කුකුල් මස් විප්ලවය

කුකුල් මස් විප්ලවය



:confused:මොකද්ද මෙ කුකුල් මස් විප්ලවය?? අපි හොදින් දන්න කියන තැනක් ගැන තමා මෙ කතාකරන්න යන්නෙ. KFC සහ එහි නිර්මාතෘ ගැන..මෙ ලිපියෙ කතෘ අයිතිය චාමික කියල කෙනෙක් ගෙ .. ලස්සනට සිත්ගන්නා සුලු විදිහට ලියල තියෙන නිස මන් ඒකම මෙතන දාන්න තීරණය කරා.
:yes:
;)

Chamikawpblogspotcom1-70_zps7dee53e6.jpg




1890 සැප්තැම්බර් 09 වැනිදා ඇමරිකාවේ ඉන්දියානා හි උපත ලද Harland David Sanders මහත්තයා විවිධ රැකියාවල් කිහිපයක්ම කරලා අන්තිමට තමන්ගෙම කියලා වාහන සඳහා ඉන්ධන සපයන මධ්‍යස්ථානයක් කෙන්ටකි හි කෝබින් නගරයේ අරඹනවා..

Chamikawpblogspotcom2-66_zpsb315285b.jpg




වාහාන වල පැමිනෙන්නන් එම විවේකයෙදී කෙටි ආහාර සපයාගන්නා බව දුටු එවකට වයස අවු.40 ක් වු සැන්ඩර්ස් මහත්තයා තමන්ගේ ව්‍යාපාරයට අමතරව ඉන්ධන මධ්‍යස්ථානයේ ඉදිරියේ තිබු කුඩා කාමරයේ Sanders Court & Cafe නමින් කුඩා අවන්හලක් අරඹන්නේ 1930 දී තම හිතට ආපු ඒ අදහස ක්‍රියාත්මක කරමින්...

Chamikawpblogspotcom5-54_zpscb21e0e1.jpg







එහි තිබු කුකුල් මස් කෑම කුලුබඩු වර්ග ඇසුරින් තමන්ගේම මිශ්‍රණ 11ක් ඇසුරින් තැනු වට්ටෝරු ජනප්‍රිය වීමත් එක්කම ඉන්ධන මධ්‍යස්ථානයේ පාරෙන් අනික් පස ඔහු එකවර 142 අසුන් ගත හැකි අවන්හලක් ආරම්භ කරන්නේ ඒ තමන්ගේ මුල් අවන්හල ගින්නකින් විනාශ වීමත් සමඟයි.
වර්තමානයේ එම ස්ථානය KFC අවහන්හලක් හා කෞතුකාගාරයක් ලෙස පවත්වා ගෙන යනු ලබයි.




තම ආහාරය සකස් කර දීමට විනාඩි 30 ක් ගත වීම ඉතා අවාසිදායක වීම නිසා ඔහු විසින් පීඩන උදුන - නැත්නම් Pressure cooker හදුන්වා දුන් අතර එමගින් එම කාලය වඩාත් අඩු කර ගැනීමේ හැකියාව ඔහුට හැකිවිය. අදටත් එම ක්‍රමය එලෙසම යොදා ගැනීම සිදුවේ.


1936 දී එවකට කෙන්ටකි ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා වන
Ruby Laffoon විසින් ඔහුට ගෞරව නාමයක් ලෙස Kentucky Colonel යන්න ලබා දෙනවා..
පසුව බොහෝ දෙනා ඔහුව Colonel Sanders ලෙස
හදුන්වන්නට වෙනවා...

1939 දී ඔහුගේ අවන්හල “Adventures in Good Eating.” නැමැති සම්මානය හිමිකරගනු ලබනවා..
රූපවාහිනියේ තම ඉවුම් පියුම් හා Kentucky fried Chicken වැඩසටහන් ඉදිරිපත් කල ඔහු එමගින් වඩාත් ප්‍රසිද්ධියක් අත්කර ගන්නා ලදි.එමගින් ඔවුන්ගේ එකල පාඨය වු
“It's Finger Lickin' Good” ට වඩා හොද ප්‍රසිද්ධියක් ද ලැබුනි.
Chamikawpblogspotcom7-46_zps2fd729dd.jpg


පසුව තම ආහාර වට්ටෝරු රටවටා ජනප්‍රිය කිරීමේ අරමුණීන් ර‍ට පුරා පිහිටි අවන්හල් සඳහා හදුන්වා දුන් අතර 1952 දී ලොව පලමු KFC අවන්හල සැන්ඩර්ස් හා Pete Harman එකතුව ඇමරිකාවේ South Salt Lake, Utah හි අරඹන ලද්දේ Harman café ලෙසයි.
Chamikawpblogspotcom10-20_zps1898278e.jpg



Chamikawpblogspotcom9-29_zps8ccbe175.jpg


1957 දී කුකුල් මස් බකට් එකකට ලබා දීම මුලින්ම ආරම්භ කරනු ලැබුවේ මුල්ම පලමු KFC අවන්ලේ අයිතිකරු වු Pete Harman විසිනි. මුලින් එම භාජන වෙලෙන්දකුගෙන් මිලදී ගත් අතර පසුව ඔහු විසින් සාදමින් දැන්වීම් මගින් යම් ප්‍රසිද්ධියක් ලබාදෙමින් එම භාජනයක කුකුල් මස් කැබලි 14 ක් , අල ඇතුලු කිහිපයක් ඩො.3.50 අලෙවි කරන මිල දක්වන ලදි.


