කියුබාව_VS_ඇමරිකාව.
ඇතුලට එන්න........
...........................................................................................................
කියුබාව VS ඇමරිකාව.
1959 වසරේ ජනවාරි 1 වැනිදා එවකට 32 හැවිරිදි විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ සහ සුප්‍රකට ජාත්‍යන්තරවාදී විප්ලවකරු අර්නෙස්ටෝ චේ ගෙවාරාගේ නායකත්වයෙන් යුතු ජූලි 26 ව්‍යාපාරය කියුබාවේ එතෙක් පාලනය හෙබැවූ ෆුල්ජෙන්සිකෝ බැටිස්ටා නම් ඒකාධිපති පාලකයාගේ රජය පෙරළා දමා හවානා නුවර විප්ලවීය ධජය එසැවීමෙන් දෙවසරකට පසුව, එනම් 1961 වසරේ ජූලි 11 වැනිදා එවකට ඇමරිකානු ජනාධිපති ඩ්වයිට් . ඩී. අයිසන්හවර්ගේ නියෝගයක් මත හවානා නුවර ඇමරිකානු තානාපති කාර්යාලය වසා දමමින් ඇමරිකා එක්සත් ජනපදය කියුබාව සමග තානාපති සබඳතා අත්හැර දමන ලදී….
එතැන් පටන් මේ හවානා නුවර ඇමරිකානු තානාපති කාර්යාල ගොඩනැගිල්ල තිබුණේ ස්විට්සර්ලන්තය භාරයේය….1977 වෙනතෙක් මෙම ගොඩනැගිල්ල දූවිලි බැඳෙමින් තිබෙන්නට හැරි ස්විස් වරු 1977 වසරේදී මෙම ගොඩනැගිල්ලේ හවානාවට ස්විට්සර්ලන්ත තානාපති සේවයක් ආරම්භ කළහ….1977 වසරෙන් පසුව එම ගොඩනැගිල්ලේම කෙළවරක, ස්විට්සර්ලන්ත රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂාව යටතේ ඇමරිකානු ප්‍රමුඛතා කළාපයක් පවත්වා ගන්නා ලදී…
කියුබාව වූ කළී එක් කළක මෙලොව සමාජවාදී අරගලකරුවන්ගේ ෆැන්ටසිය පෝෂණය රොමැන්තික ක්ෂේම භූමිය විය….ඉන් පසුව කළෙක මෙලොව වාමාංශිකයන්ගේ ( සහ ඇතැම් විටෙක වාමවාදීන්ගේ ) සමාජවාදී ප්‍රායෝගික යෙදුමෙහි නිර්මිත නිදර්ශණය විය…එයිනුත් පසුව කළක කියුබාව සියළු පවුරු පදනම් කඩා වැටී ඉච්ඡා භංගත්වය අබියස සිටි මෙලොව වාමාංශික විද්වත් ප්‍රජාවට ධජයක් ලෙස වැනීමට ඉතිරිව ඇති අන්තිම රතු රෙදි කැබැල්ල විය….
2015 අගෝස්තු 14 වැනිදා කැරිබියානු දේශපාලනික ඉතිහාසයේ මෙන්ම ලෝක දේශපාලනික ඉතිහාසයේද නව පරිච්ඡේදයක් පෙරළමින් ඇමරිකානු රාජ්ය ලේකම් ජෝන් කෙරී මහතාගේ ප්‍රධානත්වයෙන් හවානා නුවර ඇමරිකානු තානාපති කාර්යාලය යළි විවෘත කල අතර, එහිදී වසර 60 කට පසුව කියුබානු රාජ්‍යගත භූමියේ ඇමරිකානු ජාතික ධජය ඔසවනු ලැබීය….
මේ සිදුවීමත් සමගම මෙලොව සමාජවාදී වර්ණාවලියේ ශක්තිමත්ම වර්ණකයක් වූ කොමියුනිස්ට් වාදයේ, එහි පදනම වූ මාක්ස්වාදී විදර්ශනාවෙහි, මාක්ස්වාදී ආර්ථික විද්‍යාවෙහි සහ මාක්ස්-ලෙනින් වාදී සමාජ විචාරයෙහිද පරාජය තහවුරු වෙමින් පවතී…
සමාජවාදය යනු මිනිස් ඉතිහාසයේ සියළු යුගයන්ට පොදු මූලික අවශ්‍යතාවයන්, ඒවා අරඹයා සිදුවිය යුතු නිෂ්පාදනය සහ ඒ අවශ්‍යතාවයන් ඉටු කරගැනීමට හඳුනාගත් සම්පත් විභජනය යන දෑ ඔස්සේ සාධාරණත්වයේ මිනුම් දඬු මත කාළයක් තිස්සේ විවිධ මුහුණු වරින් ගොඩනැගුණු පෘථුල දාර්ශණික ශාඛාවකි…මේ දාර්ශණික ශාඛාව එහි විද්වත් ස්වරූපයෙන් මිනිස් ප්‍රජාව හමුවේ පෙනී සිටීම ඇරඹුවේ 18-19 වැනි සියවස් තුළය…
මෙම වර්ණාවලියේම වඩා දරදඬු යාන්ත්‍රික වර්ණ සංඝටක වූ මාක්ස්වාදී අර්ථ ක්‍රමය සහ මාක්ස් -ලෙනින් වාදී සමාජ විචාරය මෙන්ම ඒවායේ පසු කියැවීම් වූ මාඕ වාදය, ඒවායේ විකෘති වූ ස්ටාලින් වාදය, පොල්පොට්, කිම්-ඉල්-සුන්ග් වැන්නන් අනුගමනය කළ ග්‍රාම්‍ය සමාජවාදය ( අග්නිදිග ආසියාවේ කෘෂි ආර්ථිකයන් පදනම කරගත් සමාජවාදී මොඩියුලයන්) ක්‍රියාවේ යෙදවීමට ගොස් 20 වැනි සියවසෙහිදී මරා දමනු ලැබූවන් සංඛ්‍යාව අවම වශයෙන් කෝටි 8 ක් පමණ වේ යැයි නිර්ණය කළ හැක….
1917 – 1923 කාළ සීමාව තුළ සිදුවූ රුසියානු විප්ලවය සහ එයින් පසුව දියත් වූ පටහැණි මතධාරීන් මර්ධනයෙහි සෘජු ප්‍රතිඵලයක් ලෙස සැළකිය හැකි රුසියානු සිවිල් යුද්දය නිසා අවම වශයෙන් කෝටියක පමණ පිරිසක් මරු තුරුළට ගියහ….ලෙනින්, ස්ටාලින්, ට්‍රොට්ස්කි, කමෙනෙව්, ආදී වාමාංශික වීර චරිත සියල්ල පාහේ මෙලොව දරුණුම සමූල ඝාතකයන් බවට පත් කළ මෙම සිදුවීම් මාලාව තුළ දිගහැරුණු යුද්ද, විප්ලවීය අරගල, ප්‍රතිවිප්ලව මර්ධනයන් ආදියෙහිදී සටන් පෙරමුණු වල සෘජුව මරා දැමුණු, පැහැරගෙන ඝාතක කල්ලි මගින් මරා දැමුණු, සහ මෙකී ව්‍යසනයන්ගේ අතුරු ප්‍රතිඵල වූ සක්‍රීය වසංගත සහ සාගත නිසා මියගිය සංඛ්‍යාව කෝටියකට ආසන්නය….
1924-1953 කාළය තුළ පැවති ස්ටාලින්ගේ රෙජීමය සෘජුව සහ වක්‍රව කෝටි දෙකකට ආසන්න පිරිසක් මරා දමන ලදී….එයින් හැට ලක්ෂයක් පමණ ස්ටාලින්ගේ බිහිසුණු කෘෂිකාර්මික ප්‍රතිපත්ති නිසා ඇතිවූ “හොලොදොමෝරය” (Holodomor of Ukraine – 1932-1933) නමින් හඳුන්වනු ලබන මහා යුක්‍රේන සාගතයෙන් මරු තුරුළට ගියහ…සෙස්සෝ යුද්දාදියෙහිදී කරනු ලැබූ බළ කිරීම්, රාජ්‍ය අනුග්‍රහිත ත්‍රස්තවාදය, පැහැර ගැනීම් ආදි අවනීතික ක්‍රියා හේතුවෙන් මරණු ලැබූහ….
1949-1975 කාළය තුළ චීනයේ සිදුවූ කොමියුනිස්ට් විප්ලවය, ඊනියා සංස්කෘතික විප්ලවය, ප්‍රති-විප්ලව මර්ධනය මෙන්ම මා ඕ සේතුං අනුගමනය කළ ඉතාම දරුණු සීමාවන් පනවන ලද කෘෂි සහ ආර්ථික ප්‍රතිපත්ති නිසා අවම වශයෙන් කෝටි හතරක් මනුෂ්‍යයෝ සෘජුව සහ වක්‍රව මරු වසඟයට යවන ලදී….මේ සඳහා වැඩි විස්තර ලබාගැනීමට මේ වෙනුවෙන් ලියන ලද ප්‍රකට ග්‍රන්ථයක් වූ Frank Dikotter ගේ “Mao`s Great Famine” ග්‍රන්ථය කියවන මෙන් ඉල්ලමි….මෙය මිනිස් ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදුවූ විශාලතම ඒක්‍යක ජන සංහාරයයි…
1975-1979 කාළය තුළ කාම්බෝජයේ “ග්‍රාම්‍ය පදනම සහිත සමාජවාදය” අනුව කෙමරූජ් ගරිල්ලන් මෙහෙයැවූ පොල්පොට් නම් නායකයා ලක්ෂ 20 ක පමණ ජනකායක් අමු අමුවේ මරා දමන ලදී….
1950-1980 කාළය තුළ කියුබාවේ ඊනියා විප්ලවයෙන්, අප්‍රිකාවේ ඇල්ජීරියාවේ, ඝානාවේ, කොංගෝවේ ඊනියා විප්ලවයන්ගෙන් සිදුවූ මනුෂ්‍ය ඝාතන එකතුව තවත් දස ලක්ෂයකට පමණ ගත හැක….
මුළු ලොවෙහිම මිනිස් ප්‍රජාවට දේශ සීමා මායිම් නොතකා විමුක්තිය සදන, පන්ති විරහිත සාධාරණ සමානාත්මතාවයක් ගොඩ නගන බවටද, පීඩිත පන්තියෙහි වැස්සෝ වන බහුතරයට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයද ලබා දෙන බවට ශපථ කරමින් තිඹිරිගෙයින් පිටට ගෙන ආ සහේතුක දාර්ශණික හර පද්ධතියක් අවසානයේ මැස්සන්, බල්ලන්, බළලුන් මෙන් මිනිසුන් මරා දැමුණු, ගම්, නගර පිටින් සංහාරයට ලක් කළ, පවුල් පිටින් බඩ සාගතයෙන් සහ වසංගත රෝග හමුවේ ප්‍රතිකාර අහිමි කිරීම මගින් මරු වසඟයට යවන ලද බිහිසුණු ප්‍රායෝගිකත්වයක් පෙන්වූයේ ඇයි ද යන්න පසුව දීර්ඝ ලෙස විග්‍රහ කළ යුත්තකි….
