කුඩා දරුවන්ට ආර්යුවේද ක්‍රමයට පණු බෙහෙත්
කුඩා දරුවන්ට වැළදෙන රෝග අතරින්, ක‍්‍රිමි (පණු රෝග) රෝගයන්ට වැදගත් තැනක් හිමිවේ. වයස් භේදයකින් තොරව හට ගන්නා කි‍්‍රමි රෝග වලදී වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන්ට ඇතිවන බලපෑම අධිකය. පණු රෝග පිළිබඳ මුල්ම තොරතුරු හමුවනුයේ අථර්ව වේදයේය. එහි දැක්වෙන පරිදි මිනිසාට පමණක් නොව සත්වයන්ට ද, ගස්වැල්වලට පවා පණු රෝග ඇතිවේ. එමෙන්ම එම ග‍්‍රන්ථවලින් පසු ලියවුණු ආයුර්වේද සංහිතා ග‍්‍රන්ථ තුළ ඉතාමත් ගැඹුරින් පණුවන් වර්ගීකරණය හා ඔවුන්ගේ හැඩය හා ස්වභාවය පිළිබඳ දක්වා ඇත. එහෙයින් ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය තුළ දිගුකළක සිට පණු රෝග නිවැරදිව විග‍්‍රහ කර ඇති බව පැවැසිය හැක.
ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය තුළත්, නව්‍ය වෛද්‍ය ක‍්‍රමය තුළත්, විස්තර වන කි‍්‍රමීන් හුදෙක් පණුරෝග පමණක් නොව විවිධ රෝග ඇති කිරීමට සමත් ජීවී කොට්ඨාසයට (උදා: ක්ෂුද්‍ර ජීවින්) භාවිතා වන පොදු වචනයක් ලෙස අර්ථ දැක්විය හැක. ඉහත දැක්වෙන පණුවන් අතරින් දරුවන්ට බහුලව ඇතිවන පණු රෝගයන් වන්නේ කිරිපණුවන්, වට පණුවන්, හා කොකු පණුවන්ගේ ආසාදනයන්ය.
කිරිපණු රෝගය Enterobius vermicularis නමින් හැඳින්වෙන කි‍්‍රමීන් විසින් ඇති කරන අතර ආයුර්වේදයේදී ඔවුන් ‘චුරු’ නමින් හඳුන්වයි. කිරිපණුවන් නමින් සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින්නේ දරුවන් අතර වඩා සුලබ වන මෙම පණු ප‍්‍රභේදයයි.
වටපණු රෝගය හෙවත් Ascaries lumbricoidas පණු රෝගය ආයුර්වේදයේ සඳහන් කර ඇති අන්ත‍්‍රදා නමින් හැඳින්වෙන මිනිසුන්ට හා බලූ බළල් ආදී තිරිසන් සතුන්ගේ ද අන්ත‍්‍ර තුළ සිටිමින් ඔවුන්ට රෝග ඇති කරන පණු විශේෂයකි.
Anlylostomiasis යන නාමයෙන් හඳුන්වන කොකු පණු රෝගයද දරුවන් හමුවේ බහුලව හමුවේ. ආහාර මාර්ගය ආශි‍්‍රතව ඇතිවන ඉහත පණු විශේෂයන් නිසා දරුවන් පෙන්වන රෝග ලක්ෂණ බොහොමයකි. උණ හටගැනීම, හමේ වර්ණය වෙනස්වීම, බඬේ කැක්කුම, ආහාර අරුචිය, අතීසාර ලක්ෂණ, දත්කූරු කෑම, දැඟලීම, නිතර නිතර වෙනස් වන බඩගින්න, මුඛයෙන් ගන්ධයන් පිටවීම, නුරුස්සන ගතිය, උදරය නෙරා ඒම, ගුද මාර්ගය කැසීම, ලේ මිශ‍්‍ර මල පහ පිටවීම ආදී ලක්ෂණ ඉහත පණු රෝගවලින් පීඩා විඳින දරුවන් තුළ විද්‍යමාන වේ.
බොහෝ විට දරුවන්ට මෙවැනි රෝග තත්ත්ව ඇතිවනුයේ මව් කිරිවලින් ඈත් වී ආහාර ආරම්භ කළ පසුවය. බොහෝ විට වසරක් යනතෙක් දරුවන්ට පණු රෝග බහුල නොවන අතර ඉන්පසු මෙවැනි රෝග ලක්ෂණ බහුල වේ. පවුලේ අනෙකුත් දරුවන්ට හෝ පවුලේ සාමාජිකයන්ට පණු රෝග පවතී නම් එය ඉතා පහසුවෙන් ඔබේ කුඩා දරුවාටද වැලඳිය හැක.
පණුරෝග ඇතිවීමට බලපාන ප‍්‍රධාන හේතු සාධක විස්තර කළහොත් සෞඛ්‍යයට අහිතකර අපිරිසිදු ආහාරපාන ගැනීම, පැණි රස අධිකව ගැනීම, පිටි සහිත තෙල් සහිත ආහාර පාන අධිකව ගන්නා දරුවන්ගේ මෙම පණුරෝග තත්ත්වයන් බහුල වේ. එසේම ඒ ඒ පුද්ගලයන්ගේ පෞද්ගලික අපවිත‍්‍රතාවය පණු රෝග නිතර නිතර හටගැනීමට ඉවහල් වේ. බොහෝවිට කිරිපණු ආදී රෝග තත්ත්වයන් බහුල වීමට හේතු වන්නේ පොදුවේ පවුල් සංස්ථාවේ අපවිත‍්‍ර බවයි. එබැවින් පණු රෝග සඳහා ප‍්‍රතිකාර කිරීමේදී මූලික යොමුවීම සිදුවිය යුත්තේ පවිත‍්‍රතාවය කෙරෙහිය. පවුලේ එක් දරුවෙකුට පණු රෝග ලක්ෂණ පහල වී ඇත්නම් එ් සඳහා වන ප‍්‍රතිකාරය එකම අවස්ථාවේ පවුලේ සියලූ දෙනාටම සිදුකිරීම උචිත වේ.
බොහෝවිට කිරිපණු රෝග තත්ත්වයන් ඔවුන් භාවිතා කරන රෙදි පිළි, කොට්ට, මෙට්ට ආශි‍්‍රතව තව කෙනෙකුට බෝවිය හැක්කේ ඇසට නොපෙනෙන එම කි‍්‍රමින්ගේ බිත්තර ශරීරගත වීමෙනි. එබැවින් කොට්ට, මෙට්ට රෙදි පිළිවල පවිත‍්‍රතාවය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුය.
එමෙන්ම ශරීරගත කිරි පණුවන් ආදී බහුල කි‍්‍රමීන් ඉවත් කිරීම සඳහා කරවිල කොළ, එරබඳු කොළ, ඇත්තෝර කොළ, මුරුංගා කොළ, ගොටුකොළ හා දඬු, අරලිය කොළ, අගුණ කොළ, බටකිරිල්ලා කොළ ආදී කොළ වර්ග වෙන් වෙන්ව හෝ මිශ‍්‍ර කර කොටා ඒවායේ යුෂ පානය කිරීම කළ හැක. එමෙන්ම ඒවා මැල්ලූම් වශයෙන් හෝ සලාද වශයෙන් හෝ කුඩු කර අග්ගලා වශයෙන් දරුවන්ට නිතර නිතර ලබාදීමෙන් පණු රෝග වළක්වා ගත හැක.
මෙමගින් ශරීරගත පණුවන් ඉවත් වීම සිදුවේ. එමෙන්ම නිතර නිතර පණුරෝග ඇතිවීම වැළැක්වීම සඳහාද අජීර්ණ ආදී රෝග වැළැක්වීම සඳහාද අපේ ආහාර වේලට කටු තිත්ත කෂාය ආදී රසයෙන් යුක්ත ආහාරපාන එකතු කර ගත යුතුය. ඒ සඳහා වලගසාල්, කරාබුකැටි, සුදුළුෑනු, සාදික්කා, වසාවාසි ආදිය ආහාර පිසිමේදී නිතර නිතර කුළුබඩු ලෙස ආහාර සඳහා එක්කරගැනීම උචිතය.
පණුවන් විෂයෙහි භාවිත කළ හැකි අත්බෙහෙත් කිහිපයක්ම ආයුර්වේදයේ සඳහන් වී ඇත. ඒ අතර බටකිරිල්ලා දලූ පවනේ වියළා කුඩුකර හාල් පිටි පොල් පැණි සමඟ අග්ගලා සෑදීම, බටකිරිල්ලා, වලගසාල්, විළඳ, බැඳිහාල් පිටි පොල්පැණියෙන් අඹරා ගුලිකර දීම, වියළි ගොටුකොළ වලගසාල් සමඟ කුඩු කර මී පැණියෙන් අඹරා දීම, එරබඳු දලූ උයා දීම හෝ යුෂ පානයට දීම, මුකුණුවැන්න කැඳ තෙබු කැඳ පානය, දෙළුම් මුලේ පොතු, පෙති පුවක්, අරලූ කෝමාරිකා මද කෂාය කර බීමෙන් කිරි පණුවන් ඉවත්වේ.
එමෙන්ම අරළු, සියඹලා, බොර පෙති, පුවක්, කිතුල් හකුරු කෂාය කිරි පණුවන් සඳහා යෝග්‍යය වන අතර කරවිල යුෂ (පත කාලක්) එළකිරි (පත කාලක්) දමා උදෑසන බීම ද පණු රෝග හට නො ගැනීමට හේතු වෙයි. කැප්පෙටියා කොළ පොල් සමඟ කොටා මිරිකාගත් යුෂ පානය මෙන්ම ඇහැළ දලූ හෝ ඇත්තෝර කොළ මලවා හෝ ගිතෙලින් පිස සතියකට වරක් බැගින් සති 4 ක් දුන් විට කිරි පණුවන් සම්පූර්ණයෙන්ම වඳවේ.
කොහොඹ කොළ යුෂ තේ හැඳි 1 කට මී පැණි තේ හැඳි 2 ක් දමා උදෑසන හිස්බඩ දින 3 ක්ම බීමට දීමෙන් පණු රෝග සුවවේ.
එසේම ළදරුවන්ට පණු වමනය ඇති වූ අවස්ථාවලදී කරාබු නැටි තලා දමා වතුර පානය කිරීම ඉතා සුදුසුය.
වලගසාල් තැම්බූ වතුර බීමට දීම, දෙලූම් මුල් ඉස්ම තේ හැඳි 1 ක් බීමට දීම හා ගොටුකොළ දඬු වලගසාල් සූදුරු තැම්බූ ජලය පානය කිරීම මෙන්ම සාදික්කා දෙහි ඇඹුලින් ගලගා තේ හැඳි 2 ක ප‍්‍රමාණයක් පානය කිරීම, කොහොඹ පොතු තම්බා බීම, වලගසාල් කුඩුකර මී පැණිවලින් ගුලිකර දීම වැනි ඖෂධ මගින් දරුවන්ට ඇතිවන පණු රෝග සුවවේ.
ඉහත ආකාරයේ අත් බෙහෙත් වර්ග දරුවන් විෂයෙහි කි‍්‍රමි රෝග අවස්ථා වලදී ලබාදිය හැකි නමුත් රෝගී දරුවන්ට ප‍්‍රතිකාර කිරිමේදී පළපුරුදු වෛද්‍යවරයකුගේ උපදෙස් මත ඉහත ප‍්‍රතිකාර ලබාගැනීම උචිතය.
කි‍්‍රමි රෝග සඳහා ප‍්‍රතිකාර ලබාගැනීමේදී පවුලේ සියලූ දෙනාම එකම වර ඒ සඳහා ප‍්‍රතිකාර ලබාගැනීම මගින් නිතර නිතර රෝග තත්ත්වයන්ට ඔබේ දරුවා ගොදුරු වීමෙන් වළක්වා ගත හැකිය.
මෙම ලිපිය ළමාරෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ඩබ්.ඒ.එස්. සරෝජා වීරකෝන් හා සාකච්ඡාවක් ඇසුරෙන් ලියවේ.
චමිලා අල්විස් lakbima

අපේ පැත්තෙ ලමෙක් හිටිය බඩේ මොකක් හරි පොඩි දේකට ඔපරේශන් කරන්න ඕනෙ කිව්ව. හදිස්සිත් නෑලු ඒ හැටි ලොකු අමාරුවක් නෙමෙයි තිබිල තියෙන්නෙත්. ගිහිං ගෙදර ආවෙ පෙට්ටියෙ
දොස්තරල කියල විසබීජයක් ගිහිං මැරුණෙ කියල