කිරිවෙහෙර විහාරාධිපතිට වෙඩි තබයි
ඊයේ රාත්‍රී 11.00ට පමණ කිරිවෙහෙර මළුවේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ කිරිවෙහෙර විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් හට හම්බන්තොට රෝහලේදී පැය 05ක ශල්‍ය කර්මයක් සිදු කොට තිබෙනවා.
විහාරාධිපති ස්වාමින් වහන්සේගේ උදරයට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
ශල්‍යකර්මයෙන් පසු මේ වන විට හම්බන්තොට රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත උන්වහන්සේ ඇතුළත් කර තිබෙනවා.ධම්මින්ද නාහිමියන් සමග සිටි තවත් හිමි නමකට ද වෙඩි වැදී ඇති අතර එම හිමිනමගේ කකුළකට හානි සිදුවී ඇති බව සඳහන්.
රතු පැහැති ජීප් රථයකින් පැමිණි තිදෙනෙකු වෙඩි තැබීම සිදු කර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.විහාරවාසී පූජ්‍ය හිනිඳුම සුගතවංශ හිමියන් මාධ්‍ය වෙත සිද්ධිය විස්තර කළේ මේ අයුරින්.
“උන් වහන්සේ සෑම දිනකම රාත්‍රියේ කිහිවෙහෙර චෛත්‍ය රාජයානන් වහන්සේ වන්දනා මාන කරන්න කටයුතු කරනවා. එලෙස වන්දනාමාන කරලා පහළට වැඩම කරන අවස්ථාවේදී යම්කිසි පිරිසක් ඇවිත් උන්වහන්සේට සහ අනෙක් ස්වාමීන් වහන්සේලාට වෙඩි තැබීමක් සිදු කළා. ඉන් නායක ස්වාමීන් වහන්සේට වෙඩි කිහිපයක් වැදිලා තියෙනවා. අනෙක් පොඩි හාමුදුරුවන් වහන්සේටත් වෙඩි වැදිලා තියෙනවා”
පැය ගණනක ශල්‍යකර්මයකින් පසු කිරිවෙහෙර විහාරාධිපති හිමි දැඩි සත්කාර ඒකකයට