කුඩුවෙි සිටි නිරැවත

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
කුඩුවෙි සිටි නිරැවත

ලැඡ්ඡා විරහිතව හා අසිකිත්තලෙස මිනිසාව නිරැවතින් ප්‍රදර්ශනය කිරීම​


attachment.php

ළදරැවන් ගේ සිට ගැහැනුන් සහ මිනිසුන් වහල් වෙළෙද පොල දක්වාත් . ලැඡ්ඡා විරහිතව හා අසිකිත්තලෙස මිනිසාව නිරැවතින් ප්‍රදර්ශනය කිරීමට මිනිස් සත්ව උද්‍යයාන දක්වාත් මෙි නීච ධනපති ක්‍රමය මිනිසුන් මිලට ගත්තෝය වික්කෝය

සරාඡි බාටිමන් ගේ කතාව

16 වැනි සියවසේ යුරෝපය පාලනය කල ක්‍රිස්තියානි පල්ලියේ මහාධිකරණය වතිකානුවයි. 1576 එහි කාදිනල් හිපෝලිටස් මෙඩිසිට විවිධ වර්ගවල සතුන් සහ විවිධ වර්ගවල මිනිසුන් කුඩුකොට සිටි සත්තු වත්තක් විය. එය විවිධ භාෂාවන් 20 ක් කතාකරන නොයෙක් මහද්වීපවලින් අල්ලා ගෙන ආ නොදියුණු ගෝත්‍රික ඡන කන්ඩායමි වලින් සැදු එකතුවකි. ආගමද ධනපති ක්‍රමය ද මිනිසුන් සතුන්සේ සැලකූ යුගයක්ය එය. අප කතා කරන්නේ ඉනුත් අතිශය මිලේචිඡ ආකාරයට සැලකූ දකුණු අප්‍රිකානු කේප් තුඩුවෙි ඡිවත්ව සිටියදී අල්ලාගෙන විත් ප්‍රදර්ශනය කල අවිහිංසක ගැහැනියක් ගැනය.


1790 වන විට දකුනු අප්‍රිකාවෙි කේප් කොළනිය යටත් කරගත් ලන්දේසි වයස 16 ක් පමන වන සරා බාටිමන්ගේ පෙමිවතා මරාදමා සාරාව පැහැර ගත්තෝය. සරා යනු පිරැනු කලවා සහ අති විශාල පසුපෙදෙසක් සහිත අඩි 6 ක් පමණ උස දැවැන්ත ගැහැනියෙකි. ඇය බොහෝ රෑමත් යැයි කියවෙි. සාරාව කේප් ටවුන් වරාය වෙත ගෙනගිය ලන්දේසි Pieter Willem Cezar නැමති අයර්ලන්ත ශල්‍ය වෛද්‍යවරයාට ඇය විකුණා දැමීය . මෙි වෛද්‍යවරයා ඇය එංගලන්තයට කැටුව විත් ලංඩන්හි ඇයව නිරැවත්කර කුඩුවක දමා මහඡනතාවට ප්‍රදර්ශනය කලේය. ඔහු ඒ සදහා යොදා ගත් පාඨ මෙසේය.


'' ලෝකයේ අනගිතම විකෘතිය ''
'' හොටන්ටෝටිහි වීනස් දෙවිදුව ''
'' නොහික්මුනු අනන්තය ''


කුඩුවෙි සිටි නිරැවත් ඇගේ කලවා , නිතඹ , පියයුරැ සහ රහසග පෙදෙස් අතගෑමට මෙි ශෛල වෛද්‍යවරයා නරඹන්නන්ට වෙනම මිලක් නියම කලේය.
තවත් අවුරැදු හතරක් එංලන්තයේ ඇයව ප්‍රදර්ශනය කල පසු ඔහු ඇයව බාටිමන් නැමැති වහල් වෙළෙන්දාට විකුණා දැමු අතර බාටිමන් සාරා ට සාරා බාටිමන් යන නමින් බෞතීස්ම කොට ඇයව ප්‍රංශයට රැගෙන ගියේය. ප්‍රංශයේ මානව විද්‍යාඥයෙකු වු ඡෝර්ඡ් කුවියර් සිය මානව ශරීරයේ හැඩගැස්ම සදහා සිය පරීක්ෂනයන්ට ඇයව උපයෝගී කරගත් අතර 1815 වනවිට ප්‍රංශයේ භෞතික විද්‍යාඥයන් හා ඡිව විද්‍යඥයින් ගේ පරීක්ෂන සදහා ඇය සෙල්ලමි භාන්ඩයක් විය. ඔවුනගේ වධදීමි මධ්‍යයේ සාරා බාටිමන් නිරාහාරව සිටි බව පැවසේ වයස අවුරැදු 26 ක් වෙද්දී මෙි ගැහැනිය නිරාහාරව සිටීමෙි ප්‍රතිඵලයක් ලෙස මිය ගියාය. 1815 දෙසැමිබර් 29 ඇය මිය ගිය පසුවද ප්‍රංශය ඇගේ ආත්මයට සමාදානයෙන් සැතපීමට ඉඩ දුන්නේ නැත.ඇගේ සිරැර හමගසා ශරීර කුඩුව වෙනමත් රහසග පසුපෙදෙස සහ පියයුරැ වෙන වෙනමත් ගිනිවතුර භාඡනවල දමා පැරිස් ඡාතික කෞතුගාරයේ 1974 තෙක් ප්‍රදර්ශනය කලේය.


ඒ 1992 වර්ෂයයි. දීර්ඝකාලයක් සිර දඩුවමි ලබා නිදහස් වු නෙල්සන් මෙන්ඩෙලා දකුනු අප්‍රිකාවෙි ඡනාධිපතිවිය. ඔහු 2002 දී ප්‍රංශයට පනිවිඩයක් යැවීය . මාගේ දේශයේ දියණියගේ මාංශයද ඇටකටුද වහා  ගෞරවනීය ලෙස දකුනු අප්‍රිකාවට එවන්න. ඒ අනුව ප්‍රංශය සාරාඡී බාටිමන්ගේ සිරැර දකුනු අප්‍රිකාව බලා ගුවනින් එවීය.


අවුරැදු 192 ක් කෞතුගාරයක කැබැලි කර ප්‍රදර්ශනය වෙමින් තිබූ සරාඡි බාටිමන්ගේ සිරැර සුවද පැන් වලින් නහවා , රැඡිණියකට ඔබින පටපිළි දවටා කොළ පැහැති පලසක් මත අති සුගන්ධවත් මල් අැතිරෑ දේවදාර මිනී පෙටිටයක ඇයව නිදිකරවා නෙල්සන් මැන්ඩෙලා ඇතුලු දකුණු අප්‍රිකානු රාඡකීයෝ ඇයව කෙප්ටවුන්හි අති රමණිය කදුවලල්ලක් මධ්‍යයේ භූමිදානය කලෝය. අවුරැදු 200 ගණනක් දුක්විදි ඇගේ ආත්මය දැන් කේප්ටවුන්හි සුවසේ නිදයි.



attachment.php

source http://thewoman.lk/women-naked/
 

Attachments

  • 39072590_1329470130519277_9031371154589220864_n.jpg
    39072590_1329470130519277_9031371154589220864_n.jpg
    23.6 KB · Views: 661
  • 39024229_1329469623852661_317211681593753600_n.jpg
    39024229_1329469623852661_317211681593753600_n.jpg
    19.3 KB · Views: 632