කිවුලේගෙදර මොහොට්‌ටාල

  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    කිවුලේගෙදර මොහොට්‌ටාල

    කිවුලේගෙදර මොහොට්‌ටාල

    04-Rasa-p1-6.jpg

    ක්‍රි. ව. 1815 දී උඩරට රාජධානිය ඉංග්‍රීසීන්ට යටත් වීමට හේතු වූ ප්‍රධාන කාරණයක්‌ වූයේ එවකට උඩරට සිටි ප්‍රධානීන් බලලෝභයෙන් භේදභින්න වී කටයුතු කිරීමය. ඔවුහු පසුව ඉංග්‍රීසීන් උඩරටට ගෙන්වා ගෙන ගිවිසුමක්‌ ද අත්සන් කරමින් උඩරට පාලන බලය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පැවරුවෝය. එතැන් පටන් ඉංග්‍රීසීන් විසින් ගෙන ගිය පාලනය උඩරට රදළයන් බලාපොරොත්තු නොවූ එසේම රදළයන්ට අවාසි සහගත වූවක්‌ බව පෙනී යැමට වැඩි කලක්‌ ගත වූයේ නැත. මෙසේ උඩරටින් ඇති වූ අප්‍රසාදයේ ගිනි පුපුරු පුපුරා ගියේ ඌවෙනි. 1818 දී ඉංග්‍රීසි පාලකයන්ට විරුද්ධව ඇති වූ කැරැල්ල සුළු කලකින් මර්දනය කිරීමට හේතු කීපයක්‌ බලපෑවේය. එයින් ද ප්‍රධාන වූයේ සමහර සිංහල ප්‍රධානීන් ඉංග්‍රිසීන්ගේ තාන්න මාන්නවලට ලොබ වී ඉංග්‍රීසීන් වෙනුවෙන්

    කැරැල්ල මර්දනය කිරීමට ඉදිරිපත් වීමයි. ඔවුන් අතරින් මහවලතැන්න හා එක්‌නැලිගොඩ ප්‍රධාන වන අතර කැරැල්ල මැඬලීම සඳහා ඌව විනාශ කිරීමේදී ඌවේ අහිංසක ගැමියන් ඝාතනය කිරීමෙන් පමණක්‌ නොව ඔවුන්ගේ ගේ දොර, ගම්බිම් ගිනි තැබීම ද හරකබාන මරා දැමීම ද ඵල දරණ ගහකොළ කපා දමා විනාශ කිරීම ද කිරීමෙන් ඌවේ වැසියන් බියවද්දමින් කරනු ලැබුවේ මහා විනාශයකි. මෙහිදී මහවලතැන්න හා එක්‌නැලිගොඩ ඉංග්‍රීසීන්ටත් වඩා දරුණුව ක්‍රියා කළ බව වාර්තා වී ඇත. කැරැල්ල අවසාන වීමෙන් පසු කැප්පෙටිපොළ මෙන් ම මඩුගල්ලේ ද ඉංග්‍රීසීන් විසින් ෙද්‍ර`හියන් යෑයි නම් කොට හිස ගසා දමන ලද අතර මේ සටන ගැන සිහිපත් කරන බොහෝ අයගේ සිහියට එන්නේ ඒ දෙදෙනාගේ නම් පමණකි. එහෙත් ඉංග්‍රීසි විරෝධී මෙම කැරැල්ලේ ආරම්භය මෙන්ම අවසානය දෙස ද බැලීමේදී එහි මූලිකත්වය ගෙන ඇත්තේ කිවුලේගෙදර මොහොට්‌ටාල බව මනාව පැහැදිලි වෙයි.

    1818 දී කීර්ති ශ්‍රී රාජසිංහගේ මස්‌සිනා කෙනෙකු වූ කළුනාක්‌කාරගේ පුතෙකු වූ දොරේසාමි නමැත්තෙකුට රජකම ලබා දීමට කිවුලේගෙදර මොහොට්‌ටාල ක්‍රියාකරන බවට රාවයක්‌ උඩරට පුරා පැතිර ගියේය. ඒ සමගම එම වසරේදී භික්‍ෂුන් පිරිසක්‌ කතරගම ගිය අතර එම පිරිසේ ප්‍රධානියා තමා කතරගම දෙවියන් විසින් රජු වශයෙන් පත් කොට ඇති බව කතරගම දේවාලයේ මහබෙත්මේ වූ කැබිලිත්තේ රාළ ඇතුළු පිරිසට දන්වමින් රාජසිංහ රජු විසින් කතරගම දේවාලයට දී තිබූ කඩුව හා රන් සළුව ලබා ගත්තෝය අනතුරුව ප්‍රදේශවාසීන් විසින් සැලකුම් ලබමින් ගිය මේ පිරිස පුබ්බාරය නම් ගමට ගිය කල්හි එහිදී පිළිගනු ලැබුයේ කිවුලේගෙදර මොහොට්‌ටාල ප්‍රධාන පිරිස විසිනි. එම අවස්‌ථාවේ දී කිවුලේගෙදර විසින් රජු වශයෙන් පෙනී සිටි තැනැත්තා පෙරවාගෙන සිටි සිවුර වෙනුවට සුදු රෙද්දක්‌ හා රන් නූලෙන් වියන ලද හිස්‌ පළඳනාවක්‌ ඔටුන්න සේ පළඳවා දොරේසාමී ජනතාවට ප්‍රථම වරට හඳුන්වා දුන්නේය. අනතුරුව කිවුලේගෙදර ද සමඟ මෙම පිරිස ඌවේ දුෂ්කර ප්‍රදේශයක්‌ වන කොකාගලට ගියේ ය. එහිදී ඔවුන් හමුවීමට පැමිණි මහබදුළුගම් රටේ රාළ ඇතුළු පිරිස පිළිගන්නා ලද්දේ ද කිවුලේගෙදර මොහොට්‌ටාල විසිනි. මෙම අවස්‌ථාවේදී

    රැස්‌වූ පිරිසට දොරේසාමි තමාට රජකමට ඇති උරුමය කියා පෑවේය. ඉනික්‌බිති මහබදුළුගම රටේ රාල දොරේසාමිගේ දෙපා නැමද තම පක්‍ෂපාතීත්වය කියා පෑවේය. නව රජතුමා විසින් පළමුවෙන් ම කිවුලේගෙදරට වලපනේ දිසා පදවිය ප්‍රදානය කළේය.

    කිවුලේගෙදර මොහොට්‌ටාල වියළුවේ කිවුලේගෙදර නම් ගමේ උපන්නෙකි. වියළුව ප්‍රදේශය එකල රජ වාසලට මිරිස්‌ සපයන රාජකාරිය පැවරුණු ගමක්‌ බව පැවසේ. මෙම කාලයේ ඉංග්‍රීසි හමුදාවේ සේවය කළ මේජර් ෆෝබස්‌ විසින් රචිත ලංකාවේ එකොළොස්‌ වසරක්‌ නම් වූ ග්‍රන්ථයේ දක්‌වා ඇත්තේ කැරළි නායකයන් අතර උපරිම කැපවීම කළේ කිවුලේගෙදර මොහොට්‌ටාල බවය. ඔහු දක්‌වන පරිදි කිවුලේගෙදර වූ කලී බකළ කකුලක්‌ හා බිහිසුණු පෙනුමක්‌ ඇති පහළ මට්‌ටමේ ප්‍රධානියෙකු විය. එසේම ඉංග්‍රීසීන්ට විරුද්ධව මුලින්ම ෙද්‍ර`හී කටයුතු ඇරඹුවේ ඔහුය. ඉංග්‍රීසි හමුදා නිලධාරීන් පිරිසක්‌ සමඟ අලුත්නුවර සිට මඬුල්ල බලා ගිය කෙනඩි නම් වෛද්‍යවරයා හා පිරිස තිබ්බොටුගොඩ අසළ දී මරා දැමුයේ ඔහු විසින් ය. මේ අනුව ද පෙනී යන්නේ කැරැල්ලේ මුල් ආරම්භකයා කිවුලේගෛදර මොහොට්‌ටාල බවය. කන්දකැපූඋල්පොත ගමමහගේ නමැත්තකු ඉඩම් ප්‍රශ්නයක්‌ හා සම්බන්ධව කිවුලේගෙදර මොහොට්‌ටාල හමුවීමට ගිය අවස්‌ථාවේ ඇති වූ සිද්ධියකින් ගමමහගේ මරා දැමීමේ චෝදනාවට හසුවීම නිසා ඔහුට එවකට බදුල්ලේ දිසාපති වූ රයිට්‌ හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබුණ ද කිවුලේගෙදර සැඟවී ගියේය. දෙවැනි වරටත් ඔහුට කොළඹ දී බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරය හමුවන ලෙස නියෝග කළ ද ඔහු එම අවස්‌ථාව ද මඟ හැර ගියේය. පසුව 1816 දී ඔහු ඉංග්‍රීසීන්ට භාර වූ අතර උඩරට සිංහල නීතිය අනුව නඩුව ඇසීමට ජෝන් ඩොයිලි කටයුතු සැලැස්‌වීය. ඒ අනුව වලපනේ දිසාව වූ දූල්ලෑව, සහ උඩුගම්පහ යන ප්‍රධානීන් නඩුව විනිශ්චයකරුවන් සේ පත් කළහ. ඔහුට විරුද්ධව නගා තිබූ චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්‍ෂි ඉදිරිපත් නොවුවද, සැකකටයුතු සේ සලකා තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා ඔහු රඳවා තබන ලෙස ඩොයිලි නියෝග කළේය. නැවතත් මාතලේ හා වලපනේ දිසාව වූ කපුවත්ත වෙඩික්‌කාර ලේකම්, මහ ගබඩා නිලමේ ඉදිරියේ නඩුව ඇසීමේදී ඊට පෙර බොරු සාක්‌කි දුන් සුද්දනා නමැත්තකු ඒ බව පිළිගැනීම නිසා ඔහුට සිර දඬුවම් නියම විය. නඩුව තවදුරටත් කල් ගියේය. එහෙත් සිර භාරයේ සිටි කිවුලේගෙදර සිරගෙදරින් පැන ගිය අතර ඌවේ

    කැරැල්ල ආරම්භ කරන ලද්දේ එසේ සැඟවී සිටි ඔහු විසින් ය. මෙම කිවුලේගෙදර මොහොට්‌ටාලගේ රූපයක්‌ බදුල්ල ළිඳමුල්ල පත්තිනි දේවාලයේ ඇඳ ඇති බව පවසන මොනරාගල හිටපු දිසාපතිවරයකු වූ ස. ජ. සුමනසේකර බණ්‌ඩා මහතා එම ප්‍රදේශයේ ගැමියන්ගේ ඇදහිල්ලට ලක්‌ව ඇති සත්කට්‌ටුවක්‌ දේවතා බණ්‌ඩාරවරුන්ගේ අන්තිමයා වූ පුංචි අලුත්බණ්‌ඩාර දෙවියෝ නමින් මියගිය කිවුලේගෙදර මොහොට්‌ටාල පුදන බව ද සඳහන් කර තිබේ.

    dffh.jpg

    1818 දී කිවුලේගෙදර මොහොට්‌ටාලගේ මූලිකත්වයෙන් ආරම්භ වී තිබූ ඌවේ කැරැල්ලට කැප්පෙටිපොළ හෙවත් මොනරවිල දිසාව අතර මැඳ දී සම්බන්ධ වූයේ ඔහු කැරැලිකරුවන්ගේ සිරකරුවකු බවට පත්වීමෙන් පසුවය. පසුව ඔහු නිසා මඩුගල්ල හා පිළිමතලාව ද කැරැල්ලට සම්බන්ධ වූහ. මෙම කැරැල්ල ඉක්‌මන් කිරීමට හේතු වූයේ මෙතෙක්‌ පැවැති උඩරට සම්ප්‍රදායට විරුද්ධව වෙල්ලස්‌ස ප්‍රදේශය භාරව මුස්‌ලිම් ජාතිකයකු වු මුත්තුහඡ්ජියාර් ඉංග්‍රීසීන් විසින් පත් කිරීමය. පරංගි ලන්දේසි මෙන්ම ඉංග්‍රීසි පාලන අවධියේ ද වෙළෙන්දන් වශයෙන් කටයුතු කළ සමහර මුස්‌ලිමුන් සිංහල ප්‍රදේශවලට ගොස්‌ ඉංග්‍රිසීන්ට ඔත්තු සැපයීම කළ බවට වාර්තා කීපයක්‌ ම ඇති අතර මේ හැම මාර්ගයක්‌ නිසා ම මුස්‌ලිමුන් ඉංග්‍රිසීන්ගේ සිත් දිනා ගෙන සිටියහ. කෙසේ වෙතත් ඉංග්‍රීසීන් විසින් ඔවුන්ට ලබා දුන් බලයෙන් සිංහලයන්ට බලවත් සේ පීඩා වන පරිදි කටයුතු කළ බවට වාර්තා ඇත. මෙහෙයින් බූටාවේ රටේ රාළ හා පිරිස මුත්තු හඡ්ජියාර් අල්ලා කොකාගල සිටි නව රජතුමා වෙත ඉදිරිපත් කළහ. එහි දී ඔහුට මරණ දඬුවම දෙන ලදී. කැරළිකරුවන් විසින් බිබිලේ ඊතණවත්තේ දී මරා දැමූ බදුලු දිසාපති විල්සන්ගේ භාෂා පරිවර්තක කරෝලිස්‌ ඩයස්‌ මුහන්දිරම් ද අල්ලාගෙන අවුත් නඩු අසා මරණ දඬුවම දෙන ලදි. මෙකී නඩුවලදී නව රජුගේ තෝල්ක වශයෙන් කටයුතු කළේ ද කිවුලේගෙදරය.

    මෙසේ ආරම්භ වූ ඉංග්‍රීසි විරෝධී ඌවේ කැරැල්ල පරාජයට පත් වූයේ ඉහත කී අයුරු සිංහල යෑයි කියාගත් එක්‌නැලිගොඩ, මහවලතැන්න ඇතුළු සමහර ප්‍රධානීන් නිසා ය. ඉංග්‍රීසීන් වෙනුවෙන් ඔවුහු සිංහල ජනයා ඝාතනයට වෙල්ලස්‌සේ සංහාරයක්‌ ආරම්භ කළෝය. ඉංගී්‍රසීහු උඩරට රජු වශයෙන් පෙනී සිටි දොරේසාමි අල්ලා දෙන කෙනෙකුට රික්‌ස්‌ ඩොලර් 2000 ක්‌ තෑගි දෙන බවට ද කිවුලේගෙදර හා බූටෑවේ රටේ රාළ අල්ලා දෙන අයට රික්‌ස්‌ ඩොලර් 500 බැගින් දෙන බවට ද නිවේදනයක්‌ නිකුත් කළහ. කැරැල්ලේ අතරමගදී ඊට සම්බන්ධ වූ කැප්පෙටිපොළ පිළිමතලාව හා මඩුගල්ල අල්ලා දෙන අයට රික්‌ස්‌ ඩොලර් 4000 ක්‌ (තරුපගෝදි 1000) ගෙවන බව ද ප්‍රකාශයට පත් විය. පසුව කිවුලේගෙදර සඳහා තරු පගෝදි 500 (රික්‌ස්‌ ඩොලර් 2000 ක්‌) ගෙවන බව බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයා නිවේදනය කළේය. මේ අතර අභිනව රජු වඩුග වංශයට අයත් වූවෙකු නොව විල්බාවේ නම් වූ සිවුරු හළ තැනැත්තකු බව අනාවරණය වූයෙන් කැප්පෙටිපොළ මඩුගල්ල වැනි නායකයන් සටන අතහැරීමත් නිසා අවසානයේ ඔවුන් ඉංගී්‍රසීන් අතින් හිස ගැසුම් කෑවෝය. සටන නොනවත්වාම කරගෙන යන ලෙස කිවුලේගෙදර දැන්වුව ද, සබරගමු සත්කෝරළේ ආදි නායකයන්ගේ සහාය නොලැබීමෙන් කැරලිකරුවන්ට යටත් වීමට සිදු විය. ඉංග්‍රීසීන් හා ඔවුන්ට සහාය වූ ප්‍රධානීන් කිවුලේගෙදර සොයමින් සිංහල ගම් ගිනි තබා විනාශ කළහ. ඔහු සැඟවී සිටි වටගොල්ල කැලයේ ගල්ලෙනක තිබී හාපත්ගමුව විසින් කිවුලේගෙදරට එවූ තල්පතක සඳහන්ව තිබුණේ ඉංග්‍රිසීන් ඌවේ මිනිසුන් ද රැගෙන ප්‍රදේශය වටකොට ඇති හෙයින් යටත් වීම හෝ වස පානය කොට මිය යැමට සිදුව ඇති බවය. කිවුලේගෙදර කරන යම් දෙයක්‌ තමා ද කිරීමට සූදානම් බවය. අවසානයේ සටන පරාජයට පත් වීමෙන් පසු කිවුලේගෙදර යාචක වේශයක්‌ ගෙන සැඟවී ගියේය. එහෙත් පරණගම මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනකු ඔහු හඳුනාගෙන අලුත්නුවර බින්තැන්නේ දිසාවට භාර දුන් අතර පසුව ඔහු බදුල්ලට ගෙන ගොස්‌ 1818 නොවැ, 24 දිනක දී ඒජන්ත සෝවර්ස්‌ට භාර දෙන ලදී. යුද්ධාධිකරණයකින් නඩු අසා 1818 දෙසැ. 18 දින හිස ගසා මරණයට පත් කරන ලදී.


