කිරි මුට්ටිය ගගේ ගියා...........
"මවක් සිය පුතාව ඟඟට විසිකර ඇත. දරුවා ඟගේ ගසාගෙන එනුදුටු අයෙකු ඟගේ පීනා ගොස් දරුවා බේරාගෙන ඇත."
"මාස 03ක වයසැති බිළිදෙකු නිවස පිටුපස වත්තේ වළදමා තිබියදී අසල්වැසියකුගෙන් ලද පැමිණිල්ලකට අනුව සොයාගෙන ඇත. මව සැකපිට අත්අඩංගුවට"
"ඉපදුණු ගමන් බිළිඳකු රෝහලේ හැරදමා මව පිටව ගොස් ඇත."
"කොළඹ නගරයේ පමණක් නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථාන දහස් ගණනක්"
රූපවාහිනී චැනල් වෙතින් තරඟකාරී ලෙස ලබාදෙන මෙවැනි පුවත් කලක සිට සුලබය. මෙවැනි සිදුවීම් වලට අදාළ වීඩියෝ පට හෝ වෙනත් වැදගත් සාක්ෂි වලට හොඳ මිලක් ඇත, සම්මාන මඟ බලා සිටී. ප්‍රවෘත්තිය මුලින්ම අත්පත් කරගැනීමට සමත් වූ මාධ්‍ය ආයතනය එය හපයක් වන තෙක් උදේ සවස පට්ට ගසති. ප්රවෘත්ති හොඳින් වවා ගෙන කෑම සඳහා අදාළ අනතුරට පත් දරුවාගේ මව හෝ වෙනත් භාරකරුවෙකු සොයා දෙන්නන් හට තෑගි පිරිනමති. විවිධ එස්එම්එස් තරඟ පවත්වති.
පසුගිය කාලයේදී ලාංකික මාධ්‍ය ආයතන, විශේෂයෙන් රූපවාහිනී චැනල් විසින් සිය ප්රවෘත්ති වැඩිපුර විකුණාගැනීම සඳහා මෙවැනි අවස්ථා සුලබව භාවිතා කිරිමක් දක්නට ලැබුණි. ගෙදර බුදුන් වූ අම්මාවරුනට සිය කුසින් බිහිකළ දරුවා පණපිටින් වළදැමීමට, මහමඟ දමායෑමට හෝ අන් විපතක් සිදුකිරීමේ අවස්ථා දහස් ගණනක් වාර්තා විය.
සියල්ල දත් පුරවැසියන් ලෙස සමස්ත ලාංකිකයින් විසින් මෙවැනි පුවත් තළු මරමින් රසවිඳ, මානව දයාව උතුරා යමින් බිළිඳාගේ මවට ශාප කර සිය වගකීම මැනවින් ඉටුකරති. ලාංකික විශ්වවිද්‍යාල වල සමාජ සමීක්ෂකයින් විසින් මැතිවරණ පූර්ව සමීක්ෂන සිදුකරමින් සිටිනවාට වඩා යමක් නොකරති. ඔවුනට මේවැනි දෑ සමාජයීය ගැටළු නොවේ. න්‍යයාත්මකව මේ සියළු සිදුවීම් අවබෝධ කර ගැනීම සඳහා ඩොලර් හිඟා කන NGO කාරයින්, අදාළ ගැටළුව මැනවින් හදුනාගෙන,මෙකී ඛේදවාචකය නිමාකරලීම සඳහා අවශ්‍ය ව්‍යාපෘතිද යෝජනා කර දස දහස් ගණන් පොත් මුද්‍රණය කොට සිය ගබඩා පුරවා ගෙන සිය වගකීම හමාර කරති. සමහර විට සමස්ත ශ්‍රී ලංකාවටම අදාළව මානව ගැටළු පිළිබඳව ව්‍යාපෘති වාර්තා සකස් කර, මුදල් ද ලබාගෙන ඒවා සාර්ථකව අවසන් කර ඇතත් රටට වූ අංශුමාත්‍රයක වත් බලපෑමක් නම් පෙනෙන්නට නොමැත.
වසර දෙදහස් පන්සියයකටත් එහා ගිය බෞද්ධ උරුමයත් සමඟ ලොව ප්‍රධානතම ආගම් වලින් යුතු වූ ලංකාවේ මෙකී ගැටළුවලට ලබා දෙන ආගමික න්‍යයාත්මක පිළිතුර නම් කාන්තාවන් විසින් ධර්මය නොඇදහීමේ ප්‍රතිඵලයක් ලෙස දැක්වීමයි. සුප්‍රසිද්ධ බෞද්ධ භික්ෂූ දේශකයෙකුට අනුව බටහිර කුමන්ත්‍රණයන්හි ප්‍රතිඵලයක් ලෙස සංකර වූ ගැහැණුන්ට අත්වූ ඵලයකි. සිය දරුමල්ලන්, පවුල, ආර්ථික අගහිඟකම්, දරිද්‍රතාව, පසෙක තබා පන්සිල් හෝ අන් සීලයක් රැක්කානම් මෙවැනි ඛේදවාචක් සිද්ධ වන්නේ නැත.
කවුරු කවුරුත් හීන්සැරේ කරඅරිමින් සිටින, කාලාන්තරයක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් වැඩිවන ළදරු විනාශයේ අවසන් කුරිරු ගොදුර බවට පත්වන්නේ සොදුරු ශ්‍රී ලංකාව කෲරත්වය පත්කිරීමට අංශුමාත්රයක් වත් වගකිව යුතු නොමැති අහිංසක බිළින්දන්ය. මරණයට පත්වූ විට හෝ ඒ අකාරයේ සුවිශේෂී අතවරයකට ලක්වූවන් මාධ්‍ය මඟින් අනාවරණය කළද එසේ අනාවරණය නොවූ ජීවිතේ නොමැරී මැරෙන දස දහස් ගණන්, ලක්ෂ ගණන් දරුවන් කොතෙක් නම් ලංකාවේ ඇත්ද?
මේ සඳහා වගකිව යුතු හො ක්‍රියාත්මක විය යුතු පිරිස් නොදන්නා වුන් සේ සිටින විට, බස්රථ වල, කාර්යාල වල, හංදි වල හෝ අන් තැන්වල සිටින තුට්ටු දෙකේ සමාජ විද්‍යාඥයින් විසින් සමස්ත ගැටළුවට වගකිව යුත්තේ බිළිඳාගේ මව බවට සුවිශේෂී සොයාගැනීමක් ඒකමතිකව ස්ථිර කරති. කාන්තාවක් ලෙස ඉපදුණා නම් හැදියාවෙන් යුතුව, විනීතව, විනයක් ඇතිව ජීවත් විය යුතු බවත්, සමාජයේ ගැහැණියක් වගකීම් සහගතව ප්රවේශම්කාරීව හැසිරිය යුතු බවත් පවසා ගැටළුව සඳහා පිළිතුරු සපයති.
බස් එකක ගැහැණු ළදැරිවියකටවත් කාමාතුරයෙකුගෙන් බේරී යා නොහැකි තත්ත්වයක, කෙසේ හෝ ගැහැණියක් ගොදුරු කරගැනීමට ඉහළ සිට පහළට සිටිනා පිම්පියන් plan ගහන ශිෂ්ඨාචාරගත රටක, උප්පැන්න සහතිකේ පියාගේ නම නොමැති වීමෙන් හටගත හැකි ගැටළු පිළිබඳව අමුතුවෙන් කිවයුතු නොවේ. දරුවෙකු තවත් අයෙකුට හදා ගැනීමට බාරදීමෙදී ඇති සංකීර්ණ නීතිමය තත්ත්වය මෙන්ම ඊට එරෙහිව ඇති සාමාජයිය ආකල්ප වලටද මෙකී ඛේදවාචකයේ වගකිමෙන් නිදහස් විය නොහැක.
දාඩිය මහන්සියෙන් හරි හම්බ කරගත් තුට්ටු දෙකෙන් වෙළදපොලේ ගිනිගණං ගිය බඩුත්, අන්තයටම හූරා කන රාජ්‍ය බදු මුදලුත් සමඟින් දරුවෙකු නොව පුද්ගලයෙකු තමන්ව නඩත්තු කරගන්නේ කෙලෙසකද යන්න පුදුමයකි. මේ සියළු කරදර, වංචා දූෂණ, හිංසා පීඩා මැද වුවත් මවකට හා දරුවකුට තනිව සමාජයේ සුරක්ෂිතව ජීවත් වීමේ වටපිටාවක් නිර්මාණය කර ඇත්ද?
දරුවෙකු මඟදමායාමේ සිට ඝාතනයන් සිදුකිරීම දක්වා සිදුවන ඛේදවාචකයනගේ වගකීම අදාළ "මව" පිට පැටවීමට උත්සාහ දරණ සත්ගුණවත් පිරිසට අවධාරණය කළ යුතු වන්නේ, එකී ලේ හැලීමේ වගකීමෙන් යම් හෝ කොටසක් ඔබද දැරිය යුතු බවයි. සමස්ත සමාජයේ සිදුවන දරුණු පරිහානියේ සමස්තය දෙස නොබලා කේතුමතී නුවරක අහඹු සිදුවීමක් ලෙස මෙවැනි සිදුවීම් හුදෙකලාව දකින්නාවූ පිරිස දැනගත යුතු වන්නේ සමස්ත ඛේදවාචකයේ කිසියම් සාහසික ප්‍රතිඵලයක් විසින් තමන්ව ගිලගන්නා සුභ අනාගතය වැඩි ඈතක නොවන බවයි..
උපුටාගැනීම, සංඛ කිරිඳිවැල
කදුලු පිරි නෙතින් කෑ මොරගා හඩනු හැර වෙන කරනු කිසිත් නොමැත මා හට පුතේ නුබ වෙනුවෙන්..................

Last edited: