කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබ&

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබ&

    නාදුනන තුවක්කුකරුවන් තිදෙනෙකුගේ වෙඩි ප්‍රහාරයටකට ලක්වී බරපතල තුවාල ලැබූ කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තු ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ට හම්බන්තොට රෝහලේදී පැය 05ක ශල්‍ය කර්මයකට ලක්කර තිබෙනවා. පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ගේ උදරය ප‍්‍රදේශයට වෙඩි ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි පැවසෙන්නේ. නාහිමියන් සමඟ සිටි සෝභිත නැමැති හිමිනමක්ද සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිනවා.
    කෙසේ වෙතත් ස්වාමින් වහන්සේලාගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවටයි වාර්තා වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර සඳහන් කරනවා.එමෙන්ම සිද්ධියට සැකකරුවන් පැමිණ තිබූ මෝටර් රථය මේ වන විට පොලිස් භාරයට ගෙන තිබෙනවා.
    සිද්ධිය සිදු වූ අවස්ථාවේදීම කතරගම පොලිසියට අවශ්‍යකරන තොරතුරු ලැබුණු බවත්, ලැබී ඇති සාර්ථක තොරතුරක් ඔස්සේ මේ වන විට විමර්ශන සිදු කරන බවත්, අද දිනය තුළ කෙසේ හෝ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තු වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
    කිරිවෙහෙර නාහිමියන් සෝභිත හිමියන් සමඟ කිරිවෙහෙර වැඳ පුදාගෙන ආපසු එමින් සිටියදී විහාරස්ථානය අසලදී මෙම වෙඩි පහරට ගොදුරු වුණා..රතු පැහැති මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු මෙම වෙඩි තැබීම කර පලා ගොස් ඇතැයි පොලිස් පරීක්ෂණ වලදී හෙලිව තිබුණා.
    විහාරවාසී පූජ්‍ය හිනිඳුම සුගතවංශ හිමියන් සිද්ධිය විස්තර කළේ මෙසේයි.
    "උන් වහන්සේ සෑම දිනකම රාත්‍රියේ කිහිවෙහෙර චෛත්‍ය රාජයානන් වහන්සේ වන්දනා මාන කරන්න කටයුතු කරනවා. එලෙස වන්දනාමාන කරලා පහළට වැඩම කරන අවස්ථාවේදී යම්කිසි පිරිසක් ඇවිත් උන්වහන්සේට සහ අනෙක් ස්වාමීන් වහන්සේලාට වෙඩි තැබීමක් සිදු කළා. ඉන් නායක ස්වාමීන් වහන්සේට වෙඩි කිහිපයක් වැදිලා තියෙනවා. අනෙක් පොඩි හාමුදුරුවන් වහන්සේටත් වෙඩි වැදිලා තියෙනවා." යනුවෙනි.


    සින්හල බෞද්ධකම ඔලුවෙ පොරෝගෙන ඉන්න එලකිරියෙ ගොඩක් උන්ට මේ සිද්දිය ගානක්වත් නෑ නේද ? :confused::confused::confused::confused:


     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕක මචන් දේවාලේ සම්බන්ද සින් එකක් වෙන්න ඕන

    ඔතනට මිනිස්සු ගොඩක් බාර හාර වෙනවා, මුදලාලිලා , බිස්නස් අය , රත්තරන්, සල්ලි අනිවා පොලිටික්ස් හෝ කැපුවො , නිලමෙලා මොකක් හරි වෙන්න ඕන,

    සිව්රට වෙඩි තිබ්බ කියන්නේ බඩු හරි, ආයේ ගොඩ ඒමක් නැ, ඕක කරවපු, කරපු සියලුදෙනා ඉවරය්.... ආයේ මනුස්ස ආත්මයක් ගැන හිතන්න බැ,,,,

    මම කිව්වේ බුදුසසුන රකිමින්, ඉතා ගුණවත්ව නැණවත්ව මහණදම් පුරන ස්වාමින් වහන්සේලාට වන අතර, සිව්ර දාගෙන බිස් එකට ඉන්න චිවරදාරින්ට නොව....
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕක මචන් දේවාලේ සම්බන්ද සින් එකක් වෙන්න ඕන

    ඔතනට මිනිස්සු ගොඩක් බාර හාර වෙනවා, මුදලාලිලා , බිස්නස් අය , රත්තරන්, සල්ලි අනිවා පොලිටික්ස් හෝ කැපුවො , නිලමෙලා මොකක් හරි වෙන්න ඕන,

    සිව්රට වෙඩි තිබ්බ කියන්නේ බඩු හරි, ආයේ ගොඩ ඒමක් නැ, ඕක කරවපු, කරපු සියලුදෙනා ඉවරය්.... ආයේ මනුස්ස ආත්මයක් ගැන හිතන්න බැ,,,,

    මම කිව්වේ බුදුසසුන රකිමින්, ඉතා ගුණවත්ව නැණවත්ව මහණදම් පුරන ස්වාමින් වහන්සේලාට වන අතර, සිව්ර දාගෙන බිස් එකට ඉන්න චිවරදාරින්ට නොව....




