කුකුළු කොටුවක් අසල රු.කෝ. 200ක මත්ද්‍රව්‍ය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සෙවනගල නිවසක මිදුලෙහි වළදමා තිබියදී ඊයේ (31) සොයාගත් හෙරොයින් කිලෝග්‍රෑම් 54හි වටිනාකම රුපියල් කෝටි 200කට අධික බව පොලීසිය පවසයි.

    එම මත්ද්‍රව්‍ය මේ වනවිට රිමාන්ඩ් භාරයේ සිටින ආමි චූටි නැමැත්තාට අයත් බවට විමර්ශන නිලධාරීන් සැක කරයි.

    පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් බොරලැස්ගමුව ප්‍රදේශයේදී පසුගිය 30වනදා ධම්මික සමන් කුමාර නමැත්තෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

    ඔහු අත්අඩංගුවට ගන්නාවිටත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 7ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් සොයාගැනීමට පොලීසියට හැකිවිය.

    එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ද රුපියල් කෝටි 20කට අධික බව පොලීසිය පවසයි.

    කෙසේ නමුත් ඔහුගෙන් සිදුකරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී සෙවනගල ප්‍රදේශයේ වළදමා තිබූ මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිව තිබේ.

    සෙවනගල, කිරිවැව ප්‍රදේශයේ නිවසක මිදුලේ ඇති කුකුළු කොටුවක් අසල ප්ලාස්ටික් බහාලුම් තුනක එම රුපියල් කෝටි 200ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 54ක් වළදමා තිබී ඇත.

    ඒ අනුව එම නිවසේ පදිංචි අඹුසැමි යුවළ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන් හෙළිකර ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය බොරලැස්ගමුවේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා විසින් වළදැමූ බවයි.

    මෙම නිවසේ කාන්තාව එම පුද්ගලයාගේ සහෝදරිය බව මේ වනවිට අනාවරණය කරගෙන ඇත.