කෑම_සූත්‍ර_සොයා_ගියෙමි

Jul 18, 2014
155
31
0
කෑම_සූත්‍ර_සොයා_ගියෙමි

f-11.jpg


කෑම සූත්‍ර සොයා ගියෙමි

නිදහස් මාවතේ තණ පිටිය මැදින් නිදහස් සුළඟ විඳිමින් මා මේ යන්නේ විගණකාධිපති, රස පරීක්ෂක ආදී දෙපාර්තමේන්තු නවීකරණය කර පසුගියදා විවෘත කෙරුණු ‘ආකේඩ්’ ගොඩනැගිල්ලේ පිහිටි ‘කෑම සූත්‍ර’ කෑම කඩය සොයාගෙනයි. අපේ රටින් බිහිවී බොලිවුඩය ජයගත් නිළි ජැකොලයින් ෆර්ඩිනන්ස් සහ ජපානයේ බිහි වී අපේ ආහාර රුචිය ජයගත් දර්ශන් මුණිදාස එක්ව කරන මේ රසවත් කටයුත්ත මොනවගේද කියා බලන්න ආසාවක් මටත් ඇති වුණා.

ආකේඩ් නාම පුවරුව ඇති කොටසින් ඇතුළු වී කෙළින්ම බැලු විට පෙනෙන මූර්ති සහිත දිය මලට එහායින් කළු පාට ‍විශාල උඩැක්කි ටිකක් පේලියට තියලා වගේ. එතනම ජනේලෙන් එබුණු මම එක රොත්තට සිටි සේවකයන් දිහා බලා ‘මිස්ටර් මුණිදාස’ ඉන්නේ මෙතනද? කියලා ඇහුවා.

ඉතා සුහදශිලීව දොරටුවෙන් එන්නැයි ආරාධනා කළ ඔවුන් ජපන් ඇස් දෙකක් සහ සිංහල හිනාවක් ඇති දර්ශන් මුණිදාස මහතා ළඟට මා කැඳෙව්වා.

“වාඩිවෙන්න” දෙදෙනකු සඳහා වෙන් කළ ඒ මේසයේ තිබෙන්නේ කෑම කියා ලියූ රවුම් පිඟානක් සහ සූත්‍ර කියා ලියූ හතරැස් පිඟානක්.

“සම්පූර්ණ නම දර්ශන් මුණිදාස නම් ජපානෙට සම්බන්ධ අම්මාගේ පැත්තෙන් වෙන්න ඕන?”

“ඔව්. අම්මාගේ නම නොබුකෝ”

“තාත්තා?”

“මිල්ටන් මුණිදාස. ඒ දෙන්නා එහෙදි ඇති වුණ ආදර සම්බන්ධයකින් තමයි එකතුවෙලා තියෙන්නේ.” දර්ශන් මුණිදාස මහතා‍ගේ වත මඳක් රතු වුණා.

“පවුලේ තව අය ඉන්නවද?”

“ඔව් මල්ලි කණිෂ්ක. අපි දෙන්නා ඉපදිලා තිබෙන්නේ ජපානෙදි. නංගි දූලි. එයා ලංකාවෙදි. අපි මෙහෙ ආවේ 1977දි.”


“ඒ කියන්නේ ඉස්කොලේ ගියේ මෙහෙ?”

“ඔව්. මම ගියේ සාන්ත ජෝශප් එකට. ඉගෙන ගත්තේ සිංහලෙන්.”

“ඊට පස්සේ?”

“ඇමරිකාවට ගියා. ජෝන්ස් හොෆ්කින්ස් විශ්ව විද්‍යාලයේ කොම්පියුටර් ඉංජිනියරිං සහ ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් පිළිබඳ උපාධි ගත්තා.”




s--1.jpg



“එච්චර කරලා කෑම හදන පැත්තට හැරුණේ?”



මහේල. දර්ශන්. සංගා

දර්ශන් සහ ජැකලින්
“කුසගින්න නිසා.”‍ මුහුණ හකුළුවා කියමින් ඔහු යළි සිනාසෙයි.

“මට තේරුණේ නෑ?” මම කී‍වේ කුතුහලය මුසුවූ හඬින්.

“මට කන දේ රසට කන්න ඕන. ඇමෙරිකාවේ විශ්ව විද්‍යාල‍ේදි මම කාපු කෑම මෙලෝ රහක් නෑ. ඒ නිසා මම උයන්න පටන් ගත්තා. කාලම තමයි උයන්න ඉගෙන ගත්තේ.”

මෙහෙම කියන අතර ඔහු ජපන් ජාතික අමුත්තකු සමඟ එම බසින් මොනමොනවාදෝ කියයි. ඒ එක්කම වේටර්වරයකුට කතා කර කියන්නේ “අපට අයිස්ඩ් ටී ගේන්න”

කෑම සූත්‍ර ලෝගෝවක් සහිත කළු ඇඳුමින් සහ සිනාවකින් සැරසුණු වේටර්වරයා ගේන්නේ දෙහි පෙත්තක් සහ අයිස්කැටවලින් සැරසූ රතු වයින් පැහැති තේ වීදුරුවක්.

“ස්තුතියි!”

එය තොල ගෑවෙන විටම රස නහර පිනා යනවා. කතා බහ අතර එ් සීතල තේ වීදුරුවේ රස යළි යළිත් ගෙන දුන්නේ අමුතුම ප්‍රබෝධයක්.

“විභාග කරලා කොච්චර කාලයක් විතර එහෙ හිටියද?”

“උපාධි ප්‍රදානෝත්සවයට පහුවෙනිදා මම ලංකාවට ආවා. විශ්ව විද්‍යාලෙ ඉද්දි මගේ තාත්තා නැති වුණේ. ආවට පස්සේ අම්මත් එක්ක එකතු වෙලා ගෝල් ෆේස් එක ළඟ ‘නිහොන් බෂී’ රෙස්ටුරන්ට් එක පටන් ගත්තා. එහෙම කළේ ජපානයේ කොම්පියුටර් ඉංජිනියරිං කම්පනියක රස්සාවට පයින් ගහලා.”‍

“මොකක්ද? නිහොන් බෂී කියන එකේ තේරුම?”

“නිහොන් කියන්නේ ජපන් කියන තේරුම. හෂී කියන්නේ පාලමක් ඒ පාලමේ ඉඳන් තමයි ටොකියෝ ඉඳන් ගම්වලට තිබෙන දුර මනින්නේ. ඒ වචන දෙක සන්ධි වුණාම නියොන් බෂි කියලයි ශබ්ද ‍වෙන්නේ. මට ඕන වුණේ ශ්‍රී ලංකාවයි ජපානයයි අතර ආහාර කල‍ාවේ පාලමක් හදන්න.

“මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් ඔබේ, ඇයි ඒ ව‍ගේ නමක් දැම්මේ? ඇයි ඒකට ප්‍රශ්න ආවේ?”

“එක සැරයයි ප්‍රශ්නයක් ආවේ. ඒකෙන් මම ඒ තරම් අපහසුවට පත් වුණේ නෑ. මට ඔය අදහස ආවේ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වුණ වෙලාවකදි. අපේ හොඳ කකුළුවෝ වැඩි හරියක් අපනයනය කරනවා. ඒවා කන්නේ පිටරට මිනිස්සු. අපි කන්නේ බාල ඒවා. මම මස් කකුළුවන් වගේම වතුර කකුළුවන් ගැන ඉගෙන ගත්තේ පිටකොටුවේ මාලු කඩේ වෙළෙන්දෙක්ගෙන්.

ඒ හොඳ කකුළුවන් අපේ රටේම තියාගන්න නම් ඒකට හොඳ ප්‍රබල නමක් ඕන වුණා. ඒකයි මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් කියලා නම තිබ්බේ. එයට දැන් සී. එන්.එන්, නිව්යෝක් ටයිම්ස් වගේ ආයතනවල අයත් එනවා. අපේ කකුළුවා නිකම්ම පිටරට පැටෙව්වාම ලැබෙනවාට වඩා එකතු කළ අගයක් සමඟ වටිනාකම වැඩිවෙලා ඒ කකුළුවා‍ගෙන් ම අපේ රටට වැඩි ආදායමක් ලැබෙනවා. අපේ රටේ අයටත් ඒ හොඳ ආහාරය ගන්න අවස්ථාව ලැබෙනවා.”

“ඒකට මහේලයි සංගයි එකතු කර ගත්තේ ඔවුන්ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව පුරා ලබා තිබෙන ප්‍රසිද්ධියෙන් ප්‍රයෝජන ගන්නද?”

“ඒ දෙන්නා මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් එකේ හවුල් කරුවෝ. අනෙක මගේ හොඳ යාළුවෝ. ප්‍රසිද්ධියත් බලපෑවා තමයි. නමුත් මම හිතන්නේ නෑ රසක් නැතුව පුද්ගලයින්ගේ ප්‍රසිද්ධියෙන් විතරක් කෑම වගේ දෙයක් විකුණන්න පුළුවන් වෙයි කියලා. මොකද සචින්ටෙන්ඩුල්කාර් ‍ගේ රෙසටුරන්ට් එක වැහුණා. මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් අපේ රටටම විශේෂිත එකක්. ඒ රෙස්ටුරන්ට් එකක් ලෝකේ වෙන කොහේවත් නෑ. අපේ කෑම වර්ග 27ක් තිබෙනවා. ඒ හැම අතරින්ම විශේෂ කකුළු ඩිෂ් එක.”

“එතකොට කෑම සූත්‍ර? ඒ නම කාම සූත්‍රවල කොපියක් ද? ”‍

“ම්.. නෑ‍. සිංගප්පූරුවේ රෙස්ටුරන්ට් පිළිබඳ පොතක් තිබෙනවා ‘මකන් සූත්‍ර’ කියලා. මකන් කියන්නේ මැලේ බසින් කෑම. සූත්‍ර කියන සංස්කෘත වචනයට තේරුම් කීපයක් තිබෙනවානේ. ”

“මේකෙත් තියෙන්නේ ජපන් කෑමද? ඇයි මේ පිඟන් ජාති දෙකක්” මුල සිට මට තිබූ ප්‍රශ්නයට අවස්ථාව.


පොල් සම්බෝලය

කිරිබත


“නෑ නෑ. කෑම සූත්‍ර එකේ තියෙන්නේ ඔක්කෝම ශ්‍රී ලංකාවේ සංස්කෘතියට අදාල කෑම. රෑට කිරිබතුත් දෙනවා. මම කන්න හුඟක් කැමති නිසා. ආප්ප තියෙනවා රස ලුණු මිරිසකුත් එක්ක. අඟල් අටක් විෂ්කම්භය තියෙන ලොකු ආප්ප. මේකෙන් පස්සේ අපේ රටේ ආප්පවල ප්‍රමාණයත් වෙනස්වෙයි. මට හැමදාම ඕන වුණේ එහෙම වෙනසක් කරන්න.”

යළිත් ඔහුගේ සුපුරුදු සිනාව. මේ වන විට මගේ රස නහර පින වූ සීතල තේ වීදුරුවේ ඉතිරිව ඇත්තේ දිය වුණු අයිස් කැට දෙක තුනයි. ඔහු යළි වේටර්වරයකුට කතා කරයි.

“අර ආප්පයක් ගේන්න.”

පිඟානක් තරම් ලොකු ආප්පයක් රැගත් සේවකයා එන්නේ සිනාසීගෙන.


f-11-1.jpg


“පිඟන් ගැන ඇහුව‍නේ? මේ රවුම් පිඟාන කෑම පිඟාන. ඒ නිසා ඒකේ කෑම කියලා ලීවා. සමහරු මගෙන් අහනවා එතකොට හතරැස් පිඟාන සූත්‍ර පිඟානද කියලා. නෑ නෑ. ඒකේ එහෙම ලීවට ඒක සාමාන්‍ය හතරැස් පිඟාන. මේ සිංහල අකුරු ඇන්දේ මම. ඉංග්‍රීසී අකුරු ජැකොලයින්ගේ. මේ සූයන්නේ පාපිල්ල ඇදෙන්නේ ජපන් අකුරුවල හැඩතල මිශ්‍රවෙලා. ඒ තමයි රටවල් දෙකේ බැඳීම. අපේ මේ වේටර්වරුන්ට කත‍ා කරන්නේ වේටර් කියලා නෙවෙයි ‘කෑම දාස’ කියලා. අවන් එකට කියන්නේ මහ ගිනි කියලා. එන්නකෝ පෙන්නන්න.”

s-6.jpg


මුණිදාස මහතාට අනුව නැඟී සිටි මම ඒ පසුපස යන්නේ තවත් යමක් ඉගෙන ගන්නටයි.

“මේ තියෙන්නෙ ‘තෙප්පන්යකී.’ අර කොත්තු කඩේ වගේ තහඩු කෑල්ලක නැතුව මේ මුළු උඳුනම කෑම හදන්න පුළුවන් විධිමත් තහඩුවක් හැටියට තිබෙන්නේ. අපි කෑම හදන්න ඕන ඒවාට ගෞරවයක් ලැබෙන විදිහට. ඒ වගේම කෑමටත් අපි ගරු කරන්න ඕන.”

කෑම සූත්‍ර ලෙස කෙටූ කළු ගලක ඒ තෙප්පන් යකී උඳුන සවි කරලා. ඊට ඉදිරියෙන් උස මිරිස් ගලක් තියලා ඒකේ ලුණු මිරිස් ටිකක් දැන් ඇඹරුවා වගේ පේන්නේ. ගලේම හාරන ලද රවුම් හැඩැති සුමට කුහර කීපයක වියළි මිරිස් කරල්, ලුණු, දෙහි බෑ කිපයක් දීසියක දැමූ කෑලි මිරිස් ටිකක් පේන්න තිබෙනවා.ඒ අතර ඔහු විස්තර කරනවා.

“මේ තියෙන්නේ අපේ මිරිස්ගල. අවුරුදු දෙදහසකින්වත් වෙනස් කරලා නෑ. ඒත් මේ මිරිස්ගල කිලෝ නව සියයක් විතර බරයි. ටිකක් නවීකරණය කරලා. අපේ ගෘහභාණ්ඩ වුණත් එහෙමයි. අපි ඉඳගත්ත මේසය පොඩි කාලේ ඉඳන් අපි දකිනවා. ඒ මතකය ආපසු ලැබෙන්නයි මම වීදුරුවක් දාලා මේසේ පේන්න සැළැසුවේ. සම්ප්‍රදායයි නවීනත්වයයි එකට යා කරන්න.”

f-11-2.jpg


එසේ කියමින් ඔහු මුළු තැන් ගෙට යයි.

“මේ තියෙන්නේ අපි කෑම හදන විදිහ. මේ තියෙන්නේ ටේක් අවේ පැකට් එක. අපි හිතමු රෝස්ට් චිකන් එකක් කවුරු හරි අපෙන් අරන් ගියා කියලා. ඒත් සමහර විට ඒ අයට එක වේලට ඒ ප්‍රම‍ාණය වැඩියි. එතකොට ශීතකරණයේ දාලා පහුවෙනිදත් කන්නේ ඒකමයි නේද? අපි ඒකට විසඳුමක් යෙදුවා. මේ කවරේ තිබෙනවා ඒ ඉතිරි වෙන චිකන් එක තව තව ක්‍රමවලට රසවත්ව හදාගන්න විධි කීපයක් සඳහන් කරලා. එතකොට පහුවෙනිදාට කන්නේ වෙන රසකින්.”

“ඔබේ කෑම ඉතිරි වුණාමත් කරන්නේ ඒකද?”


f-11-4.jpg


කිරිබත

“කීයටවත් නෑ. පළමුවැනි කාරණේ අපේ කෑම කන අය අන්තිමට පිඟානත් ලෙව කන තරමට මුකුත් ඉතිරි කරන්නේ නැ. අනෙක මම ශීත කළ මාලු මස් ආදියෙන් කෑම හදන්නේ නෑ.

මම එක මාලු කූරියා ගේන්නත් මීගමු යනවා. කකුළුවෝ අල්ලන්න මුහුදු යනවා. හයි වේ එක නිසා මට දැන් ඒ වැඩේ ලේසි වුණා.

s-5.jpg


ලංකාවේ කෙලවල්ලන් කිලොවක් රුපියල් පන්හය සියයටත් ගන්න පුළුවන් දෙදහටත් ගන්න පුළුවන්. මම ගේන්නේ හොඳම දේවල්. ඒකයි මම කීවේ කෑමවලට ගරු කරන්න ඕන කියලා. ඒ ගෞරවය ලැබෙන්නේ හොඳ දේවලින් හැදුවොත් විතරයි. අපි දන්න දේවල්ම වුණත් අලුත් විදිහට දකිද්දි ආසයිනේ?”

ඔහුගේ දුරකථනයේ තිබූ රත් පැහැ කෙලවල්ලන් කුට්ටියක පින්තූරයක් පෙන්වන අතර අප වාඩි වී සිටි තැනටම ආපසු ආවා.

“ඇයි මේ ආප්ප කාලා බලන්නකෝ” මුණිදාස මහතාගෙන් ඇරයුමක්.

