කුඩාම USB මතකය වෙළඳ පොළට.......
USB ෆ්ලෑෂ් මතක ගබඩාවන් (USB memory stick) තවත් කුඩා කළ නොහැකි බවට වූ අදහස් බිඳ හෙළමින් ලොව කුඩාම USB ෆ්ලෑෂ් මතක ගබඩාව නිර්මාණය කිරීමට Memory Chips නිෂ්පාදනයේ නියැලෙන ඩියොනෙට් (Deonet) සමාගම සමත් වී තිබේ.
ඔවුන් නිර්මාණය කර ඇති නවතම ෆ්ලෑෂ් මතක ගබඩාව දිගින් මිලිමීටර් 19.5ක් වන අතර පළලින් මිලිමීටර් 14.5කි. මෙහි ඝනකම මිලිමීටර් 2.9කි. මෙම ජංගම මතක ගබඩාවන් ගෙගා බයිට් 4, 8, සහ 16 ප්‍රමාණවලින් ලබාගත හැකිය. එළඹෙන ජනවාරියේ යුරෝපයේ පැවැත්වෙන වෙළඳ ප්‍රදර්ශනයකදී මෙම කුඩාම ෆ්ලෑෂ් මතකය එළිදැක්වීමට ඩියොනෙට් සමාගම අපේක්ෂා කරයි.
කෙසේවුවද මේ ක්ෂුද්‍ර ෆ්ලෑෂ් මතක ඒකකයන්ගේ මිල ගණන් සම්බන්ධයෙන් තවමත් එම සමාගම කිසිවක් පවසා නැත