    art.jpg

    අනුෂී තිසාරා කාරියවසම් විසින් දිවයින පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරින් සකස් කරගන්නාලදි. මෙය වැදගත් ලිපියක් නිසා මිතුරන් අතර දැණුම හුවමාරු කරගැනීමේ අරමුණින් මෙහි පලකරනලද අතර කිසිදු වානිජ පරමාර්ථයක් නොමැතිබවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවිය යුතු බවත් ස්තුති පූර්වකව සඳහන් කරමි.
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    TFS bro...

    කිවුලේගෙදර මොහොට්‌ටාල ge stories thiyana pothak mama gawa thiyanawa :yes:

    "janaprawada" katha thiyenne..

    නියමයි නේ... මමත් හරි ආසයි ඉතිහාස කතා කියවන්න, හැබැයි මතක හිටිනව අඩුයි ඒත් ආසයි. මොකද්ද මචන් පොතේ නම, ISBN එක දාන්න පුළුවන්නම්
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    කිරි පුතා;22159482 said:
    නියමයි නේ... මමත් හරි ආසයි ඉතිහාස කතා කියවන්න, හැබැයි මතක හිටිනව අඩුයි ඒත් ආසයි. මොකද්ද මචන් පොතේ නම, ISBN එක දාන්න පුළුවන්නම්

    mama balala kiyannam ban..
    poth cupboard ekak thiyanawa eeke thibbe..
    mata gread 6 wage hambawechchi pothak..
    mama hamba unoth pics dannam! :yes: :yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කිරි පුතා;22159482 said:
    නියමයි නේ... මමත් හරි ආසයි ඉතිහාස කතා කියවන්න, හැබැයි මතක හිටිනව අඩුයි ඒත් ආසයි. මොකද්ද මචන් පොතේ නම, ISBN එක දාන්න පුළුවන්නම්

    ඔය ඔක්කොටම වඩා හොදයි තෙන්නකෝන් විමලානන්ද මහත්තයා "උඩරට මහ කැරැල්ල" කියන ‍පොත.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔය ඔක්කොටම වඩා හොදයි තෙන්නකෝන් විමලානන්ද මහත්තයා "උඩරට මහ කැරැල්ල" කියන ‍පොත.

    ow eke nathi deyak nathi ganayi,godak karunu eke thiyanawa,namuth eke 3 weni book eka M D Gunasena la langawath nathi lu Reprint karanna,1 and 2 ekathu karala oka gahala thiyenne
     

    lkkanika

    Well-known member
  • Nov 4, 2008
    1,630
    105
    63
    ela machan... ape lankawe ewun hamadama kale parajathinta ape unwa pawala dena ekama tamai..