කැළෑ_පත්තර සහ මාධ්‍ය කඩ..

shenat

Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    කැළෑ_පත්තර සහ මාධ්‍ය කඩ..

    මම මේක කලින් දවසකත් දාන්න හදලා ඒත් ඕන නෑ කියල නොදා හිටිය.ඒත් දැන් නං මේ ගැන දැනුවත් කිරීමක් කරන්නම වෙලා තියෙනවා.එහෙම කරේ නැත්නම් මේ තුප්පහි,අමන අවජාතක ඊනියා මාධ්‍ය කාරයො කිහිපදෙනෙක්/ඊනියා මාධ්‍ය ආයතන කීපයක් (හැමෝම නෙමෙයි) නිසා , අපිට ලොකු අසාධාරණයක් සිද්ද වෙන්නෙ..

    තවත් දෙයක් මේ සිද්දියෙදි මට දැකගන්න පුලුවන් උනා.ජාතික/ජාතියට වගකියනවා යයි කියාගන්නා මාධ්‍ය කඩවල් වලට වඩා "ගොසිප්" sites වල පළවුණු තොරතුරු වඩා නිවැරදියි කියන දේ..

    සිද්දිය තමයි මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවුණ ගැටුම

    දැන් සති 2 කට කලින්(01 වෙනිදා ) තමයි මේ ගැටුම සිද්දවුනේ.එදත් මේ කියන සමහර මාධ්‍ය මේක වාර්තා කරේ වැරදියට..කිසිම කරුනු සොයාබැලීමකින් තොරව තමන්ට හිතුනු දේ පලකිරීමක් වගෙයි වෙලා තිබුනෙ..ඇත්ත වශයෙන්ම සිදුවුන සිද්දිය කනපිට ගහල කිව්වෙ..
    දැන් ආපහු ඊයෙත් ගැටුමක් ඇතිවෙලා.. ගැටුමක් කිව්වට මේක ගැටුමක් නෙමෙයි..නිරායුද ඉන්ජිනේරු සිසුන් කීපදෙනෙක් ව වටකරල කඩු,කිනිසි,පොලු,පෙට්‍රල් බෝම්බ පවා අරන් අමානුශික විදියට පහරදීල තියෙනව.. ඒකත් සමහර මාධ්‍ය වාර්තා කරල තිබුනෙ කනපිට ගහල.. ඒව ඇහුවම තේරෙන්නෙ ඉන්ජිනේරු පීඨ සිසුන් අයට ගැහුව වගේ.. තුවාල ලබපු ඉන්ජිනේරු පීඨ සිසුන් 6 දෙනෙක් සහ බරපතල විදියට තුවාල ලබපු ඉන්ජිනේරු පීඨ සිසුවෙක් තවමත් දැඩි සත්කාර ඒකකයෙ ප්‍රතිකාර ලබනව..

    නෙත් fm(ඊයෙ සිද්දිය) ,the island,දිවයින(01 වෙනිද සිද්දිය) මේ ඔක්කොම පුවත් විකෘති කරලයි දාලා තිබුනෙ.. මේවට කැළෑ පත්තර,මාධ්‍ය කඩ නොකිය වෙන මොනව කියන්නද..??

    සිද්දිය ගැන නිවැරදි වාර්තාවක් තිබුනෙ 9 කියන එකේ.. මෙන්න ඒක..()

    gossip9

    h t t p://w w w. g ossip9 . c o m/2013/01/b l o g-post_2719 . h t m l

    ස්වර්ණවාහිනි, නෙත් fm අඩුමගානෙ ndt කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ.. ඒ අය වාර්තා කරේ ඉන්ජිනේරු පීඨ සිසුන් සහ ndt පීඨ සිසුන් කියල.. ndt කියන්නෙ පීඨයක් නෙමෙයි.අඩුමාගනෙ ඒකවත් හරියට දන්නෙ නැති අයගෙ පුවත් වාර්තා කිරීම ගැන තව කවර කතාද..
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    දිනය: 2013.01.16
    වේලාව: ප.ව 11.00-11.30
    ස්ථානය: මොරටුව විශ්ව විද්‍යාලය, ප්‍රධාන පිවිසුම අසල.
    එක්තරා සිදුවීමක්....

    සිසුන් තිදෙනෙක් තවත් සිසුවකු ඔසවාගෙන ඉදිරිපස ගේට්ටුව වෙත දිව එයි. ඔවුන් පිටුපසින් තවත් 20ක් පමණ දඬු මුගුරු ඔසවාගෙන දිව එයි. ගේට්ටුව වසා ඇත, ඔසවාගෙන එනු ලැබූ සිසුවාද සමග අනෙක් තිදෙනාට ගේට්ටුව උඩින් පැනීමට හැකියාවක් නැත. ඔවුන් ගේට්ටුව අසල ඔසවාගෙන සිටින සිසුවාව බිම තබයි. පොලු මුගුරු සේනාව ඔවුන් වෙත පැමිණෙයි.
    "ගහන්න එපා බං, මූට හොඳටම අමාරුයි..අපි මූව වාහනේකට දාලා අපි අයෙත් එන්නම්, ඊට පස්සේ අපිට ගහපන්" ඔවුනි තිදෙනා මුහුනු බැඳගත් පොලු මුගුරන්ගෙන් ඉල්ලයි.

    "අඩෝ තොපි B.Sc පො** හු**** ******************** ***** අ***** ***** ****, අද තොපිලව මරණව යකෝ.." සිහියක් නොමැති සගයා බිම සිටියදී, පොලු මුගුරු සේනාව අනෙක් තිදෙනාට නොසෑහෙන්න පහර දෙයි...පොලීසිය ගේට්ටුව අනෙක් පස බලා සිටී. ඔවුන්ට පහරදී පොලු මුගුරු සේනාව හුරේ දමයි "NDT! NDT !! NDT!!!"

    තවත් එක්තරා සිදුවීමක්..
    මුහුනු වසාගත් පොලු මුගුරු රැගත් 100ක් පමණ උඩුකය නිරුවත් තවත් සිසුවකුව බෙල්ලෙන් අල්ලාගෙන ගේට්ටුව ඉදිරිපස දණගස්වයි... "අඩෝ B.Sc පො** හු*** පු**, තොපේ චන්ඩි ඉන්නවනම් වරෙන් යකෝ මූව බේරගන්න" කියමින් අර සිසුවාට වරින් වර පහර දෙයි. පොලීසිය බලා සිටියි.
    "සර්, අරෙහෙම තිරිසනෙක්ට වගේ ගහද්දි බලං ඉන්න පුලුවන්ද සර් මනුස්සයෙක්ට" කියමින් ප්‍රදේශ වාසීන් කිහිප දෙනෙක් ඇතුළට ගල් ප්‍රහාර එල්ල කරයි. පොලීසිය ඔවුන් එලවා දමයි.

    දැනගැනීම සඳහාය....
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    h t t p://w w w . gossip9. com/2013/01/bl og-post_6091.h t ml#more

    මොරටුව ගැටුමේ නොදුටු පැත්ත

    මනුෂත්වයට සහ සරසවි සංස්කෘතියට මහත් අපකීර්තිමත් කැළලක් එකතු කරමින් ඊයේ රාත්‍රියේ මොරටුව විශ්වවිද්‍යාලය තුල ජාතික තාක්ෂණ ආයතන (NDT) සිසුහුන් සිදුකල පහරදීම හේතුකොටගෙන මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජීනේරු පීඨයේ සිසුන් ඔවුන්ගේ සරසවියතුල ඉගනීමට අයිතිය අහිමිව අවතැන්ව සිටියි.

    මේ වනවිටත් පහරකෑමට ලක්ව බරපතල තත්ත්වයේ පසුවන සිසුන් තිදෙනෙකු කළුබෝවිල සහ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර එකකවල ප්‍රතිකාර ලබයි.

    මේ අතරින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සිසුවා සැත්කම් කිහිපයකට භාජනයකර තිබෙන අතර හිස අභ්‍යන්තරයට රුධිරය වහනයවීම හේතුකොටගෙන ඔහුගේ ජීවිතය ඉතා අවදානම් සහිත තත්වයකකට පත්ව තිබේ.(දිනකට 21,000 මුදලක් බාහිරින් බෙහෙත් ගැනීම සඳහා වැයවන බව වෛද්‍යවරු පවසයි)

    තරුණ කොටස් අතර ක්ෂණික අවේගයන්මත ගැටුම් ඇතිවීම සුලබ නමුත් මෙම ගැටුම එලෙස දැක්විය නොහැක. සංවිධානත්මක අපරාධ / ත්‍රස්තක්‍රියා ගණයට අයත් මෙවැනි ගැටුම් සමස්ත සමාජයටම තර්ජනයකි.

    ගැටුමට තුඩුදුන් මෝටර් සයිකල් ගැටුමේ නොදත් පැත්ත

    NDT සිසුන්ගේ ශිෂ්‍ය සංගමය තුල නායකයන් දෙදෙනෙකු සිටියි. එයින් එක අයෙක් සමාජය ඉදිරියේ පෙනීසිටින අතර අනෙක් පුද්ගලයා කවුරුන්ද යන්න සමාජය නොදනියි. ශිෂ්‍ය සංගමයට අයත් සියලුම වැදගත් තීරණ මෙම අප්‍රසිද්ධ නායකයාගේ අනුදැනුම මත සිදුවන අතර ඔහු ජනතා විමුක්ති පෙරමුණ සමග ඍජු සම්බන්ධතා පවත්වන බව වාර්තාවේ. ඔහු කිසිවිට NDT සිසුන්ට පරාජය අත්වනසේ ගැටුමකට පිවිසීම සිදුනොකරයි.මක්නිසාදයත් පරාජය විනම් එය තුලින් තම සංගමයට අපකීර්තියක් වන බවිනි.

    එහෙත් මිට සති දෙකකට පමණ පෙර යතුරු පැදියකට අදාලව සිදුවූ ගැටුම ඉහතකි කුප්‍රකට නායකයා මෙහෙයවූ අතර ඒ තුලින් NDT සිසුන් හට පරාජය අත්විය. බොහෝ NDT සිසුන් විශ්වාස කලේ තම ශිෂ්‍ය සංගමය තුල සමගිය නොමතිවීම් සහ පිරිස් බලය මදිවීම් හේතුකොටගෙන මෙලෙස තමන්හට පහර කෑමට සිදුවූ බවයි.

    එහෙත් ඉහතකි කුප්‍රකට නායකයාගේ ස්වභාවය දන්නා අප වෙත තොරතුරු සපයන NDT හි අභ්‍යන්තර ආරංචි මාර්ගයක් හෙළිකර සිටියේ කුප්‍රකට නායකයා එම ගැටුම පරදින බව දැන දැනම ගැටුම මෙහෙයවූ බවයි. NDT ශිෂ්‍යයනට සිදුවූ පරාජයවීම තුලින් ඉංජීනේරු සිසුන් නමැති පොදු සතුරෙක් නිර්මාණය කිරීමට ඔහුට හැකිවූ අතර එතුලින් සියළු සිසුන් නැවතත් තම ශිෂ්‍ය සංගමය කෙරෙහි නැඹුරු කොටගෙන සිසුන් තුලින් ගිලිහි යන අවධනය නැවතත් ලබාගැනීමට සමත් විය.

    NDT සිසුන් තුලින් රැග් විරෝදී වෙනම කණ්ඩායමක් වර්ධනය වෙමින් පවතින අතර එම සිසුන් මෙම පොදු සතුරා යොදාගනිමින් තම ශිෂ්‍ය සංගමය වෙත නැඹුරු කරගැනීමට මෙම සටනේදී ඔවුන් දැඩි උත්සාහයක යෙදී ඇත.කෙසේ වෙතත් රැග් විරෝදී සිසුන් මෙම පහරදීමට සම්බන්ධවී නොමැත.

