කුක්කු දිහා කොල්ලෝ බලන්නේ ඇයි?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    කුක්කු දිහා කොල්ලෝ බලන්නේ ඇයි?

    මනෝවිද්‍යාත්මක හෙළිදරව් කිරීම් හා සමාන්තර වන ජෛවවිද්‍යාත්මක පැහැදිලි කිරීම් රාශියක් ,ඩෙස්මන්ඩ් මොරිස් නමැති ලෝකප්‍රසිද්ධ සත්ත්ව විද්‍යාඥයා විසින් මීට‍ පෙර වඩා සිත්ගන්නාසුළු හා තර්කානුකූල ලෙස ඉදිරිපත් කර තිබේ .


    ඩෙස්මන්ඩ් මොරිස් පවසන්නේ ,ස්ත්‍රී පියයුරු වල ප්‍රමුඛ කාර්යය කිරි දීම නොව ,ලිංගික සංඥා නිකුත් කිරීම බවයි .අනෙකුත් ක්ෂීරපායි සතුන්ගේ පියයුරු හා සංසන්දනය කරමින් ඔහු පවසන්නේ ,කිරිදීම පියයුරු වල ප්‍රධාන කාර්යය නම් ,ඒ සඳහා වඩාත්ම උචිත හා ප්‍රශස්ථ හැඩය ,සතුන්ගේ මෙන් දිගැටි හා සිහින් හැඩය බවය .


    පියයුරු රවුම් ගෝලාකාර ආකර්ශනීය පෙනුමක් ගෙන ඇත්තේ ලිංගික සංඥා දැක්වීම සඳහා බව මොරිස් පවසයි .කාන්තාවන් තම පියයුරු සුන්දරව තබාගැනීමට වෙහෙසීමත් ,ලිංගික උත්තේජන කලාප පිහිටීමත් නිසා ඔහුගේ මතය වඩා තර්කානුකූල සේ පෙනීයයි .

    looking_boobs.jpg



    මිනිස් පරිණාමයේ මුලාරම්භයේ සිට ,ස්ත්‍රියට දරුවකු බිහිකර හදාවඩා ගැනීම තනිවම කල නොහැකි ඉතා දුෂ්කර කාර්යයක් විය .මෙම වගකීම බෙදා ගනීමට ඇයට පිරිමියාගේ සහය නිතර අවශ්‍ය විය .දෙදෙනා එක්ව කටයුතු කිරීම මත පවුල නමැති ඒකකය බිහිවිය .මෙම ඒකකය නොබිඳී පවත්වා ගනීමට අවශ්‍ය ප්‍රධාන සාධකය ,පිරිමියා ස්ත්‍රිය වෙත නිරන්තරයෙන් බැඳ තබන රැහැනක් අවශ්‍යවීමයි .සත්ත්ව ලෝකයේ අනෙකුත් සියලුම සතුන්ගේ ලිංගික හැසිරීම් වසරේ කිසියම් කාලයකට සීමාවී ඇතිමුත් ,මිනිස් ස්ත්‍රි සිරුර ඕනෑම මොහොතක මේ සඳහා ක්‍රියාකාරී දායකත්වය පෙන්වන අතර ස්ත්‍රී සිරුර ලිංගික ආකර්ෂණය ඇතිකරවන ලෙස ස්වභාවය විසින් හැඩගස්වා අතර ,පියයුරු එහිලා ප්‍රධාන කාර්යයක් ඉටුකරන බව ඩෙස්මන්ඩ් මොරිස් සඳහන් කරයි .මේ නිසා මිනිස් යුවලක් නිතර ලිංගිකව එක්වීම අවලම් සිරිතක් නොවන බවත් එයින් ඔවුන් ලබන සතුට හා සහනය තුලින් එකිනෙකා කෙරෙහි බන්ධනය කර තැබීම සඳහා අවශ්‍ය වන ඉතා නිවැරැදි වුත් ජෛවවිද්‍යාත්මක හා පරිනාමීය වශයෙන් වඩා වැදගත් වූ ක්‍රියාවලියක් බවත් ඔහු අවධාරණය කරයි .


    මෙනිසා පිරිමියකු ,ගැහැණියකගේ .පියයුරු දෙස විමසිල්ලෙන් බැලීම ජීව විද්‍යාත්මක හා මනෝ විද්‍යාත්මක ක්‍රියාවකි .


    දැන් ඉතින් ඔන්න බල බල යනවා නෙමේ .:P:P


     
    • Like
    Reactions: Amal227

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මෙච්චර කල් පේන්නම බැලුවේ...දැන් නම් හොරෙන් බලනවා..... :P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මහාචාර්ය ඩෙස්මන්ඩ් මොරිස් ගේ තවත් පැහැදිලිකිරීමක් ගෙන එමි.

    පියයුරු ලිංගික සංඥා නිකුත් කිරීම පමණක් නොව වර්ගයා සංර්ථකව බෝකිරීම පිළිබද වද යම් සංඥාවක් දනවයි.
    පිරිමි අපි වඩාත් ආකර්ශනය වන්නේ පුළුල් උකුලකට සහ විශාල පයෝධර වෙතය......
    ඒ ඇයි?

    පුළුල් උකුළක් හිමි යුවතියකට අනිවාර්යයෙන් ම වඩා විශාල දරුවෙකු ගර්භයෙහි තබා ගෙන සිට, සිරවීමකින් තොරව බිහිකල හැකිය.

    විශාල පයෝධර හිමි කතකට දරුවන් පෝෂණය කිරීමේ ගැටළු පැන නොනගී.

    අප නොදැනුවත්වම අප ආකර්ණය කරන මේ කාරණා පිටුපස ඇත්තේ අපේ වර්ගයා සාර්ථකව බෝකිරීමේ අපේ රැළ වැසි ඉව පිළිබද ව සංඥාවයි..........

    මහාචාර්වවරයා නිවැරදිය.අප තාවමත් සතුන් ය...........
     
    • Like
    Reactions: sandaru1rox