ඈ බන්.. සිරාවට එළකිරි එකට අලුත් කොල්ලෝ කෙල්ලෝ ජොයින්ඩ් වෙනවද ? නැත්නම් මේ 2006/2007 නාකි කුකුලෝ ටිකමද අලුත් අයිඩී වලින් එන්නේ ? නිතරම දකින්නේ එකම සෙට් එක.. හෙළයා / සෝලෝ රයිඩර් / ඩිලාන් / චරිත 2011 / ඉන්ද්‍රජිත් / ස්ටේටස් මයින්ඩ් / හෙසාන් දමින්ද / හිච්චිපුතා / අනුරාධ රා ඇතුළු එළකිරි ඇබ්බැහි බහිරවයෝ ටික නිතරම දකිනවා..
ඉස්සර නම් අපේ යුනි එකේ ලැබ් එකේ ලොග් වෙලා ඉද්දි කොල්ලෝ දැකලා මේ මොකද්ද බන්, මොකද්ද මේකෙන් වෙන්නේ වගේ අහලා සෙට් උන උන් ඉන්නවා... ඉස්සර අම්බානෙට සින්දු බාන්නත් සෙට් එකක් ආවා.. සිංදු ගූගල් කලත් එලකිරි එක තමයි එන්නේ..
අද කාලේ මේ 2000 න් පස්සේ ටික් ටොක් සෙට් එක එලකිරි එකට එනවද ? මේ යන රිදම් එකට උන් සෙට් වෙනවද ? මේ කල්චර් එක උන්ට බෝරින්ග් ද ? එළකිරි ඉතිහාසේ දන්නවද ? අපේ කාලේ වගේ නෙමේ උන්ට දැන් වැටිලා ඉන්න ඕන තරම් තැන් තියෙනවා..
මම දන්න ගොඩක් සීනියර් එවුන් තවම හොරාට එනවා.. පිටින් ඉඳන් ඇවිත් බලලා යන උන් ඉන්නවා.. මම උනත් කොච්චර වැඩ තිබ්බත් අනිවා දවසට එක පාරක් හරි ඇවිත් මේකේ ට්‍රෙන්ඩින්ග් සෙට් එක බලලා ඕප දූප ටික කියවලා යනවා..
කෝ මේ දත් කිඹුලා? රත්තරන් ? පරණ එවුන්.. ඕකුනුත් අලුත් අලුත් සෙට් ඒවයින් එනවා ඇති මේකේ ඕපේ දූපේ හොයලා යන්න..
මොනවා උනත්.. අලුතින් මොක මොක ආවත් එළකිරි කියන්නේ දැනුම් සම්භාරයක් සපිරි ගබඩාවක්...

දැනටත් ඔෆිස් එකේදි මේකේ තියෙන ආතල් දැකලා තනියෙන් හිනා වෙනවා...
ප්‍රොෆිට් නැත්නම් ජීටී බුවා ඇයි මේක තියන් ඉන්නේ ගෙවාගෙන...
එන්න බලන්න එළකිරි බහුශ්‍රැත සෙට් එක.. දෙන්න බලන්න වදන් ටිකක්..