මේ රටට වෙන්නට යනේනේ කුමක්දැයි මම අද උදේ සිට ම සිතමින් සිටිමි. ජනමාධ්‍ය අදිසි හස්තයන් ගෙන් හසුරුවනවාය, ඒවා මර්දනය කරනවාය, මාධ්‍යෙව්දීන් ඝාතනය කරනවාය, ඔවුන්ට පහර දෙනවාය, මේ නැති මධ්‍ය නිදහස ගෙනෙන්නෙමු යයි කියා බලය ගත් අය අද කරන දේවල් ගැන කියන්නට වචන සෙවීමට සිදුවී තිබේ.
ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා පත්වූයේ පෙරේදා ය. ඊයේ වන විට ඒ උත්තමයා විසින් සියළු ම මාධ්‍ය වෙත ලිපියක් එවා තිබේ. යහපාලන ආණ්ඩුව මධ්‍ය නිදහස දළු ලා වැඩෙන්නට ඉඩ දෙනවාය කියමින් අරඹා ඇති ඒ ලිපියේ සාරාංශය වන්නේ “ඒකාබද්ධ විපක්ෂය“ යන වචනය මාධ්‍ය ඔස්සේ පලකිරීම වරදක් බවත්, එය කරන අයවලුන් හට නීතිය ක්‍රියාත්මක කරන බවත්ය. මෙය දේශපාලකයෙක් කිව්වා නම් හිත හදා ගත හැකිය. නමුත් මේ කියන්නේ අපක්ෂපාත විය යුතු වගකිවයුත් රාජ්‍ය සේවකයෙකි. මේ කරන්නේ වහෙං ඔරෝ මාධය වලට තර්ජනය කිරීමක් නොවේ ද? තොපි ඒකාබද්ධ විපක්ෂය කියන වචනෙ දැම්මත් කෙළවනවා කියන තර්ජනය නොවේ ද? ගරු කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව තුල ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම වෙනම කණ්ඩායමක් ලෙස පිළිගෙන ඇත්නම්, පෙරේදා දිවුරුම් දී වැඩ බාරගත් ලේකම්වරයාට එය වෙනස් කිරීමට ඇති කැහිල්ල කුමක් ද? මේ රටේ සිව්වන පුරවැසියා පාර්ලිමේනුතු කටයුතු ගැන ගෙන තිබෙන තීරණ මෙසේ ලිපි ගසා වෙනස් කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් ව්‍යාතිරේක එක් කිරීමට මේ කියන ලේකමාට ඇති අයිතිය හෝ බලය කුමක් ද? ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මහතා පවසන්නේ ඒ ලිපිය ආණ්ඩුවේ මතය නොව ලේකම්වරයා ගේ පෞද්ගලික මතයක් බවය. එසේ තම පෞද්ගලික මතවාද මාද්‍ය පිට පටවා ඔවුන්ට තර්ජනය කිරීමට අදාල ලේකමාට ඇති අයිතිය කුමක් ද? ඇමතිවරයා දැන් කරන්නේ අර අමුඩය කඩා මුහුණ වසා ගැනීමක් නොවේ ද?
වර්තමාන ආණ්ඩුව රාජ්‍ය නිළධාරීන් ගේ කොදු කඩා ඇති බවටත්, පත් කර ඇත්තේ අමන නිහීන කොටළුවන් බවටත් මේ හොද ම සාක්ෂියයි. උන් මෙවැනි දේශපාලන පොර ටෝක් ඉෂු කර හදන්නේ ඇමතියාගෙන්, අගමැතියා ගෙන් ලකුණු දමා ගන්නටය. කොටින් ම අදීන පිරිසක් ව සිටිය යුතු රාජ්‍ය නිළධාරීන් මෙසේ ප්‍රසිද්ධියේ දේශපාලකයන් ගේ ඇට කුට්ටම් ලෙවකෑම අන්තිම ජඩ, නින්දිත,පාහර සහ අධම ක්‍රියාවක් බව කිව යුතුය. මෙවන් නපුංසකයන් අමාත්‍යාංශ ලේකම්වරුන් කරන්නේ රාජ්‍ය පරිපාලනය හරි විදියට කරගැනීමට ද, නැතිනම ඇමතියන් ගේ අර කලින් කී දේ කරවා ගැනීමට ද?
මෙවන් වෘක්ෂ නපුංසක රාජ්‍ය නිළධාරීන් සේවයෙන් පහකොට, විශ්‍රාම වැටුප පවා අහිමි කොට බන්ධනාගාර ගත කළ යුතු යයි සිතමි.
රෙප් කපන උන්ට වැඩ ඇල්ලීම පිණිස පල කලෙමි!!!!