කිරිවෙහෙර විහාරාධිපතිට වෙඩි තබයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    කිරිවෙහෙර විහාරාධිපතිට වෙඩි තබයි

    පැය ගණනක ශල්‍යකර්මයකින් පසු කිරිවෙහෙර විහාරාධිපති හිමි දැඩි සත්කාර ඒකකයට


    ඊයේ රාත‍්‍රී 11.00ට පමණ කිරිවෙහෙර මළුවේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ කිරිවෙහෙර විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් හට හම්බන්තොට රෝහලේදී පැය 05ක ශල්‍ය කර්මයක් සිදු කොට තිබෙනවා.

    විහාරාධිපති ස්වාමින් වහන්සේගේ උදරයට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

    ශල්‍යකර්මයෙන් පසු මේ වන විට හම්බන්තොට රෝහලේ දැඩි සත්කාර ඒකක‍ය වෙත උන්වහන්සේ ඇතුළත් කර තිබෙනවා.ධම්මින්ද නාහිමියන් සමග සිටි තවත් හිමි නමකට ද වෙඩි වැදී ඇති අතර එම හිමිනමගේ කකුළකට හානි සිදුවී ඇති බව සඳහන්.

    රතු පැහැති ජීප් රථයකින් පැමිණි තිදෙනෙකු වෙඩි තැබීම සිදු කර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.විහාරවාසී පූජ්‍ය හිනිඳුම සුගතවංශ හිමියන් මාධ්‍ය වෙත සිද්ධිය විස්තර කළේ මේ අයුරින්.

    “උන් වහන්සේ සෑම දිනකම රාත්‍රියේ කිහිවෙහෙර චෛත්‍ය රාජයානන් වහන්සේ වන්දනා මාන කරන්න කටයුතු කරනවා. එලෙස වන්දනාමාන කරලා පහළට වැඩම කරන අවස්ථාවේදී යම්කිසි පිරිසක් ඇවිත් උන්වහන්සේට සහ අනෙක් ස්වාමීන් වහන්සේලාට වෙඩි තැබීමක් සිදු කළා. ඉන් නායක ස්වාමීන් වහන්සේට වෙඩි කිහිපයක් වැදිලා තියෙනවා. අනෙක් පොඩි හාමුදුරුවන් වහන්සේටත් වෙඩි වැදිලා තියෙනවා”
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    කිරිවෙහෙර බාරව ඉන්න භික්ෂූන් වහන්සේලා නම් භික්ශු විනය අතින් අන්තිමයි කියන එක ප්‍රසිද්ධ කරුණක්,ආවාසෙ කාමර ඇතුලෙ හාමුදුරුවොත් එක්ක තරුණ ගෑණු ඉන්නවා දැකලා තියෙනවා,,හාමුදුරුවන්ට ගෑණු කෑම කවනවා,,මේක අද ඊයෙ නෙවෙයි අවුරුදු ගාණක ඉඳන් හැටි එහෙමයි,,ඔයිට කලින් හිටිය විහාරාධිපති අලුත්වැව සෝරත හාමුදුරුවො ඉන්න කාලෙ ඉඳන්ම ඔය සීන් තිබුනා....
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කිරිවෙහෙර බාරව ඉන්න භික්ෂූන් වහන්සේලා නම් භික්ශු විනය අතින් අන්තිමයි කියන එක ප්‍රසිද්ධ කරුණක්,ආවාසෙ කාමර ඇතුලෙ හාමුදුරුවොත් එක්ක තරුණ ගෑණු ඉන්නවා දැකලා තියෙනවා,,හාමුදුරුවන්ට ගෑණු කෑම කවනවා,,මේක අද ඊයෙ නෙවෙයි අවුරුදු ගාණක ඉඳන් හැටි එහෙමයි,,ඔයිට කලින් හිටිය විහාරාධිපති අලුත්වැව සෝරත හාමුදුරුවො ඉන්න කාලෙ ඉඳන්ම ඔය සීන් තිබුනා....

    Matath oka kiyanna hithala #1 post ekenma antgimata me Sinhala Bavddayo kulappu wela mata kurusa tag gahai kiyalai nokiya hitiye. Okun kudu seen badu seen walath innawa. Sasane kanawa moosala haththa :rolleyes::angry:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම සිල් බිද ගත්තේ කුසුමක් නිසා