කිරිඇල්ලේ මිය ගිය බණ්ඩාර මිස් :no::no:

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    kiriella-accident-ratnapura-nurse-rupavahini


    රත්නපුර කිරිඇල්ල පොලිසිය ඉදිරිපිට දී ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් මෝටර් රථයක සහ යතුරු පැදියක ගැටීමෙන් පසුගිය සෙනසුරාදා සිදු වු අනතුරකින් විවාහක යුවළක අවාසනාවන්ත ලෙස ජීවිතක්යට පත්වුණා.
    මෙම අනතුරෙන් මිය ගියේ රූපවාහිනි සංස්ථාවේ පරිපාලන සේවකයෙකු ලෙස කටයුතු කළ ආසිරි විජේසුන්දර මහතා සහ ඔහුගේ බිරිය වූ රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන ශල්‍යාගාරයේ සේවය කළ නිමාලි බණ්ඩාර මහත්මියයි.
    රත්නපුර පානදුර මාර්ගයේ කිරිඇල්ල පොලිසිය ඉදිරිපිට ජීප් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති අතර එය වාහනයක් පසුකර යාමට උත්සහ දැරිමේ දී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයේ ගැටී පසුව යතුරු පැදියේ ද ගැටී තිබෙයි.
    යතුරු පැදියේ ගමන් කරමින් සිටි දෙදෙනාම බරපතල තුවාල ලැබු අතර රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මුලින් ආසිරි මහතාත් පසුව නිමාලි මහත්මියත් මියගිය බව වාර්තා විය.
    මියගිය ජාතික රූපවාහිනි සංස්ථාවේ පරිපාලන අංශයේ සේවයේ නියුතුව සිටි 34 හැවිරිදි ආසිරි විජේසුන්දර මහතා කිරිඇල්ල ප්‍ර දේශයේ පදිංචිව සිටියේය.

    සිද්ධිය වූ දිනයේ ඔහු රත්නපුර රෝහලේ හෙදියක ලෙස රාජකාරී කළ සිය බිරිද රෝහලේ සිට නිවස කරා රැගෙන එමින් සිටි බව කියැවිණි.
    ජීප් රථය පදවා ඇත්තේ 24 හැවිරිදි පුද්ගලයෙකි ඔහුද අනතුර නිසා සුළු තුවාල ලැබුවේය. පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනිමෙන් පසු පොලිස් ආරක්ෂාව යටතේ රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්ය.
    ඩිෆෙන්ඩර් රථය හැප්පවූ මෝටර් රථයේ ගමන් කළ රියදුරා ඔහුගේ බිරිඳ මෙන්ම අවුරුදු 3ක කුඩා දරුවාද රෝහලට ඇතුලත් කර තිබූ බව සඳහන්ය.
    මෙම අනතුර සම්බන්ධයෙන් අද රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මියගිය යතුරුපැදිකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

    කලක් මහනුවර ජාතික රෝහලේ සේවය කර රත්නපුර ශික්ෂණ රෝහලට ස්ථාන මාරුවීම් ලබා ගිය හෙද නිලධාරිනී නිමාලි බණ්ඩාර ගැන සමාජ මාධ්‍ය තුළ සංවේගදායි සටහන් තබා ඇති අතර ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්ද මියගිය ආසිරි මහතා වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් කර තිබුණි.

    12.jpg




    11.jpg
     
    • Sad
    Reactions: Asmodeus

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    පාරේ වන්ගූ තිබ්බා කියලා අහින්සක මිනිස්සු පලි නෑ. කාලකන්නි බල්ලා දේශපාලන හෙන්චයියෙක් වෙන්න ඈති. දෑන් ඉතින් දවස් 7-8 කින් එලියට ඈවිත් ඔය විදිහටම පදී.. කරුම කාලකන්නි රටවල් බන් මේවා
     
    • Like
    Reactions: windows_ubuntu

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,773
    1
    51,660
    113
    ප*යාගල
    sorry.com
    Melo rahak nathi over-rated wahanayak. Mata nam penna ba owage yana unge ad eka. Mokadda bun oke thiyena wisheshathwaya?
    ඉස්කෝලෙ බැජ් එක Real Bumper එකේ ගහගෙන හයි ස්පීඩ් කෙලගෙන යනවා. වටේ ඉන්න උන් නිකරුනේ මැරෙනවා.
     
    • Like
    Reactions: dilshan87