කිසිවකුට අන්තර්ජාලයේ සැඟවී ඉන්න බෑ!

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    කිසිවකුට අන්තර්ජාලයේ සැඟවී ඉන්න බෑ!

    කිසියම් පුද්ගලයකු පිළිබඳ අසත්‍ය තොරතුරු සහිත නිර්නාමික පත්‍රිකාව හැඳින්වෙන්නේ කැලෑ පත්තරය නමිනි. අතීතයේදී බොහෝවිට ග්‍රාමීය ප්‍රදේශවලට සීමාවූ කැලෑ පත්තරය තාක්‍ෂණයේ දියුණුවත් සමඟ පරිගණකය තුළින් ලොව පුරා ප්‍රචලිත විය. ශ්‍රී ලංකාවට පමණක්‌ නොව ලොව සෑම රටකටම විද්යුත් කැලෑ පත්තරය නැතහොත් මේ අපහාසාත්මක වෙබ් අඩවි විශාල ප්‍රශ්නයකි.

    මේ මඩ වෙබ් අඩවි නතර කළ නොහැකිද මේවායේ හිමිකරුවන්ට දඬුවම් කළ නොහැකිදරෑ මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගිහාන් ඩයස්‌ ඒ පිළිබඳ කරන විග්‍රහයකි මේ.

    රජය සහ පුද්ගලයන් පිළිබඳ අසත්‍ය තොරතුරු පළකරන සහ අසභ්‍ය දර්ශන විකාශය කරන වෙබ් අඩවි කිහිපයක්‌ තහනම් කිරීමට රජය පසුගියදා පියවර ගත්තා. වෙබ් අඩවි පළකරන්නන්ට තිබෙන මේ අසීමිත නිදහස කුමක්‌දරෑ

    කිසියම් කෙනෙක්‌ චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කළොත් එය තිරගත කිරීමට රජයෙන් අවසරයක්‌ ලබාගන්න ඕන. නමුත් පොතක්‌ හෝ පත්‍රිකාවක්‌ පළකරන්න එබඳු අවසරයක්‌ වුවමනා නැහැ. ප්‍රවෘත්ති පත්‍රයක්‌ පළ කිරීමට අවශ්‍ය වන්නේ ඔය අවශ්‍යතා දෙකට අතරමැදි තත්ත්වයක්‌. නමුත් වෙබ් අඩවියක්‌ පළකිරීමට අවශ්‍ය වන්නේ කෙබඳු අවසරයක්‌ද යන්න තවම තීරණය වෙලා නෑ. මේ නිසා වෙබ් අඩවියක්‌ ඕනෑම කෙනෙකුට පළකරන්න පුළුවන්. එසේම ඕනෑම අදහසක්‌ මතයක්‌ වෙබ් අඩවි හරහා පළ කරන්නත් පුළුවන්.

    පුවත්පතකින් හෝ පොතකින් යම් පුද්ගලයකුට අපහාසයක්‌ කළොත් ඒ පිළිබඳ ගතහැකි පියවර තිබෙනවා. වෙබ් අඩවියකින් එබඳු අපහාසයක්‌ සිදු කළොත් එයට එරෙහිව ගතහැකි පියවර කුමක්‌ද?

    එම වෙබ් අඩවියේ හිමිකරුවන් සොයා ගත හැකිනම් ඒ පිළිබඳ ඔවුන්ට එරෙහිව කටයුතු කරන්න පුළුවන්. නමුත් බොහෝ විට මෙබඳු අපහාස කරන වෙබ් අඩවිවල හිමිකරුවන් සොයා ගැනීම අපහසුයි. නමුත් රටක පුරවැසියන් ආරක්‍ෂා කිරීම හා ඔවුන්ගේ නිදහස සුරැකීම රජයේ වගකීමක්‌. කිසියම් පුද්ගලයෙක්‌ තවත් පුද්ගලයකුට හිංසාවක්‌ කළොත් එම පද්ගලයාට එරෙහිව රජය ක්‍රියා කරන්නේ ඒ නිසයි. ඒ අනුව යම් පුද්ගලයෙක්‌ වෙබ් අඩවියක්‌ හරහා තවත් පුද්ගලයකුට හිංසාවක්‌ පීඩාවක්‌ කරනවා නම් එය වැළැක්‌වීමේ වගකීමක්‌ රජයට තිබෙනවා. එම නිසා යම් පුද්ගලයකුට වෙබ් අඩවියකින් අපහාසයක්‌ හෝ පාඩුවක්‌ සිදුවෙනවා නම් ඔහුට ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කළ හැකියි. එම වෙබ් අඩවියේ හිමිකරු සොයා ගත හැකිනම් ඔහුට එරෙහිව නඩු පැවරීමට පොලිසියට හැකියාව තිබෙනවා. නමුත් මා නීතිඥයකු නොවන නිසා අපහාස කරන වෙබ් අඩවි සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි නීතිමය පියවර පිළිබඳ කිසිවක්‌ කිව නොහැකියි.

