ela machann
-|Zion|- Member Mar 5, 2012 46 2 0 Mar 6, 2012 #26 duka sinduwak! ganu lamayata hithenna athi fail una nam hodai kiyala! mage gawa oya sinduwe cd eka thibba.
duka sinduwak! ganu lamayata hithenna athi fail una nam hodai kiyala! mage gawa oya sinduwe cd eka thibba.
smother Well-known member Jan 27, 2009 19,902 1,484 113 37 Six Feet Under Mar 6, 2012 #27 මම අහල තිබ්බෙ ඉස්කොලෙ Principle ලිව්ව කියල කතාවක්..උබෙ ත්‍රේඩ් එක කියෙව්වෙ Hilight කරල
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Mar 6, 2012 #33 හරිම ආසා ගීතයක්... නිධාන කතාව කිව්වට ස්තුතියි.. රෙප්+5
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Mar 6, 2012 #38 sachiDzz said: මේ තමයි " හන්තානට පායන සඳ " ගීතයට මුල් වුනු කථාව.. ඒ පිරිමි ළමයා තමන්ගේ ආදරේ ඇගේ අනාගතය වෙනුවෙන් කැපකරනවා.. සැබෑ ආදරය සමහර විට ඒ වගේ.. ඒත් ඒ ගැහැණු ළමයා ඇයි ඒ ආදරය අහිමි කරන්න ඉඩ දුන්නේ කියන එක මටත් ප්‍රශ්ණයක්.. Click to expand... මහ මෝඩ කෙල්ලෙක් ගොඩක් කොල්ලෝ ඔහොමයි බන් උන් මුලින්ම හිතන්නෙ කෙල්ල ගැන ඒත් ගොඩක් කෙල්ලො............. මම ආසම සිංදුවක් එක ලියවුන ගැන ලියපු සිරා ත්‍රෙඩ් එකට ස්තුතී ජයවේවා
sachiDzz said: මේ තමයි " හන්තානට පායන සඳ " ගීතයට මුල් වුනු කථාව.. ඒ පිරිමි ළමයා තමන්ගේ ආදරේ ඇගේ අනාගතය වෙනුවෙන් කැපකරනවා.. සැබෑ ආදරය සමහර විට ඒ වගේ.. ඒත් ඒ ගැහැණු ළමයා ඇයි ඒ ආදරය අහිමි කරන්න ඉඩ දුන්නේ කියන එක මටත් ප්‍රශ්ණයක්.. Click to expand... මහ මෝඩ කෙල්ලෙක් ගොඩක් කොල්ලෝ ඔහොමයි බන් උන් මුලින්ම හිතන්නෙ කෙල්ල ගැන ඒත් ගොඩක් කෙල්ලො............. මම ආසම සිංදුවක් එක ලියවුන ගැන ලියපු සිරා ත්‍රෙඩ් එකට ස්තුතී ජයවේවා
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Mar 6, 2012 #39 හ්ම්.. ඔය සිංදුව නම් මම දවසට එක සැරයක් අනිවා අහනවා.. හරිම ලස්සනයි.. තරුණයෙක් සහ තරුණියක් අතරේ ආදරයක් ඇතිවෙනවා, හැබැයි ඔවුන් දෙදෙනා තවමත් පාසල් යනවා. ඔය විදියට කාලයත් එක්ක ඒ දෙන්නාගේ ආදරය ගලාගෙන යද්දි පාසල් කාලයෙත් අවසානය ටික ටික ළං වෙනවා. ඒ කියන්නේ උසස් පෙළ විභාගය ළං වෙනවා. සාමාන්‍ය විදියට දෙන්න ම විභාගය අවසන් කරලා , ඊට පස්සෙත් බොහොම ආදරණීය විදිය මේ දෙන්නා මාස කිහිපයක් ඉද්දී තමයි විරහව කියන දේ තරුණයා ට දැනෙන සිදුවීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ උසස් පෙළ ප්‍රතිඵල ඇවිත් තරුණිය පේරාදෙණිය සරසවියට තේරිලා. ඒ වුනත් තරුණයාට ඒ කියන්නේ පෙම්වතා ට සරසවි පිවිසුම අහිමි වෙලා. පෙම්වතාට දැනෙනවා ඇයයි ඔහුයි අද ඉඳන් සමාජ ස්ථර දෙකක් කියලා. මේ වෙලාවෙදි තමයි පෙම්වතා ට විරහා වේදනාව දැනෙන්නේ. ඔහුට දැනෙනවා සරසවියට ඈ ගියා ම ඔහුට ඇය ව නැතිවෙයි කියලා. සාමාන්‍යයෙන් ලස්සන තරුණියක් තනියම සරසවියට ගියා ට ඇය එළියට එන්නේ තනියම නෙවෙයි කියලා සමාජයේ තියෙන කතාව පෙම්වතා ට මතක්වෙනවා. ඒ හින්දා ම ඔහු කියනවා “මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය බලන්න” කියලා. සරසවියක් කියන්නේ එක එක විදියේ අය ගැවසෙන තැනක්. ඒ විශාල පිරිස මැද්දේ ඈ තනිවෙයි කියලා පෙම්වතා ට පුංචි බයකුත් දැනෙනවා. ඇගේ ආරක්ෂාව ගැන ඔහු ගමේ ඉඳන් ලත වෙනවා මේ විදියට “කුඩේ යටින් ඔබ යනෙනා විට එපා තනිය දැනෙන්න”. ඒ හින්දා ම පෙම්වතා ටිකක් විතර දරුණු තීරණයක් ගන්නවා. “ලතා මඬුළු අත වනාවි එපා අහක බලන්න”. ලතා මඬුළු ළඟ ඉඳන් අත වනන ප්‍රේමවන්තයන්ගෙන් කෙනෙකුට ඈ කැමති නම් ඔහු ඇයගෙන් ඉවත් වෙන්න තීරණය කරනවා මේ විදියට “මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න”. පේරාදෙණිය සරසවියයි මහවැලි ගඟයි කියන්නේ එකිනෙකට බද්ධ වුන වස්තූන් දෙකක්නේ . ඒ නිසා ම පෙම්වතියට කැමති නම් ඔහු නම් ගැන මතකය, ආදරය හැමදේම මහවැලි ගඟට සදහට ම දාන්න කියලා ඔහු ඇගෙන් ඉල්ලනවා. … පද රචකයා ගොඩක් අපූරුවට පෙම්වතාගේ විරහව අකුරු වලට ගලපලා තියෙනවා කියලා මට හිතෙනවා. ඒ වගේ ම ඇත්තට ම ඒ දෙන්නා අතරේ නියම ආදරයක් තියෙනවා නම් ඒ දෙන්නට වෙන් වෙන්න වෙන එකකුත් නැති වේවි කියලා මට හිතෙනවා, ඒත් ඔය වගේ අවස්ථා වලදී සම්බන්ධය නොබිඳී තියෙනවා මම දැකලා තියෙන්නේ නම් ගොඩක් අඩුවෙන්. ඒ කියන්නේ කෙල්ල කැම්පස් ඇවිත් කොල්ලා එලියේ ඉන්නවා නම්. ඒත් කොල්ලා කැම්පස් ඇවිත් කෙල්ල එළියේ ඉන්නවා නම් කතන්දරේ ඔයිට වඩා ටිකක් වෙනස්. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට ඒ සම්බන්ධය ස්ථාවරයි. ඒ අතරේ කැම්පස් එකේ ඉද්දි තනියට කියලා තවත් කෙල්ලෙක් එක්ක සෙට් වෙන කොල්ලොත් නැතුවා ම නෙවෙයි. අර මුලින් කිව්ව විදියට වෙන්න හේතුව අනාගතයේ ඒ දෙන්නගේ සමාජ ස්ථර අතර ඇතිවෙයි කියලා හිතන ඝට්ටනය වෙන්නෝන මම හිතන්නේ. එක අතකට දෙන්න ම කතා කරලා යාළුකමත් තියාගෙන ම සුහද ව වෙන්වෙනවා නම් ඒකත් හොඳයි නේද? ඒ කොහොම වුනත් මොන අවස්ථාවකදි වුනත් කොල්ලෝ මේ තරම් පරිත්‍යාගශීලී විය යුතු ද? මගේ මතය නම් ඔව් කියන එක. තමන්ට වඩා හොඳ කොල්ලෙක්, තමන්ගේ කෙල්ලට ලැබෙන්න යනවා නම් ඒකට තියෙන බාධාව තමන් නම් අනිවාර්යෙන් ම ඇත්තට ම කෙල්ලට ආදරේ කොල්ලෙක් කරන්නෝන කෙල්ල ගෙන් අයින් වෙන එක කියලා මම හිතනවා. ගී පද - ධම්මික බණ්ඩාර තනු - ඩෙනිස්ටර් පෙරේරා ලියලා තියෙනවා ලස්සනට නමුත් අකුරු වල පාට තමා අවුල.. ඔන්න මම කියවන්න පුළුවන් විදියට දැම්මා..
