කිලින්ග් රොබොස් !!
**---මෙය නෙට්ටුවෙන් ලබාගත්තකි ---**
ඊශ්‍රායලයේ එයින් ෂර්මර් ගුවන් කඳවුර බැලූ බැල්මට සන්සුන් ය. එහෙත්, එහි බිම්මහල වැසී ඇත්තේ මී මැසි කන් කරච්චලයකිනි. ලෝකයේ විශාලතම ඩ්‍රෝන ගුවන්යානා නිපදවන රට බවට ඊශ්‍රායලය පත්වීම පුදුමයක් නොවන බව බැලූ බැල්මට වුව පෙනෙයි.
මී මැසි ගුමු ගුමුවකට සමාන ශබ්දයක් නිකුත් වන්නේ ඒවායෙනි. එහි තිබෙන ඩ්‍රෝනවලින් වැඩි කොටස, ක්‍රීඩා භාණ්ඩ වැනි ය. විශාලතම යානයක් පවා කුලී රියකට වඩා විශාල නොවේ.
එහෙත්, ඒවායේ රහස් කැමරා සඟවා ඇති බව ප්‍රසිද්ධියේ පැවසෙන්නේ නැත. ඊටත් වඩා රහසක් ඒ ඩ්‍රෝන යානා සතු ය. එය නම්, කැමරාවලින් ඔත්තු බැලීමට අමතර ව රොකට් ප්‍රහාර එල්ල කිරීමටත් ඒවාට හැකි බව යි.
හෙරොන් ටීපී යනු ඊශ්‍රායලයේ වැඩිම අලෙවියක් සහ ඉල්ලුමක් තිබෙන ඩ්‍රෝන යානාවයි. එය සෑහෙන ප්‍රමාණයකින් විශාල ය. ප්රොපෙලර මගින් ක්‍රියාත්මක වන හෙයින් සෑහෙන තරම් ශබ්දයක් ද නිපදවයි. එවිට බැලූබැල්ම ට පෙනෙන්නේ, ඒ තුළ ගුවන් නියමුවා පමණක් හෝ සිටිනවා කියා ය.
එනිසා එය ඩ්‍රෝනයක් යැයි සැක නොකෙරෙයි. එහෙත්, සත්‍යය එය නොවේ. එය ද UAV (Unmaned Aerial Vehicle) හෙවත් මිනිසුන් රහිත අහස් වාහනයක් වන අතර ඉලක්ක හඳුනාගෙන ක්ෂණික ව රොකට් ප්‍රහාර එල්ල කරනු ඇත. ඒවායේ මෙහෙයුම් සිදුවන්නේ සංකීර්ණ දුරස්ථ පාලක තාක්ෂණයක් මගිනි.
කන්ටේනර් අංගන වැනි ස්ථානයක සිට සැබෑ ‘නියමුවා’ ඩ්‍රෝනය විසින් ලබාදෙන තොරතුරු එවේලේ ම වාර්තා කර ගනියි. එසේ ම ඩ්රොනයේ ගමන් මඟ තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට ද ඔහුට මෙහි සිට පුළුවන.
ඊශ්‍රායලයේ ඩ්‍රෝන වැඩසටහන අමෙරිකාවේ ඩ්‍රෝන වැඩසටහන තරම් විවේචනයන්ට සහ මතභේදයන්ට ලක්වී නැති බව ඇත්තකි. එහෙත් ඊශ්‍රායල ඩ්‍රෝන අහිංසක බවක් එයින් අදහස් නොවේ. අමෙරිකාවේ හොඳ හිත දිනූ සගයා වීම සහ ලොව යුදකාමී ම ජාතිය වීම තුළ ඊශ්‍රායලයට ඩ්‍රෝන යානා නිෂ්පාදනය අති දැවැන්ත ව්‍යාපාරයකි.
එරට ඩ්‍රෝන තාක්ෂණය ක්‍රමයෙන් සංකීර්ණ වෙමින් තිබේ. ඒ හා සමානුපාතිකව ඔවුන් විසින් නිපදවන ඩ්‍රෝන යානා සැහැල්ලු වෙමින් සහ ප්‍රමාණයෙන් කුඩා වෙමින් තිබේ. ඉතිහාසයේ අන් කවරදාටත් වඩා මේ වන විට ඔත්තු බැලීම සඳහා ඩ්‍රෝන යානාවල සහාය ලබාගනියි.
එහෙත්, ඒ සියල්ලටමත් වඩා ලොව පුරා යුදබිම්වල සිදුවන ‘ටාගට් කිලිං’ හෙවත් ඉලක්කගත ඝාතන සඳහා යොදාගැනෙන්නේ ඒවා ය. මිනිස් සොල්දාදුවන්ට තුවාළ සිදුවන ප්‍රමාණය අඩුකරන්නට ඒවාට පුළුවන. එහෙත්, ඒ අතර ම සතුරා සහ සතුරාට සහාය දක්වනනේ යැයි සැක කෙරෙන පිරිස් සූක්ෂම සහ මහා පරිමාණයෙන් ඝාතනය කරන්නටත් ඩ්‍රෝන යානා යොදාගන්නේද? එය ඇත්තක් හෝ බොරුවක් බව සනාථ කළ හැක්කේ කාටද?
ඊශ්‍රායලයේ බෙන් ගුරියාන් ගුවන්තොටුපොළේ ද ඩ්‍රෝන යානා නිපදවීම සඳහා ම වෙන්කළ කොටසක් තිබේ. සාමාන්‍යයෙන් ඕනෑම අවස්ථාවක එහි ඩ්‍රෝන යානා 24ක පමණ නිෂ්පාදන කටයුතු සිදුවන අයුරු දැකගත හැක. එම අංශය මලාත් ලෙස හඳුන්වයි. ලෝකයේ දැනට භාවිත වන අධිතාක්ෂණික සහ දියුණුතම ඩ්‍රෝන යානා නිපදවීමේ ගෞරවය මලාත් වෙත හිමිවෙයි.
ඊශ්‍රායලය ඩ්‍රෝන තාක්ෂණයට දැඩි ලෙස යොමුවූයේ 1973 යොම් කිප්පූර් යුද්ධයෙන් උගත් පාඩමක් ලෙස ය. රාමසාන් යුද්ධය හෝ ඔක්තෝබර් යුද්ධය ලෙස ද හැඳින්වෙන මෙය, සැබවින් ම සිවුවැනි අරාබි ඊශ්‍රායල යුද්ධයයි. යොම් කිප්පූර් දිනයේ හෙවත් යුදෙව් ආගමේ වඩාත් ම ශුද්ධ වූ දිනයේ ඊජිප්තු සහ සිරියානු හමුදාව ඊශ්‍රායලයට පහර දීමට පටන් ගත්හ.
ඔක්තෝබර් හත් වැනිදා ඊජිප්තු හමුදාව සූවස් ඇළ තරණය කර සිනායි අර්ධද්වීපයට ඇතුළු වූයේ, ඊශ්‍රායලය යුද්ධයකට කිසිදු සූදානමක් නැතිව සිටි අවස්ථාවක ය. ඒ වන විටත් ඊශ්‍රායලය උඩු ගුවනට යැවූ ප්‍රාථමික ඩ්‍රෝන යානාවලින් සූවස් ඇළ ප්‍රදේශයේ ඡායාරූප ගනිමින් සිටි නමුත් සාමාන්‍යයෙන් එම ඡායාරූප විකසනය කිරීම සඳහා පැය 6 සිට 8 දක්වා කාලයක් ගත විය.
එහෙත් ඔවුන්ගේ ඩ්‍රෝන තාක්ෂණය, සූවස් ඇළ ප්‍රදේශයේ සජීවී රූප රාමු හෝ ඡායාරූප ලබාදීමට තරම් දියුණු මට්ටමක තිබිණි නම් යුද්ධයේ ප්‍රතිඵල සපුරා වෙනස්වීමට තිබිණි. යුද්ධයෙන් පසු ඊශ්‍රායලය පෙර නොවූ විරූ ලෙස සිය තාක්ෂණය දියුණු කිරීමට තීරණය කළේ ය. වසර 2035 වන විය ඊශ්‍රායල ගුවන් හමුදා ශක්තියෙන් සියයට 95ක් ම සමන්විත වනු ඇත්තේ ඩ්‍රෝන යානාවලිනි.
“ඇත්තට ම ඩ්‍රෝන යානාවලට මිසයිල ප්‍රහාර එල්ල කරන්නට හෝ ඉලක්කගත ඝාතන සිදුකරන්නට හැකියාවක් තිබෙනවාද? යනුවෙන් වරක් මාධ්‍යවේදියෙක් මලාත් හි ප්‍රධාන ඉංජිනේරුවකුගෙන් විමසී ය. එවිට ඔහු පිළිතුරු ලෙස මෙසේ කීවේය.
“ඇත්තෙන්ම මම ඉතාම සතුටුයි ඔබේ ප්‍රශ්නයට උත්තර දෙන්න තියෙනවා නම්... නමුත් මට ඒ ගැන ඔබට හෙළිකරන්නට කළින් මට ඔබ ව මරාදමන්නට සිද්ධ වෙනවා...!” ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීම සඳහා ම ඊශ්‍රායලයේ රහස් ගුවන් පථ ද තිබේ. එයින්ෂැබොල් යනු එවැන්නකි. එම ස්ථානය අඩුම ගණනේ ගූගල් සිතියම්වල පවා අඩංගු නොවේ.
හෙරොන් යූඒවී යානා ගුවන්ගත වන්නේ එහි සිට ය. එහි පියාපත් සහිත පළල මීටර 17ක් පමණවන අතර, වැඩිම ඉල්ලුමක් සහිත ඩ්‍රෝනය ලෙස ද සැලකෙයි. කිලෝ 250ක පමණ ස්කන්ධයක් එයට පැටවිය හැක. නොකඩවා පැය 36ක් හෙවත් දින එකහමාරක් පියාසර කළ හැකි ය.
ගාසා තීරය ට ඉහළ අහස ඊශ්‍රායල ඩ්‍රෝන වැඩිපුර ම සැරිසරනා ගුවන් කලාපයයි. 2008 සහ 2009 වර්ෂවලදී ගාසාතීරයට එල්ල වූ දරුණුතම ඊශ්‍රායල් ප්රහාරවලදී මානව හිමිකම් සංවිධාන වාර්තා කළේ සිවිල් වැසියන් 187 දෙනෙක් ඩ්‍රෝන යානා 42ක ප්‍රහාරවලින් මියගිය බවයි. 2012 නොවැම්බරයේ හමාස් නායකයකු වූ අහමද් ජබාරිට මිසයිල ප්‍රහාරය එල්ල කිරීමට පෙර ඔහු සිටි ස්ථානය නිවැරදිව ම හඳුනාගත්තේ ඩ්‍රෝන යානා මගින් බව ද පැවසේ.
එහෙත් මේ චෝදනා ඊශ්‍රායලය සෑමවිටෙක ම නිල වශයෙන් බැහැර කරයි. මෑතකදී සිදුකර ඇති අධ්‍යයනයකින් හෙළිවන පරිදි, ඩ්‍රෝන ප්‍රහාර මිනිසුන් සහිත යානාවලින් එල්ලකරන ගුවන් ප්‍රහාර මෙන් දස ගුණයක් මාරක ය. එනිසා, මිනිස් අණ පරිදි ක්‍රියාත්මක වන සහ අවශ්‍ය නම් සම්පූර්ණයෙන් ස්වයංක්‍රීය ලෙස පවා ක්‍රියාත්මක කළ හැකි ඊශ්‍රායලයේ ඩ්‍රෝන යානා හඳුන්වා දියහැකි වඩාත් පැහැදිලි යෙදුම ‘කිලිං රොබෝස්’ හෙවත් ‘ඝාතක රොබෝ යානා’ යන්න විය හැකිය.

Last edited: