කිංස්ලිත් බුද්ධිමතෙක් ද?
කිංස්ලිත් බුද්ධිමතෙක් ද?
Posted on 25 July 2012.
Rating: 7.0/7 (1 vote cast)
පසුගිය දා හදිසියේම මරණයට පත් වූ නිමල් ලක්ෂපතිආරච්චි මහතාගේ අවසන් කටයුතු සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටියේය. කලාකරුවන්, නළු නිළියන්, බුද්ධිමතුන්, ජනමාධ්‍යවෙිදීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර විවිධ පුද්ගලයන් නිමල්ගේ මරණය සම්බන්ධයෙන් විවිධ කතා කියන්නට විය.
ගුණ වයන්නට විය. මේ අතර අවමංගල්‍ය සභාවේ ප්‍රධාන භූමාකා තුනක් නිරූපණය කළ පුද්ගලයන් තිදෙනෙකු විය. කිංස්ලි රත්නායක, එස්.එම් මරික්කාර්, සහ ජැක්සන් ඇන්තනී ඒ පුද්ගලයන්ය. මොවුන් තිදෙනාම නිමල් වෙනුවෙන් ගුණ කථන පවත්වනු ලැබූ අතර ඔවුන් පවසන අන්දමට නිමල් ලක්ෂපතිආරච්චි නම් දැවැන්ත ජනමාධ්‍යවෙිදියාණන්ගේ අඩුව නිසා ඉදිරියට නව ජනමාධ්‍ය කලාවක් නිර්මාණය වීම අතිශයින්ම අවධානමට ලක්ව ඇති අතර ඔහු කල සේවය වචන වලින් විස්තර කරන්න බැරිය. මේ තුන් බෑ ජටිලයන් පුන පුනා පවසන්නට උත්සහ කළේ නිමල් මේ රටේ ජනමාධ්‍ය ක්‍ෂේත්‍රය වෙනුවෙන් කළ සේවාව මොනතරම් නම් උත්කෘෂ්ඨද යන්නයි. අවසානයේ ඔවුහු නිමල් ලක්ෂපතිආරච්චි නම් සරල මිනිසා ගොලායත් කෙනෙක් තරම් විශාල ප්‍රතිරූපයක් ඇති පුද්ගලයෙකු බවට රූපාන්තරණය කරන්නට උත්සහා කළෝය.
විශේෂයෙන් අපි මීට පෙරත් නිමල් ලක්ෂපතිආරච්චි මහතා සම්බන්ධයෙන් විශ්ලේෂණයක් ඉදිරිපත් කලෙමු. ඒ අනුව එතෙක් සම්භාව්‍ය යන ලේබලය යටතේ විධග්ද යැයි කියන ආකාරයෙන් පැවති ශ්‍රී ලංකාවේ ගුවන් විදුලිය නිමල්ගේ සපැමිණීමත් සමගම වෙළෙදපොල තර්කණයට මුලුමනින්ම නතු විය. ඒ කාලේ පැවති සම්භාව්‍ය යැයි සලකනු ලැබූ ‛පිබිදෙන ගායක පරපුර’වැනි වැඩසටහන් නිමල් විසින් නවරත්න ගමගේ වැනි අයගේ සුපර් ස්ටාර් තරඟ බවට පත් කරන්නට පෙරමුණ ගත්තේය. එතෙක් සමාජයේ පැවති සදාචාර අදහස් අතික්‍රමණය කරන්නට වෙනත් පුද්ගලයන් බිය වූයේ ඒ මගින් විශාල සමාජ ප්‍රතිරෝධයකට තමන්ට මුහුණ දෙන්නට වෙතැයි සිතූ බැවිනි. නමුත් නිමල් මේ සමාජ විරෝධය තුට්ටුවකටවත් මායිම් නොකර තමන්ට අවශ්‍යදේ කරණු ලැබීය.
ඒ අර්ථයෙන් ගත් කළ නිමල් ලක්ෂපතිආරච්චි යනු ජනමාධ්‍යවෙිදියෙකු නොවන අතර ඔහු තනිකරම බිස්නස්කාරයෙකු නැතිනම් ජනමාධ්‍ය ව්‍යපාරිකයෙකු ලෙස කටයුතු කල ආකාරය ඔහුගේම ජීවන විලාශය අධ්‍යනය කිරීමෙන් අපට පහසුවෙන් වටහා ගන්නට පුලුවනි. නමුත් ඔහු අසාර්ථක ව්‍යපාරිකයෙකු වශයෙන් අවසානයේ මියගිය බව බොහෝ අය දන්නේ නැත.
කිංස්ලි සහ මරික්කාර් යනු මේ වන විටත් කිලී මහරාජාගේ ඉඳුල් වළදන බත් බැලයන් දෙදෙනෙකි. ජැක්සන් ඇන්තනි ඉඳුල් වළදන්නේ කොතැනින් ද යන්න නොදන්නා කෙනෙකු ඉන්නට විදිහක් නැත. ඒ අනුව අප කිංස්ලිලා, මරික්කාර්ලා කීලී මහා රාජාගේ ඉඳුල් වලදනවා යැයි කියන්නේ ඇයි? ධනවාදී සමාජ ක්‍රමය තුල කෙසේ හෝ පොහොසත් වනවා යැයි තීරණය කර තිබෙන මේ අය නිවසකට, වාහනකට, අයි පෝන් ,අයි පෑඩ් එකකට ලාභයට විකිණෙමින් සිටියි. කිලී මහරාජා ලක්ෂ තුන් හාර සියයේ බෙන්ස් කාර් පාවිච්චි කරන විට මේ අයටත් නිසාන් වර්ගයේ මෝටර් රථයක් ලබා දෙයි. හරියටම ධනපතියන් මස් කන අතර තමන්ගේ බත් බැලයන්ට මස්කටු ලොවන්නට දෙනවා වගේය. ඉතින් මේ ආකාරයෙන් ඇත්තටම ජීවත් වන කිංස්ලිලා මර්ක්කාර්ලා මළ ගෙවල්වලදී බුද්ධිමතුන් වීමට සිතා කතා පවත්වයි. කවි ලියයි.
ජැක්සන් ඇන්තනි මෙවන් මළ ගෙවල් වල කතා පවත්වන්නටත් ඒවාට සහභාගී වන්නටත් දිවිහිමියෙන් කැපවී සිටින්නේ මහින්ද චින්තනයේ නාමයෙනි. ඒ නිසා ජැක්සන් බුද්ධිමතෙකු වන්නට යන්නේ සිය පැවැත්මට පොඩි ගතමන්ට් එකක් විශාල වශයෙන් හොයන අතරේ නිසා අපට ප්‍රශ්ණයක් නැත. මේ යුගයේ ක්‍රියාත්මක වන්නේ ධනවාදය බවත් තමන් ධනවාදය තුල කෙසේ හැසිරිය යුතු ද සහ මේ සිද්ධ වන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන්වත් මේ මහා බුද්දිමතුන්ට වගේ වගක් නැත. අපේ හිතවත් ගුණසිරි සිල්වා සහෝරයා යනු අප දන්නා පරිදි මෙරට සිටින ප්‍රවීනතම චිත්‍රපටි විචරාකයෙකි. ඔහුගේ චිත්‍රපටි විචාරය පසෙක තබා ඔහු මාධ්‍යවෙිදියෙකු ලෙස වසර ගණනක් සේවය කල බව අපට මතකය. අද වන විට ඔහුට සිදුව ඇත්තේ කුමක් ද? ටිරාන් අලස් නම් ව්‍යපාරිකයා රුපියල් ලක්ෂ තුන් සියයකට වඩා වැඩි මෝටර් රථයක් පාවිච්චි කරන ගමන් මේ මාධ්‍යවෙිදී ගුණසිරි සිල්වාට රුපියල් තිස් දහසක පමණ සොච්චම් වැටුපක් ලබා දෙයි. ධනවාදය තුල කිංස්ලි නම් බුද්දිමතා සිතන ආකාරයේ මහා ජනමාධ්‍යවෙිදීන් සහ ජනමාධ්‍ය සංස්කෘතියක් බිහි වන්නේ නැති බව පැහැදිලිය. සියල්ලන්ටම සිදු වන්නේ කූණු කන පණුවන් වන්නටය.
අනෙක් අතට මෙරට බුද්ධිමතුන් යැයි සිවිල් සමාජය හදුනාගෙන සිටින අය සහ කිංස්ලිලා,මරික්කාර්ලා අතරත් එතරම් වෙනසක් නැත. පසුගිය දිනෙක විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි දෙරණ 360 වැඩටහනට සම්බන්ධ වී ඩිල්කා සමන්මලී නම් මෙලෝ හසරක් නොදන්නා පොඩි කෙල්ලක් ඉදිරියේ අම්බානකට කිච වූ ආකාරය අපි නිරීක්‍ෂණය කළෙමු. මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ටත් ලැජජාවක් නැති අතර මෙවන් පුද්ගලයෙකු තම සංගමයේ සභාපතිවීම ගැන ආචාර්යවරුන්ට කිසිදු ලැජජාවක් නැති දැයි අපි අසන්නෙමු. නිර්මාල් නම් පොන්නයා අපේ ං කණ්ඩායමේ දේශපාලනය ඩිල්කා නම් අඳබාල ස්ත්‍රීයට පාවා දෙනවා. අප විසින් වෙහෙස මහන්සියෙන් ගොඩ නැගූ දේශපාලන ව්‍යපෘතියක් මෙවැනි ස්ත්‍රියක් ඉදිරියේ පාවා දෙන මේ නිර්මාල් නම් පොන්නයා පවසන්නේ තමන් පෝස්ට් එක්ස් බවයි. නමුත් ඇත්තටම මෙවැනි අය පූර්ව එක්ස් සමාජිකයන් ලෙස හදුන්වන්ට පුලුවනි. ඩිල්කා සමන්මලී නම් මහා මාධ්‍යවෙිදිනියත් ප්‍රශ්ණ අසන්නේ වැඩ සටහනට පැමිණෙන පුද්ගලයාගේ තරා තිරම අනුවය. ආරක්ෂ ලේකම්තුමා වැඩ සටහනට සහභිගී වූ විට එහෙයි යැයි පවසන ඩිල්කා නිර්මාල්ට පාටි දානවා. මේ වගේ දෙකයි පනහේ මාධ්‍යවෙිදිනයන් ඉදිරියේ නිල්මාල් පොන්නයෙක් වගේ හැසිරෙනවා පමණක් නොව අපට ඇති ගැටලුව වන්ෙන් අපේ දේශපාලනයත් පාවා දීම සම්බන්ධවයි.
අවසානයේ මරික්කාර්ලට, කිංස්ලිලාට අත් වන්නට නියමිත ඉරණමත් නිමල්ගේ ඉරණමට සමාන බව මේ අය දන්නේ නෑ. ධනවාදය හමුවේ කුණු වී යන අසාර්ථක පුද්ගයන් මිස සාර්ථක පුද්ගලයන් වන්නට බැරි බව මේ අයට අවබෝධ වන්නේ නැත.

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,