එහෙත් සරලව සමාලෝචනය කළහොත් කොමියුනිස්ට් වාදයේ / මාක්ස් ලෙනින් වාදයේ / මා ඕ වාදයේ / කෘෂි ආර්ථිකය පදනම් කරගත් ග්‍රාම්‍ය සමාජවාදයේ පරාජය සහ මිහිපිටින් අතුගෑවී යෑමට හේතු භූත වූ කරුණු පහත පරිදි පෙළ ගැස්විය හැක…මේවා එම දර්ශණයෙහි හරයාත්මක අඩුපාඩු මෙන්ම ක්‍රියාකාරීත්වයෙහි දී ඒ ඒ බළ ප්‍රවාහයන් විසින් කරන ලද අඩුපාඩුද වෙති…
1. බහුවිධ මතවාදයන් නොඉවසන දරදඬු දාර්ශණික වහල් කමකට, නො එසේ නම් තවත් සංදර්ශණ කාමී “ආගමකට” සිය අනුගාමිකයන් රොක් කිරීම…. ( මාක්ස් වාදයෙහි ඊනියා දයලෙක්තියක් ඉගැන්වෙන නමුත්, එම දර්ශණයේ ප්‍රායෝගික යෙදුමේදී දයලෙක්තිකයක් සතු මූලිකම ලක්ෂණය වන “ප්‍රවාදය”(Thesis) සහ “ප්‍රතිවාදය” (Antithesis) ගැටී උපදින “සහවාදය” (Synthesis) කට කිසිදු ඉඩක්, බුරුලක් නොදේ…ඒ වෙනුවට එහි යෙදුමම දේශනා කරනු ලබන්නේ ප්‍රතිවාදයන් බලය යොදා වනසනු ලැබීමකි…ප්‍රතිගාමී යැයි ගර්හා කොට බැහැර කරනු ලැබීමකි…)
2. එසේ රොක් කරගන්නා ආගමික ආකෘතියෙහි අනුගාමිකයන් ලවා මාක්ස් වාදී / මාක්ස් – ලෙනින් වාදී ආර්ථික, සමාජික සහ දේශපාලනික ප්‍රතිපත්ති ක්‍රියාවෙහි යෙදීම සඳහා සහ-අවි ප්‍රචණ්ඩත්වය නිර්දේශ කරනු ලැබීම…එකඟ නොවන්නන් හික්මවා ගැනීම සඳහා බුද්ධිය, ප්‍රඥා ඝට්ටනය සහ කථිකත්වය වෙනුවට කෲර කායික දණ්ඩනය සහ මරණය නිර්දේශ කරනු ලැබීම…මෙහිදී අනුගාමිකයන්ටද තමන් තුළ කිසිදු ප්‍රති-තර්කනයක් සිහිනෙන් හෝ ඉස්මතු කරගැනීමට කිසිදු බුරුළක් නොදෙන අතර, නිකමට හෝ එවැන්නක් කළහොත් ඔවුහු ද්‍රෝහීන් ලෙස සළකා දැඩි දණ්ඩනයට නතු කරනු ඇත….මෙය මධ්‍ය කාළීන යුගයේ පැවති කතෝළික පල්ලියේ හිංසක ආධිපත්‍යයටත්, වත්මන් ඉස්ලාමයේ ඇතැම් ව්‍යුහයන් අනුගාමිකයන් මත පටවන හිංසාකාරී බලහත්කාරයටත් නොදෙවනිය…
3. මතවාදී සංකලනය සහ ප්‍රායෝගික යෙදුමෙහිදී නම්‍යශීලීත්වය (Flexibility) පිටු දැකීම… ශුද්ධ ආගමික දර්ශණය, දේව වාක්‍ය, සුභාෂිතය, නිර්දේශිත සුභාවිතාවයන් පමණක් දිවි හිමියෙන් රැකිය යුතු යැයි සළකන ඒබ්‍රහමික ආගමික සංස්ථාවක මුහුණුවර ගැනීම….
4. වඩාත් සරලව ප්‍රබල සත්‍යයක් කියතොත්, එක් එක් අය තම තම කායික සහ මානසික හැකියාවන්, කැපවීම, කාර්ය ශූරත්වය, නිර්මාණශීලිත්වය, ප්‍රඥාව, උගත් කම, බුද්ධිය පමණට මෙලොව සම්පත් තම තමන්ගේ ප්‍රයෝජනය උදෙසා භාවිතයට ඉඩහසර සකසා ගනී යන සොබාදහමට එකඟ යථාර්තයට පිටු පා, පරිපූර්ණ සුසාධිත සමානාත්මතාවයක් ගැන මනෝරාජිකත්වයක් නිර්මාණය කර ගැනීම…මෙමගින් නිර්මාණශීලීත්වයට වැට බැඳීම….ඉහත කී සාධක ස්වභාවිකවම විචල්‍ය වන මිනිස් ප්‍රජාවක ඒ විච්ල්‍යයන්ට උරුම වපසරිය ලබා නොදීම නිසා අදායම් වර්ධනය, නිෂ්පාදන සහ සේවා විවිධත්වයෙහි, ගුණාත්මක භාවයෙහි වර්ධනය අඩාල කර, එකතැන පල් වෙන ආර්ථිකයක් සහ සමාජයක් නිර්මාණය කරගැනීම…
අවසානයේදී සොබාදහමේ නියමයන් පරිදිම ඒ සමාජයේ එක් එක් පුද්ගලයන් තමන්ගේ පෞද්ගලික නිම්වළලු වල ඇති පැතුමන් සඵල කර ගන්නට යනවිට ඒවා “විප්ලවයට පටහැණි, වැඩ කරන ජනතාවට සතුරු, සාමූහිකත්වයට සතුරු” දේ ලෙස සළකා නිර්දය ලෙස මර්ධනය කරනු ලැබීම….
5. බහු පක්ෂ දේශපාලනයට ඉඩකඩ අහුරා ඒක-පක්ෂ පාලනයකට සමාජය නතු කිරීම….බහු පක්ෂ දේශපාලනයකට ඉඩ හසර නොදෙන ඕනෑම තැනක භයානක ඒකාධිපතියෙකු බිහිවීමේ අන්ත්‍රාය ඇත….කොමියුනිස්ට් පක්ෂ යැයි කියාගත් පක්ෂ විසින් පාලනය කරන ලද සියළුම රටවල් පාහේ අවසානයේදී තමාගේ තනි කැමැත්තට සහ තමන් ඉගෙන ගත් දෑ තුළින් සකසා ගත් ෆැන්ටසියන්ට අනුව සමස්ථ ජන සමාජයක් නැටවූ ඒකාධිපතියන් බිහිවිය….
මෙවැනි අසාර්ථක, ආගමික රාමු තුළ පවතින පීඩාකාරි ක්‍රමවේදයන් දර්ශණයේ හරයේත්, ප්‍රායෝගික යෙදුමෙහිත් පැවති හෙයින් මෙකී දාර්ශණික ශාඛාව ලෝක ප්‍රජාවගෙන් ප්‍රතික්ෂේප වෙන ලදී…
1970 දශකයේ ඩෙන් ෂියා ඕ පින්ගේ චීනයෙන් ඇරඹි කොමියුනිස්ට්වාදී ආර්ථික ප්‍රතිපත්ති වල ප්‍රතික්ෂේප වීමත්, 1991 වසර වනවිට සෝවියට් සංගමයෙන් ඇරඹි වාමාංශික දේශපාලනික සහ සමාජ අර්ථක්‍රමයන්ගේ පරාජය සහ කඩා වැටීමත් සම්පූර්ණ වී ඇති බව අවසාන රතු බළකොටුවේ අගනුවර තානාපති කාර්යාල භූමියෙහි එසවූ ඇමරිකානු ධජය සාක්ෂි දරනු ඇත….
තමන් ඇමරිකානු ජනාධිපතිවරුන් රැසකගේ ධුර කාළයන් අබිබවා ජයග්‍රාහීව කියුබාවේ පාලනය ගෙන ගිය බවට එරට වාමාංශික විප්ලවවාදයේ සජිවී රූපකය වන ෆිදෙල් කැස්ත්‍රෝ කියයි…එනමුත් 1959 – සිට මේ වන තෙක් මෙක්සිකානු බොක්ක හරහා බත්තල්, බහු දින ධීවර යාත්‍රා, රබර් ඩිංගි බෝට්ටු මගින් මරු පෙනි පෙනී ඇමරිකා එක්සත් ජනපදයට පළාගිය තුන් ලක්ෂයකට අධික කියුබානු සරණාගතයනුත්, දීර්ඝ කාළීන ක්‍රම ඝට්ටනයක අවසන් ජය ඇමරිකා එක්සත් ජනපදයට සහ එරට නියෝජනය කරන ක්‍රමවේදයන්ට හිමි වූ බව නිහඬව සනාථ කරනු ඇත…
උ.ගැ. - නොදන්න මඟුල් කථා කරමු..
රෙප් බාර ගනු ලැබේ.......