව ප්‍රතිමා මන්දිරයට මුල්ගල් තැබුවා ය. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිහිපත් කරමින් පවත්වනු ලබන කැලණි දුරුතු මහා පෙරහැර ද ආරම්භ කළේ 1927දී හෙලේනා මැතිනියගේ ප්‍රධානත්වයෙනි. එතෙකින් ද නොනැවතුණු මේ සැදැහැවත් මාතාව කැලණි විහාරස්ථානයේ අනාගත සුබ සිද්ධියට හා තුන්වේලේ තේවා හේවිසි ආදී බුද්ධ පූජා පැවැත්වීමට කලා වැවේ අක්කර 250ක සරු කෙතක් පූජා කළා ය. එසේම කැලණියේ ප්‍රචලිත බිතුසිතුවම් ඇඳීමට සෝලියස් මැන්දිස් නම් වූ අපූර්වතර කලාකරුවාට අනුග්‍රහය සපයා දුන්නේ හෙලේනා විජේවර්ධන මැතිනියයි.


කැලණි විහාරයේ පුනර්ජීවනය පිළිබඳ සඳහන් වන නාමයන් අතර කීර්ති ශ්‍රී රාජසිංහ නාමයත් දෙහිගස්පේ අත්ථදස්සී හිමියන්ගේ නාමයත් ඉදිරියෙන් ම ඇති නමුත් නූතන පුනර්ජීවනයේ නාමය හිමිවන්නේ හෙලේනා මැතිනිටයි.
කැලණි විහාරයේ සුබ සිද්ධිය පමණක් නොව, සේද වත්තේ වෙහෙර ගොඩැල්ලේ විහාරස්ථානයේ දියුණුවටත් ඇය උපකාර කළා ය. භික්ෂූණ් වහන්සේලාට සිව්පසයෙන් සත්කාර කරමින් විජයවර්ධන පරපුරේ සිරිත් කඩ නොකොට රැක ගත්තා ය. කැලණි ගඟ දෙගොඩ තලා පළාතේ වැසියන්ට උන්හිටි තැන් අහිමි වෙද්දී ඉදුම් හිටුම් ආහාර පාන ලබා දීමටත් ඇය පෙළඹුණා ය. බාල කාලයේ දී ඉංග්‍රීසි භාෂාවත් මැහුම් ගෙතුම් ආදියත් ඇයට පුහුණු කළ බර්ගර් ජාතික ලුසී වැනට් හා ජේන් වැනට් යන ගුරුවරියන්ට මහලු වූ පසු ඇය උපස්ථාන කළා ය. ආගමික, සාමාජික මෙහෙවරන් රැසක නියැළුණු ඇය තම දුවා දරුවන් ද සමාජයේ දක්ෂයන් බවට පත් කළා ය. ඇයගේ තෙවැනි පුතු වූ දොන් රිචඩ් විජයවර්ධන මහතා ලේක් හවුස් ආයතනය ස්ථාපිත කිරීමෙන් ලක්දිව ලේක හවුස් ආයතනය ස්ථාපිත කිරීමෙන් ලක්දිව පුවත්පත් කලාව නව මගකට යොමු කළේ ය. හෙලේනා විජයවර්ධන මැතිනිය මොලොවින් සමු ගෙන කල්ගත වූවත් අදටත් ‘‘කැලණියේ විශාකාව” ලෙස ප්‍රචලිතයි