කෑලි කැඩී විසිරී ගිය ජීවිත ප්‍රාර්ථනා
කුසුම්ගේ වයස යාන්තමින් දාසය සම්පූර්ණ වූවා පමණි වැඩිහිටි දෙමාපියන්ගේ ආශිර්වාදය මධ්‍යයේ උපන් ගමට ආසන්න ගමේ තරුණයකු සමඟ පැවැති පෙම් සබඳතාවක ප්‍රතිඵලයක් ලෙසින් විවාහයට පත්වූවාය. ඔහු නමින් රංජිත් යනුවෙන් හඳුන්වමු. කලක් හමුදාවක සේවය කළ හෙතෙම ගිවිසගත් කාල සීමාවෙන් පසු හමුදා රැකියාවෙන් ඉවත් වී රාජ්‍ය සංස්ථාවක සේවයේ නිරත විය. විවාහයට පිවිසිය ද අත්දැකීම් රහිත ඇයට තම නැන්දණියගෙන් ලැබුණ ගුරුහරුකම් සාර්ථක පවුල් දිවියක් ගත කිරීමට මහඟු පසුබිමක් විය. ඉවුම් පිහුම් කටයුතු ගේ දොර වැඩපළ මනා සේ පවත්වාගෙන යමින් ඇය තම ස්වාමියාට දයාබර සෙනෙහබර බිරිඳක් වූවාය. කිසි දිනක අඬදබර කර නොගත් ඔවුනොවුන්ට යම් ආකාරයකින් සිත් තැවුලක් වූවා නම් ඒ නැන්දණියගේ ඇතැම් කුහකකම් නිසා විය යුතුය. ඒ සියල්ලටම මුහුණ දෙමින් සුහදත්වයෙන් ළෙන්ගතුව විවාහ දිවිය පවත්වාගෙන ගිය ඔවුන්ගේ කැදැල්ලට තවත් අමුත්තියක් එක්විය. ඔවුන් දෙදෙනාගේම එකම පැතුම තම කුළුඳුල් දියණියයි. දියණියගේ පැමිණීමෙන් වඩාත් සතුටට පත් වූයේ රංජි යෑයි කිවහොත් එය මුසාවක් නොවේ. කිසිදු අගහිඟයකින් තොරව තිදෙනා ද රංජිත්ගේ මව ද එකම වහළක් යට ජීවත් වූවේ තම මවටත් තමා අතින් ඉටුවිය යුතු සියලුම යුතුකම් ඉෂ්ට සිද්ධ කරමිනි. එහෙත් සිය පුතාගේ දියුණුව හා පවුල් සංස්ථාව තුළ තිබූ සතුට සාමය ඇයගේ දෙනෙත් වලට කටු අනින්නාක් මෙන් විය. වෙනදා තමන් වෙත පුතු පෑව ආදරය සෙනෙහස යාන්තමට හෝ ගිලිහී ඇති බව සිතුන නිසාදෝ ඇය යටි සිතින් වෛර කරන්නට වූවාය.
පවුලට තවත් සාමාජිකයෙක් පැමිණෙන ලකුණු කුසුම්ගෙන් පහළ වීමත් සමඟ නැන්දම්මාට එය තවත් ඉහිලුම් නොදුන් කාරණයක් විය. දිනක් රංජිත් රැකියාවට නිවසින් පිට වී ගිය පසු ඇය කුසුම්වද රවටාගෙන වෛද්‍යවරයකු හමුවීමට ගියේ කුසේ සිටි කළලය විනාශ කිරීමේ සිතිනි. එහෙත් එය පසුව අසාර්ථක විය. එයින් ඇරඹුන නැන්දා - ලේලි ගැටුමේ අවසානය කුසුම්ට තම දයාබර සැමියාත්, දියණියත් අහිමි වීමයි.
