-කිරුළ මුතු ලිහී සරසර හඩින් වැගිරෙනා -
================================
මේ ගීතය ලියවෙන්නෙ ලංකාවේ වයෝවෘද්ධ ,නර්තන කලාවට දැවැන්ත සේවයක් කරපු නර්තන ශිල්පියෙක් ගැන ..ඔහුව අගය කරන්න ඒ කාලේ රාජ්ය මට්ටමින් සම්මාන උලෙලක් තියනවා රටේ මුල් පුටුවල අය ඔහුට සම්මාන පුදලා යන්න යනවා ...මේ උත්සවයටම රත්න ශ්රී විජේසිංහ මහත්තයත් යනවා ඔහු දකිනවා අර රටට මහා සේවයක් කරපු අර නර්තන ශිල්පියා තමන්ට උස්සගන්නත් බැරි සම්මානය අරගෙන වැස්සෙ තෙමි තෙමි බෞද්ධාලෝක මාවතේ තනියම ඇවිදගන යනවා ගෙදර යන්න බස් එකට යන්න... මේ අපේ රටේ බොහෝ කලාකරුවන්ගේ ඛේදනීය ඉරණම රත්න ශ්රී විජේසිංහයන් ගීයකට හරවන්නෙ මෙහෙම....
කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා
මෙහි කිරුල කියන්නෙ වෙස්තට්ටුව..මේ වියපත් නර්තන ශිල්පියාගේ වෙස්තට්ටුවත් වයසයි ඉතිං වෙස් තට්ටුවේ මුතු ,පබලු ගැලවිලා වැටෙනවා." සුළු මැදුම් දෙතිත කියන්නෙ උඩරට නර්තන ශිල්පින් නර්තනයේ යෙදෙන තාලයක් සුපුරුදු සුළු මැදුම් දෙතිත පවා ඔහුට නටන්න බෑ දැන්...ඔහු නටනවා හැබැයි පුලුවන් කමට නෙමෙයි එකක් ඔහු නර්තනයට ආසයි අනෙක තමන්ගේ පවුල ජීවත් කරලීම වෙනුවෙන්...
දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති
වන්නමක් සේම සුමිහිරි තානමක් නැති
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි
මේක මේ ගීතයේ එන වැදගත්ම හදවතට දැනෙන පද කිහිපය.
නර්තන ශිල්පීන්ගේ නර්තනයේ එලියට පේන අලංකාරය ඔවුන්ගේ ජීවිත වල නෑ මොකද අපිට වන්නම් වලදී ගිරෙන් ගිරට පැනල යන්න පුලුවන් හැබැයි ජීවිතයේ කන්දෙන් කන්දට එහෙම පනින්න බෑ එහෙම පනින්න නම් මහා ආර්ථික ශක්තිය්ක් ඕනේ ඒ ශක්තිය මේ කලාකරුවට ලැබිලා නෑ...
රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති
නළල් පට මාල හත් පට සින්න වී ඇති
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි
ඔහු නර්තන කලාවට දැවැන්ත සේවයක් කරනවා හැබැයි ඒ කලා කියල ඔහුට මහා ධනස්කන්ධයක් හම්බෙන්නෙ නැහැ. ඇතැම් වෙලාවට නිවෙස අගහිගකම් වලින් පිරිලා බිරිදගේ කණ කර බඩු පවා සින්නවෙලා ගිහින් ඉතිං මිතුර මුදලින් සියල්ල මනින මේ ලෝකයේ මේ නර්තන කලාවෙන් විතරක් අප කෙසේ ජීවිතය ගැටගසා ගන්නද....
ප.ලි - මේ ගීතයේ කියවෙන්නෙ ශ්රී ලංකාවේ හිටපු දැවැන්ත නර්තන ශිල්පියෙක් ව ජීවිතයේ අන්තිම කාලය ඉතාම දුක්ඛිතව ගත කල රුපියල් 50 නෝට්ටුව රුවින් සරසපු නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ ගැන කියල මං අහලා තියෙනවා...
උපුටාගැනීමකි
සටහන - shashika bandara