COLOMBO (News 1st) – පවතින වර්ෂාවත් සමග මදුරු කීට ඝනත්වය යළි වර්ධනයවීමේ අවදානමක් පවතින බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කළේ, බස්නාහිර, උතුර සහ නැගෙනහිර පළාත්වලින් එම තත්ත්වය නිරීක්ෂණය වී ඇති බවයි.
මේ අතර ලබන මස පළමුවන දා සහ 2 වන දා මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය කටයුතු යොදා තිබේ.
එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, හඳුනාගත් ස්ථාන කේන්ද්‍ර කරගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවයි.
වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 39793 කි.






ඔහොම කෝටි ගානකට කරන්න ගියාම කොච්චර අමාරුද කියල හිතල බලපංකො 