    තව ටික දවසකින් මහානායක හාමුදුරුවරුන් මරන්නත් යයි . කිසිම ප්‍රශ්ණයක් දාගත්තෙ නැති හාමුදුරු කෙනෙක් :angry::angry::angry: කරපු කරන්න කියපු උන්ට නම් හෙන ගහනව
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :rofl::rofl::rofl::rofl:


    හිනාවෙයන් සින්හලයටම . ඒකෙ වැඩිපුර කරල තියෙන්නෙ හාමුදුරුවන්ට බැනපු එකනෙ . වෙන කිසිම ආගමක එකෙක් තමන්ගෙ ආගමට බනිනවද .

    ආගම? චීවරයට ගෞරව වෙන විදියට පැවිදි ජීවිතය ගත කරන්න බැරි නම් උපැවිදි වෙන්න ඕනේ :rofl:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,813
    1
    9,698
    113
    colombo
    කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබු කපුවා සොයයි

    (තරිඳු ජයවර්ධන)
    කතරගම කිරි වෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්රධාන සංඝනායක කොබවක ධම්මානන්ද නාහිමියන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට දේවාලයක කපු මහතකු ලෙස කටයුතු කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසියේ ආරංචි මාර්ග කියයි.
    පෙර දින රාත්රියේ දී වාහනයකින් පැමිණි තිදෙනකු ඒ හිමියන්ට වෙඩි තබා පලා ගොස් තිබුණු අතර තුවාල ලැබූ විහාරාධිපති හිමි සහ තවත් හිමි නමක් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කරනු ලැබූහ. ඒ හිමියන් වැඩිදුර ප්රතිකාර සඳහා ගෙන ඒමට මීට ටික වේලාවකට පෙර හම්බන්තොට රෝහලෙන් රැගෙන ගිය බවත්, ගුවන් මගින් කොළඹට වැඩම කරවීමට නියමිත බවත් රෝහල් ප්රකාශකයෙක් පැවසීය.
    වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි යූ.පී සීඒජී 8531 දරණ ජීප් රිය පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
    කිරිවෙහෙර පුදබිමේ තිබෙන මහසෙන් දේව මන්දිරයේ අයිතිය සම්බන්ධයෙන් හම්බන්තොට පළාත් බද මහාධිකරණයේ නඩුවක් පැවැති අතර වසරකට පෙර දුන් එහි තීන්දුව අනුව දේව මන්දිරයේ අයිතිය ඓතිහාසික කිරිවෙහෙර විහාරස්ථානයට පැවරිණි. නඩුතීන්දුව අනුව එම කටයුතු සිදුවූයේ ගෙවුණු මැයි මස 17 වැනි දාය.
    නාහිමියන්ට වෙඩි තැබීමට හේතුව මෙම මහසෙන් දේව මන්ධිරයේ ආරවුල බව පොලිස් ආරංචි මාර්ග කියයි.
    මෙම ආරවුල හා සම්බන්ධ පුද්ගලයකු මීට ඉහත දී ද නාහිමියන් අසලට පැමිණ අවියක් පෙන්වා මරණ තර්ජනය කර ඇතැයි ද, ඒ සම්බන්ධයෙන් කතරගම පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇතැයි ද, පොලිස් ස්ථානාධිපතිවරයා ද දැනුම්වත් කර ඇතැයි ද දැනගන්නට තිබේ. නමුත් පොලිසිය මගින් සැකකරුවන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කර නැතැයි කිරිවෙහෙර ආරංචි මාර්ග කියයි. කිරිවෙහෙර නාහිමියන්ට හා කටයුතු කරන තවත් පුද්ගලයකුට මීට පෙර තර්ජන එල්ල වී ඇති අතර ඔහුද ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබුණු බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
    මෙම පැමිණිලි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුවූ වා නම් පෙරදින රාත්රී වෙඩි තැබීම වළක්වා ගත හැකිව තිබුණු බව එම ආරංචි මාර්ග පවසයි.
    මේ සම්බන්ධයෙන් කතරගම පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එස් කේ උපාලි මහතාගෙන් විමසීමේදී ඒ මහතා පැවසුවේ මීට පෙර නාහිමියන්ට තර්ජනය තිබූ බවට තොරතුරු නොලැබුණු බවයි. මේ සම්බන්ධයෙන් දැන ගැනීමට පොලිස් මාධ්ය ප්රකාශකවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    :rofl::rofl::rofl::rofl:


    හිනාවෙයන් සින්හලයටම . ඒකෙ වැඩිපුර කරල තියෙන්නෙ හාමුදුරුවන්ට බැනපු එකනෙ . වෙන කිසිම ආගමක එකෙක් තමන්ගෙ ආගමට බනිනවද .

    මහත්තයෝ නරක වැඩ කරද්දී බනිනවා තමය කව්රු උනත්...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    වෙඩි තිබ්බෙ උපවැදි කරන්නද ..:D:D මොකක්ද කරල තියන අගෞරවය :confused::confused::confused:


    උ මැරයෙක්ද දන්නේ නෑ. අපෙ පැත්තෙත් අර සුදදට්ට ද මොකක්ද කියල එකෙක් ඇරෙස්ට් කළා ගේම් දීල සිව්රේ ඉන්න ගමන්. ඒ වගේ උන් ඉන්නව මුත් එහෙම එකෙක් වෙන්න ඇති නැතිනම් හාමුදුරු කෙනෙක්ට නිකන් වෙඩි තියන්නේ නෑ නේ.
     

    Similar threads