කිඹුලාගෙන් අලි පැටියා බේරුණු හැටි
දකුණු අප්‍රිකාවේ කෘනර් ජාතික වනෝද්‍යානයේ විඩා නිවමින් සිටි ආධුනික ඡායාරූප ශිල්පියකු වූ ජෝන් ඔපර්මන් අලි පැටවකු කෑගසන අයුරු ඇසී වටපිට බලනවිට දුටුවේ ඇගලොමුදැහැගන්වන දර්ශනයකි. ඒ දැවැන්ත කිඹුලෙක් විසින් අලි පැටවකුගේ හොඬෙන් ඇදගෙන වතුරකට ගෙන යැමට දරන උත්සාහයයි. අලි පැටියාගේ කෑගැසීම ඇසූ අලි රැළත් විගස වතුර අසළටවිත් කිඹුලාව පාගා දැමීමට සැරසීමත් සමගම අලි පැටියාගේ හොඬය අත්හැරි කිඹුලා වතුරට වැදී නොපෙනී ගියේය.
මෙහිදී දිවිගලවාගත් අලි පැටවා මැදිකරගත් අලි රැළ කිඹුලා සිටි ස්‌ථානය සමීපයේ වතුරට බැස එගොඩ වූහ. මේ සම්බන්ධයෙන් වනෝද්‍යානයේ නිලධාරීහු පැවසුවේ මෙය අතිශයින්ම දුර්ලභ සිද්ධියක් බවයි. කිඹුලන් අලින්ව ගොදුරුකර ගැනීමට ක්‍රියානොකරන බව ඔව්හු පැවසූහ.
එහෙත් ඡායාරූප ශිල්පී ඔපර්මන් පැවැසුවේ අලි රැළ නොපැමිණියේ නම් කුඩා අලි පැටවා කිඹුලාට ගොදුරක් වන බවයි.
මෙම දර්ශනය දැකීමෙන් තමා කලබලයට පත්ව කැමරාව ක්‍රියාත්මක කළ බවත් ආපසු හෝටල් කාමරයට පිවිස දර්ශන පරීගණකය වෙත යොමු කළ විට එම ඇඟ ලොමුදැහැගන්වන දර්ශනය එහි සටහන් වී තිබූ බවත් ඔපර්මන් හෙළි කළේය. මෙම කුඩා අලි පැටවා වතුරේ ගිලෙමින් ස්‌නානය කර ආපසු ගොඩට යැමට උත්සාහ කිරීමේදී කිඹුලා විසින් හොඬය අල්ලාගෙන තිබෙනවා යෑයි ඔපර්මන් හෙළි කළේය.
කිඹුලා අලි පැටියාගේ හොඬ හපාගෙන වතුරට ගෙන යැමට උත්සාහ කළත් අලි පැටියා දිවි ගලවා ගැනීමේ උත්සාහය අතහැරියේ නැහැ යෑයි ඔහු ප්‍රකාශ කළේය.
>>>>>