තම කුළුදුල් දියණිය ඇයට ලැබෙන විට ඇයට යාන්තමින් අවුරුදු දහඅටක් ලැබුවා පමණි. දියණිය ඉපදී වසරක් ඉක්ම යැමට මත්තෙන් ඔවුන්ගේ පවුලට තවත් පුතකු එක්විය. බුදු දහම පසක් කරනාකාරයෙන් නොපවතින දේ දිදුලනවා වැඩියි යන විරුදාවලිය සත්ත කරමින් චූටි දියණිය අඟපසඟ පිරිපුන් කාගෙත් නෙත් සිත් ඇද බැඳ ගන්නා මුඛරියක් වූවාය. ඇයගේ සියලුම ක්‍රියාකාරකම් වලින් විදහා දක්වන ලද්දේ ඇයගේ නොපවතින නොජීවත් වන අංග ලක්ෂණයන්මය. පාසලේ හා සමාජයේ ඇය කා අතරත් කැපී පෙනෙන චරිතයක් විය. එවන් දියණියක් ජීවත් වන නිවස මොන තරම් සුන්දර වාසනාවන්ත ද යනු අප කිව යුතු නොවේ. එවන් මල් කැකුළක් උපන් ගෙයිම පරවී යැම මොන තරම් අවාසනාවන්ත සිදුවීමක් ද? එවන් සිදුවීමක වේදනාව මවකට පියකුට කෙසේ දරා ගත හැකිද? එසේ වුව සංසාරයේ භවයෙන් භවය පෙරුම් පුරා පතාගෙන ආ අයුරින් ඒ සියල්ල ක්ෂණයකින් වෙනස් වීම දරා ගත හැකි හැඩිදැඩි හදවතක් ගැහැනියකට ඇතිදැයි මම විශ්වාස නොකරමි.
මේ ඇය සිහිනෙන්වත් නොදකින්නට ආශා නොකළ අහිමිරි අවාසනාවන්ත මූසල නොපැතූ දසුන් පෙළකි. රංජි කුසුම් ගේ දයාබර සැමියාය.සතියේ දින හයක්ම සේවයේ රැඳී සිටින ඔහුට විවේකය ඉරිදාවකි. එදින දින හයකම පිය සෙනෙහස නොලද, දරුවන්ගේත් අඹුවගේත් එකම ලෝකය ඔහුය. ඔහුගේ එකම සතුට තම බිරිඳ හා දෙදරුවන්ය. දරු සුරතල් ද දයාබර බිරිඳගේ ද සෙනෙහස නොඅඩුව විඳිමින් විවේකය කාටත් හිංසාවක් කරදරයක් නොමැතිව හුදෙකලාව ගෙවන රංජි මත්පැන් ලෝලයෙක් නොවුණද තම බිරිඳට නොදැනෙන්නට මත්පැන් බිඳක් තොල ගෑමට පුරුදුව සිටියත් කුසුම් නෙමේ එය අනුමත කළේ. නිවස තුළම ඔහු ලබන්නා වූ වින්දනයට කුසුම් එතරම් බාධාවක් එල්ල නොකළේ කාටවත් කරදරයක් නැති හෙයින් විය යුතුය. එකී මූසල කාලකණ්ණි දිනය ද එවන් දිනක් බව රංජි හෝ කුසුම් පවා මොහොතකට නොසිතන්නට ඇත. රංජි එදිනද තමන් ගෙන ආ මත්පැන් ස්වල්පය කාටත් හොරා සඟවා නොදරුවන් ගේ ඉල්ලීම ඉටු කිරීමට නිවසේ සිට තම යතුරු පැදියේ වාඩි විය. ගමන ඇරඹිණි. පිම්මේ පැමිණි නොසන්ඩාල රියෑදුරකුගේ නොඉවසීම හා නොසැලකිල්ල නිසා දරු දෙදෙනාත් රංජිතුත් යටකර ගෙන රිය ඉදිරියට ගොස් නැවතුණි. අනපේක්ෂිත අනතුරින් දඟකාර වියේ පසු වූ හුරතල් දැරිය එතැනම ජීවිතක්ෂයට පත් වුවාය. පියා සමඟ කොළඹ රෝහල වෙත ගෙන යන ලදී. තම දියණිය දයාබර සැමියාත් ඇයගේ ඇස් ඉදිරියේම මියයැමත් ජීවත් වෙතැයි විශ්වාස කළ නොහැකි වූ පුතුගේ පණ අදින ජීවිතයත් අතර තනිවුණ ඇයගේ හදවත aගිනි ඇවිලිණි.