හ්ම්.. ඔය සිංදුව නම් මම දවසට එක සැරයක් අනිවා අහනවා.. හරිම ලස්සනයි.. තරුණයෙක් සහ තරුණියක් අතරේ ආදරයක් ඇතිවෙනවා, හැබැයි ඔවුන් දෙදෙනා තවමත් පාසල් යනවා. ඔය විදියට කාලයත් එක්ක ඒ දෙන්නාගේ ආදරය ගලාගෙන යද්දි පාසල් කාලයෙත් අවසානය ටික ටික ළං වෙනවා. ඒ කියන්නේ උසස් පෙළ විභාගය ළං වෙනවා. සාමාන්‍ය විදියට දෙන්න ම විභාගය අවසන් කරලා , ඊට පස්සෙත් බොහොම ආදරණීය විදිය මේ දෙන්නා මාස කිහිපයක් ඉද්දී තමයි විරහව කියන දේ තරුණයා ට දැනෙන සිදුවීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ උසස් පෙළ ප්‍රතිඵල ඇවිත් තරුණිය පේරාදෙණිය සරසවියට තේරිලා. ඒ වුනත් තරුණයාට ඒ කියන්නේ පෙම්වතා ට සරසවි පිවිසුම අහිමි වෙලා. පෙම්වතාට දැනෙනවා ඇයයි ඔහුයි අද ඉඳන් සමාජ ස්ථර දෙකක් කියලා. මේ වෙලාවෙදි තමයි පෙම්වතා ට විරහා වේදනාව දැනෙන්නේ. ඔහුට දැනෙනවා සරසවියට ඈ ගියා ම ඔහුට ඇය ව නැතිවෙයි කියලා. සාමාන්‍යයෙන් ලස්සන තරුණියක් තනියම සරසවියට ගියා ට ඇය එළියට එන්නේ තනියම නෙවෙයි කියලා සමාජයේ තියෙන කතාව පෙම්වතා ට මතක්වෙනවා. ඒ හින්දා ම ඔහු කියනවා “මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය බලන්න” කියලා. සරසවියක් කියන්නේ එක එක විදියේ අය ගැවසෙන තැනක්. ඒ විශාල පිරිස මැද්දේ ඈ තනිවෙයි කියලා පෙම්වතා ට පුංචි බයකුත් දැනෙනවා. ඇගේ ආරක්ෂාව ගැන ඔහු ගමේ ඉඳන් ලත වෙනවා මේ විදියට “කුඩේ යටින් ඔබ යනෙනා විට එපා තනිය දැනෙන්න”. ඒ හින්දා ම පෙම්වතා ටිකක් විතර දරුණු තීරණයක් ගන්නවා. “ලතා මඬුළු අත වනාවි එපා අහක බලන්න”. ලතා මඬුළු ළඟ ඉඳන් අත වනන ප්‍රේමවන්තයන්ගෙන් කෙනෙකුට ඈ කැමති නම් ඔහු ඇයගෙන් ඉවත් වෙන්න තීරණය කරනවා මේ විදියට “මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න”. පේරාදෙණිය සරසවියයි මහවැලි ගඟයි කියන්නේ එකිනෙකට බද්ධ වුන වස්තූන් දෙකක්නේ . ඒ නිසා ම පෙම්වතියට කැමති නම් ඔහු නම් ගැන මතකය, ආදරය හැමදේම මහවැලි ගඟට සදහට ම දාන්න කියලා ඔහු ඇගෙන් ඉල්ලනවා. … පද රචකයා ගොඩක් අපූරුවට පෙම්වතාගේ විරහව අකුරු වලට ගලපලා තියෙනවා කියලා මට හිතෙනවා. ඒ වගේ ම ඇත්තට ම ඒ දෙන්නා අතරේ නියම ආදරයක් තියෙනවා නම් ඒ දෙන්නට වෙන් වෙන්න වෙන එකකුත් නැති වේවි කියලා මට හිතෙනවා, ඒත් ඔය වගේ අවස්ථා වලදී සම්බන්ධය නොබිඳී තියෙනවා මම දැකලා තියෙන්නේ නම් ගොඩක් අඩුවෙන්. ඒ කියන්නේ කෙල්ල කැම්පස් ඇවිත් කොල්ලා එලියේ ඉන්නවා නම්. ඒත් කොල්ලා කැම්පස් ඇවිත් කෙල්ල එළියේ ඉන්නවා නම් කතන්දරේ ඔයිට වඩා ටිකක් වෙනස්. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට ඒ සම්බන්ධය ස්ථාවරයි. ඒ අතරේ කැම්පස් එකේ ඉද්දි තනියට කියලා තවත් කෙල්ලෙක් එක්ක සෙට් වෙන කොල්ලොත් නැතුවා ම නෙවෙයි. අර මුලින් කිව්ව විදියට වෙන්න හේතුව අනාගතයේ ඒ දෙන්නගේ සමාජ ස්ථර අතර ඇතිවෙයි කියලා හිතන ඝට්ටනය වෙන්නෝන මම හිතන්නේ. එක අතකට දෙන්න ම කතා කරලා යාළුකමත් තියාගෙන ම සුහද ව වෙන්වෙනවා නම් ඒකත් හොඳයි නේද? ඒ කොහොම වුනත් මොන අවස්ථාවකදි වුනත් කොල්ලෝ මේ තරම් පරිත්‍යාගශීලී විය යුතු ද? මගේ මතය නම් ඔව් කියන එක. තමන්ට වඩා හොඳ කොල්ලෙක්, තමන්ගේ කෙල්ලට ලැබෙන්න යනවා නම් ඒකට තියෙන බාධාව තමන් නම් අනිවාර්යෙන් ම ඇත්තට ම කෙල්ලට ආදරේ කොල්ලෙක් කරන්නෝන කෙල්ල ගෙන් අයින් වෙන එක කියලා මම හිතනවා. ගී පද - ධම්මික බණ්ඩාර තනු - ඩෙනිස්ටර් පෙරේරා ලියලා තියෙනවා ලස්සනට නමුත් අකුරු වල පාට තමා අවුල.. ඔන්න මම කියවන්න පුළුවන් විදියට දැම්මා..