“ආ ඒකත් මටද? බොහොම ස්තුතියි. කාලා බලමු. ෂා හොඳට පොල්කිරි දාපු බව නම් රහෙන්ම පේනවා. මේ ආප්පයක් එතකොට කීයක් වෙනවද?” පිඟාන පිරෙන තරම් වූ ආප්පයේ වාටියෙන් කොටසක් දිවගට තැබූ විට මට ඉබේම කියැවුණා.


f-11-8.jpg


“රුපියල් සියයයි‍‍. මේ වගේ තැනක කෑම වේලකට කියන්නේ එෆෝඩබල් ‍ෆන් ඩයිනිං කියලා. සාමාන්‍යයෙන් රුපියල් දාහකට විතර කෑම වේලක් ගන්න පුළුවන්.”‍

“කෑම සූත්‍ර එකට බොලිවුඩ් නිළියක් වන ජැකලයින් ෆර්ඩිනන්ස්ගේ සම්බන්ධය?”

“ඒත් ම‍ගේ යාළුවෙක්. ව්‍යාපාරයේ හවුල්කාරිය. ජැකීගේ ප්‍රසිද්ධියත් මේකට බලපානවා.”

“ඒ කියන්නේ ඉන්දියාවෙත් කෑම සූත්‍ර එකක් විවෘත වෙයි?”

“තාම හිතුවේ නෑ, මම මේ වැඩේ මේ රටේ සම්පූර්ණයෙන් ස්ථාපිත වෙනතුරු වෙන කෙහේවත් ගෙනියන්නේ නෑ.”‍

“එතකොට ලංකාවෙත් ශාඛා පිහිටුවන්නේ නැද්ද?”

“ගාල්ලේ වෙනම එකක් පටන් ගන්න හිතනවා. ටූනා ඇන්ඩ් ක්‍රැබ් කියලා.”

“ඔබ ඉගන ගත්ත දේ මේ වැඩවලට ප්‍රයෝජනයක් වුණාද?”

“ඇයි නැත්තේ? මම තමයි පළමුවැනි වතාවට අයි පෑඩ් එකෙන් මෙනු තෝරන්න ක්‍රමය හැදුවේ. ඇමරිකාවේ අයි පෑඩ් හඳුන්වලා දීලා දින නවයයි මම ඒ ක්‍රමය කරනකොට. ඊට පස්සේ ඔස්ට්‍රේලියාවේ ඒ විදිහට පටන් ගත්ත‍ාම සමහරු මගෙන් ඇහුවා ඔයා ඔස්ට්‍රේලියාවේ ක්‍රමය කොපි කළා නේද කියලා. මම කීවා නෑ, ඒ අය මාව කොපි කළා කියලා. මට ඕනේ අපේ රටේ මිනිස්සුන්ට ඕන දෙයක් පුළුවන් කියලා පෙන්වන්න. අපේ රට දියුණු දැනුමක් තිබෙන එකක් කියා ලෝකෙට කියන්න. මම ඒ දේ කළා.”

f-11-5.jpg




“මේ ආප්ප හැදිල්ලවත් තාත්තම්මාගෙන් ඉගෙන ගත්තේ නැද්ද?”

“නෑ. අපි මෙහෙට එද්දි ඒගෝල්ලෝ ජීවතුන් අතර නෑ. වැරදිලාමයි හරිගියේ. උත්සාහ කළොත් ඕන දෙයක් පුළුවන්. ඒත් වැරදුණා කියලා කවදාවත් උත්සාහය අතහරින්න එපා.”

ඔහුගේ කතාව කෑම තරමටම රසවත්. ඒ ආහාර, තොරතුරු හා අධිෂ්ඨානයේ ශක්තිය පිළිබඳ දර්ශන් මුණිදාස මහතාට ස්තුති කර දැන් පිට වීමට වෙලාවයි.

නිදහස් චතුරශ්‍රයේ සිසිල් සුළඟ විඳිමින් හොඳින් ලුණු මුසු වී බැදුණු එවන් මඤ්ඤොක්කා රැහැන්වල රසවිඳින්නට ලැබීම පෙර පිනක්. ඒ රස කියන්නට නොවේ විඳින්නටමයි.
 
  • Like
Reactions: dimuthmike

Tinker

Member
Jul 23, 2014
72
3
0
දැන් නං මේක ලිපි දැකලා දැකලා අප්පිරියයි.
 
  • Like
Reactions: wdk

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"

    එක එකා එක එක කතා කියනවා, ගිහිල්ලම බලන්න ඕන, ආභාදයක් නැ කොහොමත් වෙන එකකට ගියත් කොහෙන් කොහෙන් හරි හාර පන්දාහක් කුඩු වෙන එකේ මේකෙත් ලොකු වෙනසක් නැ මට හිතෙන විදියට.