කිමිදුම් ලෝක ශූරිය මුහුදේ සැඟවෙයි

fodo77

Active member
  • Feb 3, 2015
    392
    178
    43
    කිමිදුම් ලෝක ශූරිය මුහුදේ සැඟවෙයි

    කිසිදු උපකරණයක් භාවිතා නොකර දියයට නිදහස් කිමිදීමේ ලෝක වාර්තා 41ට හා ලෝක ශූරතා 23ට හිමිකම් කියූ නතාලියා මොල්චනෝවා (53) මහත්මිය ස්පාඤ්ඥය ආසන්න මුහුදේ කිමිදෙමින් සිටිය දී අතුරුදන්ව ඇතැයි සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කරයි.

    රුසියන් ජාතික කාන්තාවක් වන ඇය තම හිතවතුන් පිරිසක් පමණ මීටර 40ක් පමණ ගැඹුරේ කිමිදෙමින් සිටිය දී නොපෙනී ගොස් ඇතැයි පැවසේ. මුහුදේ අභ්‍යන්තර දිය වැලකට හසුව ඇය ගසාගෙන යන්නට ඇතැයි ජීවිතාරක්ෂක ඒකක පවසයි.

    ඇගේ පවුලේ අය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන පුතු ඇලෙක්සේ මොන්චනෝ (28) මහතා පවසන්නේ තම මව මියයන්නට ඇතැයි විශ්වාස කරන බවයි. ඔහුද පිහිනුම් ලෝක වාර්තා හතරකට හිමිකම් කියන පුද්ගලයෙකි.
    ‘‘මගේ අම්මා මිය යන්නට ඇතැයි අපි පවුලේ සියලු දෙනාම විශ්වාස කරනවා. ඇගේ මරණය අපටත් ඒ වගේ ම කිමිදුම් ක්ෂේත්‍රයේ සිටින අයටත්, ඇයට ඇලුම් කළ සියළු දෙනාටත් වේදනාකාරී සිදුවීමක් වුවත් ඇය හැමදාමත් ඇලුම් කළ මුහුදේදී ම මරණය සිදුවීම ගැන ඇය සතුටට පත්වනවා ඇති “ යැයි ඔහු මාධ්‍යයට කීවේය.

    2014 සැප්තැම්බරයේ ඇය උපකරණ රහිතව වේගයෙන් මුහුද යට කිමිදීමේ ලෝක වාර්තාවට හිමිකම් කිවාය. ඒ එක හුස්මක් රැගෙන එක වරලක් පමණක් භාවිතා කරමින් වේගයෙන් මීටර 237ක් කිමිදීමෙනි. ඇය අඩි 331ක් දිය යට කිමිදීමෙන් තැබූ ලෝක වාර්තාවේ දී විනාඩි නමයක් හුස්ම නොගෙන සිටීම ද විශේෂත්වයකි.

    කෙසේ වෙතත් ඇය සම්බන්ධයෙන් සෙවුම් කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


    diving-Copy.jpg


    from :- http://www.lankadeepa.lk/index.php/articles/338196


     
    Last edited:
    • Like
    Reactions: arsehole-froce

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    මචන්ලා විනාඩි නවයක් හුස්ම නොගෙන ඉන්නවා කියන එක කරන්න පුලුවන්ද ?:no:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අතුරුදන් උනේ කොහොමඩ බන්.නෝමලි ෆ්‍රීඩයිව් කරනවනම් සේෆ්ටි ඩයිවර්ස්ල දානව.මෙයා තනියම ගිහින් බැලැකවුට් උනාද දන්නෑ :(
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ලා විනාඩි නවයක් හුස්ම නොගෙන ඉන්නවා කියන එක කරන්න පුලුවන්ද ?:no:
    ඒක භාවනාවක් වගේ මචන්.ප්‍රැක්ටිස් කරොත් පුලුවන් :) ලන්ග් කැපෑසිටි එක තරමක් දුරට වැඩි කරගන්න එක කරන්නෙ.නෝමල් මිනිහෙක්ගෙ ලන්ග් කැපෑසිටි එක 6L වගේ වෙන්නෙ.ෆ්‍රී ඩයිවර්ස්ලගෙ 8L වගේ වෙනකම් එක්ස්පෑන්ඩ් වෙනව.