    එම ඒකරාශී කිරීමේ ප්‍රතිපලයක් ලෙස ඔහුට මෙම ගැටුම සඳහා වසර තුනක NDT සිසුන්, දැනට රැකියා කරන ඉකුත් වසරවල සිසුන් සහ මුදල් ගෙවූ දාමරිකයන් සම්බන්ද කරගැනීමට හැකිවිය. සති දෙකක් පුරාවට මේ ගැටුම් සඳහා සංවිධානය වී තිබෙන මොවුන් මෙම ගැටුමේදී ඔත්තු බැලීම, ඉදිරිපස සහ පිටුපස පිවිසීම් අවහිර කරමින් සටන් වැදීම, තාප්පය මුරකිරිම, පිරිමි නේවාසිකාඝාර වලට පහරදීම සහ කාන්තා නේවාසිකාඝාර වලට පහරදීම වෙන් වෙන් වශයෙන් කණ්ඩායම් යොදා සිදුකර තිබේ.

    කොපමන ගැටුම් සිදුවුවද , කොපමණ ලේ වැගිරුනද දශකයකට ආසන කාලයක් පවතින මෙම ගැටුමට බලධාරීන්ගේ අවධානය යොමුවන බවක් පෙනෙන්නට නොමැත.

    කෙසේ වෙතත් යාපනය විශ්වවිද්‍යාලය තුල LTTE ත්‍රස්තවාදීන්ගේ වර්ධනය මැඩලීම සඳහා හමුදාව සිදුකළ මෙහෙයුමට එරෙහිව පෙළ ගැසුන FUTA ආචාර්ය්‍යවරුන්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය,මාධ්‍යය සහ NGO ක්‍රියාකාරිකයන් මෙම ගැටුම හමුවේ නිහැඬි පිළිවෙතක් අනුගමනය කරයි.

    එහෙත් ගොසිප් 9 අප මෙම ගැටුම මෙහෙයවූ සහ සම්බන්ධවූ පිරිස් පිලිබඳ තොරතුරු සහ චායාරුප අනාගතයේදී හෙළිකිරීමට අපේක්ෂා කරයි.

    පෙට්‍රල් බෝම්බ යොදාගෙන තිබු අයුරු

    Gossip9+NDT+31.JPG


    Gossip9+NDT+33.JPG


    Gossip9+NDT+30.JPG


    Gossip9+NDT+35.JPG



    විභාගය සඳහා පාඩම් කරමින් සිටි සිසුන්ට පහරදී තිබෙන අයුරු

    Gossip9+NDT+24.JPG


    Gossip9+NDT+12.jpg


    Gossip9+NDT+27.JPG


    Gossip9+NDT+7.jpg


    කඩු යොදා දොරවල් විනාශකොට සැඟවසිටි සිසුන්ට පහරදී තිබු අයුරු

    Gossip9+NDT+25.JPG


    Gossip9+NDT+28.JPG


    Gossip9+NDT+23.JPG


    විශ්වවිද්‍යාලයේ දේපල විනාශකොට තිබෙන අයුරු

    Gossip9+NDT+10.jpg


    Gossip9+NDT+1.jpg


    Gossip9+NDT+11.jpg


    Gossip9+NDT+13.jpg


    Gossip9+NDT+14.jpg


    Gossip9+NDT+15.jpg


    Gossip9+NDT+17.jpg


    Gossip9+NDT+2.jpg


    Gossip9+NDT+20.jpg


    Gossip9+NDT+21.jpg


    Gossip9+NDT+3.jpg


    Gossip9+NDT+5.jpg


    Gossip9+NDT+8.jpg


    Gossip9+NDT+9.jpg





    Gossip9+NDT+32.JPG
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    දැන් මුන් ලියන්නේ ඇත්ත නෙවෙයි
    මුන්ගේ දුන්න ලැප්ටොප් වලට සොෆ්ට්වෙයාර් එකක් දාල දීල තියෙන්නේ ආස්චර්යට යන්න හිත සනසන තොරතුරු විතරක් අවුට් පුට් වෙන්න
    ආයේ මුන්ට දුන්න පොලි ලස් කාර් ලෝන් වල භක්තිය තියන්න එපාය