    නමුත් පුද්ගලයන්ට සහ රජයට අපහාස කරන මේ වෙබ් අඩවි බොහෝවිට ක්‍රියාත්මක වෙන්නෙ අපේ රට තුළ නොවෙයි. එබඳු වෙබ් අඩවි වල හිමිකරුවන් සොයා ගැනීමට සහ එම වෙබ් අඩවි මෙරට තුළ විකාශය නතර කිරීමට තාක්‍ෂණික ක්‍රමවේදයන් නැද්ද?

    කවර නමකින් කවර රටක සිට ක්‍රියාත්මක වුවත් එම වෙබ් අඩවිවල හිමිකරුවන් සොයා ගැනීමටත් මෙරට තුළ ඒවායේ ක්‍රියාකාරිත්වයන් නතර කිරීමටත් ක්‍රමවේද තිබෙනවා. විදෙස්‌ වෙබ් අඩවි හිමිකරුවන් සොයා ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහය අවශ්‍යයි. නමුත් වෙබ් අඩවි හරහා සිදුකරන බරපතළ නොවන ක්‍රියාකාරකම් පිළිබඳ ජාත්‍යන්තර පොලිසිය එතරම් තැකීමක්‌ කරන්නේ නැහැ. කිසියම් වෙබ් අඩවියකින් සිදුවූ අකටයුත්තක්‌ පිළිබඳ යමෙකු ජාත්‍යන්තර පොලිසියට පැමිණිලි කළද ඔවුන් ක්‍රියාත්මක වන්නේ අදාළ පුද්ගලයාට ඉන් විශාල අලාභයක්‌ සිදුවී ඇත්නම් පමණයි. සාමාන්‍යයෙන් වෙබ් අඩවි හරහා සිදුවන ඩොලර් ලක්‍ෂයකට වඩා අඩු අලාභ වෙනුවෙන් ඔවුන් ක්‍රියාත්මක වන්නේ නෑ.

    කෙසේ වෙතත් විදේශයක ක්‍රියාත්මක වන වෙබ් අඩවියක්‌ අන්තර්ජාලය ඔස්‌සේ අපේ රටට ඒම වැළැක්‌වීමට තාක්‍ෂණික පහසුකම් තිබෙනවා. මෙරටට අන්තර්ජාල පහසුකම් සලසන්නන් හරහා එය කළ හැකියි. නමුත් යම් වෙබ් අඩවියක තිබෙන කිසියම් පිටුවක්‌ හෝ පිටු කිහිපයක්‌ පමණක්‌ අවහිර කිරීම තරමක්‌ දුෂ්කරයි. එම නිසා ඇතැම්විට කිහිප දෙනෙකුට පමණක්‌ ප්‍රශ්නකාරී පිටුවක්‌ දෙකක්‌ නිසා සම්පූර්ණ වෙබ් අඩවියම පළවීම වැළැක්‌වීමෙන් තවත් බොහෝ දෙනෙකුට තොරතුරු දැනගැනීමේ අයිතිය නැති වීමේ ප්‍රශ්නයකුත් තිබෙනවා.

    අන්තර්ජාලයේ පළවන වෙබ්අඩවියක්‌ අපේ රට තුළ විකාශය වීම නතර කිරීම සඳහා නියෝග කිරීමේ බලය තිබෙන්නේ කාටද?

    ඒ නියෝගය නිකුත් කළ හැක්‌කේ දුරකථන නියාමන කොමිසමටයි.

    වෙබ් අඩවි අවහිර කිරීමේ තාක්‍ෂණික ක්‍රියාදාමය සාර්ථක එකක්‌ නොවෙයිද?

    යම් වෙබ් අඩවියක්‌ අවහිර කළ පසු එහි තිබූ තොරතුරු වෙනත් වෙබ් අඩවියක්‌ හරහා විකාශය කරන්න පුළුවන්. එය තාක්‍ෂණයේ ස්‌වභාවයයි. වෙබ් අඩවියක්‌ අවහිර කළ පමණින් යම් තොරතුරක්‌ පළවීම සම්පූර්ණයෙන් වැළකෙන්නේ නැහැ. අවශ්‍ය නම් එම තොරතුරු සංයුක්‌ත තැටියක ගබඩා කොට බෙදා හරින්න පුළුවන් ඡායාපිටපත් කර බෙදා හරින්න පුළුවන්. වෙබ් අඩවියක්‌ අවහිර කිරීමෙන් එහි අඩංගු තොරතුරු විකාශය වීම මුළුමනින්ම වළක්‌වන්න බැහැ. වෙබ් අඩවියක්‌ අවහිර කිරීමට වගේම එම අවහිර කිරීම් වළක්‌වන්නටත් තාක්‍ෂණයට පුළුවන්. ඒ වගේම තාක්‍ෂණය භාවිත කරලා අපරාධ කරන අය අහුවෙන්නෙත් ඒ තාක්‍ෂණයෙන්මයි.

    මේ වෙබ් අඩවිවලට අයිතිකාරයෝ නැහැ කියල ප්‍රකාශ වුණාට සොයාගෙන යන විට මේවට අයිතිකාරයෝ ඉන්නව. ඔවුන් සැඟවිල ඉන්නෙ. වෙබ් අඩවි හරහා පුද්ගල චරිත ඝාතන සිදුකිරීම හැම රටකම වගේ තියෙන ප්‍රශ්නයක්‌. ඕනෑම රටක ඒ රට තුළ ක්‍රියාත්මකවන වෙබ් අඩවි ගැන පියවර ගැනීම පහසුයි. වෙනත් රටක ක්‍රියාත්මක වන වෙබ් අඩවියක්‌ ගැන තවත් රටක සිට කටයුතු කිරීම තරමක්‌ අසීරු වී තිබෙන්නෙ ජාත්‍යන්තර පොලිසිය විශාල සිදුවීමක්‌ පිළිබඳ මිස සුළු අපහාස කිරීම් ගැන එතරම් සැලකීමක්‌ නොදක්‌වන නිසයි. පසුගිය දිනක අන්තර්ජාලය හරහා විශාල පාඩුවක්‌ සිදුකළ වෙබ් අඩවියක්‌ ඇමරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක්‌ ක්‍රියාත්මක වෙලා අල්ලා ගත්තා. නමුත් එක්‌කෙනෙකුගෙ මූණකට තව කෙනෙකුගෙ ඇඟක්‌ සම්බන්ධ කරල ලොව පුරා පළ කළාට ඒකෙ අලාභය මුදලින් තක්‌සේරු කරන්න අමාරුයි. ඒ නිසා ඒක එතරම් සැලකිය යුතු දෙයක්‌ හැටියට නෙමෙයි ජාත්‍යන්තර පොලිසිය සලකන්නෙ. අවශ්‍යතාවක්‌ තියෙනව නම් අන්තර්ජාලය තුළ සැඟවී සිටින ඕනම කෙනෙක්‌ අල්ල ගන්න පුළුවන්.

    සාකච්ඡා කළේ - පාලිත සේනානායක
    ඡායාරූප - සමන් රණවීර


    මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයේ
    ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගිහාන් ඩයස්‌
    http://www.divaina.com/2011/11/20/feature13.html
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    හැබැයි සමහරැ කියනවා, හිතන් ඉන්නවා IP හංගන්න පුළුවන් කියලා. ඔය හැගිලා ගැහිලි ඔක්කොම ඉවරයි, සෙල්ලං දාල කෙලවුනු දාට :P
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ලංකාවට ඉන්ටනෙට් එන එක නතර කලානම් ඔය ඔක්කොම ඉවරයිනෙ......

    දියණු රටවල් වල නම් අන්තර් ජාල පහසුකම් සුලභව තිබෙනවා තමයි. නියම ප්‍රමිතියක් හදිසියකදි පාලනය කරගත හැකි යාන්ත්‍රනයන් වැනිදැ මෙවැනි පහසුකම් ලබාදෙන්න කලින් සොයා බැලීමකින් අනතුරැවයි ඔවුන් එව්වා ක්‍රියාත්මක කරලා තියෙන්නෙ. විශේෂයෙන් නීති රීති පද්ධතියක්, කල හැකිදේ නොකල යුතුදේ, දෙන දඩුවම් එහෙම.

    අපේ රටවල් වෙන්නෙ අතිත් පැත්තනෙ. මුලින් බඩු‍ එනවා. ආව ගමන් ඔහේ දෙනවා. වෙන හානි දැකලා හොයාගෙන නිසි නීති රීති හදනකොට බබා හම්බවෙලා ඉවරයි ;)

    අනිත් අතට උන් (දියුණු රටවල්) අපට කෙලවන්නත් ඉතින් මේක යොදා ගන්නවා කියලාත් හිතෙනවා. සංස්කෘතින් එහෙම බලනකොට උන් කරන හැම දෙයක්ම එහෙමම අපට ගැලපෙන්නෙන නැහැනෙ. උන්ට හොද අන්තර ජාතික මාධ්‍යය එහෙම තියෙනවා, පොඩ් වෙබ් එකක හාල් කෑලි නිවුස් එකක් දැම්මොත් වට කරලා දීලා කුඩු කරලා දානවා. අපේ රටවලට එහෙම බැහැනෙ :no: