කින්නියා සිද්දිය
කින්නියා කන්දල්කාඩු ප්රදේශයේ අනවසරයෙන් වැලි ගොඩ දාපු කණ්ඩායමක් වැටලීමට ගිය නාවික හමුදා නිලධාරීන් හතර දෙනෙක්ට අද වෙච්ච දේ දන්නවද?
අල්ලගෙන දණ ගස්සල පොලු මුගුරු වලින් පහර දීලා. නාවික හමුධා නිලධාරියෙකුගෙ දතක් කඩලා. තව අපේ කොල්ලෙක්ට මේ ලියන මොහොත වෙනකන්ම සිහිය නෑ. දෙන්නෙක් පණ බේරගෙන තියෙන්නෙ වතුරට පැනල පීනලා. හැබැයි පණ බේරගන්න ඒ තරං අසරණ වෙලා පැනල යන්න සිද්ධ වෙච්ච උන් දෙන්නට මම මුකුත් කියන්නෑ. Disciplinary action එකෙන් උන් දෙන්නගෙ රස්සා නැති උනයි කියමුකො. ඒත් උන් එතන ගුටි කාගෙන හිටියත් මේ රටේ ආණ්ඩුවෙන් උන්ට කරන සෙතක් නෑ.
Raid එක කරනකොට අහසට තිබ්බ පුස් වෙඩි දෙකට බය වෙච්ච පාර ගඟට පැනල පීනන්න ගිය තුන්දෙනාගෙන් දෙන්නෙක් ගඟේ ගිලෙනවා. බොඩීස් හම්බ වෙනකන් වැටලීම කරපු නිලධාරීන්ව දෙන්නෙ නෑ කියල ඔවුන්ව ප්රාණ ඇපයට ගත්ත තක්කඩි අත් උස්සලා දණ ගස්සලා අපේ කොල්ලන්ට පහර දෙනවා මෙහා ඉවුරෙ හිටපු නාවිකයො දැක්කට ඔවුන්ට කර කියාගන්න දෙයක් නෑ. ලේසියෙන් කම්පනයට පත් නොවෙන marine පුහුණුව ලබපු උන් අන්තිමේ කියන්නෙ මෙච්චරයි.
"සර් අපිව ඉස්පිරිතාලෙ ගෙනියන්න එපා, අපිව නේවි කෑම්ප් එකට ගෙනිහිං දාන්න."
STF එකෙන් වෙපන් අරං එතෙන්ට බැස්සට කරන්න දෙයක් නැතුව පැය ගාණක් අපේ කොල්ලො ගුටි කෑවෙ අපේම හමුදාවට පෙනි පෙනීමයි. මොකද්දෝ කාලකණ්නිකමකට ලෝකෙ හිටපු හොඳම හමුදාවට රටේ නීතිය රකින්න ගිහිං නන්නත්තාර වෙන්න ගුටි කන්න උනෙත් උන් නිසා පණ බේරගත්ත කාලකණ්නින්ගෙන්මයි. පැය ගාණක් තිස්සෙ කරපු මෙහෙයුමකින් පස්සෙ සිහි නැතුව වැටිල හිටපු කොල්ලවයි අනෙක් නිලධාරියවයි ඇතුළු පිරිස බේරගන්න යාන්තමින් පුළුවන් උනෙ මේ දැං.
හොඳම දේ කියන්නෙ...
යුනිෆෝම් ඇඳගෙන හිටපු ආරක්ෂක අංශයේ නිලධාරීන්ට සිහි නැතිවෙන්න ගහපු එක මීඩියා වලිං හෝ ගාලා වහනවා. කාගෙ උවමනාවටද ඒ? නීතිය ක්රියාත්මක කරන්න වෙයි කියල බයටද?
මෙච්චර වෙලා මේක ඉවර වෙලා අපේ අයව ආරක්ෂිතව මුදාගන්නකන් කට වහන් හිටපු හමුදාවෙම කොල්ලො ඇස්වල කඳුළු පුරවන් අසරණ වෙලා බලන් ඉඳිද්දි අර සිහි නැතුව ඉන්න අහිංසක කොල්ලටයි ඩියුටිය කරන්න ගිය නේවි එකේ ඉතුරු නිලධාරි ටිකටයි සාධාරණයක් කරන්න අල්ලන් ගහපු සෙට් එක අත්තඩඟුවට ගන්න කියල කිය කිය උද්ඝෝෂණ කරන්න බල්ලෙක්වත් නෑ.
මේ මොහොතේ සිහිය නැතුව රෝහලේ ඇඳක් උඩ හතර ගාතෙන් වැටිල ඉන්න නාවික හමුදා නිලධාරියට ඉක්මණ් සුව පතනවා. හැබැයි මේ අපරාධෙ කරපු එවුන්ව අත්තඩංගුවට ගනීද කියල කියන්න අමාරුයි. මොකද මේ කොල්ලන්ට පැය ගාණක් තිස්සෙ අමානුෂික විදිහට පහර දුන්නෙත් මේ ආණ්ඩුවෙ බලවතෙක්ගෙ ආශිර්වාදය තියන මැර පිරිසකුයි.
#සුහාරා
video
https://www.facebook.com/SuharaSPerera/videos/2281829495162652/

උතුරේ හිටියෙත් මේ හමුදාවම තමයි. අපේ කොල්ලෝ අරක මේක බොලු බයිලා. හමුදාව කියන්නේ පාලකයන්ගේ අතකොළුවක් විතරයි.
gon haraka, prashne kiyawapiya hariyata