කියවන්න දැනගන්න

May 29, 2015
612
45
0
කියවන්න දැනගන්න

[FONT=&quot]

සනස්ගලගේ "අම්මා" මතක්වීම සහ EMINEM




[/FONT]​
[FONT=&quot]
අපේ රටේ සියල්ලන්ම පාහේ සංස්කෘතියට අඩු වැඩි වශයෙන් අනුගතව සිටිති.සිංහල බෞද්ධ සංස්කෘතික රාමුව තුල එකිනෙකා ආගමික හා ජාතික වශයෙන් උපසංස්කෘති වල සිටියද ආසියාතිකයින් ලෙස වසර දහස් ගණනක් පිලිපැදි එකඟතා රැසක් අප සතුය. අන් මත ගරු කිරීම, ආගන්තුක සත්කාරය ,වැඩිහිටියන්ට සැලකීම,මවු පියන් රැකබලාගැනීම එකී මෙකී නොකී කාරණා රැසක් ගැන අපි අලිඛිත ව බැඳී සිටිමු.. ඒවා අපේ සියලු උපසංස්කෘති වල සාධු සම්මත හර පද්ධති ලෙස යොදා සිටිමු..

මේ සංස්කෘතියට වෛර කරනාවූද , බැහැර කරනාවූද සම්ච්චල් කරනාවූද පිරිසක් අප දැක ඇත්තෙමු කලින් කලට එක් එක් මුහුණුවලින් ඔවුන්ව අපට දැකගත හැක. කාලයක් "X කන්ඩායම" ලෙසද වත්මන වන විට "අලුත් පරපුර" ලෙසද මොවුන් කලින් කලට තම කන්ඩායම් නාමයන් වෙනස් කරමින් පැමිනෙනු අපි දැක ඇත්තෙමු. අලුත් පරපුර නටවන පරන "X" මුහුණුද අපි දැක ඇත්තෙමු. අලුත් වේවා පරණ වේවා සංස්කෘතික කාබාසිනියාකරුවන් දුටු තැන හඳුනාගැනීමේ නොහැකියාවක් අපට නැත. උන්ගේ "මම පොර" කතන්දර පිටුපස ඇති දුර්ජන අමන අවජාතක ඉලක්ක අපි හඳුනාගත යුතුය..

උපුල් ශාන්ත සන්නස්ගල තමාගේ මෑනියන් පිලිබඳව කෘතියක් රචනාකල බවට මුල්වරට ඇසූ දිනයේ මා ඉමහත් පුදුමයට පත්වුනෙමි. මේ අබුද්ධස්ස කාලය දැයි මොහොතකට හෝ ඒ මොහොතේ මට සිතෙන්නට ඇත. මක්නිසාදයත් සන්නස්ගල යනු මා දන්න පරිදි එහෙවු පුතෙක් නොවන බැවිනි.
සන්නස්ගල ගැන මගේ පලමු මතකය ඉතා ඈතට දිවයන්නකි. මෙම සිදුවීම සිදුවී මීට වසර දහයකට වැඩි මිස අඩු නොවන බව මම දනිමි.සන්නස්ගල "පුතා" හඳුනාගැනීමට එය අදටත් ප්‍රමානවත් වනු ඇත. ඒනිසා එම සිද්ධිය මෙහි සඳහන් කිරීම වටී ‍යැයි සිතිනි.

මගේ පියා පොත් පිපාසාව ඇති පාඨකයෙකි. ඕනෑම ආකාරයේ පොතක් කියවීමට ඔහු මැලි නොවන බව මම දනිමි. දිනක් ඔහු පොතක් අතට ගෙන මිනිත්තු කිහිපයකින් ඉතා කෝපයෙන් පොත නැවත තැබුවේ "මීට වඩා හොඳයි අම්මගෙයි තත්තගෙයි තැන් නම් කොරලාම පිදුවනම්" යැයි කියමිනි. මේ අරුමය කුමක්දැයි බැලීමට කෘතිය අතට ගෙන පිටු දෙක තුනක් හැරවීමේදී හේතුව සොයාගැනීමට මම සමත්වීමි. ඒ පොතේ පිදුමයි. "පිදුම -මා මෙලොවට බිහිකල ශුක්‍රානුවට හා ඩිම්බයට" යනුවෙන් එහි සඳන්ව තිබින . කතුවරයා උපුල් ශාන්ත සන්නස්ගල නම් විය.

මේ පිදුමේ ඇති සාහිත්‍යමය ගතිය හා රැඩිකල් ගතිය හැර දේශපාලනමය ගතිය ගැන දැනීමක් මට ඒ සමයෙහි නොතිබුන බව මම දනිමි.නමුත් කල් යද්දී මේ පිදුමෙහි ඇති සංස්කෘතික පහරදීම මම සක්සුදක් සේ දුටුවෙමි.
මවුපියන් යනු අපට ඇති උතුම් ම සම්පත් වෙති.එය ආසියාතික සංස්කෘතිය තුල අවිවාදාත්මකය. ඔවුන් කෙරේ ඇති භක්තිය, සෙනෙහස සංකේතාත්මක නොව හරයාත්මක ආධ්‍යාත්මික එකකි. නමුත් තම මැනියන් ඩිම්බයකට ද පියානන් ශුක්‍රානුවකට ද උපමා කරමින් ඊනියා රැඩිකල් බවක් පෙන්වන මේ "පුතා" අර අඳින්නේ බටහිරයන් තුල දෙමවුපියන් කෙරේ ඇති 'සංකේතාත්මක මවුපියන්' යන අදහස අපේ ඔලුවට එබීමට බවත් මේ"පුතා" ගේ ජනප්‍රියම මාතෘකාවක් වන ලිංගිකත්වය පිලිබඳ අදහස් සමාජයේ ස්ථානගත කිරීමට බවත් අද මට වටහාගැනීමට අපහසු නැත.

නමුත් සන්නස්ගල ගේ "අම්මා" කෘතිය රචනය මට වටහාගත නොහැකි දෙයක් විය. ඒනිසාම මෙය කියවා බැලිය යුතුයැයි මට සිතිනි. මම එය කියවීමි. කෘතිය කියවා අවසානයේ මට මෙම සන්නස්ගල "අම්මා" කෘතිය ලිවීම හා සමාන කල හැකි තවත් සිදුවීමක් අසුරු සැනින් මතකයට නැගිනි.

ඒ "EMINEM" ගේ 8Mile චිත්‍රපටියේ කතාන්දරයයි.. කතාව සරලය මෙසේය .EMINEM ගතකරනුයේ දුක්ඛිත ජීවින තත්වයකි. ඔහුගේ පියා ඔවුන් හැරගොසිනි. ඔහුගේ මව ඔහුගේ මිතුරෙක් සමග යහන් ගතවෙයි.ඔහු සතුව මුදල් නැත. EMINEM රැප් සටන් වලට ඉමහත් කැමත්තක් දක්වයි. ඔහුට ඒ සඳහා හැකියාවක් ද ඇත. අවසාන රැප් සටනේදී ඔහුගේ මිතුරෙකු ඔහුට අනතුරු හඟවන්නේ ඔහුගේ සියලු ජීවන තොරතුරු ඔහුගේ ප්‍රතිවාදියා දන්නා නිසා ප්‍රතිවාදියාට ජයග්‍රහන කිරීමට පහසු බවයි. EMINEM රැප් සටනේදී කරනුයේ කවුරුත් නොසිතනා දෙයකි. අනෙකාට බැන වැදීම වෙනුවට ඔහු තමන්ගේ ජීවිතයේ ඇති කාලකන්නි බවත් තමා අවජාතකයෙකු බවත් හෙළිකරයි. තමන්ගේ පවුල පිලිබඳවද, මවගේ අනාචාරය පිලිබඳවද EMINEM කියාදමයි. අවසානයේ EMINEM තරගය ජයග්‍රහනය කරනුයේ ඔහුට එරෙහිව කිසිවක් කියාගත නොහැකිව ප්‍රතිවාදියා නිරුත්තර වීම තුලය..

ඒ EMINEM එසේ කරද්දී ළමුන්ට සිංහල පාඩම් කියා දෙන සන්නස්ගල තමාගේ නීරස ජීවිතයේ ආගිය තොරතුරු, දුබලතා හෙලිකරන්නේ ඇයි දැයි මම සිතන්නට පටන්ගතිමි. මක්නිසාදයත් සන්නගල මේසය මත තබන්නේ එසේ මෙසේ තුරුම්පු නොවන නිසායි. ප්‍රශ්නය වන්නේ තමා කුඩාකාලයේ විරූපීව සිටි බව, පියාගේ බේබදු කම,දුගී බව පමනක් නොව පවුල තුල ඇති වූ ව්‍යාභිචාරි ක්‍රියා පවා හිරිකිතකින් තොරව හෙලි කරමින් අම්මා ඇතුලු පවුලේ සියල්ලන් සමාජය ඉදිරියේ නිරුවත්කොට සන්නස්ගල සුදු ඇඳුම හැඳගෙන මේ සැරසෙන්නේ කුමක් සඳහාද යන්නයි...

මගේ මොලයට ආවේ එකම පිලිතුරකි. ඒ "දේශපාලනය" යන වචනයයි.සන්නස්ගල තමාගේ පවුලේ අය නිරුවත් කරන ලද්දේ ද තමාගේ සමාජ පන්තිය , හීනමාන තුවාලය තමා විසින්ම පාරගන්න ලද්දේද අනාගත දේශපාලන පොරපිටියේදී එල්ලවිය හැකි සතුරු ප්‍රහාර වලට "EMINEM" පලිහක් ලෙස බව මට අවසානයේ වැටහින.
සන්නස්ගල ප්‍රසිද්ධ දේශපාලනයට එනු ඇතැයි මම මගේ යෙහෙලියකගේ මවකට කියූවිට ඇය අවධාරනය කලේ සන්නස්ගල "මහතා" එසේ නොකරන බවයි. නමුත් එදිනෙන් අට මසකට පසුව එලැඹෙන මැයි මස එක්සත් ජාතික පක්ෂයේ රත්මලාන ආසන සංවිධායක ලෙස අභිනවයෙන් තේරී පත්වන්නේ සන්නස්ගල මහතා ‍යැයි ඇය මොහොතකට හෝ නොසිතන්නට ඇත.

මා මේ උත්සාහකරනුයේ මිනිසුන් කවුරුන්දැයි හඳුන්වාදීමටය. තම ජීවිකාව ලෙස සිංහල උගනවන අතර කෙල්ලන් හා කොල්ලන් එකම බංකුවේ වාඩිකර , ඇඟට නොදැනෙන්නට අසැබි වචන කියමින් උන්ගේ භාව තමාගේ උවමනාවන්ට ප්‍රකෝපනය කරවන ලද, තමාගේ හිතේ ඇති බටහිර සංස්කෘතික විකෘති ලිංගිකත්වයන් තනි තටුවෙන් පියාඹවන ලද, දිනකට ලක්ෂ ගණනක් උපයමින් සුපිරි වාහන වල ගමන් කරමින් සිටියද තමා මෙලොවට බිහි කල "අම්මා" දෙස ඇහැක් ඇර නොබලන ලද සන්නස්ගල නැමති ඊනියා විදග්ධ සංස්කෘතික ඝාතක කයිවාරුකාරයා අවසානයේ සියලු ඇඳුම් උනා පසෙකින් තබා තම "අම්මා" විකුනා දේශපාලන ප්‍රවේශය සාදාගත් අයුරු පිලිකුලෙන් යුතුව වුවද මෙසේ හෙළිකල යුතුව ඇත.

ඔබ කුමන ජාතියක සිටියත්, කුමන ආගමක සිටියත් ඔබේ මුතුන්මිත්තන් වසර දහස් ගණනක් රැකගත්තාවූ ඒ හරපද්ධතිය රැක ගැනීමට නම් මෙවන් අවස්ථාවාදී "EMINEM සන්නස්ගල" වැනි නරුමයින්ට ලබා දිය යුතු පිළිතුර කුමක් ද? "අම්මා" කතාව දෝලාවෙන් ගෙන ආවත් ඒ අම්මා මැරෙන්න විට වතුර පොදක් දීමට ලඟ නොසිටි "අමුතු" පුතාලා මවා පෙන්වන සින්තටික් ලෝකවල ඔබ තනි විය යුතු ද? ඔවුන් දේශපාලනයට විත් ඔබේ සංස්කෘතිය රකිනු ඇත්ත ද? ඔබේ සභ්‍යත්වයට ගරු කරනු ඇත්ද? ඔබට තබා ඔබේ දරුවාටවත් යහපත් හෙටක් තනනු ඇත් ද?
ජූරිය ඔබයි !
~ඉසුරු රන්දෙනිකුමාර~
yuthukama
[/FONT][FONT=&quot]

[/FONT]
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සන්න කියන්නෙ හෙනට සමාජෙට වයිර කරන්නෙක්. එවගෙම වෙම මිනිහෙක් මරාගන්න තමන්ගෙ ආතමය උනත් මරාගන්න පුලුවන් එකෙක්. උ කරන්නෙ නිත්රම සමාජයට වින්ශ වෙන්න කරන්න පුලුවන් දෙයක්
     

    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    සන්නස්ගලගේ සාහිත්‍ය ජීවිතයට මම හුගක් කැමති. මම හැමදාම දැනටත් පොරගේ හීන අහිදින යාලුවෝ අහනවා. එත් මිනිහගේ තුච්ච Markating වලටනම් මටත් හුගාක් පොර ගැන අප්පිරියයි. ඔය අම්මා පොත එත්තටම පොර ලියලා තියෙන්නේ අම්මා ගැන කියන්නන නෙවෙයි. ඌට කෙළවෙන point වහගන්න. ඕකේ තියනවා පොරගේ අයියා කෙනෙක් එක්කුසේපන් අක්කා කෙනෙක්ව දුෂණය කරා කියලා. ඕවා සමාජෙට කියන එක වීරකමක් නෙවෙයි අපේ සංස්කෘතියට අනුව ඉතාමත් අසන්මත දෙයක්. මුට අවුලක් නැ එත් පොඩ්ඩක් හිතපන් තාම ජීවිත් වෙන මුගේ නෑදෑයෝන්ට ඒක කොච්චර බලපානවද කියලා. අපේ ගෙවල් ලග ඉන්නවා මුගේ අක්කා කෙනෙක්. ඒ ඇන්ටිලා මූ එයාලගේ නෑදෑයෝ කියලා කියන්නවත් කැමති නෑ.
    අනික ලන්කාවේ දැන් සමලිංගිකත් වය promote කරනවා. ඕක මුළු ලෝකේ පුරාම ඇමරිකානු බලපෑම් නිසා වෙන දෙයක්. උන් උන්ගේ හැම Film වල , Video වල , Songs වල , Entertainment programme වල , උන් සමලිංගිකත්වය උලුප්පලා පෙන්නනවා. ගොඩක් රටවල් එකට අහු වෙන්නේනේ නෑ. එත් මේවගේ බුද්ධිමත් යැයි කියාගන්නා උන් ඒවගේ ෆිල්ම් ලංකාවේත් හදලා අපේ සමාජයේ සමලිංගික කියන උපසංස්කෘතිය ස්ථාවර කරන්න හදනවා. මෙහෙම සමාජේ වෙනස් උනොත් එකට කවද හරි අනුගත වෙන අපේ දරුවෝ කොහොම වෙයිද කියන එක මතක් වෙනකොට පිස්සු හැදෙනවා බං.
    :(:(:(:(:no::frown:
     
    May 29, 2015
    612
    45
    0
    සන්න කියන්නෙ හෙනට සමාජෙට වයිර කරන්නෙක්. එවගෙම වෙම මිනිහෙක් මරාගන්න තමන්ගෙ ආතමය උනත් මරාගන්න පුලුවන් එකෙක්. උ කරන්නෙ නිත්රම සමාජයට වින්ශ වෙන්න කරන්න පුලුවන් දෙයක්
    වචන වලින් සෙල්ලන් දාන දක්ෂයෙක්. දේශපාලනේටම තමා හරි යන්නේ. වචන සෙල්ලන් වලට අහු වෙන මිනිස්සුනේ වැඩියෙන් ඉන්නේ ලංකාවේ
     
    May 29, 2015
    612
    45
    0
    සන්නස්ගලගේ සාහිත්‍ය ජීවිතයට මම හුගක් කැමති. මම හැමදාම දැනටත් පොරගේ හීන අහිදින යාලුවෝ අහනවා. එත් මිනිහගේ තුච්ච Markating වලටනම් මටත් හුගාක් පොර ගැන අප්පිරියයි. ඔය අම්මා පොත එත්තටම පොර ලියලා තියෙන්නේ අම්මා ගැන කියන්නන නෙවෙයි. ඌට කෙළවෙන point වහගන්න. ඕකේ තියනවා පොරගේ අයියා කෙනෙක් එක්කුසේපන් අක්කා කෙනෙක්ව දුෂණය කරා කියලා. ඕවා සමාජෙට කියන එක වීරකමක් නෙවෙයි අපේ සංස්කෘතියට අනුව ඉතාමත් අසන්මත දෙයක්. මුට අවුලක් නැ එත් පොඩ්ඩක් හිතපන් තාම ජීවිත් වෙන මුගේ නෑදෑයෝන්ට ඒක කොච්චර බලපානවද කියලා. අපේ ගෙවල් ලග ඉන්නවා මුගේ අක්කා කෙනෙක්. ඒ ඇන්ටිලා මූ එයාලගේ නෑදෑයෝ කියලා කියන්නවත් කැමති නෑ.
    අනික ලන්කාවේ දැන් සමලිංගිකත් වය promote කරනවා. ඕක මුළු ලෝකේ පුරාම ඇමරිකානු බලපෑම් නිසා වෙන දෙයක්. උන් උන්ගේ හැම Film වල , Video වල , Songs වල , Entertainment programme වල , උන් සමලිංගිකත්වය උලුප්පලා පෙන්නනවා. ගොඩක් රටවල් එකට අහු වෙන්නේනේ නෑ. එත් මේවගේ බුද්ධිමත් යැයි කියාගන්නා උන් ඒවගේ ෆිල්ම් ලංකාවේත් හදලා අපේ සමාජයේ සමලිංගික කියන උපසංස්කෘතිය ස්ථාවර කරන්න හදනවා. මෙහෙම සමාජේ වෙනස් උනොත් එකට කවද හරි අනුගත වෙන අපේ දරුවෝ කොහොම වෙයිද කියන එක මතක් වෙනකොට පිස්සු හැදෙනවා බං.
    :(:(:(:(:no::frown:

    ඔව් සාහිත්‍ය ගැන කතා කරද්දී රසවින්දනයක් තියෙනවා