කිචිය...කුචිය සහ ආතල්.... 18+

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    කිචිය...කුචිය සහ ආතල්.... 18+

    කිචිය...කුචිය සහ ආතල්.... 18+

    1631569052_4528de6997.jpg
    මේ මාසේ දවස් 5 ක්ම ගියා.. දන්නේම නැතුව..ලියන්න ගත්ත පෝස්ට් කීපයක්ම තාමත් ඉවරකරන්න බැරි උනා.. ඔය අතරේ තමයි අද දැක්ක සිද්ධියක් නිසා හදිසියේම මේ කථා ටික මතක් උනේ...කෝච්චි කථා කීපයක්.. මීට අවුරැදු 10 කට විතර කලින් මම රැකියාවට ගියේ දුම්රියේ...(ඒ කිව්වට තාමත් දුම්රියේ තමයි යන්නේ) මේ කියන්නේ ලංකාවේ දුම්රිය ගැන... ‍ඔය කාර්යාල දුම්රිය බොහොමයක් "කුමරි"ලානේ.. මේවත් මේ එක "කුමාරි" කෙනෙක්ගේ හතරවැනි පෙට්ටියේ ඉස්සරහා දොරේ ‍පලවැනි සීට් එකේදී අත්දැකපු... අහපු කථා කීපයක්..

    කුචිය....එහෙමත් නැත්නම් කිචිය... කියන්නේ බොහොම බරපතල දෙයක්...මේකට ලොකු අතීතයකුත් තියනවා.. අපි පොඩි කාලේ අම්මලා කියන්නේ "මේකා බඩගිනි බඩගිනි කියනවා" කියලා කරන සෙල්ලමේ අවසාන බලාපොරොත්තුව තමයි මේ කුචිය කියන එක අඩුකිරීම කියලා දැන් මට හිතෙනවා... මොකද කුචිය නොහොත් කිචිය ඒ තරමටද ජීවිතේට බලපාන නිසා.. දැන් බලන්න එපා කොච්චි ගැන කථා කරලා ඇයි මේ කුචියක් ගැන කියන්නේ කියලා..

    මේ කථාවේ කථානායකයා අපේ කොච්චි සගයෙක්...හැබැයි අර මං කලින් කිව්ව කුචිය නොහොත් කුචියේ "ජෙනුයින්" එක තමයි මෙයාට තියෙන්නේ... ඒ ‍"පෙරේරා' අන්කල්... ටිකක් වයසක උනාට ජොලි පොර... කොහේ ගියත් එන්නේ අපි කොල්ලෝ සෙට් එක ඉන්න තැනට තමයි... සමහර වෙලාවට බයිට් එක වෙන්නෙත් මෙයාම තමයි..පෙරේරා අන්කල් බොහොම දරැණු කුචියක් තිබ්බ තිබ්බ කෙනෙක්.. යන්තං හරි අඟිල්ලක් බඩට.. කිහිල්ලට වැදුනොත් කෙලින්ම එළියට එන්නේ අර ස්ත්‍රී ලිංගයට කියන ශුද්ධ සිංහල වචනේ... ඒකට තැනක් නොතැනක් වෙලාවක් කලාවක් නැහැ... ඕනෑම තැනක දෙයියනේ කියලා ඕක අහගන්න පුලුවන් යන්තං පෙරේරා අන්කල්ට "ටච්" එකක් දුන්නොත්..

    ඔන්න දවසක් අපි සෙට් එක යන අතරේ සුන්දර, පැහැපත්, සුකුමාළ (වෙන මොනාද තියන වචන) ගෑණූ ළමයෙක් නැග්ගා ‍අපේ පෙට්ටියට... සාමාන්‍යයෙන් අපේ සෙට් එක ගැන දන්න කිසිම ගෑණුළමේක් අපි ඉන්න පලාතටවත් එන්නේ නැහැ.....ඒත් කරැමෙට මේ ළමයා ඇවිත් නතර උනේ අපි ලඟම... අපේ එවුන් වැඩ පෙන්නන පටන් ගත්තා.... අපි ඒ ටික දෙබස් විදියට අහමු..

    පෙරේරා අන්කල්...

    අන්කල් හිතන විදියට මෙයාගේ ලස්සනම මොකක්ද ?

    (වනචර කො‍ල්ලෙක් ඇන්නේ නැද්ද අන්කල්ගේ කිහිල්ලට)

    %*%&$*#(*#(@@@@@

    අර ගෑණු ළමයා අඬාගෙන අතුරැදහන් උනා....

    ඒ එක සිද්ධියක්...

    -------------------------------------------------

    අනිත් එක කිරිගොට්ට සම්බන්ධ එකක්....? කොච්චිවල යන උන් නම් මේක දන්නවා ඇති... විශේෂයෙන්ම සෙනග පිරිලා යන කෝච්චි වල මේක නිතරම සිද්ධවෙන දෙයක්... දන්නවනේ කොච්චියේ හිටගෙන යන්නේ පේළි 3 කටනේ... කිරිගොට්ට උලනවා/ අතුල්ලනවා කියන්නේ මේ පේලියේ මැදට ගෑණු කෙනෙක් සෙට් උනාම සිද්ධවෙන දෙයක්... මේවගේ සිද්ධියක් උනා අපි සෙට් එක ඉන්න තැන... දවසක් ටිකක් වයස කන්තෝරැ අනකල් කෙනෙක්ගේ පිටිපස්සට සෙට් උනා තරැණ ගෑණු ළමේක්.... ටික වෙලාවක් යනකොට අන්කල් පටන් ගත්තා වැ‍ඩේ... කිරිගොට්ට උලන්න... දැන් අර ගෑණු ළමයි ඇඹරෙනවා... හෙල්ලෙන්නවත් බැරි තරමට කෝච්චිය පැක්.... මේක දැකපු අපේ එකෙක් අන්කල්ට මෙහෙම කිව්වා විතරයි අන්කල් භූ‍මිතෙල් ගාපු ගැරඬියා වගේ අතුරැදහන් උනා...

    අන්කල්... ඔහොම ගියොත් කොටුවට යන්න කලින් අන්කල්ගේ පිටේ "‍බ්‍රෙස්ට් කැන්සර්" හැදෙයි.....

    -------------------------------------------------

    මේ තුන්වෙනි කථාව.... ඔය පවර්සෙට් වල යන අයට වෙන දෙයක් තමයි කෝච්චි පැද්දෙන විදියට පැද්දෙන එක... මේකත් කිරි ගොට්ට ඇතිල්ලීමේ තවත් එක් ක්‍රමයක්.... වැලමිට වද්දමින් පැද්දෙන එක...දවසක් කොටුවෙන් පිටත් වෙච්ච කෝච්චයක මනුස්සයෙක් ලඟ හිටිය ගෑණු දරැවාගේ පපුවේ මේ වැලමිට අතුල්ලන වැඩේ පටන් ගත්තලු... මේ ළමයත් ඉවසගෙන හිටිය.... (කැමති නිසාද දන්නේ නැහැ) මරදානට ආවා... දැන් මේ මනුස්සයා කොච්චිය පැද්දෙන රිද්මෙට අත පද්දනවා... කොච්චිය නැවැත්තුවාම වැඩේ නවත්තනවා....කෝච්චිය යන්න පටන් ගත්තාම ආයිත් පටන් ගන්නවා... මරදානට ආවා.... කෝච්චය නැවැත්තුවා... ‍යන්න පටන් ගත්තාම මනුස්සයා වැඩේ පටන් ගත්තා.... අර ගෑණු ළමයා අර මනුස්සයාගේ පැත්තට බර වෙලා‍‍ මෙහෙම කිව්වලු...

    "අයියේ ඒ යන්නේ අනිත් පැත්තේ කෝච්චිය....."


    දැන් "ආතල්" කථා ටික බැලුවනේ.... හැබැයි මේ බොහොම සරළ "ආතල්" කථාවලින් මට කියන්න් ඕනේ උනේ වෙන දෙයක්... මොකද මෑතකදී මගේ හිතවතියක් මට කිව්වා මේ මානව හිමිකම් ගැන ලියන ලිපි පෙල තේරෙන්නේ නැහැ කියලා... මේ වඩාත් සරළව නීති ගැන හඳුනවලා දෙන්න ගත්ත තවත් උත්සහයක්.. මේ හැම සිද්ධියක්ම ශ්‍රී ලංකාවේ නිති පද්ධතියට අනුව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගතහැකි.... වසර 7 ක් දක්වා සිරදඬුවම් ලබාදිය හැකි වැරදි.....ශ්‍රී ලංකා වේ දණ්ඩ නීති සංග්‍රහයේ 1983 අංක 12 පනත, 1995 අංක 22 සහ 1998 අංක 29 දරණ සංශෝධන පනත් වලට අදාලව "කාන්තාවකගේ හිරිඔතප් බිඳීමට තැත්කිරීම" යටතේ අත්අඩංගුවට ගෙන වැරදිකරැ වුවහොත් උපරිමය වසර 7 දක්වා සිරදඬුවම්ද වන්දි ද නියම කල හැකි වැරදි... ලංකාව තුල කාන්තාවන් ගේ ආරක්ෂාව සඳහා මනා නීතිපද්ධතියක් ඇතත් එය නිසිලෙස ක්‍රියාත්මක නොවීමත් තුල එදත් අදත් හෙටත් කාන්තාව මෙවැනි අතරවරයන්ට මුහුන දෙනු ඇත....

    Honda Nam Salakala Yanna

    Issuwe Methanin
    Click Here
    Re Post Nam Sorry
     
    Last edited:

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    කාන්තාවකගේ හිරිඔතප් බිඳීමට තැත්කිරීම" ය&#

    කාන්තාවකගේ හිරිඔතප් බිඳීමට තැත්කිරීම" යටතේ අත්අඩංගුවට ගෙන වැරදිකරැ වුවහොත් උපරිමය වසර 7​