කිඹුලාවල කුණු කෑම කඩ 14කට නඩු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තලවතුගොඩ, කිඹුලාවල හන්දිය ආසන්නයේ පවත්වාගෙන යන රාත්‍රී වීදි ආහාර වෙළඳසල්වල සිදුකළ හදිසි ආහාර වැටලීමකදී සෞඛ්‍ය ආරක්ෂිත බවින් තොර මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ ස්ථාන දාහතරකට නඩු පවරා ස්ථාන හයකට එරෙහිව නිවේදන නිකුත් කළ බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කෝසල මුතුකුමාරණ මහතා පැවසීය.

    නිවේදන නිකුත් කළ ස්ථාන හයකට ලබා දුන් උපදෙස් දින 14 ක් ඇතුළත නිසි ලෙස සම්පූර්ණ නොකළහොත් එම ස්ථානවලට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් කීය.

    මෙම වැටලීමේ දී තලවතුගොඩ සහ කොට්ටාව යන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසම් දෙකෙහි රාත්‍රී කාලයේ පමණක් පදිකවේදිකාවේ පවත්වාගෙන යන ජංගම වෙළඳසැල් 55 පරීක්ෂාවට ලක් කෙරුණු බව මහරගම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.



    ඒ අතර කිඹුලාවල හන්දියේ street food අලෙවිසල් 35 පමණ වූ බවත් පැවසේ.

    මෙම පරික්ෂාවේ දී කිඹුලාවල හන්දියේ පවත්වාගෙන යන සෑම වෙළඳ සළකම ආහාර අලෙවිය සඳහා කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් භාවිතා නොකරන අයුරු දක්නට ලැබූ බවත්, මුව ආවරණ අත් ආවරණ හා හිස් වැසුම් පැළඳ නොසිටි බවත් පැවසේ. පිටි කෑම, මස් මාලු, මාළු කෑම, නූල්ස්, සොසේජස් ඇතුළු කෑම වර්ග විවෘතව මේස මත ප්‍රදර්ශනය කර අලෙවි කිරීම නිසා එම ආහාරවලට දූවිලි සහ වාහනවලින් පිටවන අධික දුමාරය සෘජුවම මිශ්‍ර වීමෙන් ආහාර දූෂණයට ලක්වන අයුරු දක්නට ලැබුණු බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලින් කල්දේරා මහතා පැවසීය.

    ඊට අමතරව පිසූ ආහාර, අමු ආහාර සමඟ එකට තැබීම, මලකඩ බැඳුණු යකඩ තැටි මත මස් බැදීම, ඒ සඳහා භාවිත කරන තෙල් දින ගණනක් භාවිතා කිරීම නිසා කළු පැහැ ගැන් වූ තෙල් භාවිතා කිරීම, කොත්තු, රයිස්, නූඩ්ලස් වැනි අමු ආහාර ලෑලි මත තබා පරිසරයට නිරාවරණය කරමින් ප්‍රදර්ශනය කර තැබීම,

    ඒවාට දැඩි ලෙස දූවිලි වැදීම දක්නට ලැබුණු බවත් කල්දේරා මහතා පැවසීය.

    වෙළඳ සල් වලින් බැහැර කෙරෙන අප ජලය ජල බස්නා පොදු කානුවට බැහැර කිරීම, කසළ බඳුන් විවෘතව තැබීම හා වෙළඳසැල් අපිරිසිදුව පවත්වාගෙන යාම යන කරුණු අනාවරණය වූ බවත් පැවසේ.

    ඊට අමතරව කොට්ටාව ප්‍රදේශයේ පදික වේදිකාවේ පවත්වාගෙන ගිය වෙළඳසලක නරක් වූ කුකුළු මස් කිලෝ එක හමාරක් හා කෘමීන් සහිතව භාවිතා කළ රසකාරක යුෂ බෝතල් කිහිපයක් ද විනාශ කිරීමට පියවර ගත් බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලින් කල්දේරා මහතා කීය. දොඩම් බීම සෑදීමට පෙර එහි යුෂ ලබාගැනීමට භාවිත කරන යන්ත්‍රයක අධික ලෙස මලකඩ බැඳී තිබීමත්, කොට්ටාව නගරයේ පදික වේදිකාවේ දූවිලි සහිතව ත්‍රිරෝද රථයක තබාගෙන ඉදිආප්ප අලෙවි කළ ස්ථානයක් හමු වූ බවත් පැවසේ.



    ඒ අනුව ආහාර පනත උල්ලංඝනය කරමින් සෞඛ්‍යාරක්ෂිත බවින් තොර මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර ප්‍රදර්ශනය කිරීම, අලෙවි කිරීම යන චෝදනා යටතේ රාත්‍රී වීදි ආපන ශාලා 14 එරෙහිව කඩුවෙල අධිකරණයේ නඩු පැවරූ බවත් ස්ථාන 6 කට නිවේදන නිකුත් කොට දින 14ක් ඇතුළත ස්ථාන පිරිසුදු කර ගන්නා ලෙසට උපදෙස් දුන් බවත් පැවසේ. මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කෝසල මුතුකුමාරණ මහතාගේ අධීක්ෂණය යටතේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලින් කල්දේරා මහතාගේ මෙහෙයවීමෙන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වන විජේසූරිය, මාධව, තිලකරත්න, වන්නිආරච්චි, ගයාන්, ෂෙහාන්, කාන්ත්, රණසිංහ, රවීන්ද්‍ර ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකර ඉදිරි පරීක්ෂණ පවත්වති.

    https://elakiri.com/threads/කිඹුලාවල-කෑම-කඩ-middle-class-power.2093721/

    https://elakiri.com/threads/කිඹුලාවල-වීදි-ආහාර-සෞඛ්‍යාරක්ෂිතද.2113146/

    https://elakiri.com/threads/කිඹුලාවල-street-food-කඩ-ඉවත්-කරන්නැයි-දැනුම්දීමක්-📛.2118841/
     
    • Like
    Reactions: Cenon and vito

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    munta padi gewanne.masa ganakata parak witharak alla tv , patyara wala danna pinguththra kalakni pin padi karayo.
    maru job nikan padi ,

    Plan andala salli hoyana ela godak un karan e free time eke job eke wadak nathi nosa phi
    ------ Post added on Dec 6, 2023 at 4:29 PM
     

    Similar threads