Chamikawpblogspotcom3-63_zpsf15fa320.jpg



1962 ඔහියෝ හි කොලොම්බස් හි පිහිටි KFC අවන්හල් කිහිපයකට අයෝජනය කිරීමේ අවස්ථාවක් එහි සේවකයකු වු Dave Thomas හට හිමි වු අතර එම අවන්හල් වල ලාභයෙන් 45% ක ප්‍රමාණයකුත් ඔහුට හිමිවිය. අවසානයේ ඔහු සතු එම කොටස් නැවත සැන්ඩර්ස් වෙත විකුණා දැමුවේ ඩො.මි.1.5 මුදලකටයි.
ඔහු එයින් 1969 දී Wendy's නමින් ඔහුගේම අවන්හලක් ආරම්භ කරන ලදි.

1964 වනවිට ඇමරිකාව හා කැනඩාව යන රටවල අවන්හල් 600 කට වැඩියෙන් පිහිටුවා තිබුනි.


වර්තමානය වන විට ලොව පුරා විසිරුණු ශාඛා 18000 ක් වසර 2012 වන විට KFC සතුව ඇති අතරම 2011 වසර අවසානයේ එයින් 3701 ක් ම පිහිටා ඇත්තේ ලොව වැඩිම ආර්ථිකය අතින් දෙවැනි තැන සිටින චීනයේයි.

චීනයේ ප්‍රථම KFC අවන්හල 1987නොවැම්බර් 12 වැනිදා චීනයේ බීජීන් නුවර Qianmen දිස්ත්‍රික්කයේ විවෘත කල අතර එය චීන භාෂාවෙන් Kěn Dé Jī (肯德基) ‍ලෙස හදුන්වයි. එලෙසම ප්‍රථම විදේශ කෙටි ආහාර අවන්හලක් ලෙස චිනයේ විවෘත වුයේද එයයි.

Chamikawpblogspotcom6-49_zps4d2fdadf.jpg


එතෙක් කාලයක් Kentucky fried Chicken ලෙස හැදින්වුන KFC ලෙස වෙනස්වන්නට වුයේ 1990 දී ඇමරිකාවේ කෙන්ටර්කි ප්‍රාන්තයේ ඇති කල නීතීයක් අනුව Kentucky යන්න තම නිල නාමයක් ලෙස යොදාගන්න සෑම ආයතනයකින්ම ඒ සඳහා බලපත්‍රයක් සඳහා මුදලක් අය කර ගැනීමේ කටයුතු කිරීම නිසා එසේ ගෙවීම වලක්වා ගැනීම සඳහා 1991 වර්ෂයේදීයි. එය වෙලඳ උපක්‍රමයක් විය.


1952 මුල්වරට හදුන්වා දුන් KFC ලාංජනය වර්තමානය වෙද්දී හත් වරක් වෙනස් වී ඇත. 1952 දී සුදු කබාය හා කලු කලිසමෙන් සැරසි බැරෑරුම් මුහුණ සහිත ලාංජනය වර්තමානය වෙද්දී භාවිත වන්නේ 1991 දී හදුන්වා දුන් ලාංජනය 2007 දී වෙනස් කරන ලදි ලාංජනයයි.


Chamikawpblogspotcom14-13_zps9bb65ab3.jpg


එහි ඉතා සුහදශීලී ලෙස එළු රැවුලක් සහිතව සිනාසෙන Sanders මහත්තයා දකින්නට පුළුවන්.. 2007 දි හදුන්වා දුන් එහි එතෙක් පැවති සුදු කබාය වෙනුවට එයට උඩින් පලදින රතු හා සුදු මිශ්‍ර ඒප්‍රණයක් අන්දවා ඇත.


සඳහන් වන ආකාරයට සෑම වසර 4 වරක්ම KFC ආපන ශාලා දෙගුණයක් බවට පත්කරන බව පැවසේ.. එනම් 2015 දී එය 36000ක් වනු ඇතැයි විශ්වාස කෙරේ.මේ වසරේදී ඔවුන් විසින් අප්‍රිකාවේ රටවල් 7 ක් තුල ආපනශාලා 1200 ක ප්‍රමාණයක් සඳහා
ඩො. බි. 2 ක් ආයෝජනයට සුදානම් වේ.

