උතුරු අහසේ තරුව විලසේ සඳුට රහසේ දිලෙන්නම් සොඳුරු පවසේ සුලග විලසේ ලොවට රහසේ සරන්නම් සොඳුරු දවසේ මතක විලසේ හිතක රහසේ රැඳෙන්නම් ඔබට රිසිසේ කියනු කෙලෙසේ තනිව මෙලෙසේ හිදින්නම්