දුෂ්ට පාලනය - ඉරිදා දිවයින 29.05.2016

monson

Well-known member
  • May 7, 2007
    25,599
    28,552
    113
    දුෂ්ට පාලනය - ඉරිදා දිවයින 29.05.2016

    දුෂ්ට පාලනය - ඉරිදා දිවයින 29.05.2016

    මේ දුෂ්ට දේශපාලනඥයන් විසින් නීතිගරුක නිලධාරීන්ගේ මෙන්ම පුරවැසියන්ගේ පිටකොඳු කඩා ඔවුන් සදාකාලිකව නිහඬ කර තිබුණේය. එහෙත් 2015 වර්ෂයේ ජනවාරි 08 වැනිදා ඒ දුෂ්ට පාලනය රටින් තුරන් කර දැමුවේය. සදාකාලිකව රට පාලනය කිරීමට හැකි යෑයි සිහින මවමින් සිටි රාජපක්‍ෂ ආණ්‌ඩුව ගෙදර යෑවූ මෛත්‍රිපාල සිරිසේන රටේ පාලනය සියතට ගත්තේය.

    එතැන් පටන් රටේ නීතිය නැවත රජ කරන්නට පටන් ගත්තේ මුළු ලෝකයටම ආදර්ශයක්‌ ලබා දෙමින්ය. වසර තුනක්‌ තිස්‌සේ අසාධාරණයට ලක්‌වෙමින් අඩි හයක්‌ පොළොව යට දැවෙමින් තිබූ තාජුඩීන්ගේ මරණයේ සත්‍ය සෙවීම ආරම්භ විණ.

    දුෂ්ට කෲර දේශපාලනඥයන් කීපදෙනෙකුගේ අවශ්‍යතාව මත ඔවුන් වටා සිටි යමපල්ලන් විසින් විනාශ කර දැමූ ඒ කීර්තිමත් ක්‍රීඩකයාට සාධාරණයක්‌ ඉටුවන ලකුණු පහළ වන්නට විය.


    - ඉරිදා දිවයින 28.06.2016


    මියගොස්‌ වසර හතරක්‌ ගියත් තවමත් 'ජීවත්වන' තාජුඩීන්ගේ අලුත්ම තොරතුරු මෙන්න

    මේක ඇක්‌සිඩන්ට්‌ එකක්‌ අපට කරන්න දෙයක්‌ නෑ... සොරි
    තජුඩීන් ගේ නෑයින්ට එදා අනුර සේනානායක කිවිවේ එහෙමයි

    මොහොමඩ් වසීම් තාජුඩීන් නමැති ජනප්‍රිය රගර් ක්‍රීඩකයා කෲර අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය තරම් ආන්දෝලනයට ලක්‌ වූ මිනිස්‌ ඝාතනයක්‌ මෑත ඉතිහාසයේ වාර්තා නොවූ තරම් ය.

    වර්තමානය වන විට තාජුඩීන් ඝාතන සිද්ධිය දිනෙන් දිනම අලුත් වන කිසිවිටෙකත් එය පිළුණු නොවනු ප්‍රවෘත්තියක්‌ බවට පත්ව තිබෙයි.

    තාජුඩීන් මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ වූ පුද්ගලයන් මෙන්ම ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන් මේ දිනවල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම නිසාම මේ ප්‍රවෘත්තිය රටේ ප්‍රධාන මාතෘකාවක්‌ වී හමාරය.

    වසීම් තාජුඩීන්ගේ ඝාතන පරීක්‍ෂණ යට ගැසීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක පසුගිය 23 වැනිදා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙම අත්අඩංගුවට ගැනීමෙන් පොලිස්‌ දෙපාර්තමේන්තුව පමණක්‌ නොව මුළු රටම උණුසුම් විය.

    2012 වර්ෂයේ මැයි මස 17 වැනිදා නාරාහේන්පිට ශාලිකා ශාලාව අසලදී සිදු වූ අනතුර රිය අනතුරක්‌ ලෙස සටහන් තැබීමට නාරාහේන්පිට පොලිසියේ රථවාහන අංශයේ ස්‌ථානාධිපති සරත්චJද්‍රට සහ අපරාධ අංශයේ ස්‌ථානාධිපති සුමිත් ධම්මික පෙරේරා ට නියෝග ලබා දී තිබුණේ අනුර සේනානායක විසින් බව මෙහිදී හෙළි විය.

    තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් නිවැරැදි ක්‍රමවත් පරීක්‍ෂණයක්‌ නොකර පූර්ව නිගමනයකට පැමිණ සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිසිපතිවරයා මෙය හදිසි අනතුරක්‌ නිසා සිදු වූ මරණයක්‌ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේය.

    තාජුඩීන්ගේ පියා සහ පවුලේ ඥාතීන් හමු වූ අනුර සේනානායක ඔවුන්ට කියා සිටියේ ද මේක ඇක්‌සිඩන්ට්‌ එකක්‌. අපට කරන්න දෙයක්‌ නැහැ සොරි" යනුවෙන් ය.

    සාක්‍ෂි වසන් කිරීම, කුමන්ත්‍රණය කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් අනුර සේනානායක බන්ධනාගාරගත කළේ තවත් ප්‍රශ්නාර්ථ රැසක්‌ ඇති කරමින් ය.

    තාජුඩීන් ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වසරකුත් මාස තුනකට ආසන්න කාලයක්‌ තිස්‌සේ සිදුකළ අති දුෂ්කර පරීක්‍ෂණවල ප්‍රතිඵලයක්‌ ලෙස මුලින්ම අත්අඩංගුවට පත්වන්නේ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති සුමිත් ධම්මික පෙරේරා ය.

    පසුව මෙම අභිරහස්‌ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්‌පති අමරසිරි සේනාරත්නගෙන් ද ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේය.

    හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායකගෙන් ප්‍රශ්න කිරීම් ඇරඹෙන්නේ ඉන් පසුවය. ඉකුත් 18 සහ 19 යන දිනවලදී අනුර සේනානායකගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ අතර, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව 23 වැනිදා ඔහු අත්අඩංගුවට ගත්තේය. පසුව ඔහු විශේෂ ආරක්‍ෂාවක්‌ යටතේ බන්ධනාගාරගත කෙරිණි.

    ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාවේ දීප්තිමත් තරුවක්‌ බවට පත්ව සිටි වසීම් තාජුඩීන් ඝාතනයට ලක්‌ වන්නේ 2012 වර්ෂයේ මැයි මස 17 වැනිදා අලුයම් කාලයේදීය.

    තාජුඩීන්ගේ මරණය ඉතාම සැක සහිත එකක්‌ බව ඔහුගේ පවුලේ ඥතීන් මෙන්ම නීතිගරුක පුරවැසියන් හො¹කාරවම දැන සිටියහ. එහෙත් එදා පැවැති අනාරක්‍ෂිත දේශපාලන වාතාවරණය තුළ මේ මරණය ඝාතනයක්‌ බව ප්‍රසිද්ධියේ කීමට තරම් ශක්‌තියක්‌ තිබූ පුද්ගලයකු ඉදිරිපත් වූයේ නැත.

    මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කළ පොලිස්‌ නිලධාරීන් පවා එකහඬින් කියා සිටියේ තාජුඩීන්ගේ මරණය සිදු වී ඇත්තේ හදිසි අනතුරක්‌ නිසා බවය. මේ ප්‍රකාශ පොලිසිය විසින් නිකුත් කළේ අදෘෂ්‍යමාන දේශපාලන බලවේග සහ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන්ගේ නියෝග අනුව බව එදා ප්‍රසිද්ධ රහසක්‌ බවට පත්ව තිබුණේය.

    tha3.jpg

    තාජුඩීන්ගේ පවුලේ ඥාතීන් මෙන්ම නීතිගරුක පුරවැසියන් මේ දුෂ්ට දේශපාලන හස්‌තයන් හමුවේ අසරණ වූහ. සත්‍ය කරළියට ගෙන ඒමට තරම් ශක්‌තිමත් පුද්ගලයෙකු එදා සිටියේ නැත.

    මේ දුෂ්ට දේශපාලනඥයන් විසින් නීතිගරුක නිලධාරීන්ගේ මෙන්ම පුරවැසියන්ගේ පිටකොඳු කඩා ඔවුන් සදාකාලිකව නිහඬ කර තිබුණේය. ඒ නිසාම තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරක්‌ ලෙස සදාකාලිකව වැළලී යැමට ඉඩ දී තිබිණි.

    එහෙත් 2015 වර්ෂයේ ජනවාරි 08 වැනිදා ඒ දුෂ්ට පාලනය රටින් තුරන් කර දැමුවේය. සදාකාලිකව රට පාලනය කිරීමට හැකි යෑයි සිහින මවමින් සිටි රාජපක්‍ෂ ආණ්‌ඩුව ගෙදර යෑවූ මෛත්‍රිපාල සිරිසේන රටේ පාලනය සියතට ගත්තේය.

    එතැන් පටන් රටේ නීතිය නැවත රජ කරන්නට පටන් ගත්තේ මුළු ලෝකයටම ආදර්ශයක්‌ ලබා දෙමින්ය. වසර තුනක්‌ තිස්‌සේ අසාධාරණයට ලක්‌වෙමින් අඩි හයක්‌ පොළොව යට දැවෙමින් තිබූ තාජුඩීන්ගේ මරණයේ සත්‍ය සෙවීම ආරම්භ විණ.

    දුෂ්ට කෲර දේශපාලනඥයන් කීපදෙනෙකුගේ අවශ්‍යතාව මත ඔවුන් වටා සිටි යමපල්ලන් විසින් විනාශ කර දැමූ ඒ කීර්තිමත් ක්‍රීඩකයාට සාධාරණයක්‌ ඉටුවන ලකුණු පහළ වන්නට විය.

    අපරධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තාජුඩීන්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වූ පරීක්‍ෂණ කටයුතු මුල සිට ආරම්භ කළේය.

    එහෙත් එය ලෙහෙසි පහසු කටයුත්තක්‌ වූයේ නැත. තාජුඩීන්ගේ මරණය මිනීමැරුමක්‌ ලෙස ඔප්පු කිරීමට තිබු බොහෝ සාක්‍ෂි ඒ වන විට විනාශ කර තිබිණි. තාජුඩීන්ගේ ශරිරයේ ඇතැම් කොටස්‌ පවා ඒ වන විට අතුරුදන්ව තිබුණේ පරීක්‍ෂණ කටයුතු ඉදිරියට කරගෙන යැමට නොහැකි වන ලෙස ය.

    තාජුඩීන් ඝාතන පරීක්‍ෂණයට ඇතැම් පොලිස්‌ නිලධාරීන්ගෙන් කිසිදු සහායක්‌ ලැබුණේ නැත. අධිකරණ වෛද්‍ය නිලධාරීන් මෙන් ම මෙම ඝාතන පරීක්‍ෂණයට අදාළ තොරතුරු ලබා දෙන ආයතන බොහෝමයක්‌ පස්‌ස ගසන්නට පටන් ගත්තේ පරීක්‍ෂණ කටයුතු අවුල් කර දැමීමේ පරමාර්ථයෙන් ය.

    රාජපක්‍ෂ පාලන සමයේ විවිධ වරදාන වරප්‍රසාද භුක්‌ති විඳිමින් පෝෂණය වූ දුෂ්ඨ නිලධාරීන් තාජුඩීන්ට සාධාරණයක්‌ ලබාදීමට කිසිවිට ඉදිරිපත් වූයේ නැත. එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කීර්තිමත් නිලධාරීන් මේ කිසිවකින් සැලුනේ නැත. අධෛර්යට පත් වුණේ ද නැත. ඔවුන් තාජුඩීන්ට සාධාරණයක්‌ ඉටු කර දීමට ඉදිරිපත් වුණේ සිය ජීවිත ගැන පවා තිබූ ආශාවන් අත්හරිමින් ය.

    තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ අලුත්ම පරීක්‍ෂණවලින් ඉතාම වැදගත් සාක්‍ෂි රැසක්‌ අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සමත්ව සිටියි.

    අනතුරට ලක්‌ වූ මෝටර් රථයේ පිලිස්‌සී ගිය තාජුඩීන්ගේ සිරුර තිබුණේ මෝටර් රථයේ වම්පස අසුනේය. තාජුඩීන් තනිවම වාහනය පදවාගෙන ගියේනම් ඔහුගේ සිරුර තිබිය යුත්තේ රියෑදුරු අසුනේය. එයින් පැහැදිලි වූයේ තාජුඩීන්ගේ සිරුර මෝටර් රථය ඉදිරිපස අසුනේ තබාගෙන කිසියම් පුද්ගලයකු විසින් එය පදවාගෙන ගොස්‌ ඇති බවය. මේ අතර තාජුඩීන්ගේ සිරුරේ තිබූ සියලු තුවාල අස්‌ථි බිඳීම් මොට ආයුධවලින් පහර දීම නිසා ඇති වූ ඒවා බව අලුතින් සිදු කළ මරණ පරීක්‍ෂණ වාර්තාවෙන් අනාවරණය විණි. තාජුඩීන්ගේ මුඛයේ දත් තුනක්‌ බිඳී තිබූ අතර එම දත්වල කොටස්‌ පවා මෝටර් රථය තුළ තිබුණේ නැත.

    තාජුඩීන්ගේ මුල් මරණ පරීක්‍ෂණ වාර්තාවෙන් හෙළිකර තිබුණේ එම දත් බිඳි විනාශ වී ඇත්තේ පිළිස්‌සීම නිසා බවය. මේ වාර්තාව විහිළු සහගත මරණ පරීක්‍ෂණ වාර්තාවක්‌ විය.

    තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් මුලින්ම මරණ පරීක්‍ෂණ පැවැත්වූයේ අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරකෝන් ය. මුලින් ලබා දී තිබූ මරණ පරීක්‍ෂණ වාර්තා එකිනෙකට පරස්‌පර වාර්තා වීම විශේෂ සිදුවීමකි.

    විවිධ උප්පරවැට්‌ටි යොදමින් තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරක්‌ නිසා සිදු වූවක්‌ ලෙස හුවා දැක්‌වීමට අධිකරණ වෛද්‍ය නිලධාරීන් මෙන්ම පොලිස්‌ නිලධාරීන් උත්සාහ කළ ද එය මේ වන විට නිකම්ම නිකන් පුස්‌සක්‌ බවට පත් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සමත්ව සිටිති.

    තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් අලුතින්ම මරණ පරීක්‍ෂණයක්‌ කිරීමේ කාර්ය පැවරුණේ අධිකරණ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා වෙත ය. තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් අලුතින් සිදුකළ මරණ පරීක්‍ෂණයෙන් පසු එය මිනීමැරුමක්‌ බව තහවුරු විණි.

    වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ක්‍රමවත් පරීක්‍ෂණයක්‌ ක්‍රියාත්මක කරගෙන යද්දී ඊට සම්බන්ධ වූවන්ගේ ඉහමොළ රත්වන්නට පටන් ගත්තේය. ඔවුන් මරු විකල්ලෙන් මෙන් කෑ ගසමින් තම නිර්දොaෂීභාවය කියාපෑමට උත්සාහ කරමින් සිටිති. එහෙත් මේ පාපතරයන්ට කිසිදා සත්‍ය වසන් කළ නොහැක.

    ගල්කිස්‌ස ශාන්ත තෝමස්‌ විද්‍යාලයෙන් බිහි වූ අති දක්‍ෂ රගර් ක්‍රීඩකයකු වූ තාජුඩීන් කලක්‌ ජාතික කණ්‌ඩායමේ උප නායකයා ලෙස ද කටයුතු කළේය. වසර කීපයක්‌ ම ජනප්‍රිය රගර් ක්‍රීඩකයා වීමේ වරම් දිනාගත් තාජුඩීන් හැව්ලොක්‌ස්‌ රගර් ක්‍රීඩා සමාජයේ ජනප්‍රියම තරුව බවට පත්ව සිටියේය.

    හිටපු ජනාධිති මහින්ද රාජපක්‍ෂගේ පුත්‍රයන් වන නාමල්, යෝෂිත සහ රෝහිත් පාසල් සමයේ සිටම තාජුඩීන් සමීපව ඇසුරු කළේය. එකට රගර් ක්‍රීඩාවේ යෙදුණේය.

    අයුක්‌තිය අසාධාරණය හමුවේ තාජුඩීන් හැම විටම නැගී සිටියේය. අසාධාරණයක්‌ සිදුවන ඕනෑම තැනක ඊට එරෙහිව සටන් කිරීමට ඔහු දෙවරක්‌ සිතා බැලුවේ නැත. රාජපක්‍ෂ සොහොයුරන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් තාජුඩීන් රිස්‌සුවේ නැත. මොවුන් ජනාධිපතිවරයාගේ පුත්‍රයන් කියා ඔවුන් සමඟ විශේෂ මිත්‍රත්වයක්‌ පවත්වා ගෙන යැමට ද තාජුඩීන්ට අවශ්‍ය වූයේ නැත.

    හැව්ලොක්‌ස්‌ ක්‍රීඩා සමාජයේ අයිතිය සම්බන්ධයෙන් පහුගිය රජයේ එක්‌තරා තරුණ දේශපාලනඥයකු සහ තාජුඩීන් අතර ආරවුලක්‌ ඇති වුණේය. රගර් ක්‍රීඩාවට මහත්සේ ඇලුම් කළ මේ තරුණ දේශපාලනඥයාට හැව්ලොක්‌ස්‌ ක්‍රීඩා සමාජය තමන් වෙත ලබා ගැනීමට අවශ්‍ය විය.

    එහෙත් තාජුඩීන් ඊට දැඩි ලෙස විරුද්ධ විය. ඒ වන විට තාජුඩීන් හැව්ලොක්‌ස්‌ රගර් ක්‍රීඩා සමාජයේ කැපී පෙනෙන චරිතයක්‌ බවට පත්ව සිටියේය.

    තම අභිමතාර්ථයන් ඉටුකර ගැනීමට එරෙහිව සිටින වසීම් තාජුඩීන් කරළියෙන් ඉවත් කිරීමට තරුණ දේශපාලන පුත්‍රයා සහ ඔහුගේ සහචරයන්ට අවශ්‍ය විය.

    සර්වබලධාරී දෙවියන් වහන්සේලාටවත් නොමැති බලයක්‌ මේ තරුණ දේශපාලනඥයා සතු විය. මොහු ලබාදෙන හරි හෝ වැරදි ඕනෑම නියෝගයක්‌ ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින අළුගෝසුවන් රැලක්‌ ද ඔහු සමඟ සිටියේය.

    ඉකුත් 2012 වර්ෂයේ මැයි මස 16 වැනිදා රාත්‍රි තාජුඩීන් නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි සිය මිතුරකුගේ නිවසේ සාදයකට සහභාගි වුණේය. සාදය නිම වි තාජුඩීන් කිරුළපන ප්‍රදේශයට යන්නේ ආපසු සිය නිවස බලා යන බලාපොරොත්තු ඇතිවය.

    තරුණ දේශපාලනඥයාගේ නියෝග මත තාජුඩීන් ඝාතනය කිරීමට සූදානමින් සිටි අළුගෝසුවන් රැළ කිරුලපනයේ එක්‌තරා ස්‌ථානයක රැක ගෙන සිටියහ.

    තාජුඩීන් සිය ග්‍රහණයට ගත් අළුගෝසුවන් ඔහුට යකඩ පොලුවලින් අමානුෂික ලෙස පහර දෙමින් තාජුඩීන්ගේ දැත් දෙපා කඩා දැමූ මේ පාපතරයන් ඔහුගේ මුහුණ පොඩිවන තුරු පහර දුන්හ.

    පසුව තාජුඩීන්ගේ සිරුර මෝටර් රථයේ දමාගෙන කිරුලපන ශාලිකා ක්‍රීඩාංගණය ආසන්නයට රැගෙන ගිය අළුගෝසුවන් මාර්ගයෙන් ඉවතට මෝටර් රථය දමා ඊට ගිනි තැබුවෝය.

    වසීම් තාජුඩීන් ඝාතනය කළ මේ නරුම රැළ ආපසු යන්නේ මේ අපරාධය සදාකාලිකව වැළලී යන අපරාධයක්‌ වනු ඇතැයි සිතාගෙනය.

    මෙම ඝාතනය සිදුවීමෙන් පසු නාරාහේන්පිට පොලිසිය එම ස්‌ථානයට පැමිණෙන්නේ පැය කීපයකට පසුවය. පොලිසිය කල්තියාම මේ සිදුවීම පිළිබඳ දැන සිටි බවත්, හිතා මතාම ප්‍රමාද වී එම ස්‌ථානය වෙත පැමිණි බවත් මේ වන විට හෙළිවී හමාරය.

    ඝාතනය සිදු වී පැයක්‌ ගත වන්නට පෙර එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයාව සිටි අනුර සේනානායක, සිද්ධිය වූ ස්‌ථානයට පැමිණි බවට ඇසින් දුටු සාක්‍ෂි ඉදිරිපත්ව තිබේ. අනුර සේනානායක සිවිල් ඇඳුමින් සැරසී සිවිල් මෝටර් රථයකින් පැමිණ තාජුඩීන් ඝාතනය කර පුළුස්‌සා දමා තිබූ මෝටර් රථය පරීක්‍ෂා කර හොර රහසේම ගිය බව මේ වන විට රහස්‌ පොලිසිය මගින් සොයාගෙන හමාරය.

    මෙවැනි අපරාධයක්‌ සිදුවූ ස්‌ථානය නීත්‍යනුකූලව පරීක්‍ෂා කිරීමේ අයිතිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා සතුය. එසේ තිබියදී සිවිල් ඇඳුමින් සැරසී සිවිල් වාහනයකින් පැමිණ මෙම සිද්ධිය පරීක්‍ෂා කර යැම ගැටලු සහගතය.

    එහෙත් මේ සියලු චෝදනා අනුර සේනානායක විසින් ප්‍රතික්‍ෂේප කර ඇත්තේ තමන් නිර්දෝෂී බව කියමින්ය.

    කෙසේ වෙතත් වසීම් තාජුඩීන් ඝාතනය ඔප්පු කර ගැනීමට ප්‍රමාණවත් සාක්‍ෂි රැසක්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සොයාගෙන හමාරය. තාජුඩීන් රැගෙන යන දර්ශන සහිත සීසීටීවී රූප රාමු පරීක්‍ෂා කිරීමට ඒවා රටවල් තුනකට යෑවීමට පොලිසිය කටයුතු කර තිබේ.

    එමෙන්ම මෙම ඝාතනයට සම්බන්ධ වූ ප්‍රභූ ආරක්‍ෂක අංශයක නිලධාරීන් මෙන්ම තරුණ දේශපාලනඥයකු විසින් සිදු කළ රහසිගත දුරකථන ඇමතුම්වලට සම්බන්ධ වාර්තා සියල්ල ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සතුය.

    තාජුඩීන් ඝාතන සිද්ධිය යට ගැසීමට සම්බන්ධ වූ පොලිස්‌ නිලධාරීන් සත්‍ය හෙළි කිරීමට සූදානමින් සිටිති. තමන්ට ඉහළින් ආ නියෝග මත පරීක්‍ෂණ කටයුතු වෙනත් මඟකට යොමු කළ බව එම නිලධාරීන් රහස්‌ පොලිසිය හමුවේ ප්‍රකාශ ලබා දී තිබේ.

    තාජුඩීන් නමැති කීර්තිමත් රගර් ක්‍රීඩකයා ඝාතනය කිරීමට අවශ්‍ය වුණේ කාටද? ඔහු ඝාතනය කළේ කවුරුන් විසින්ද යන්න හෙට දිනයේ හෙළිදරව් වනු නොඅනුමානය.

    රටේ දුෂ්ට පාලකයන් ඉදිරියේ තම නිල ඇඳුම පාවා දුන් තවත් පොලිස්‌ නිලධාරීන් පිරිසකට එරෙහිව හෙට දිනයේ නීතිය ක්‍රියාත්මක වනු ඇත්තේය.

    වසීම් තාජුඩීන් ඝාතනයේ හාල්මැස්‌සන් පමණක්‌ නොව ඊට සම්බන්ධ තෝරුන් මෝරුන් අල්ලා ගත යුතුය.

    රගර් ක්‍රීඩාවෙන් ක්‍රීඩාලෝලීන් අමන්දානන්දයට පත් කළ මේ කඩවසම් ක්‍රීඩකයාට සාධාරණය ඉටු කරන තුරු රටේ නීතිගරුක පුරවැසියෝ බලා සිටිති.

    හේමන්ත රන්දුණු


    - http://www.divaina.com/2016/05/29/feature21.html
     
    Last edited:
    • Like
    Reactions: cjanaka

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    "ජාතිකවාදී" දිවයිනෙන් නේ කියන්නේ ඇත්තම වෙන්න ඕනේ :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තුට්‌ටු දෙකේ වැඩවලට බයේ ගෝඨාගේ නම කියන්න තරම් මං වසලයෙක්‌ නොවෙයි.. – තජූඞීන් නාටකට හිටපු DIG උඩුයටිකුරු කරයි..

    බස්‌නාහිර පළාත භාරව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වූ අනුර සේනානායක මහතා දැන් සිටිනුයේ බන්ධනාගාරගතවය. ඒ පසුගිය කාලයේ මැතිවරණ වේදිකාවලද අතිශය ජනප්‍රිය මාතෘකාවක්‌ බවට පත්ව තිබූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් සිද්ධිය සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය සිදු කරනු ලබන විමර්ශනවලට අනුව තවත් එක්‌ සැකකරුවකු ලෙසිනි.
    ඉකුත් කාලයේ රිය අනතුරක්‌ බවට අධිකරණය ඉදිරියේ පවා තීරණය වී තිබූ වසීම් තාජුඩීන්ගේa මරණය ඝාතනයක්‌ බව ඇතැම්හු කියන්නට වූහ. ඒ අතරේ ඉකුත් 2015 ජනවාරි අටවැනිදා සිදුවූ දේශපාලන පෙරළියත් සමඟ රහස්‌ පොලිසිය හෙවත් සීඅයිඩීයද විශේෂ පරීක්‍ෂණයක්‌ අරඹමින් තාජුඩීන් සිද්ධිය ඝාතනයක්‌ බව රටට කීවේය.
    තාජුඩීන්ගේ ඝාතනයේදී එවකට බස්‌නාහිර පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වූ අනුර සේනානායක මහතා පරීක්‍ෂණ නොමඟ යවා ඇති බවද මීට සති කිහිපයකට ඉහත සිට රහස්‌ පොලිසිය කී කතාව විය. ඒ බව ප්‍රසිද්ධියේම කියන්නට වූයේ තාජුඩීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කළ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයා රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමත් සමගිනි.
    රහස්‌ පොලිසියේ එකී කතාවත් සමඟ පසුගිය දිනවල හිටපු ඩීඅයිජී අනුර සේනානායක මුණ ගැසී ඒ කියන කතාව පිළිබඳ ඔහුගේ හෘද සාක්‍ෂිය විමසීමට අපි දැඩි උත්සාහයක්‌ ගතිමු. ඉකුත් 18 වැනිදා පළමු වරට අනුර සේනානායක මහතා රහස්‌ පොලිසියට කැඳවා තාජුඩීන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමත් අපි ඔහු මුණ ගැසීමේ අපේ වේගය තවත් වැඩි කළෙමු.
    එහි ප්‍රතිඵලයක්‌ ලෙස තාජුඩීන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා තුන්වන වරට රහස්‌ පොලිසියට කැඳවූ අනුර සේනානායක මහතා අත්අඩංගුවට ගෙන මුල්වරට අධිකරණයට ඉදිරිපත් කර රක්‍ෂිත බන්ධනාගාරගත කළ ඉකුත් 23 වැනිදා ඔහු මුණගැසී ඒ කතාව ඔහුගෙන්ම අසා දැන ගන්නට අපට හැකිවිය.
    එහිදී හේ කියා සිටියේ කුමක්‌ විය හැකිද? ඔහු ඒ කතාව ආරම්භ කළේ මෙසේය.
    “අද සීඅයිඩී එක මට චෝදනා එල්ල කරන්නේ තාජුඩීන්ගේ මරණය ඝාතනයක්‌ බව දැන දැනම එය වසන් කර රිය අනතුරක්‌ ලෙස පෙන්වීමට කටයුතු කළා කියලා..
    “මට මුලින්ම කියන්න තියෙන්නේ මේක අමූලික බොරුවක්‌.. විකාරයක්‌.. සීඅයිඩී එක මගෙන් ප්‍රශ්න කරනකොට මතු කරපු තවත් චෝදනාවක්‌ තමයි තාජුඩීන්ගේ මරණය සිද්ධවුණු 2012 මැයි මාසේ 16 වැනිදා අලුයම මම කොට කලිසමක්‌ ඇඳගෙන සිද්ධිය වුණු නාරාහේන්පිට පාර්ක්‌ පාරට ඇවිත් පරීක්‍ෂණ කරපු පොලිස්‌ නිලධාරින්ට උපදෙස්‌ දෙමින් බලපෑම් කළා කියන එක..
    “ඒකත් රහස්‌ පොලිසිය හිතාමතාම ගොතන කතාවක්‌.. සමහරවිට මෙතනදී ඔවුන්ගේ යම් යටි අරමුණක්‌ තිබෙනවා වෙන්න පුළුවන්.. ඔවුන් හිතනවා ඇති අනුර සේනානායකව හිර කරලා තමන්ගේ අරමුණට යන්න.. ඒත් මට කියන්න තියෙන්නේ මමත් හොඳට තෙම්පරාදු වෙච්ච පොලිස්‌කාරයෙක්‌ කියන එක විතරයි..
    “මම විශ්‍රාම යනකොට බස්‌නාහිර පළාත භාරව හිටිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා.. එහෙමත් නැත්නම් බස්‌නාහිර පළාතට හිටිය පොලිස්‌පතිවරයාගේ නියෝජිතයා.. යම් අනතුරක්‌ වෙලා වාහනයක්‌ ගිනි ගන්නවා වගේ සිද්ධියකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරු, නියෝජ්‍ය පොලිස්‌පතිවරු මහ පාන්දර සිද්ධිය වෙච්ච තැනට ඇවිත් පරීක්‍ෂණ කරන විදිහ පොලිස්‌ නිලධාරින්ට උගන්වන ක්‍රමයක්‌ පොලිසියේ නැහැ.
    “එහෙම ගිහින් වැඩ උගන්වන්න පොලිසියේ ඉන්නේ බබාලා නෙමෙයිනේ.. පුහුණු වුණු නිලධාරින්.. තාජුඩීන් මියගිය තැනට මම ගියයි කියලා චෝදනා කරනකොට මම රහස්‌ පොලිසියේ විමර්ශන නිලධාරින්ට කිව්වා එදා දවස තුළ මම ගිය ගමන් බිමන් පිළිබඳ මගේ පෞද්ගලික සහකාර වශයෙන් සිටින නිලධාරියා තබා ඇති සටහන් පරීක්‍ෂා කර බලන්න කියලා.
    “ඒත් ඔවුන් ඒක කළේ නැහැ.. විමර්ශන නිලධාරින්ට ඕන වුණේ ඔවුන් කියනදේ අනුර සේනානායක පිළිගන්නවා දකින්න.. මම ඔය සිද්ධිය වුණු දවසේ උදේ මුලින්ම ආවේ නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලයට.. පසුව දේශනයක්‌ සඳහා පිටව ගියා.. ඉන් අනතුරුව ගියේ පොලිස්‌ මූලස්‌ථානයේ තිබෙන ජ්‍යෙAෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලයට.. එදින සවස නැවතත් මම නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලයට ආවා.. ඉන්පසුව ගියේ නුගේගොඩ පිහිටි කාර්යාලයටත් එතනින් රාත්‍රියේ නිවසටත් ගියා..
    “මගේ පෞද්ගලික සහකාර නිලධාරියා ඒවා ඒ විදිහටම සටහන් කරලා තිබෙනවා.. එතනදී යම් දෙයක්‌ සඟවා තිබෙනවා කියලා කවුරුහරි කියනවා නම් මට ඔවුන්ගෙන් අහන්න තියෙන්නේ අනාගතයේ අනුර සේනානායකට ප්‍රශ්නයක්‌ වෙයි කියලා මීට අවුරුදු හතරකට පෙර දැනෙන්න මගේ පෞද්ගලිsක සහකාරවරයාට දිවැස්‌ තිබුණද කියන එක විතරයි..”
    අද තමන්ට එරෙහිව සීඅයිඩීය නඟන චෝදනාවට අප ඉදිරියේ සිටි ඩීඅයිජී අනුර සේනානායක එක එල්ලේ පිළිතුරු දුන්නේ එසේය. ඔහු කියන්නේ සීඅයිඩීය තමන්ට නගන චෝදනා අමූලික බොරු යෑයි කියාය. එසේ නම් රහස්‌ පොලිසිය එකී චෝදනා ඔහුට එල්ල කරනුයේ කුමන පදනමක්‌ මත සිටද? අනුර සේනානායක මහතා අප හමුවේ සීඅයිඩීයේ ඒ පදනම මෙසේ හෙළි කරන්නට විය.
    “දැන් ඔවුන් චෝදනා කරන්නේ මම තාජුඩීන් සිද්ධිය වුණු තැනට මහ පාන්දර ගියා කියලනේ.. නමුත් එහෙම දෙයක්‌ සිද්ධ වුණේ නැහැ කියලා එදා කොළඹ ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වගේම කොළඹ අපරාධ කොට්‌ඨාසය භාරව සිටි අධ්‍යක්‍ෂවරයා, නාරාහේන්පිට සහකාර පොලිස්‌ අධිකාරිවරයා, නාරාහේන්පිට පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ඇතුළු උසස්‌ නිලධාරින් ගණනාවක්‌ ප්‍රකාශ කරද්දියි ඔවුන් අනුර සේනානායකට මේ චෝදනාව එල්ල කරන්නේ.
    “තාජුඩීන් පරීක්‍ෂණවලට කිසිසේත්ම සම්බන්ධ නොවුණු නාරාහේන්පිටපොලිසියේ රථවාහන අංශයේ ස්‌ථානාධිපතිවරයා කරන ප්‍රකාශයක්‌ පදනම් කරගෙනයි එසේ කරන්නේ.. නාරාහේන්පිට රථවාහන ඕඅයිසී විමර්ශනවල නොසිටියේ ඇයි කියන එක මම පස්‌සේ කියන්නම්.. මමත් පොලිසියේ හිටපු නිලධාරියෙක්‌.. ඒත් මට තේරුම් ගන්න බැහැ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ගණනාවක්‌ කියන කතාව පිළි නොගෙන රහස්‌ පොලිසිය ඇයි මේ රථවාහන ඕඅයිසීගේ කතාවට අනුර සේනානායකට චෝදනා කරන්නේ කියලා.. ඒක තුළ තිබෙන සාධාරණය මොකක්‌ද කියන එකත් ප්‍රශ්නයක්‌..
    කවුරු මොන චෝදනාව කළත් මේ රටේ ජනතාවට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. තාජුඩීන්ගේ මරණය සිද්ධවුණු තැනට අනුර සේනානායක ගියෙත් නැහැ.. ඒ විමර්ශන නොමඟ යවන්න කොතනකදීවත් කටයුතු කළෙත් නැහැ..”
    අනුර සේනානායක මහතා මෙසේ කුමක්‌ කියා සිටියද අද ඔහුට එරෙහිව සීඅයිඩීය නඟන තවත් චෝදනාවක්‌ වන්නේ තාජුඩීන්ගේ මරණයෙන් පසු තාජුඩීන්ගේa පියා සහ විමර්ශන නිලධාරින් සිය කාර්යාලයට ගෙන්වා එය රිය අනතුරක්‌ ලෙසින් තාජුඩීන්ගේ පියාට පවසන අතරේ ඒ අනුව ඉදිරි විමර්ශන සිදු කරන ලෙස පොලිස්‌ නිලධාරින්ට උපදෙස්‌ දී ඇතැයි යන්නය.
    ඒ චෝදනාව හමුවේ අනුර සේනානායක මහතා කුමක්‌ කියා සිටින්නේද?
    “මම මොකටද තාජුඩීන්ගේ තාත්තව මගේ කාර්යාලයට ගෙන්නලා ඒ වගේ දෙයක්‌ කියන්නේ.. පොලිස්‌ නිලධාරින්ට යමක්‌ කියන්න ඕනේ නම් එතන්ට තාජුඩීන්ගේ තාත්තා අවශ්‍ය වෙන්නේ නැහැනේ.. මට කාවවත් ගෙන්නලා ඒ විදිහට එක එක උපදෙස්‌ දෙන්න කිසිම අවශ්‍යතාවයක්‌ තිබුණේ නැහැ.
    “හැබැයි තාජුඩීන්ගේ මරණෙන් පස්‌සේ මම එක උපදෙසක්‌ පොලිසියට දුන්නා.. අන්න ඒ නිසා තමයි නාරාහේන්පිට රථවාහන ඕඅයිසී මේ විමර්ශනයේ කොටස්‌කාරයෙක්‌ නොවුණේ.. මම ඒක කළේ පළපුරුදු පොලිස්‌ නිලධාරියෙක්‌ විදිහට ඇතිවුණු බරපතළ සැකයක්‌ නිසා..
    “එදා තාජුඩීන්ගේ මරණය සිද්ධ වෙලා පැය ගණනාවකට පස්‌සේ සිද්ධිය වුණු තැනට හුඟාක්‌ දුරින් පිහිටි කිරුළපන රොබට්‌ ගුණවර්ධන මාවතේ තිබිලා වසීම් තාජුඩීන්ගේ මුදල් පසුම්බිය පොලිසිය සොයාගෙන තිබුණා.. පසුව ඒ බව මට වාර්තා වුණා.. ඒ වෙලාවේ මට දැඩි සැකයක්‌ මතුවුණා තාජුඩීන්ගේ සිද්ධිය ඝාතනයක්‌ද කියලා.. ඒ නිසා මම විමර්ශන නිලධාරින්ට උපදෙස්‌ දුන්නා ඒ පිළිබඳ ඉතා සූක්‍ෂමව විමර්ශනයක්‌ කරන්න කියලා..
    “එහෙම උපදෙස්‌ දුන්නේ ඒක බරපතල සැකයක්‌ මතු කළ කාරණයක්‌ වුණ නිසා.. සිද්ධිය වුණු දවසේ රාත්‍රියේ සාදයකට සහභාග වුණු වසීම් තාජුඩීන් ඔහු සමඟ සිටි මිතුරන් දෙතුන් දෙනකු නිවෙස්‌වලටද ඇරලවා එන අතරතුරයි මේ මරණය සිදුවී තිබුණේ.. එනිසා මම විමර්ශන නිලධාරින්ට කිව්වා ගිහින් ඒ මිතුරන් හමුවී තාජුඩීන් අවසන්වරට ගමන් කළ මාර්ග ඔස්‌සේ යමින් පුළුල් ලෙස විමර්ශනයක්‌ කරන්න කියලා..
    “ඒක මම පළපුරුදු ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ විදිහට ගත්ත තීරණයක්‌.. තාජුඩීන්ගේ සිද්ධිය වසන් කරන්න හැදුවනම් මම ඒ වගේ උපදෙසක්‌ පොලිසියට දෙන්නේ මොකටද? එදා ඒ කටයුතු භාර දුන්නේ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයාට.. ඒ නිසයි රථවාහන අංශයේ ස්‌ථානාධිපතිවරයා තාජුඩීන් සිද්ධිය පිළිබඳ විමර්ශනවලට සම්බන්ධ නොවුණේ.. සිද්ධිය අනතුරක්‌ ලෙස පෙනුනත් ඝාතනයක්‌ බවට සැක මතුවුණු නිසා එදා මම ඒ විමර්ශන අපරාධ අංශයට භාර කළා..”
    “එදා බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වූ අනුර සේනානායක මහතාටත් තාජුඩීන්ගේ මරණය පිළිබඳ ඒ අන්දමින් බරපතළ සැකයක්‌ මතු වූයේ නම් අද මීනිමැරුමක්‌ යෑයි රහස්‌ පොලිසිය කියන තාජුඩීන්ගේ මරණය රිය අනතුරක්‌ ලෙස තහවුරු වූයේ කෙසේද? එයට දෙන්නට පිළිතුරක්‌ද අනුර සේනානායක මහතා ළඟ විය. ඒ මෙසේය.
    “තාජුඩීන්ගේ මුදල් පසුම්බිය වෙන තැනක වැටී තිබීම නිසාම ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ විදිහට මට ඒ වගේ සැකයක්‌ මතුවුණු එක ඇත්ත. නමුත් යම්කිසි අභිරහස්‌ මරණයකදී මොනතරම් සැක මතුවුණත් ඇසින් දුටු සාක්‍ෂියක්‌ වැනි දෙයක්‌ නොමැති වුණොත් අවසන් නිගමනයකට පැමිණීමේ හැකියාවක්‌ පොලිසියට නැහැ.. ඇසින් දුටු සාක්‍ෂියක්‌ තිබුණත් පොලිසියට බැහැ අවසන් නිගමනයකට එන්න..
    “නමුත් එතනදී පොලිසියට පුළුවන් යම් සැකකරුවකු හෝ පිරිසක්‌ සිටිනවා නම් ඔවුන් අත්අඩංගුවට ගෙන සාක්‍ෂි රැස්‌ කරමින් මූලික විමර්ශන කටයුතු සිදු කරගෙන යන්න.. යම් අභිරහස්‌ මරණයකදී සිදුව ඇත්තේ මිනී මැරුමක්‌ද එහෙමත් නැතිනම් රිය අනතුරක්‌ද එසේත් නැතිනම් සිය දිවි නසා ගැනීමක්‌ද යන්න නිශ්චිතව තීරණය කරන්නේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකරන විශේෂඥවරයා.. ඒ විශේෂඥ සාක්‍ෂිය තමයි අධිකරණයේදී වැදගත්ම සාක්‍ෂිය වෙන්නෙත්..
    තාජුඩීන්ගේ මරණය පිළිබඳ එදා පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කළේ මේ රටේ ප්‍රවීණතම අධිකරණ වෛද්‍ය විශේෂඥවරයකු වන මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා.. මහාචාර්ය ආනන්ද සමරසේකර කියන්නේ එක්‌සත් ජාතීන්ගේ විමර්ශනවලදී අධිකරණ වෛද්‍ය විශේෂඥවරයකු ලෙස පරීක්‍ෂණවලට සම්බන්ධ වී ජාත්‍යන්තර අධිකරණයන්හිදී පවා සාක්‍ෂි ලබා දුන් ප්‍රවීණයෙක්‌..
    එතුමා තමයි එදා තාජුඩීන්ගේ මළ සිරුර පිළිබඳ පරීක්‍ෂණ පවත්වා වසරකට පමණ පසුව එය රිය අනතුරකින් සිදුවූ මරණයක්‌ බවට අධිකරණයට තහවුරු කළේ.. එතනින් එහාට “නැහැ එහෙම වෙන්න බැහැ.. ඒ මරණය සැකයි” කියලා කියන්න පොලිසියට හැකියාවක්‌ නැහැ.. පොලිසිය කොහොමද විශේෂඥ සාක්‍ෂියට අභියෝග කරන්නේ.. එහෙම කරන්න පොලිසියට බැහැ..
    “වසර හතරකට පසු මියගිය තාජුඩීන්ගේ අස්‌ථී කොටස්‌ ගොඩගෙන නැවත සිදු කළ වෛද්‍ය පරීක්‍ෂණයකින් පසු අද පොලිසිය අධිකරණයට කියනවා මහාචාර්ය ආනන්ද සමරසේකර තාජුඩීන්ගේ සිරුර පිළිබඳ සිදුකළ පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණය නිවැරදි නැහැ.. එය ඝාතනයක්‌ කියලා..
    “මෙතනදී මට මතුවෙන ගැටලුව තමයි මහාචාර්ය ආනන්ද සමරසේකර ඒ පරීක්‍ෂණය නිවැරදිව සිදු කර නැති නම් ඩීඅයිජී අනුර සේනානායකට ඉස්‌සර වෙලා සීඅයිඩී එක මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට නොගන්නේ ඇයි කියන එකයි.
    “තාජුඩීන්ගේ මරණය රිය අනතුරක්‌ කියලා අධිකරණයට තහවුරු කළේ අනුර සේනානායකවත් පොලිසියවත් නෙමෙයි.. මහචාර්ය ආනන්ද සමරසේකරගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව මගින් එය සිදු කළේ.. තාජුඩීන්ගේ මරණය අභිරහස්‌ මරණයක්‌..
    “ඒ නිසා ඒක මිනී මැරුමක්‌ද, අනතුරක්‌ද නැතිනම් දිවි නසා ගැනීමක්‌ද කියලා මටවත් පොලිසියටවත් කියන්න බැහැ.. පොලිසිය කළේ විමර්ශන සිදු කරන එක විතරයි.. එහෙම නම් මම මොකක්‌ද දැන් සීඅයිඩී එක කියන විදිහට තාජුඩීන්ගේ මරුණය ගැන වසන් කරලා තියෙන්නේ..
    “මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාගේ වෛද්‍ය පරීක්‍ෂණයත් අනුර සේනානායක නොමඟ යෑව්වා කියලද පොලිsසිය මේ කියන්නේ.. රහස්‌ පොලිසිය කියන විදිහට අනුර සේනානායකට එදා තැන් තැන්වල වෙන අනතුරු බලන්න ගිහින් පරීක්‍ෂණ කරන පොලිස්‌ නිලධාරින්ට උපදෙස්‌ දෙන්න වෙලාවක්‌ තිබුණේ නැහැ.. මම ගත කළේ බොහෝම කාර්ය බහුල රාජකාරි ජීවිතයක්‌..
    “මෙතනදී මට කියන්න තවත් වැදගත් දෙයක්‌ තිබෙනවා.. මොන විදිහකින් හරි අද අසත්‍යයක්‌ වෙලා තිබෙන්නේ මේ රටේ ප්‍රවීණ අධිකරණ වෛද්‍ය විශේෂඥයකු වන මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ විශේෂඥ සාක්‍ෂිය.. ඒ අනුව මහාචාර්ය සමරසේකර මහතා මෙතෙක්‌ ලබා දුන් විශේෂඥ සාක්‍ෂි පිළිබඳ රටේ ජනතාව තුළ යම් සැකයක්‌ මතුවීමේ තත්ත්වයක්‌ නිර්මාණය වෙනවා..
    “ඒ අනුව දැන් මේ රටේ නීතියටවත් සීඅයිඩී එකටවත් පුළුවන්ද තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා ලබා දුන් වාර්තාව වැරදියි කියලා අනුර සේනානායක හිර කරන්න සැරසෙනවා වගේම මීට පෙර මහාචාර්යවරයාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තා අනුව හිරේ ගිය කෙනෙක්‌ ඉන්නවා නම් එළියට දාන්න..?
    මේ සටහන ආරම්භයේදීම ඩීඅයිජී අනුර සේනානායක මහතා අද තාජුඩීන් මරණය පිළිබඳ විමර්ශන සිදු කරන රහස්‌ පොලිසිය ඒ තුළින් වෙනත් අරමුණක්‌ වෙත ගමන් කරන්නට සැරසෙන බවක්‌ ද කීවේය. එය කුමක්‌ විය හැකිද? අනුර සේනානායක මහතා ළඟ එයටද පිළිතුරක්‌ තිබිණ. ඔහු එය මෙසේ සඳහන් කරන්නට විය.
    “ඔයා මාධ්‍යවේදියෙක්‌නේ.. මේ රටේ වෙන්නේ මොනවද.. කරන්නේ කවුද සහ යන්නේ කොහේටද කියන එක ඔයාට නොතේරෙන්න විදහක්‌ නැහැනේ..
    තාජුඩීන්ගේ මරණය පිළිබඳ විමර්ශනය කරන අය අද මගෙන් නොකියා ඉල්ලන්නේ එක දෙයයි.. හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ.. හැබැයි මේ රටේ මිනිස්‌සුන්ට ඇහෙන්න මෙතනදී මම කෑගහලා එක දෙයක්‌ කියනවා.. මේ අමූලික බොරුව ඉදිරියේ මගේ ගැලවීම වෙනුවෙන් මම ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ගැන යමක්‌ කිව්වොත් එදාට මට හෙණ ගහයි..
    ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා කවදාවත් අනුර සේනානායකට කියල නැහැ.. අරූව ඇතුළට දාපන්.. අරූව නිදහස්‌ කරපන්.. මේ කේස්‌ එක යට ගහපං කියලා.. හැබැයි ගෝඨාභය මහත්තයා මට එක දෙයක්‌ ගැන නම් නියෝග දීලා තියෙනවා.. ඒ පාතාලය ඉවර කිරපන් එල්ටීටීඊ එකට ගහපන් කියලා.. අනුර සේනානායක ඕනම තැනකට ගිහින් ගෝඨාභය මට එහෙම කිව්වා කියලා කියන්න සුදානම්. එහෙම නැතුව මේ වගේ තුට්‌ටු දෙකේ වැඩවලට බය වෙලා ගෝඨාභයගේ නම කියන්න තරම් වසලයෙක්‌ නෙමෙයි. මේ අනුර සේනානායක.
    මම මේ රටට ලොකු සේවයක්‌ කරපු පොලිස්‌කාරයෙක්‌.. මගේ සහෝදරය කර්නල් සූරිය සේනානායක ජීවිතය පූජා කෙරුවෙත් මේ රට වෙනුවෙන් යද්දෙට ගිහිල්ලා.. එදා කොළඹට කොටි ත්‍රස්‌තවාදීන් එනකොට අපි රට වෙනුවෙන් කරපු දේවල් අනන්තයි.. අප්‍රමාණයි.. මම මගේ ඉපදුනු රටට යුතුකම් ඉටුකරපු කෙනෙක්‌.. ඒ නිසා ඒ ගැන හිතලා මට ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්..
    අනුර සේනානායක මහතාට මෙසේ චෝදනා එල්ල වෙද්දී අද ඔහුගේ පවුලේ තත්ත්වය කෙසේ වී තිබෙනු ඇතිද? ඔහු අවසන් වශයෙන් ඒ පිළිබඳ කතා කරන්නට වූයේ මෙසේය.
    මට ඉන්නේ පුතෙකුයි දුවෙකුයි.. ඒ දෙන්නම දැන් ලොකු දරුවෝ.. පුතා හෝටල් ක්‍ෂෙත්‍රයේ උසස්‌ අධ්‍යාපනය හදාරලා අද තමන්ගේම ව්‍යාපාරයක්‌ කරගෙන යනවා.. දුව නීති විද්‍යාලයේ අවසන් කඩඉමේ ඉන්නේ..
    සමහර විට මේ අසත්‍ය චෝදනා ඉදිරියේ අනුර සේනානායකට බන්ධනාගාරගත වෙන්න සිදු වුණොත් මගේ බිරිඳත් දරුවන් දෙන්නත් විශාලා කම්පනයකට පත් වෙයි.. අපේ තාත්තට එහෙම වුණාද කියලා ඔවුන්ට අදහා ගන්නට බැරුව යයි.. ඒත් කවදාවත් අනුර සේනානායකව මේ වගේ දේවල්වලින් වට්‌ටන්න කාටවත් බැහැ.. මොකද ආයෙත් කියනවා නම් මම හොඳට තෙම්පරාදු වෙච්ච පොලිස්‌ කාරයෙක්‌..
    පැහැදිලිවම මේ සිද්ධවෙන්නේ කාගේ හරි වුවමනාවක්‌ ඉටු කිරීම. එතනදී අපෙන් අවශ්‍ය දේ ගන්න බැරිනම් හිරේ යවන එක තමයි ක්‍රමය.
    සමන් ගමගේ
    – දිවයින