ඔබට KFC අවන්හලක් ඇරඹීමට උනන්දුවක් ඇත්නම් ඒ සඳහා අවශ්‍ය ඉඩකඩ භාණ්ඩ ආදිය සඳහා අවම වශයෙන් ඩො.මි. 1.5 සිට 2.5 දක්වා මුදලක් අවශ්‍ය වන බව පැවසේ.
මේ වන විට KFC අවන්හල් රටවල් 115 ක් පුරා විහිදී ඇත.(2008 ලේඛණ අනුව)
එලෙසම දිනකට මිලියන 12 ආසන්න පිරිසක් ලොව පුරා KFC අවන්හල් වෙත පැමිණෙන බව සඳහන් වේ.


Chamikawpblogspotcom8-33_zpsb359b2ab.jpg




ඇමරිකාවේ පමණක් දිනකට මිලියන 4 ක් පැමිණෙන බව පැවසෙන අතර අවුරුද්දකදී බිස්කට් මිලියන 800ක්,
කෝල්සෝ රාත්තල් මිලියන 100 ක් අල පෙති රාත්තල් 200 ක් විකිණෙන බව පැවසේ.
වසරකට සමාගම කුකුල් මස් කැබලි බිලියන 1.8 ක් විකුණන බව සඳහන් කෙරේ.
2011 වාර්තාවන් අනුව ‍ලෝක වෙලඳපොලේ ‍කුකුල් මස් නිෂ්පාදනයෙන් 40% ක් පමණ ප්‍රමාණයක් ඔවුන් සතු බව පැවසේ.
වර්තමාන‍ය වෙද්දී සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව විවිධ රටවල ගැලපෙන ව‍ට්ටෝරු හා රසයන් සමගින් තම කුකුල්මස් නිපැයුම් යම් වෙනස්කම් සහිතව ඉදිරිපත් කරන්නටත් ඔවුන් අවධානය යොමු කර ඇත.


වර්තමාන‍ය වෙද්දී සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව විවිධ රටවල ගැලපෙන ව‍ට්ටෝරු හා රසයන් සමගින් තම කුකුල්මස් නිපැයුම් යම් වෙනස්කම් සහිතව ඉදිරිපත් කරන්නටත් ඔවුන් අවධානය යොමු කර ඇත.


පැරණි KFC අවහන්හල් සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන ලෙස හැදින්විය හැක. එවැන්නක් ජොර්ජියා හි Marietta හි පිහිටා ඇත. එහි ඇති අඩි 56 ක් වු කුකුලකුගේ විශාල සලකුණ නිසා එම ස්ථානය the Big Chicken ලෙස හදුන්වයි.
Chamikawpblogspotcom12-15_zpsa6ddadd4.jpg


එහි කලින් තිබී ඇත්තේ Johnny Reb's Chick, Chuck and Shake නැමැති අවන්හලයි.


කුලුබඩු වර්ග ඇසුරින් තමන්ගේම මිශ්‍රණ 11 සතු එම වට්ටෝරුවේ රහස මෙම මුලස්ථානයේ ආරක්ෂිතව තබා ඇති අතර එය දන්නේ ඉතාම සුලු පිරිසකි.

Chamikawpblogspotcom11-19_zps0f28b704.jpg



KFC අවහන්හල් ජාලයේ වත්කම 2011 වෙද්දී ඇ.ඩො.බි. 15 වන අතර එහි සේවකයන් 190,000 කට ව‍ඩා ලොව පුරා සේවය කරයි.2002 සිට එහි හිමිකාරිත්වය දරන්නේ Yum! Brands, Inc සමාගමයි.

මෙහි මුලස්ථානය වර්තමානයේ Louisville, Kentucky හි පිහිටා ඇත.



Chamikawpblogspotcom4-60_zps23993e51.jpg





මීට අමතරව ලොව ප්‍රසිද්ධ තවත් Pizza Hut ,Taco Bell හිමිකාරිත්වය දරන්නෙත් මෙම Yum! Brands, Inc සමාගමයි.
Chamikawpblogspotcom13-13_zpsce85ef3a.jpg



සැතපුම් 250000 පුරා ඇවිදිමින් තම ආපන ශාලා නිරීක්ෂණය කල ඔහු වයස අවුරුදු 90 වෙද්දී ලියුකේමියා රෝගයෙන් 1980 දී ලොවින් සමුගත්තේය.


credits-- Chamika Wp //http://chamikawp.blogspot.com/2013/05/kfc-do-you-know-kfc-ok-come-and-see.html


 
Last edited:

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ok bro aththtama mn danan hitye ne very sorry repost wechc nisa .. mn eyage namai eyage blog eke namai demma ... mn ain karagannam thread .sorry



ow . sorry mn danan hitye ne bro . mn ain karagnnm thread eka
matanam awulak na ban
mage thread repost unahama man kamathi dakke nathi kenek dakin nisa
me thread mul post dakkahama penne oya aye dapu eka hodai kiyala :)