එකම නිමේෂයක දියණියත් සැමියාත් අහිමි වූ ඇයගේ හදවතින් නැඟුණා වූ ශෝකය කොතෙක් ද යන්න පැහැදිලි කළ නොහැක.
ඇයගේ සිහින සොඳුරු ලෝකය එකවරම ඇයගේ පාමුල කඩා වැටුණි. සැමියාගේත්, දියණියගේත් තැළී පොඩි වී ගිය මුහුණු අතර ඇය හඬා වැටුණා පමණක් නොව වරෙක උන්මත්තියක් ලෙස හැසිරුණාය. තමන්ගේ ලෙය කිරි කරවා පෝෂණය කළ දියණියත්, තමන්ට ආරක්ෂකයකු වූ සැමියාත්, ජීවත් වෙතැයි විශ්වාසයක් නැතිව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පුතු ද කවර වේලාවක හෝ සදහටම අහිමි වේ යෑයි සැකයෙන් අඩ සිහියෙන් පිස්සියක මෙන් වරෙක හැසිරුණු ඇය වෙත එල්ල වූයේ දැඩි අනුකම්පාවකි.
වරෙක තම පුතුට කිරි පොවන්නට උන්මත්තියක් සේ කිරි බෝතලය ගෙන එන, නිදා ගන්නට ඇඳ රෙදිපිළි සකස් කරන ඇය තනිකරම එදා මනස විකෘති වූ පිස්සියක් යෑයි කීම බොහෝ දුරට නිවැරැදි ය.
මහා සංඝරත්නයේ බුදු බණ ඔවදන් උපදෙස් නොඅඩුව දේශනා කළද, ඇයට ඇයගේ වේදනාව යටපත් කර ගත හැකි වූවාද? එහෙත් කවුරු මොනවා කීවත් මියගිය පසු කිසිදු සත්ත්වයකු තමන් සන්තකයේ තබා නොගනී යන පිරුළ යටතේ ඇය අතිදුක්බර වේදනාවෙන් ඔවුන්ගෙන් සදහටම සමුගත්තේ බුදු දහමට අවනත වෙමිනි. ඔවුන්ගේ සත් දවසේ දානයෙන් පසුව හාස්කමකින් මෙන් ජීවිතය බේරුණු චූටි පුතා රෝහලෙන් ගෙන ආවේ ජීවිතයේ මැව් සිහින විමානයේ තමන් හට ඉතිරි වූ එකම එක සදාතනික වස්තුවක් ලෙසිනි. රංජිත්ගේ අකල් මරණයෙන් පසු ඔහුගේ මවගෙන්ද වරින්වර එල්ල වූ කරදර කම්කටොලු විඳවන්නට නොහැකිව වූ ඇය තම එකම වස්තුව ද රැගෙන මහ ගෙදරට ගියාය. මියගිය සැමියා හා දියණිය වෙනුවෙන් ඇය ඇයට හැකි අයුරින් ඉපදෙන මතු ආත්මවලදී මෙවන් වූ අකල් මරණයන්ට ගොදුරු නොවෙන්නටත්, ඉපදෙන හැම භවයකම ඔහුත් දියණියත් ඇයටම හමුවේවා යි පිං පෙත් පැතූ ඇයට ඒ අතර කාලයන් තුළ විවාහ යෝජනා ද ආවේය. මේ සියල්ල සිදු වී අවසාන වන විට ඇයට තවත් විවාහයක් කර ගැනීමට තරම් රූ සපුවක් විය. එසේම සැමියා මිය ගිය අඹුවක් වෙත සමාජය හෙළන කෑදරය ඇයට ද එල්ල නොවුණාම නොවේ. සැබෑ පතිවෘත්තාව රැක ගැනීමත්, ජීවත්වීමත්, සමාජයේ අවස්ථාවාදී පිරිමින්ගෙන් ගැලවීමත් එතරම් පහසු කර්තව්‍යයක් නොවන බව තේරුම් ගත් ඇයගේ ජීවිතයට ඇයට ආදරය කරන තවත් පිරිමියකු බැල්ම හෙළන බවත්, පුංචි පුතාගේ ජීවිතය රැකිය යුතු නිසාත්, ඇය දෙවැනි විවාහයක් පිළිබඳව ගත් තීරණය තවත් වේදනාවක් ඇය විසින් කරමත තබාගත් එකක් බව මෙනෙහි වන විට ප්‍රමාද වී වැඩියි යන්න ඇයට සිතෙන්නට ඇත. මියගිය රංජිගෙන් ලැබුණ ආදරය සෙනෙහස රැකවරණය කටුගම්පලගෙන්ද ලැබෙතැයි ඇය දිවි හිමියෙන් ම විශ්වාස කරන්නට ඇත. ඒ නිසාම දාහත් වසරක් නීතියෙන් නොබැඳී ඔහු හා ජීවත් වූයේ විශ්වාසය පෙරදැරි කරගෙනය. තම දෙමාපියන්ගේ උපදෙස් අනුව නීතියෙන් විවාහ වී නොසිටියේ ඉඩකඩම් දේපළවල යම් ප්‍රශ්නයක් අනාගතයේදී නිර්මාණය වෙතැයි යන සැකයෙනි.
එහෙත් විවාහය යනු නීතියෙන් බැඳීම නොව ආදරය බව පසක් කරමින් ඔවුන් තිදෙනා අහිමිරි අතීතය මතකයට නඟමින් යහපත් පවුල් දිවියක් ගත කළ බවත්, අදත් ඇය වේදනාවෙන් හෝ පවසන්නීය. එහෙත් තම පුතාට ඊර්ෂ්‍යා කළ නැන්දණිය ඔවුන්ගේ පවුල් දිවියට ද හූනියම් කොඩිවින කළ බව ඇය අදත් විශ්වාස කරන්නීය. අද වන විට තම මියගිය පුතාට දෙවියන් ඉදිරියේ පොල් ගසා ශාප කළ මහිමයේ ශාපයෙන් හදිසි අනතුරකින් ඔහු මිය ගියා යෑයි විශ්වාස කරයි. එසේම දාහත් වසරක් පුංචි පුතාට පියකු මෙන් කන්න, බොන්න, ඉගෙනගන්න වියදම් කළ, අඩුපාඩු සොයා බැලූ දෙවැනි තාත්තා දෙවන වරට ඔහුටත් අහිමි කළේ ඔහුගේ ආච්චි යෑයි ඔහු අදටත් විශ්වාස කරයි. පණට පණ මෙන් ජීවත් වූ එකී දෙපළ ද අනපේක්ෂිත අයුරින් වෙන් කරන්නට ආච්චී සමත් වූයේද? එසේ නොකළා නම් ඔහු අදටත් කුසුම් සමඟ සහජීවනයෙන් ජීවත් වෙනවාට කිසිදු සැකයක් නැත. දෙවැනි වරට ඔහු මිය නොගියද දිවට දිව තබාගෙන සිටි ඔහු ද කුසුම්ට සදාතනික වේදනාව උරුම කර දී වෙන් වූයේ කවර සිතකින් ද යන්න ඇය අදත් වේදනාවෙන් ඇයගෙන්ම විමසන්නීය. එකී මෙකී කාලය තුළ ඇයට වරින්වර ඇල්ම බැල්ම හෙළුE අවස්ථාවාදී පිරිමින්ගෙන් බේරී තම පුතුගේ ඕනෑ එපාකම් කියා බලා ගෙන ජීවත්වන අතර ඇය හදවත තුළ ඇති වේදනාව පටාචාරාවක් මෙන් විඳවන්නීය.

විල්ප්‍රඩ් බොනිපස් මැල්ලව